The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

මිරිහානට වසරක් -( එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 30, 2023 • 5:54 PM

මිරිහානට වසරක් -( එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ම්ලේච්ඡ අරගලකරුවන් විසින් සාහසික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්නේ.
  • හරියට 1983 කළු ජූලිය වෙලාවේ මොරටුවේ පුංචි පෙට්ටිකඩයක් කරගෙන හිටිය දෙමළ මනුස්සයා එළියට ඇදලා අරගෙන පහර දීලා ඒ කඩේ මංකොල්ල කෑව මිනිස්සු ඊට පස්සේ මුකුත් වුණේ නැති ගාණට අප අතර ගැවසෙනවා වගේ මිරිහානේ ප්‍රහාරයට සම්බන්ධ වුණු දාමරික සාහසිකයන් අද අප අතර ගැවසෙනවා.
  • බූලිවලට පුරව පුරව තෙල් එකතු කරලා ගෙවල් ඇතුළේ කාර්යාල ඇතුළේ ගොඩ ගහගත්ත මහත්තුරු අද QR code එකට තෙල් ගහගෙන හරිම සිල්වත් විදිහට ගමන් බිමන් යනවා.
  • ඒ මහත්තුරුන්ට තෙල් විකුණපු ත්‍රීවීල්කාරයෝ දැන් සතියට ලීටර් පහක් ගහගෙන ඉතුරු ටික අර මහත්තයෙක්ගෙන් ඉල්ලගෙන හයර් දුවනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ම්ලේච්ඡ අරගලකරුවන් විසින් සාහසික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්නේ.

එදා තමයි ජනරජයේ බහුතර ජනතාව නිදහස් හා සාධාරණ ඡන්දයෙන් තෝරාගත් ජනපතිවරයා “අරාබි වසන්තයේ” කළා වගේ ලිබියාවේ ගඩාෆිව එළියට ඇදගෙන ඇවිල්ලා ඝාතනය කළ ආකාරයෙන් ඝාතනය කිරීමට කොළඹ අරගලකරුවන් පළමුවරට උත්සාහ කළේ.

ඒ සාහසික ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කළ ප්‍රබල කුමන්ත්‍රණකරුවන් අදටත් නිදැල්ලේ. එදා ඒ නින්දිත ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වුණු බිහිසුණු දාමරික ගෑණු පිරිමි අද ඔවුන්ගේ නිවෙස්වල කාර්යාලවල එදිනෙදා වැඩකටයුතු කරගෙන යනවා. බස් එකේ අපට එහා පැත්තේ වාඩිවෙලා යනවා. කාර්වල මෝටර්සයිකල්වල ඔබමොබ යනවා. කවුරුවත් ඔවුන්ව හඳුනගන්නේ නැහැ.



හරියට 1983 කළු ජූලිය වෙලාවේ මොරටුවේ පුංචි පෙට්ටිකඩයක් කරගෙන හිටිය දෙමළ මනුස්සයා එළියට ඇදලා අරගෙන පහර දීලා ඒ කඩේ මංකොල්ල කෑව මිනිස්සු ඊට පස්සේ මුකුත් වුණේ නැති ගාණට අප අතර ගැවසෙනවා වගේ මිරිහානේ ප්‍රහාරයට සම්බන්ධ වුණු දාමරික සාහසිකයන් අද අප අතර ගැවසෙනවා. මාව ඝාතනය කරනවා බලන්න ෆෝන් එක දිහා බලාගෙන හිටිය කුරිරු මිනිසුන් ෆේස්බුක් එකේ මේ ලිපිය කියවලා “හාහා” දානවා.



ඉන් හරියටම වසරක් ගතවන විට ලංකාවේ ජනපති වෙලා ඉන්නේ ගෝඨාභය නොවෙයි. පහුගිය දවස් තුන්සිය හැටපහට ලංකාවට වෙන්න තියෙන ඔක්කොම වෙලා. රසික ජයකොඩි කියලා කියලම හර්ෂ ද සිල්වා අඬලා අඬලම “රට බංකොලොත්” කියලා ලෝකෙට අඬගහලා කියවගෙන ඊට පස්සේ IMF එකෙන් ණයක් අරගෙන දැන් නැවත “බංකොලොත් නැහැ” කියලා ලෝකෙට පරකාස කොරලා. දැන් රසික ජයකොඩි ජේවීපීකාරයන්ගේ විහිළු කතා පෙන්න පෙන්න ගුලි කාලා වගේ බොරුවට හිනා වෙවී ඕවර්ඇක්ටින් පොඩ්කාස්ට් කරනවා.

බූලිවලට පුරව පුරව තෙල් එකතු කරලා ගෙවල් ඇතුළේ කාර්යාල ඇතුළේ ගොඩ ගහගත්ත මහත්තුරු අද QR code එකට තෙල් ගහගෙන හරිම සිල්වත් විදිහට ගමන් බිමන් යනවා. ඒ මහත්තුරුන්ට තෙල් විකුණපු ත්‍රීවීල්කාරයෝ දැන් සතියට ලීටර් පහක් ගහගෙන ඉතුරු ටික අර මහත්තයෙක්ගෙන් ඉල්ලගෙන හයර් දුවනවා. දැන් ගෑස් පිපිරෙන්නේ නැහැ. විදුලිය කැපෙන්නෙත් නැහැ. නවසීලන්තයට ඩොලර් ගෙවලා ගෙන්වන කිරිපිටි හිතේ හැටියට බීලා බීලා දැන් ලංකාවේ දරුවන්ගේ මොළය හරක් පැටවුන්ගේ තරමටම දියුණු වෙලා.

නමුත් එදාට වඩා තුන් ගුණයක විදුලි බිලක් දැන් හැමෝම කට පියාගෙන ගෙවනවා. නිර්මාල් දේවසිරිගේ වටිනා රාජ්‍ය සේවයට ජනතාව ගෙවන ලක්ෂ ගානක මාසික පඩියෙන් තඩි බද්දක් එයාගේ කැමැත්තෙන් රජයට ගෙවනවා. විනාඩියෙන් විනාඩියට එසැණ එකෙන් එදා එවපු ප්‍රකෝපකාරී පුවත් අද එන්නේ නැහැ. බඩගින්දරේ ඉන්න දුප්පතුන් වෙනුවෙන් එදා ප්‍රොෆයිල් පික් මාරු කරගත්ත පරාර්ථකාමී නළු නිළියෝ අද රයිගම් සම්මාන උළෙලේ රතු පලස් උඩ විරිත්තගෙන සෙල්ෆි ගහනවා. දැන් දුප්පතුන් නැහැ. දැන් කවුරුවත් බඩගින්නේ ඉන්නේ නැහැ. මන්දපෝෂණේ කොහෙන් ගියාද නැහැ.



“අපි දවස කියන්නම්, එදාට පාරට බහින්න!” කියලා වහසි බස් දෙඩවූ අනුර කුමාර දිසානායක අද පූස් පැටියෙක් වගේ හුරතල් වෙනවා. එදා බහුජාතික පොහොර සමාගම් වෙනුවෙන් ගොවියන් පාරට බස්සපු ජවිපෙ වෘත්තීය සමිතිකාරයෝ අද බහුජාතික සමාගම්වලට තෙල් සංස්ථාව විකුණනවාට විරුද්ධව උපවාස කරනවා. ඒ වෘත්තීය සමිතිකාරයන්ව එදා කර උඩ තියාගෙන ගිය අරගලකරුවන් එකෙක් අද ඔවුන්ගේ පැත්තවත් බලන්නේ නැහැ. උන් ටික ඉරාජ්ගේ ෂෝවල තොල් හපාගෙන නටනවා. ගෝඨාභය එදා වගේම මිරිහානේ ගෙදරට වෙලා අදත් ඉන්නවා.



ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 මාර්තු 30

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මිරිහානට වසරක් -( එරන්ද ගිනිගේ) | The Leader