The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

ගුරු සේවය අයාලේ යමින් සිටියි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

March 30, 2023 • 6:50 PM

ගුරු සේවය අයාලේ යමින් සිටියි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාඨශාලීය ජවන හා පිටිය ක්‍රීඩා පුහුණුවීම් පවා අඩාල වීමය.
  • ඔබේ පාසලේ කී දෙනෙක් බදු ගෙවනවාද විමසූ විට හැම ගුරු වෘත්තිකයන් ලැබෙන්නේ “සමහර විට ප්‍රින්සිපල් සර් විතරක් වෙන්න ඇති...” වැනි අඩමාන උත්තරයකි.
  • මාස්ටර් සර් වැඩි කර දුන් වැටුප ගෙවන්නේත් ජනතවගේ බදු කාසි වලින් බව අපේ ගුරු සංහතිය නො දැන සිටීම මේ රටේ වැඩිහිටි පරම්පරාව සුළුවෙන් බැහැර කළ යුතු නැත.
  • දැන් සැපදැයි අසන මහින්ද රාජපක්ෂ මෙන්, 2020 මැතිවරණයෙන් ගෙදර යැවූ රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් අසන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

පාඨශාලීය ජවන හා පිටිය ක්‍රීඩා පුහුණුවීම් පවා අඩාල වීමය. 94%ක් බදු නො ගෙවන ගුරු සංහතියේ මේ හැසිරීමෙන් බහුතරයට හෝ පාසල් දරුවන්ට ලැබෙන්නේ කුමක්ද? පොහොර නො ලැබුණත් ගොවීන් ගොවිතැන් නො කළොත් රටට කුමක් වේද? ලක්ෂ ගණනක රටේ දරුවන් ගෙවුණ තුන් වසර තුළ පාසල් නො යාම සමග මේ සංසිද්ධින් විග්‍රහ කළ යුතුවේ.

xcfgdrgt



රුපියල් ලක්ෂ පහකට වැඩි මාසික වැටුප් ලබන ලක්ෂ පහකටත් අඩු මධ්‍යම පන්තික පිරිසකගේ යහපතට ගුරුවරු වැඩ වර්ජනය කිරීමෙන් පාසල් වැසී දරුවන් නන්නත්තාර වේ. රටේ පාසල් වසර තුනක් වැසි ගියේ කොවිඩ් වසංගතය හා තෙල් පැට්‍රල් හිඟය නිසාය. වැඩ වර්ජන හරහා යළිත්  පාසල් අධ්‍යාපනය අඩාල වුණොත් එය පාස්කු ඉරිදා සිදු කළ බෝම්බ පිපිරවීමට සමාන තිරිසන් දේශපාලන උත්සාහයක් නො වන්නේද?



ඔබේ පාසලේ කී දෙනෙක් බදු ගෙවනවාද විමසූ විට හැම ගුරු වෘත්තිකයන් ලැබෙන්නේ “සමහර විට ප්‍රින්සිපල් සර් විතරක් වෙන්න ඇති...” වැනි අඩමාන උත්තරයකි. මේ උත්තරය දෙන්නේ විශ්වවිද්‍යාල හෝ  විද්‍යාපීඨ හරහා රටේ දරුවන්ට උගන්වන ගුරු පරපුර මිස, පිපිඤ්ඤා වචනය ලියා ගත නොහැකිව, සවුත්තු වූ යන්තම් ඕ ලෙවල් ගොඩ ගිය අතීත ගුරුවරුන්  නොවේ.  

කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව රටේ ගුරු සංහතිය, පාසල් වසා වීදි බැස්සේ තමන්ට පඩි වැඩි කර දුන් මාස්ටර් සර් ජෝෂප් ස්ටාර්ලින් නිසාය. මාස්ටර් සර් වැඩි කර දුන් වැටුප ගෙවන්නේත් ජනතවගේ බදු කාසි වලින් බව අපේ ගුරු සංහතිය නො දැන සිටීම මේ රටේ වැඩිහිටි පරම්පරාව සුළුවෙන් බැහැර කළ යුතු නැත. හේතුව මේ ගුරුවරු අතට ලැබෙන රුපියල් සත මිස පැවරුණ ජාතික වගකීම් ගැන මෙලෝ හසරක් දැන නො සිටීමය.



බදු ගෙවන ගුරුවරු ප්‍රමාණය ගුරු සංහතිය දැන සිටිය යුතුම නැත. ඒ ප්‍රමාණය ආදායම් බදු දෙපාර්තමේන්තුවවත් නො දන්නා නිසාය. ගෝඨාගේ බදු කප්පාදුවෙන් ලැබුණ රුපියල් සත වාසිය නිසා වෘත්තිය වේදින් සිටියේ අප්‍රමාණ සතුටිනි. එයින්  රටට සිදුවූ හානිය නූපන් දරුවන්ද විඳවනවාමය.  

අදටත් පාසල් වැසෙන්නේත්, ඉන්ධන පෝලිම්වල මිනිසුන් මැරී වැටුණේත්, රුපියල් දහයේ කොපි පොත මෙන්ම, රුපියල් තිහ හතළිහේ ඖෂධ කරලත් රුපියල් සිය ගණනින් ද, ළදරු කිරි පිටි මිලත් රුපියල් දෙ තුන් දහස් ගණනින්ද ඉහළ ගියේත්, භාණ්ඩාගාරය හිස් වී රට බංකොලොත් වුණේත් බදු කැපිල්ල නිසාය.  


ගෝඨා රටේ පාලකයා කළ වියත් මග යනු ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර් චන්න ජයසුමන, ආචාර්ය ලලිතසිරි ගුණරුවන් වෛද්‍ය සීතා අරඹේපොල ආදින් ලක්ෂ පහ ඉක්මවා මාසික වැටුප් ලබන තීරු බදු රහිත වාහන මෙන්ම රජයේ වැය බරෙන් විදේශ ගමන් ගිය ඉහළ මධ්‍යම පන්තික ගැන්සිය නොවන්නේද?

ගුරු සංහතිය මේ නොමිලේ හරක් බලන්නේ ගෝඨා රට විනාස කළ බදු ප්‍රතිපත්තිය ඉල්ලා සිටින අර තක්කඩින් වෙනුවෙන්ද ?

යහ පාලන යුගයේ රටේ ආර්ථීක ප්‍රශ්නයක් නො වීය. සකල රාජ්‍ය සේවයටම උස් පහත් භේදයකින් තොරව රුපියල් දස දහසකින් වැටුප් වැඩි විය. ඒ වාසියෙන් ලීසින් කළ වාහන හිමි කර ගත් ගුරුවරුන් පමණක් කෙතෙක්ද? 15%ක නිත්‍ය පොලී ආදායමක් ලත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙතෙක්ද? එවන් පසුබිමක, යහපාලන ආණ්ඩුව පෙරළා ගෝඨාභය  දිනවීමට, දොස්තර වඳ ෂාපි කෝටුමස් කළහ. පාස්කු බෝම්බ පිපිරවූහ. මේ නින්දිත දේශපාලන කුමන්ත්‍රණය හරහා  බලයට  පත් කළ මිනිසා හැසිරුණේ පිස්සුවෙනි. ප්‍රතිපලය රට බංකොලොත්වී පාසල් වැසී මිනිසුන් පොලිම්වල මිය යාමය.



දැන් සැපදැයි අසන මහින්ද රාජපක්ෂ මෙන්, 2020 මැතිවරණයෙන් ගෙදර යැවූ රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් අසන්නේ නැත. හේතුව ජනතාව අමාරුවේ දැම්මේ අතලොස්සක් වියතුන් වෘත්තිකයන් විසින් බව ජනාධිපති වික්‍රමසිංහ දන්නා නිසාය. 2015දි රාජපක්ෂලා එළවා දැම්මේ ඇයිදැයි 2019දී පත්වූ ගෝඨාභය පාලනය උදාහරණයට ගෙන ගුරු වෘත්තිකයන් පාසල් දරුවන්ට කියා දිය යුතුව තිබේ.  

රාජ්‍ය සේවය, පාසල්  පද්ධතිය, යථාවත් වෙමින් ළදරු ආහාර ඖෂධ හිඟය නිම වෙමින් ඉන්ධන මිල පහත යන්නේ ගිය ජූලියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළ නිසාය. ගුරු සංහතිය පාසල් වසා දමමින් ජෝෂප් ස්ටාර්ලින්ට රැවටී කඩේ යන්නේ ඇයි?  වියත් මග රාජපක්ෂලා වෙනුවෙන් දේවස්ථානවල බෝම්බ පුපුරුවා, බුදු පිළිම කඩා බිඳ ජනතාව කෝප ගන්වා රනිල් වික්‍රමසිංහත්, 2019දී  වෛද්‍ය වඳ ෂාපිත් දෙදෙනාම ගෙදර යැවූහ.

රනිල් බෝම්බ ගැසුවේවත්, වෛද්‍ය ෂාපි දරුවන් වඳ කළේවත් නැත. ඒ අපරාධය නිසා ගෝඨා ප්‍රතික්ෂේප වුණේ නන්නත්තාරේ යන සතෙකු තම නිවෙසින් එළවා ගත් ආකාරයටය.

අද ජෝෂප් ස්ටාර්ලින්ලා වැටුණ රට ගොඩ නැගීමට සේවක පඩි ගෙවිමට ඖෂධ ආහාර ගෙන්වීමට බදු ආදායම් ක්‍රමයක් ඇති කළ පාලකයාට එරෙහිව ගුරුවරුන් මෙහෙයවති.

ඇති එකාගෙන් අය කර රට ගොඩ නැගීම රට පාවාදිමක් නොවේ. රටකට බදු අවශ්‍ය ඇයිදැයි කියා දිය යුතු නැත. එහෙත් ඍජු බදු අහෝසි කළ අවස්ථාවේ අද ආර්ථික න්‍යාය උපුටා දක්වන මහාචාර්ය සිරිමල් අබේරත්න මහාචාර්ය දයාරත්න බණ්ඩා වැනි වෘත්තිකයන් හෝ රට දැනුවත් කළේ නැත.

ජෝෂප් ස්ටාර්ලින් වැඩි කර දුන් පඩිය ආණ්ඩුවෙන් ගුරු සංහතියට ගෙවන්නේ, හෙට දවසට පිරිමහින මිනිසුන් තැනීමට මිස, වරායේ බඩු බෑමට, පාර අතුගෑමට බැංකුවේ මේස පිරිසිදු කිරීමට හෝ ස්පාවල ශරීර සම්භානය සඳහා නොවේ. ගුරු වෘත්තිකයන් අතර, විවිධ අපචාරි අව කල්ක්‍රියා හේතුවෙන් අපකීර්තියට පත් චරිත නැතිවාම නොවේ. පාසලට දරුවෙකු ඇතුළු කිරීමට ලක්ෂ ගණන් ගෙන හිරේ විලංගුවේ වැටෙන්නේ, පාතාලයන් බුකී කාරයන් කේරල ගංජා ප්‍රවාහකයන්සමහර  නොවේ. ඩෙස්ක් බංකු විකුණා කෝටි පතියන්වී සිටින විදුහල්පතිලා ප්‍රසිද්ධ ලක්ෂමීලා ලක්ෂමන්ලා ආදි නම් වලිනි.  

xdfgsfsd



ගුරුවරු පාසල් නොයා දරුවන් ගැන නො තකා පාරට බසින්නේ ලක්ෂමීලා ලක්ෂමන්ලා බද්දෙන් බේරා දීමටය. සිය වෘත්තීය වගකීම පැහැර හරිමින් සිදු කරන මේ අපචාරී හැසිරීමෙන් පාසල් අධ්‍යාපනය අහිමිව හෙට සමාජගතවන තරුණ පරපුර මං පහරන්නන් කිරීමේ ශාපයෙන් ජෝෂප් ස්ටාර්ලින් අනුව යන කිසිදු ගුරු භවතුන් මතු නොව, උන්ට දාව බිහිවන දරුවෙකුට හෝ යහපතක් සිදු නොවේ.



නවසිය හැත්තෑ ගණන්වල තානායම් වලට ගොස් ඇඟ ලේ මස් පූජා කිරීමෙන්ද ගුරු සේවයට ඇතුල් වීමේ හැකියාව පැවතිණ. 1973 පමණ කාලයේ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයට මන්ත්‍රි ලැයිස්තුවෙන් රස්සාවට ආ ඉංග්‍රිසි ගුරුවරයෙක් සිය සේවා ස්ථීරත්වය සඳහා  ඉදිරිපත් කළ අධ්‍යාපන සහතික අනුව, ඉංග්‍රිසි විෂය  සමත් තිබුණේ පාසලේ උගන්වන අතරය.

වර්තමාන ගුරු සේවය විද්‍යා පීඨ පුහුණුව, විශ්වවිද්‍යාල උපාධි හෝ අධ්‍යාපන ඩිප්ලෝමා ධාරීන් ගෙන් ශක්තිමත්ය. ඒ ඓතිහාසික වෙනස ඇති කළේ ජෝෂප් ස්ටාර්ලින් නොව රටම අකමැති රනිල් වික්‍රමසිංහ බව දරුවන්ට කියා දිය යුතුව තිබේ. ඒ විශිෂ්ඨ ගුරු සංහතිය පිපිඤ්ඤා මට්ටමට දැමීමට වලි කන ස්ටාර්ලින්ලා වහා පරාජය කළ යුතුවේ. රුපියල් සත වාසියට වර්ජන කිරීමත් ඇඟ මස් විකිණිමට සමානය.

88-89කාලයේ පලා බබා අපට එපා කියා රට හිනැස්සූ කුඩා පාසල් දරුවන් ලවා වීදි සටන් කළ මිනීමරු දේශපාලන කල්ලි හා එක්ව ගුරු සංගම් මෙහෙයවන  ජෝෂප් ස්ටාර්ලින්වත් මේ ඉතිහාසය දන්නේ නැතුවාය.

cfhfh

අධ්‍යාපන සේවය, ජාතික අධ්‍යාපන ආයතනය හා විද්‍යා පීඨ ක්‍රමය  හඳුන්වා දුන්නේද, උසස් පෙළ ඉහළ ලකුණු ලැබිලාත් සරසවි දොර වැසුණ දස දහස් ගණනක් සිසු සිසුවියන්  ත්‍රි විලර් රස්සාවට සහ ස්පාවලට යාමෙන් වලකා විද්‍යා පීඨ හරහා රටට ඵලදායි වෘත්තිකයන් කළේත් එදා රටේ අධ්‍යාපනය භාරව සිටි  වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.



පසුගිය 23 වෙනිදා පාසල් පොත් බෙදා දෙමින් කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේදී පාසල් දරුවන් එක එක්කෙනාගේ අතකොළු කිරීමට ඉඩ නො තබන බවට කළ දැඩි ප්‍රකාශය, අනතුරු ඇඟවීමක් නොව ගුරු සේවයට හිමි වෘත්තීය අයිතින් සේවා සුභ සාධන අයිතීන් තෙක් ලෙස නීති ගත කළොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ අධ්‍යාපන විප්ලවය සම්පූර්ණ කළා වෙනු ඇත.

2001දි -1.5%ක ඍණ අගයක් පැවති රටේ ආර්ථිකය රටේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ, දෙවසරක් තුළ ශක්තිමත් කළේය. 2003දී ජපානයේ ටෝකියෝ නුවර පැවති ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන සමුළුව හරහා අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක් හෙවත් රුපියල් කෝටි 59,400ක අති දැවැන්ත මූල්‍ය ශක්තියක් රටට ගෙන ආවේ එවකට ජනාධිපති චන්ද්‍රිකා ජෙප්පන් සමග එකතුව රනිල්ට අංචි අදිමින් සිටින අතරය.  

ඔහු එයින් විසි වසරකට පසුව, අවිධිමත් පාලනයෙන් ඇද වැටුණ රටේ ආර්ථීකය ශක්තිමත් කිරීමට රටේ විධායක ජනාධිපති ලෙස පියවර ගනිමින් කරමින්  සිටියි.

ranil edu

 රනිල් වික්‍රමසිංහ නම් දේශපාලනඥයා වැඩ කළේ ඡන්ද බලාගෙන නොවේ. ජනතාව වෙනුවෙනි. 2001දී ආර්ථිකය ගොඩ දැමූ රනිල් 2005දී ගෙදර යැවීමට මහින්දත්, ජවිපෙත් ප්‍රභාකරන් සමග එක්වූ බව ඉතිහාසයේ ලියැවි ඇත. 2019දී පාස්කු ඝාතන හා වඳ කොත්තු කතා වලට මුලා වුණේ සමෘද්ධීලාභීන් පමණක් නොවේ. රනිල් ගෞරවනීය වෘත්තියක් බවට පත් කළ ගුරු සංහතිය මෙන්ම, ඔහු රුපියල් දස දහසක මාසික මූල්‍ය ශක්තියක් ලබාදුන්  සකල රාජ්‍ය සේවයද රනිල් ගෙදර යැවීමට දායක විය.

වර්තමානයේ රනිල් ගෙදර යැවීමට නැවත විපක්ෂය, ගුරු සේවය හරහා පාසල් දරුවන් ප්‍රාණ ඇපයට ගනිමින් සිටින්නාහ. ජෝෂප් ස්ටාර්ලින්ට හීලෑවී, ගුරුවරුන් කළු ඇඳ පාසලට එන විට, පාසල වැඩ බිමක් වේ. දරුවන්ට ඇසෙන්නේ පාඩම් නොවේ. දැනෙන්නේ ශාස්ත්‍රාභිලාශය නෙවේ. අනන්මනං ය. රටට අවශ්‍ය වසන්ත මුදලිගේලා නොවේ. ඊයේ පෙරේදා කොළඹ පාසලක දරුවෙක් බොරු බෝම්බ බියක් ඇති කොට පොලිස් අත් අඩංගුවට පත් විය.



දකුණේ තත්වය එසේ වෙද්දී  ගිය සති අන්තයේ (පසුගිය අඟහරුවාදා දිවයින කතු වැකියට අනුව කඳුළු ගෑස් කෑම, පොලිසියෙන් ගුටි කෑම ආදි විෂයන් හදාරණ) වසන්ත මුදලිගේට උතුරේ ජනතාව දැක්වූ  ප්‍රතිචාරය දකුණේ බහුතර නිහඬ ජන මතයම වන්නේය. ඒ සමග රටේ සංවර්ධනයට ඩයස්පෝරා ශක්තිය ලබා දීමට කෙරෙන සාකච්ඡා යනු උපන් රටේ සතුටින් ජීවත්වීමට ඇති අභිලාශය ප්‍රකාශ කිරීමක් නොවන්නේද?



පොලිස් අත් අඩංගුවේදී මිය ගිය නීතිඥ විජයදාස ලියනාරච්චි වෙනුවෙන් ලේ රත්වූ නීති ශිෂ්‍යයන් අලුත් කඩේ මිහිඳු හන්දියට ඒකාරාශි වෙද්දී අධිනීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්න, “පුතාලා මේ ප්‍රශ්නය වැඩිහිටි අපට භාර දීලා පන්ති  ගිහින් ඉගෙණ ගන්න. අපට අවශ්‍ය උගත් පරපුරක්. එක විජේදාසට තවත් සියයක්. මර්ධනය පතුරුවන ආණ්ඩුවේ උවමනාවට අහු වෙන්න එපා. පුතාලාට පොලිසිය ගැහුවොත් ඒක නීතිඥයන්ට කළ පහර දීමක් වෙනවා.” යනුවෙන් පවසා තමන් ඇතුළු නීති සිසුන්ට දුන් අවවාදය, රන් බණ්ඩා සෙනෙවිරත්න සිහිපත් කරමින් මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා තැබූ සටහන මට මෙහිදී සිහිපත් වේ.

ඒ රන් බණ්ඩා සෙනෙවිරත්න තිස් එක් වියැතිව සිටියදී 71 කැරැල්ලට සහාය නොදී නීති සිසූන් නීති අධ්‍යයනවල නිරතවීම ගැන වියරුවෙන් කෑ ගැසූ හැටි මට මතකය. 88-89 භීෂණ කාලයේ හෙතෙම පනස්වෙනි වියට ආසන්න වැඩිහිටියෙකි. එසේම මා මිත්‍ර රන් බණ්ඩා විනය හේතුවක් නිසා පාසලෙන් නෙරපා හැරිය දඩබ්බරයෙකි. එදා ඔහු වෙනුවෙන් පෙනී සිටි විතානාච්චි නම් ගුරු මාතාව නො වන්නට අධිනීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්න, විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍රලාට අතීතයේ විශිෂ්ඨ වැඩිහිටියෙක් වන්නේ නැත.

xfgsdger

 අපේ ගුරු සංහතිය අනුගමනය කළ යුත්තේ ජෝෂප් ස්ටාර්ලින්ද, රන් බණ්ඩා සෙනෙවිරත්නද, විතානාච්චි ගුරු මාතාවද යන්න වර්තමාන ගුරු සංහතිය තීරණය කළ යුතුවේ. මේ ලිපිය කියවන්නෙක් රටේ ගුරු වෛද්‍ය සේවා වෘත්තීය අයිතිවාසිකම් වහා සුභ සාධන අරමුණු වලට ලඝු කළ යුතු යයි කල්පනා නො වන්නේදැයි විමසමි.

යුද්ධය පවත්නා ප්‍රදේශවල පිහිටි පාසල් රෝහල් වලට ජිනීවා ප්‍රඥප්තියෙන් දෙන යුධ මුක්ත ආරක්ෂාව අපේ සිසුන් සහ රෝගින් දේශපාලන බිලි බවට පත් කිරීමේ නීති සැකසීමට පාලකයන් වහා පියවර ගත යුතු වේ.



chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගුරු සේවය අයාලේ යමින් සිටියි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader