The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

හදවත ලොකුනම් ඉන්න නිමේෂයත් ඇති...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 29, 2023 • 6:44 PM

හදවත ලොකුනම් ඉන්න නිමේෂයත් ඇති...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉස්සර ඉඳන්ම විශ්වාස කරපු දෙයක් තමයි අමරණීය බව කියන එක.
  • ඒ කියන්නේ අපි ජීවත් වෙන කාලය ඇතුලෙම කරන යම් යම් දේවල් වලින් මේ අමරණීයත්වය අපිට ලබාගන්න පුළුවන්.
  • නිර්භීත බව නිසා, මිනිස් සංහතිය වෙනුවෙන් කරන කැපකිරීම් වෙනුවෙන්, සුවිශිෂ්ට නිර්මාණ වෙනුවෙන්, සොයාගැනීම් වෙනුවෙන්, ආදරය වෙනුවෙන්, උතුම් ක්‍රියා වෙනුවෙන් මෙළොව ඉන්න ගමන්ම මිනිස්සු මිනිස් ශිෂ්ටාචාරය ඇතුලේ නොමැකෙන පියසටහන් තියනවා.
  • අමරණීය බව අත්පත් කරගන්න සුවිශේෂ පුද්ගලයෙක් වෙන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

බටහිර ඉස්සර ඉඳන්ම විශ්වාස කරපු දෙයක් තමයි අමරණීය බව කියන එක.

ඒ කියන්නේ අපි ජීවත් වෙන කාලය ඇතුලෙම කරන යම් යම් දේවල් වලින් මේ අමරණීයත්වය අපිට ලබාගන්න පුළුවන්. නිර්භීත බව නිසා, මිනිස් සංහතිය වෙනුවෙන් කරන කැපකිරීම් වෙනුවෙන්, සුවිශිෂ්ට නිර්මාණ වෙනුවෙන්, සොයාගැනීම් වෙනුවෙන්, ආදරය වෙනුවෙන්, උතුම් ක්‍රියා වෙනුවෙන් මෙළොව ඉන්න ගමන්ම මිනිස්සු මිනිස් ශිෂ්ටාචාරය ඇතුලේ නොමැකෙන පියසටහන් තියනවා. හැබැයි ඒක පහසු නැහැ. එහෙම අමරණීය වෙන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. අමරණීය බව අත්පත් කරගන්න සුවිශේෂ පුද්ගලයෙක් වෙන්න ඕනි. සමහර වෙලාවට ඒකට වයස අදාල නැහැ.



බුදුන්, යේසුස්, මහත්මා ගාන්ධි, තෙරේසා මව්තුමිය, මහා ඇලෙක්සැන්ඩර්, ඇල්බට් අයින්ස්ටයින්, ගැලීලියෝ ගැලිලි, නිකොලස් කොපර්නිකස්, චාල්ස් ඩාවින්, ඩාවින්සි වගේ චරිත ඔය අමරණීය කියන ප්‍රවර්ගයට අයිති වෙනවා. මිනිස් ශිෂ්ටාචාරය පවතිනකම් එයාලගේ නම අපිට මතක හිටිනවා. මොකද අපි ජීවත් වන හැම මොහොතකම මතක හිටින දෙයක් එයාල ශේෂ කරලා ගිහිල්ල තියනවා.



මම කිව්ව ඉහත අයට අමතරව එක් එක් ක්ෂේත්‍රවලත් මිනිස්සු ඉන්නවා එහෙම එයාලගේ පා සටහන් මකන්න බැරි. මියුසික් වල මොසාට්, බිතෝවන්, ජෝන් ලෙනන්, එල්විස් ප්‍රෙස්ලි, ලුවී ආමස්ට්‍රෝන් ඒ වගේ නම් කිහිපයක්.

වෛද්‍ය විද්‍යාවේ නම් මාරි කියුරි, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් වගේ නම් අමරණීයයි. එයාල භෞතිකව මියගියා උනාට වෙනත් විදියකට ඒ චරිත අපි තුළ ජීවත් වෙනවා.

ඊයේ හෝ පෙරේදා කුරුණෑගල මලියදේවේ සිසුවියක් වෙලා ඉඳල මිය යනකොට අවයව දන් දීලා, ඒ නිසාම තවත් මිනිස්සු කිහිප දෙනෙකුට ජීවිතය දීල මේ ලෝකේ දාල ගිය 19 හැවිරිදි විහඟනා ආරියසිංහ දියණිය මම කැමතියි අමරණීය ප්‍රවර්ගය ඇතුලේ තියන්න (immortal).



අනික් ලෝකේ නෙවෙයි මේ ලෝකෙට අපි කරන්නේ මොකක්ද කියන එක තමයි වැදගත්. ඒකට මහා ලොකු සද්දන්ත දේවල් අවශ්‍ය නැහැ කියල ඇය පෙන්නුවා. හැබැයි ඇය සද්දන්තයි.



දේවල් සිදුකරන්න හෝ සිදුවෙන්න මහා කාලයක් ඉන්න ඕනිත් නැහැ. හදවත ලොකුනම් ඉන්න නිමේෂයත් ඇති.


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...