The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඛනිජ තෙල් වෘත්තීය සමිති නාඩගම !

T

The Leader Desk

March 29, 2023 • 4:04 AM

ඛනිජ තෙල් වෘත්තීය සමිති නාඩගම !    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් ඊට විරෝධය පළ කරමින් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පෙරේදා සිට සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලද අතර එය ඊයේ දිනයේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවට පත් විය.
  • වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ මෙරට තුළ විදේශීය සමාගම් ඉන්ධන ආනයනය කිරීම හා බෙදාහැරීම සඳහා තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි.
  • මෙරට රජය සතු ඉන්ධන ඒකාකාරීය වෙනත් සමාගම් සඳහා නොදිය යුතු බව ඔවුන් ප්‍රකාශ කරයි.
  • එබැවින් ඛනිජ තෙල් වෘත්තීය සමිති වලට තව දුරටත් මෙරට ජනතාව සමඟ සහ රජය සමඟ සෙල්ලම් කිරීමට නොහැකි වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් ඊට විරෝධය පළ කරමින් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පෙරේදා සිට සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලද අතර එය ඊයේ දිනයේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවට පත් විය. ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ඉන්ධන පිරවීම හා බෙදා හැරීමෙන් ඉවත් වෙමිනි.

වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ මෙරට තුළ විදේශීය සමාගම් ඉන්ධන ආනයනය කිරීම හා බෙදාහැරීම සඳහා තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි. මෙරට රජය සතු ඉන්ධන ඒකාකාරීය වෙනත් සමාගම් සඳහා නොදිය යුතු බව ඔවුන් ප්‍රකාශ කරයි.


 
 ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති නොදන්නා දෙයක් වන්නේ දැනටමත් ඉන්දීය තෙල් සමාගම (IOC) මෙරට තුළ ඉන්ධන මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි. එසේ නම් ඊට විරුද්ධව ද මෙම වෘත්තීය සමිති සිය නාඩගම ප්‍රදර්ශනය කල යුතුය. රජයේ ඉන්ධන ඒකාකාරීය බිඳ දමා එය පෞද්ගලික අංශයට විවෘත කිරීම හරහා වෘත්තීය සමිති සතු ඒකාකාරීය ද අහෝසි වී යයි. එබැවින් ඛනිජ තෙල් වෘත්තීය සමිති වලට තව දුරටත් මෙරට ජනතාව සමඟ සහ රජය සමඟ සෙල්ලම් කිරීමට නොහැකි වනු ඇත.
පෞද්ගලික අංශයට ඉන්ධන වෙළෙඳපොළ විවෘත කිරීමෙන් රජයේ අනවශ්‍ය වියදමක් වන ඛනිජ තෙල් සංස්ථාවේ විශාල සේවක පිරිස නඩත්තුවද ක්‍රමයෙන් හීන වී යනු ඇත. රැකියාව කියා කිසිවක් නොකරන උදේ ඇවිත් වෘත්තීය සමිති වලට රිංගගෙන සිටින, වසරේ බහුතර දින ගණනක් වැඩක් නොකර නිකන් හිඳින නමුත් රජයෙන් කලට වේලවට වැටුප් ලබන මහත්වරුන්ට එවිට එළියට බැසීමට සිදු වනු ඇත. තව දුරටත් වෘත්තීය සමිති වල පදයට රජය සහ මෙරට මිනිසුන් ව නැටවීමට එවිට වෘත්තීය සමිති වලට නොහැකි වනු ඇත.

හැමදාම පාඩු ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තව දුරටත් මෙරට ජනතාවගේ බඳු වලින් පෝෂණය නොකල යුතුය. හෙට සිට ගෙදර ඉඳන් රජයෙන් පිං පඩි ගන්නා මහත්වරුන් නම් මෙයට එක හෙළා විරුද්ධ වන්නේ තමන් ට පිනට පඩි ගැනීමට නොහැකි වන බැවිනි.

මේ නිසා ඔවුන් කල බල වී වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා ඇත. එහි හොඳම කොටස වන්නේ මෙම වෘත්තීය සමිති මෙහෙයවීම සිදු කරන්නේ ජවිපෙ ඇතුළු මෙරට වාමාංශික පක්ෂයන් විසින් වීමයි. දූෂණයට එරෙහි වාමාංශිකයන් බාවිතයෙන් දූෂකයන් ආරක්ෂා කරන්නේ ඒ ආකාරයට ය. මෙය නිමා කිරීමට කාලය යි. වෘත්තීය සමිති මුහුදේ පැන්න ද රජය ගත් ක්‍රියාමාර්ග නැවත් පිටු පසට නොගත යුතුය.
 
(carbonnews.lk)



oil problem
ඔන්න ආයෙත් පෝලිං . මේකට හේතුව තෙල් සංස්ථාව විකුණනවා කියලා සේවකයින් ආරම්භ කරපු  වර්ජනය. සේවකයින් බව්සර් වලට තෙල් දෙන්නේ නෑ. හරවලා යවනවා.

සංස්ථාව විකුණනවා කියලා වර්ජනය කලාට හොයල බලද්දි තාමත් රටේ ඉන්ධන පිරවුම් හල් වල වැඩි අයිතියක් තියෙන්නෙ සංස්ථාවට.

Ceypetco - 740
Lanka IOC - 266
Sinopec - 200
United Petroleum - 200
RM Parks/ Shell - 200


එහෙනම් ඇයි මෙහෙම බොරුවට වර්ජනය කරන්නේ?


ඒකට උත්තරය තියෙන්නෙ 266 + 200 + 200 + 200 කියන ගාණ හැදුවම. උත්තරය 866යි.

දැන් මේ අලුත් සමාගම් 3 ආවාම සංස්ථා සේවකයින් වර්ජනය කළා කියලා ජනතාවට දැනෙන්නෙ නෑ. තෙල් ගහගන්න ඔප්ෂන් තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ නිසයි මේ අලුත් සමාගම් එන එක වළක්වන්න මෙච්චර දඟලන්නේ.

(සදුන් අරෝෂ ප්‍රනාන්දු)
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...