The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල් බිත්තියට හේත්තු කර ප්‍රශ්නය විසඳාගත හැකි ද? - (රටේ රාළ වීඩියෝවක්)

T

The Leader Desk

March 29, 2023 • 6:29 AM

රනිල් බිත්තියට හේත්තු කර ප්‍රශ්නය විසඳාගත හැකි ද? - (රටේ රාළ වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක පැත්තකින් අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා වෙනවා.
  • ප්‍රතිව්‍යුහගතකරණය කියන නමින් ආයෙත් ඇවිත් තියෙන්නේ 2000 දී ආපු පෞද්ගලීකරණ වැඩපිලිවෙලමයි කියලා සමහරු කියනවා?
  • නැත්තං රනිල් 2000දී ගෙනාපු Regaining Sri Lanka වැඩපිලිවෙල.
  • විපක්ෂය කියන්නේ රනිල් එදා ඉදන්ම කළේ විකුනං කන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

එක පැත්තකින් අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් සාකච්ඡාවක් යනවා. ප්‍රතිව්‍යුහගතකරණය කියන නමින් ආයෙත් ඇවිත් තියෙන්නේ 2000 දී ආපු පෞද්ගලීකරණ වැඩපිලිවෙලමයි කියලා සමහරු කියනවා? සරලව කිව්වොත් රටේ රාජ්‍ය දේපල සහ ජාතික සම්පත් විකිණීමේ වැඩපිලිවෙල. නැත්තං රනිල් 2000දී ගෙනාපු Regaining Sri Lanka වැඩපිලිවෙල.

රනිල් දැන් පැහැදිලිවම කියනවා රජය ව්‍යාපාරය කරන්න ඕනි නෑ කියලා. ඒක ව්‍යාපාරික ප්‍රජාවට බාර දෙන්න ඕනි. රජය කරන්න ඕනි නීතිය සහ සාමය පවත්වාගෙන යෑම කියලා.

 

කොහොම හරි රජය ව්‍යාපාරවලින් ඈත්වෙලා ඒවා මොනිටර් කිරීමේ Part එක විතරක් කරන්න ඕනි කියන සාකච්ඡාව රනිල් උඩට ගෙනත් තියනවා. දැන් ඒකට විරුද්ධ මතයත් මහ පොලොවේ හැදෙමින් තියනවා. විපක්ෂය කියන්නේ රනිල් එදා ඉදන්ම කළේ විකුනං කන එක. මේ පාර නං කිසිම දෙයක් ඉතුරු නොකර සියල්ල විකුණගෙන කනවා කියලා. ආයෙත් කාටවත් ඇවිත් රට හදන්න දෙයක් රනිල් ඉතුරු කරන්නේ නෑ කියලා. දැන් වෘත්තීය සමිති ටික පාරට අරන් රනිල්ගේ විකුණගෙන කෑම නවත්තන්න කට්ය ලෑස්ති වෙනවා.

 

මේකට සමාන්තරව ආයෙත් මව්බිම සුරැකීමේ ව්‍යාපාර, ජාතික සම්පත් සුරැකීමේ සංවිධාන හැදිලා ලොකු ගාලගෝට්ටියක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ මත දෙකෙන් අපි කොයි මතයද පිලිගන්න ඕනි.

රනිල් ජනාධිපති නිසා ආණ්ඩුවේ මතය පිලිගන්න ඕනිද?

අනුර හරි සජිත් හරි නැත්තං වෙන කවුරු හරි කෙනෙක් කියන නිසා විපක්ෂයේ මතය පිලිගන්න ඕනිද?

නැත්තං වෘත්තිය සමිති කියන නිසා පිලිගන්න ඕනිද?

එක එක කාලෙට හීනෙන් බය වෙලා වගේ නැගිටලා දේශපාලනඥයෝ කට එන එන කතා කියද්දී අපි ඒවා පිලිගන්න ඕනිද?


ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ ඉතිරි කොටස POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න




JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...