The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

'රෙදි ඇඳගෙන අමු හෙලුවෙන්' -(මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

March 29, 2023 • 6:38 PM

'රෙදි ඇඳගෙන අමු හෙලුවෙන්' -(මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසිවකු රෙපරමාදු ක්‍රිස්තියානුවන් වෙනුවෙන් ඉදිරිපත් නොවූහ.
  • කතාකිරීමේ නිදහස නැත්නම් භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සිතීමේ නිදහස, ඕනෑම තැනකට යාමේ ඒමේ නිදහස මේ ආදී වශයෙන් සියළුම නිදහස් හැසිරීම් නැතිවෙන්න පටන්ගන්නේ නිදහස නැතිවෙන්න පටන් ගත්තම.
  • පෙරදා මගෙන් ඉල්ලගත්තු පත්තරය කියවලා අදහස් ප්‍රකාශ කරන්න බලාගෙන හිටිය ගමේ ගොයි මහත්තයෙක් මාව දැකලා කුඹුරෙන් ගොඩට ආවේ මුහුණ හපුටු කරගෙන.
  • ඒ වාක්කිය ඇතුලේ කියන්න තියෙන සේරම දේවල් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කිසිවකු රෙපරමාදු ක්‍රිස්තියානුවන් වෙනුවෙන් ඉදිරිපත් නොවූහ. ඔවුහු දෙවනුව කතෝලිකයන් සොයා ගියහ. කිසිවකු කතෝලිකයන් වෙනුවෙන්ද ඉදිරිපත් නොවූ හ. ඔවුහු පසුව ප්‍රගතිශිලීන් සොයා ගියහ. මෙවර ද කිසිවකු ඉදිරිපත් නොවූහ. ඔවුහු සමාජවාදීන්, මාක්ස්වාදීන් සොයා ගියහ. කිසිවකු සමාජවාදීන් මාක්ස්වාදීන් වෙනුවෙන් ඉදිරිපත් නොවූහ. අවසානයේ දී ඔවුහු මා සොයාගෙන පැමිණියහ. ඒ වෙනුවට මා වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වීමට කිසිවකු ඉතිරි වී නොසිටියේය.

-මාටින් නිමොලර් -



ආයෙමත් සැරයක් “මාටින් නිමොලර් ” ගැන සිහිපත් කරන්නට සිද්ධ වුනා. පුද්ගල නිදහස තියෙන රටක හිටිහැටියේම ඒ නිදහස නැතිවෙන්න හේතුවක් තමයි ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීම. ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙනකොට සියළුම ආකාරයේ නිදහස් හැසිරිම් මිනිසාට නැති වෙනවා. කතාකිරීමේ නිදහස නැත්නම් භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සිතීමේ නිදහස, ඕනෑම තැනකට යාමේ ඒමේ නිදහස මේ ආදී වශයෙන් සියළුම නිදහස් හැසිරීම් නැතිවෙන්න පටන්ගන්නේ නිදහස නැතිවෙන්න පටන් ගත්තම.

පෙරදා මගෙන් ඉල්ලගත්තු පත්තරය කියවලා අදහස් ප්‍රකාශ කරන්න බලාගෙන හිටිය ගමේ ගොයි මහත්තයෙක් මාව දැකලා කුඹුරෙන් ගොඩට ආවේ මුහුණ හපුටු කරගෙන.

“මහත්තයා.. මම පත්තරේ බැලුවා.. සිද්ධවෙන දේවල් බලාගෙන ගියාම මට කියන්න තියෙන්නේ මෙච්චරයි මහත්තයා...” “ඒ මොකක්ද?” මම ඇහුවා.
“විලිසංගෙ නැති වැඩ...”

ඔන්න ගොයි මහත්තයගේ උත්තරය. ඒ වාක්කිය ඇතුලේ කියන්න තියෙන සේරම දේවල් තියෙනවා.

දැන් ඔන්න ආයෙමත් සැරයක් “සියත” පත්තරෙන්ම පටන් අරගෙන වගේ.... ලාල් හේමන්ත මාවලගේ මහත්තයව මැතිසබේ වරප්‍රසාද කමිටුව ඉස්සරහට ගෙන්නන්න යනවලු. ඒ ගැන වාර්තාවක් නීතිපතිතුමාටත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටත් බාරදුන්නලු. ඒකට හේතුව මොකක්ද?

“සියත ටෙලිවැකිය...”

ගොඩක් ටී.වී. චැනල් රෙදි ඇඳගෙනම අමු හෙලුවෙන් ආණ්ඩුවට කඩේ යද්දී “සියත ටෙලි වැකියෙන්” සමහරුන්ගේ රෙදි ගලවනවා. ඒක ඉවසන්න බැරි වෙනකොට ඔන්න “සියත”ටත් වැඩේ දෙන්නයි යන්නේ.

මේ සිද්ධ වෙන්න යන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මළබෙර හැඬවීම විතරයි.

අපිට මතකයි ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය ගෙන්නලා සමහර පඟර නැට්ටෝ එතුමියට කතා කරපු හැටි. දැන් ඒවා අමතක වුනාවගේ උඩින් යන්න හදාපු යන්තරේ. එක්ක හෙලුකොට්ටෙන් යන්න හදන ගමක් ඊනියා දේශප්‍රේමියො තප්පුලනවා. මතක කියාගන්න ඔය මිනිස්සු ආයෙමත් නවතින්නෙ මැද මුලන වළව්වෙන්.

කතාව ටිකක් පීලි පැන්නා.



දැන් ප්‍රජාතන්ත්‍රවාදය මහ දෙවොල ඇතුලෙත් මාධ්‍යයට විතරක් නෙමෙයි නීතියටත් වාරණ දාන්නයි හදන්නේ. දැන් ඒකාධිපතිවාදයෙ  වියරු යකඩ හස්තයට විල්ලුද අත්වැසුමක් දාලා තමයි ප්‍රජාතන්ත්‍රවාදයෙ ගෙල මිරිකන්න යන්නේ. විල්ලුද අත්වැසුම බෙල්ලේ ගෑවෙනකොට තියෙන සනීපෙ ටික වේලාවකින් විල්ලුද අත්වැසුම ඇතුලෙ තියෙන යකඩ අතට අහුවෙලා මිරිකෙන කොට තමයි සනීපෙ අසනීපෙ වෙන්නෙ.



රටක මාධ්‍ය නිදහසට අත තියනකොට වෙන්නෙ මොනවද කියන එක ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය මතුර මතුරා ඒක නැති කරන්න හදන මහත්තුරු ටිකක් ඉතිහාසය පැත්තට හැරිලා බැලුවා නම් හොදයි.

ජනතාවට හොඳට කන්න බොන්න දීලා මේ ටික කරද්දී ජනතාව නිකම් ඉඳීද කියලා හිතන්න බැරි ඇයි ?

විධායක බලය සහිත ජනාධිපතිධූරය රටකට මොනතරම් අහිතකරද කියන එක දැන් ටිකෙන් ටික ඔප්පුවේගෙන එනවා.

මේ තනි පුද්ගල ආධිපත්‍යයට මැතිසබෙත් යටවෙලා මාධ්‍යයත් යටවෙලා අන්තිමේදී අධිකරණයත් යටවුනොත් මොකද වෙන්නේ..


“හිතුමතේ ජීවිතේ” තමයි.

හැම තැනටම අත තියාගෙන, අත තියාගෙන යද්දී නිශ්ශබ්ද විලියම්ලා වගේ හිටියොත් සිද්ධ වෙන්නේ අර මුලින් කියපු “මාටින් නිමොලර්” කිවුව සංගදිය තමයි.
ඒත් බලන්න මේ විපක්ෂය දිහා.. ඒ ගොල්ලො කරන්නෙ බලය තමන්ගේ අතටම එනකල් බෙදිලා ඇන කොටා ගන්න එක.

එදා ජේ.ආර්.උතුමානෝ කිවුවේ මේ විධායක බලය තියෙන ජනාධිපති ධූරයෙන් කරන්න බැරි ගැහැණියෙක් පිරිමියෙක් කරන්න පිරිමියෙක් ගැහැණියෙක් කරන්නත් බැරි එක විතරමයි කියලා. දැන් ඉන්නේ එතුමගේ බෑනා. පේන විදියට බෑනත් යන්න හදන්නේ මාමගේ අඩිපාරේ වගේ.

මුලින්ම ජනමාධ්‍යයට, ඊළඟට වෘත්තිය සමිතිවලට ඊළගට ගෞරවනීය අධිකරණයටද ? මොනවා නැතත් මහජනතාවට දුක කියාගෙන යන්න තියෙන්නේ අධිකරණයට. ඒ නිසා ඒක මේ බොකාසලගෙන් ආරක්ෂා කරන්න ඕනෑ කියලා අර ගොයි මහත්තයා කියුවා.
 

වී.අයි.ලෙනින් මෙහෙම කියලා තියෙනවා. “ඉතිහාසය කියන්නේ කුරිරු කුඩම්මා කෙනෙක්. ප්‍රතිප්‍රහාර දෙන්න පටන් ගත්තම කොහෙත්ම නවත්තන්න බැහැ...”


ගෞරවනීය ලෙනින් සහෝදරයට අනුව කතාව ඇත්ත.. දැන් අද සිද්ද වෙන්නෙත් ඉතිහාසය කියන කුරිරු කුඩම්මා නින්දෙන් අවදි වෙලා සබ්බුව දෙන්න යන එකයි.

ඉතිහාසය කියන්නෙ සිද්ධ වෙච්ච දේවල් අතීතයෙන් වර්තමානයටත්, වර්තමානයෙන් අනාගතයටත් ගෙනියන එකයි.

කොහොම වුනත් ප්‍රජාතන්ත්‍රවාදයට  අනතුරක් සිද්ද වෙන එක නොතේරෙන්න උස්මුරුත්තාවට කන්න දීලා බඩයි, හිතයි හිරි වට්ටනවා කියන එක නම් අපේ රටේ මහජනතාව දැනුම්වත් කරන්න ඕනේ විපක්ක්‍ෂයෙ කට්ටිය . ඒත් විපක්ෂයෙ කට්ටිය මොකද කරන්නේ.


විධායක ජනාධිපතිධූරයේ ගල්රෝල මාධ්‍ය, වෘත්තිය සමිති තරුණ සාංගම් චප්ප කරගෙන ඉස්සරහට එද්දී සජිත් අනුරටත් අනුර සජිත්ත ටත් මඩ ගහගෙන හිටියොත් මොකද වෙන්නේ. අපිට තනියම පුළුවන් කියලා හිතන අයට අන්තිමට සිද්ධ වෙන්නේ මොනවගේ දෙයක්ද?


“බෙනිටෝ මුසෝලිනී” කියන්නේ පත්තරකාරයෙක්, මාධ්‍යවේදියෙක්. මිනිහා කොහොමින් කොහොම ජනාධිපතිවුනාම මිනිහා සෙට්වුනා හිට්ලර් එක්ක. අන්තිමට මොකද වුණේ.

මුළු ලෝකයෙන්ම දවලා පුච්චලා දෙවැනි ලෝක යුද්ධය ඇති කරලා දාලා බල්ලො වගේ මැරිලා ගියා.

හිට්ලර් බංකරයක් ඇතුලෙ වෙඩි තියාගෙන මළා-මුසෝලිනී රටින් පැනලා යද්දී මිත්‍ර පාක්‍ෂික සේනාවකට අහුවෙලා මැරුම් කෑවා. මේ දෙන්නම බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදය කියන්න අමතකවුනා. මේ දෙන්නම දේශපාලනයට අත්පොත් තිබ්බේ මාක්ස්වාදී, සමාජවාදී  පොත පනින. හිට්ලර් “ජාතික සමාජවාදයක්” ගැන කිවුවා. පත්තරකාරයෙක්  වෙලත් මුසෝලිනී ඒකාධිපති කිට මැරුවම නිකම්ම අංක එකේ ඒකාධිපතියෙක් වුනා. ඒත් වරක් මුසෝලිනිට මුණට මූණ බලාගෙන වෙඩි තිබ්බා අවුරුදු 14 ක පොඩි කොල්ලෙක්. මුසෝලිනී ඒ කොල්ලට මොනවත් කළේ නැහැ. ඒ කොල්ලයි කොල්ලගෙ පවුලයි නිරුපද්‍රිතවම රටින් පිටුවහල් කළා. ඒ නිසා මේ ලිපිය මුසෝලිනිගේ වාක්කියකින්ම ඉවර කරන්නම්.

“ප්‍රජාතන්ත්‍රවාදය න්‍යායෙන් අති සුන්දරයි. ඒත් භාවිතාවෙන් නම් මිථ්‍යාවක්..”


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...