The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

රටේ රාළ අද වීඩියෝව : සජිත් ජනාධිපතිතුමනි, අනුර ජනාධිපතිතුමනි මඳක් අසනු මැනවි

T

The Leader Desk

March 30, 2023 • 7:50 AM

රටේ රාළ අද වීඩියෝව : සජිත් ජනාධිපතිතුමනි, අනුර ජනාධිපතිතුමනි මඳක් අසනු මැනවි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම මේ දෙක දෙකක් වගේ පෙනුනට ආණ්ඩුකරණ ක්‍රියාවලියෙදී ආණ්ඩුව සහ විපක්ෂය කියන්නේ දෙකක් නෙවෙයි එකක්.
  • ඒ ජනතා සම්මුතිය ඇතුලේ තමයි එකඟවීම, විරැද්ධවීම, අඟැයිම හෝ විවේචනය රඳා පවතින්නේ.
  • අද තියන විපක්ෂය විතරක් නෙවෙයි අවුරුදු 75 ක් පුරාවට අපේ රටේ තිබුණ විපක්ෂ කටයුතු කළේ එහෙමයි.
  • ඇත්තටම ඔය තක්කඩි දේශපාලන මතය තමයි ගොඩක් දේශපාලන නායකයන්ගේ සහ අනුගාමිකයන්ගේ ඔළුවල තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇත්තටම මේ දෙක දෙකක් වගේ පෙනුනට ආණ්ඩුකරණ ක්‍රියාවලියෙදී ආණ්ඩුව සහ විපක්ෂය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මේ දෙක එකිනෙකට සේවය කරමින් ඉස්සරහට යන්න ඕනි. එකිනෙකට සේවය කරනවා කියන්නේ ඩීල් දාන එක නෙවෙයි. ජනතා උවමනාවන් ඉෂ්ඨ කිරිම වෙනුවෙන් එකඟතාවයෙන් කටයුතු කිරීමයි. ඒ ජනතා සම්මුතිය ඇතුලේ තමයි එකඟවීම, විරැද්ධවීම, අඟැයිම හෝ විවේචනය රඳා පවතින්නේ.

 

හැබැයි මෙතනදී අපේ රටේ විපක්ෂය හිතන්නේ විපක්ෂයේ පරම පූජනීය වගකීම විරුද්ධ වීම විතරයි කියලා. අද තියන විපක්ෂය විතරක් නෙවෙයි අවුරුදු 75 ක් පුරාවට අපේ රටේ තිබුණ විපක්ෂ කටයුතු කළේ එහෙමයි. විරුද්ධවීමයි, විවේචනයයි විතරයි. එයාලා හිතනවා ආණ්ඩුව කරන හැම වැඩකටම විරුද්ධ වුනේ නැත්තං එයාලට ආයෙත් බලය ගන්න බැරි වෙයි කියලා. ඒක නිසා ඊළග ජන්දය එනකම්ම විපක්ෂය කරන්නේ විරුද්ධවීම සහ විවේචනය විතරයි.

 

විපක්ෂය තමන් වටේට ඉන්න බලවේගයත් ඒකට හුරු කරගෙන. ජවිපෙ කියන්නේ අනුර ඇවිත් රට හදනකං ඉන්න ඕනි කියලා. සජිත් ඇවිත් තමයි රට හදන්න ඕනි කියලයි සජබෙ කියන්නේ. ඉන් මෙහා කාටවත් කිසි වැඩක් කරන්න බෑ. කරන්න දෙන්නෙත් නෑ.


ඇත්තටම ඔය තක්කඩි දේශපාලන මතය තමයි ගොඩක් දේශපාලන නායකයන්ගේ සහ අනුගාමිකයන්ගේ ඔළුවල තියෙන්නේ. මේකට හොඳම උදාහරණය තමයි පහුගිය කාලේ අපේ රට වැටුණ තත්වය. දැන් කාටත් ඒක මතකත් නෑ.
 
 
 122548514 gettyimages 1179908765

එදා කන්න නෑ. බොන්න නෑ. හැමතැනම පෝලිම්, පෝළිම්වල මිනිස්සු මැරෙනවා. තෙල්, විදුලිය නැතිව රට දුවන්නේ නෑ. ඉස්කෝල, විශ්ව විද්‍යාල වහලා. රට බංකොලොත්. විදෙස් වත්කම් සංචිත බින්දුවටම හිදිලා. ආනයනවලට දැඩි සීමා දාලා. ගොවියට පෝර නෑ. ඉස්පිරිතාලේ බෙහෙත් නෑ. ජනතාව පාරට ඇවිත් අරගල කරනවා. පාලකයන් හැංගිලා, සමහරු පැනලා හිහිල්ලා. ලෝකය ඉස්සරහා අපි කොන් වෙලා. රටවල් කීපයකින් මානුෂිය ආධාර ටිකක් හම්බ වුනා. ඒ හැර ලෝකයේ කිසිම රටක් අපේ වගකීම බාර ගත්තේ නෑ. ණයක් දෙන්න රටක් හරි ආයතනයක් හරි ඉදිරිපත් උනේ නෑ.

ඒ වෙලාවේ අද ඉන්න ඔය කෑගහන නායකයෝ ඔක්කොම ජීවතුන් අතර හිටියා. ඒත් කවුරුත් රට බාරගන්න ඉදිරිපත් උනේ නෑ. සජිත්ටයි, අනුරටයි රට බාරගන්න කිව්වම බයේ පැනලා ගිහින් හැංගුණා. සජිත් කොච්චර බය වුනාද කියනවා නම් අඩුම ගානේ පාර්ලිමේන්තු ජනාධිපතිවරණයටවත් ඉදිරිපත් උනේ නෑ. ඇත්තටම සජිත්ට ඒ දවස්වල සහලෝලා උණ. කොහොම හරි රනිල් රට බාර අරගෙන රනිල්ට තේරෙන පාරේ ඉස්සරහට ගියා.

ඒ පාර වැරදි නම් හරි පාරේ යන්න ඊට ඉස්සෙල්ලා අවස්ථාව සජිත්ට සහ අනුරට තිබුණා. රනිල් කෙලින්ම IMF ගියා. එදා IMF යනවාට වඩා පිලිගන්න පුළුවන් විසදුමක් තිබුණේ නෑ. අපි IMF යනකොට බංකොලොත් රටක්. ගත්ත විදේශ ණය ගෙවන්නේ නැති රටක්. රටේ බඳු ආදායම නැති කරගත්ත රටක්. බලශක්ති ප්‍රශ්නය ඉස්සරහා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇණ හිටපු රටක්.

එහෙම රටකට IMF එක ළඟ සජිත් කියන කේසර සිංහයෙක් වගේ ඉන්න බෑ. එහෙම ඉන්න පුළුවන් පිස්සෙකුට විතරයි. හැගීම් දැනීම නැති හිස් මිනිහෙකුට විතරයි.

 

ඊළගට IMF ගිහින් ජවිපෙ කියනවා වගේ අපේ කොන්දේසිවලට අනුව ණය දෙනවා නම් දිපල්ලා, තොපේ කොන්දේසිවලට නං අපට ණය එපා කියලා එන්න බෑ. ඊට වැඩිය හොදයි නොගිහින් ඉන්න එක. ජවිපෙ සහෝදරවරුත් හරියට ඕස්ට්‍රේලියාවේ ආදිවාසි ඇබෝරිජින්වරු වගේ. වැඩිය ඕනි නෑ බැංකුවකින් අපි ණයක් ගන්න ගියත් අපි බැංකුවේ කොන්දේසිවලට එකඟ වෙන්න ඕනි.
 
 
රටේ රාළ ප්‍රතිව්‍යුහගතකරණයට එකඟයි.ඒත් ප්‍රතිව්‍යුහගතකරණය නම්න් කරන මංකොල්ලයට එකඟ නෑ.ඇත්තටම නියම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නව බලවේගයකට බලය ලැබීමෙන් පස්සේ. ඒක ලිබරල් ධනේශ්වර ප්‍රතිසංස්කරණයක්.ඒ බලවේගය වර්ධනය වෙමින් තියනවා. එතකන් රනිල්ට IMF කොන්දේසිය සම්පූරණ කරන්න යමක් කරන්න ඕනි. එතනදී සිදුවන වැරදි අවම කරගන්න කවුරුත් එකතු වෙන්න කියලයි රටේ රාළ පක්ෂ, විපක්ෂ දේශපාලන පක්‍ෂවලින් ඉල්ලන්නේ.
 
 
ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ ඉතිරි කොටස POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න






JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...