The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනාධිපතිවරණයට තව දින කීය ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

March 28, 2023 • 4:35 PM

ජනාධිපතිවරණයට තව දින කීය ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නේ දින 600 කට ඉස්සර ඡන්දය අනිවාර්ය බවයි.
  • විදේශීය තානාපතිවරයෙකු පසුගිය සතියේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයින්ගෙන් විමසූවේ ‘ජනාධිපතිවරයා සිය දෙවන ධූර කාලය අභිලාභය ප්‍රකාශ කරන්නේ නම්, ඔබ ගේ සැලසුම කුමක් ද?’ කියා ය.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (3 අ) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුට සිය ප්‍රථම ධූර කාලය අවසන්වීමෙන් වසර 4 ක ට පසුව දෙවන ධූර කාලයකට සිය අභිලාෂය ප්‍රකාශ කළ හැක්කේය.
  • ව්‍යවස්ථාවේ 40 (1) (අ) ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය හිස් වුවහොත්, පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කර ගනු ලබන ජනාධිපතිවරයාට ‘හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුල පමණක් ධූරය දැරිය යුත්තේ ය’ යැයි සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

2024 ඔක්තෝබර් 18 දිනයි.  ඒ කියන්නේ දින 600 කට ඉස්සර ඡන්දය අනිවාර්ය බවයි.

 

විදේශීය තානාපතිවරයෙකු  පසුගිය සතියේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයින්ගෙන් විමසූවේ ‘ජනාධිපතිවරයා සිය දෙවන ධූර කාලය අභිලාභය ප්‍රකාශ කරන්නේ නම්, ඔබ ගේ සැලසුම කුමක් ද?’ කියා ය. විපක්ෂ නායකයින්ට පැහැදිලි උත්තරයක් තිබුණේ නැත!


පසුගිය සිකුරාදා සිට රටේ  නීති අංශ කතා කරන්නේම මේකය.  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (3 අ) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුට සිය ප්‍රථම ධූර කාලය අවසන්වීමෙන් වසර 4 ක ට පසුව දෙවන ධූර කාලයකට සිය අභිලාෂය ප්‍රකාශ කළ හැක්කේය.

ව්‍යවස්ථාවේ 40 (1) (අ) ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය හිස් වුවහොත්, පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කර ගනු ලබන ජනාධිපතිවරයාට ‘හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුල පමණක් ධූරය දැරිය යුත්තේ ය’ යැයි සඳහන් වේ.

ව්‍යවස්ථාවේ 31 (3) ඊ ව්‍යවස්ථාව කියවිය යුත්තේ, ඉහත 40 (1) (අ) වගන්තිය සමගය.   ඒ නිසා සමහරුන් කියන්නේ මොනවා වුනත් 2024 ඔක්තෝබර් තෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ සිටිනවා කියාය. රනිල්ගේ කැමැත්තට ජනාධිපතිවරණයකට යා නොහැකි බව ය.  


 පාර්ලිමේන්තුවේ ඉන්න ලොකුම නීති විශාරදයා කියන්නේ ‘නියමිත දිනට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විමට නීතියෙන් කිසිදු ඉඩක් නැති බව’ ය. එය නීති තර්කයක් ද, දේශපාලන තර්කයක් ද හරියටම කියන්නට කල් වැඩිය. හැබැයි, ආණ්ඩුව නීති උපදෙස් අරගෙන ඡන්දයක් කැඳවූවොත් සජබ, ජවිපෙ, ද්‍රවිඩ ජාතික සන්ධානය මොනා කරයිද පැහැදිලි නැත.   
 

වසර  4 ට පස්සේ ඒ කියන්නේ 2023 නොවැම්බර් වල ජනාධිපතිවරණය කැඳවන්න පුළුවන් කියලා ව්‍යවස්ථා සංශෝධනයක් ආවොත් සජබ, ජවිපෙ ඇතුළු විපක්ෂයට එයට විරුද්ධ විය හැකි ද? හදිසි ජනාධිපතිවරණයක් එපා කියලා උසාවි යන්නට විපක්ෂය කැමති වෙයි ද?    


 1975 දී ජේ.ආර්.ජයවර්ධන තමන්ගේ සංවිධායකවරුන්ට අපුරු කතාවක් කීවේය.  ‘දේශපාලනඥයෝ රේස් අශ්වයෝ වගේ වෙන්න ඔ්න.  කොයි වෙලාවේ තරඟය තියෙයිද දන්නේ නෑ. තියන ඕනෑම වෙළාවක තරඟය දුවන්න නිරෝගීව, කඩිසරව, සුදානමින් ඉන්න ඔ්න.  ඒ කතාවේ හරය යි. ඡන්දය ආවොත් ඉදිරිපත් වෙනවා මිස පැනලා යන්නට විපක්ෂයට ක්‍රමයක් ඇත්තේම නැත.


 ලබන නොවැම්බර්යේ ජනාධිපතිවරණයකට දින නියම විය හැකියැයි කියන කතාවේ පදනම ඇත්තේ එතැනය. විපක්ෂයක් දැන් ඔ්නෑම දේකට සුදානම් වෙමින් සිටින්නේ ඒ් නිසාය.  ආණ්ඩු වෙනස් කරන්නට නම් ජනාධිපතිවරණයක් දිනන්න ඕනෑ ය.

 කොච්චර ආඩපාලි කිව්වත්, අවතක්සේරු කරන්නට හැදුවත් ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ ආර්ථික හා දේශපාලන දැනුමක් ඇති සියළු දෙනාට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනකට බිදෙන ‘කුලප්පු දේශපාලනයකට’ ඉඩක් නැත. ගැලරිය පිනවන්නට කියන IMF විරෝධී කතා ජාතික දේශපාලනයේ සිටින කිසිදු පාර්ශවයක් එළිපිට කියන්නේ නැත.

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මේ වසරට අදාළ කොන්දේසි ඉටු කළ හැකි බවත්, ජාත්‍යන්තර සංවිධාන එයට උපකාර කරන බවත් ඉතා පැහැදිලිය. රජය මේ වන විටත් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, පැරිස් ක්ලබ් සමඟ සාකච්ඡා අරඹා ඇත.  ඉන්දියාව වෙත ඉදිරි ණය වාරිකය ගෙවා, ඉදිරි වසරට ඉන්දීය ආධාර ලබා ගැනීමේ යෝජනා සැකසී ඇත.  යෝජිත ණය ප්‍රතිසංස්කරණ අනුව නම් රට ණය ගෙවාගත නොහැකිව හිරවන්නේ නැත. අනෙක් අතට, ක්‍රමිකව හැකිලෙමින් ඇති ආර්ථික නැවත ප්‍රසාරණය කරන්නට රජය ප්‍රධාන ප්‍රවේශයන් හතරක් ක්‍රියාවට නංවා ඇත.

 තමන්ගේ ඡන්දයෙන් බලයට පත් කළ (ගෝඨාභය) රජයක්, පාලකයින් විසින් තමන්ට උදාකර දුන් ඉරණම ගැන සාධාරණ විරෝධයක් ජනතාවට ඇත.  ඒ විරෝධය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත හැරවීමට විපක්ෂයේ ප්‍රධාන ධාරාවන් තුනම උත්සහ දරයි.  


 කොටින්ම, ලංකාවේ ආණ්ඩු වෙනස් කළේ ‘විරෝධතා ඡන්ද’ Protest Vote යි. මෙවර විරෝධතා ඡන්දය ඉක්මවා ගිය ‘වෛර ඡන්දයක්’ Hate Vote කින් ඡන්දයකින් දිනීම  විපක්ෂයේ සැලසුමයි.   ප්‍රධාන විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර මේ ‘වෛර ඡන්දයට’ ඇත්තේ මැරතන් තරඟය කි.  මේ තරඟය සජිත් ද? අනුර ද? කියන තනි වැකියට නැතිනම්, පාර්ලිමේන්තුවේ ජනාධිපති තරඟයේ මතුවූ ඩලස් + සජිත් ද? අනුර ද? කියන සමීකරණයට ඉදිරියේ දී ලඝු වනු ඇත්තේය.


 ආණ්ඩු පක්ෂය - විපක්ෂය ලෙස වන වත්මන් පාර්ලිමේන්තුවේ බෙදීම මේ වන විට මුළුමනින්ම පාට හැඩතල මාරුවෙමින් ඇත. ජනාධිපතිවරණ නිවේදනය දක්වාම එහ චිත්‍රයේ පැහැය වටහා ගන්නට පහසු නැත.

 අනෙක් අතට, රජය සිය පළමු, දෙවන හා තෙවන ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ, උද්ධමනය පාලනය කිරීම, ඩොලරය ස්ථාවර ගර ගැනීම, අත්‍යවශ්‍ය ආහාර හා බඩු ටික ජනතාවට ලබාදීම කෙරෙහිය.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඉදිරියට යනවා හැර වෙන කිසිදු විකල්පයක් නැති තැනකට රටම පත්ව ඇත. මාලිමාව කියන විදිහට මුල්‍ය අරමුදලටත් කොන්දේසි දමාගෙන මේ ආර්ථීක අගාධයෙන් ගොඩඑන්න බැරි බව ස්ථිරය.  සජිත් ප්‍රේමදාස අගමැති පුටුවට,  ආස නමුත් බය වුනේ, ඔහුගේ ආර්ථික උපදේශකයින් ඇති කළ බිය නිසාය. ඔවුන්ගෙන් බහුතරයක් අද කියන්නේ රජයේ වැඩපිළිවෙල හැර වෙනත් මාවතක් නැති බව ය.
 

 වසර හතරකින් ජනපති ඡන්දයට යන්නට පාර්ලිමේන්තුවේ දී විරුද්ධ වෙන්නේ කවුද කියා දැනගත හැකි වෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ආ විටය.  විමල් - ගම්මන්පිල දෙදෙනාවත් එයට විරුද්ධ නොවන්නට ඇති ඉඩ නම් වැඩිය.

 
Rajith Keerthi(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

rajith_tennakoon@yahoo.com

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...