The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

රාජපක්ෂවාදයේ අවසානයද ..!!!

T

The Leader Desk

March 31, 2023 • 5:01 AM

 රාජපක්ෂවාදයේ අවසානයද ..!!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල ජනතාවගේ සතුරා වූ දෙමළ ජනතාවගේ අරගලය කුඩුපට්ටම් කිරීමෙන් පසු ජනතාව විනෝද සාගරයකට ඇතුල් වූ අතර එය අශ්ලීල ආකාරයෙන් මතුවීමට රාජපක්ෂ රෙජීමය ඉඩ ලබාදුන්නේය.
  • වෘත්තිකයන්ට සිය වෘත්තීය බලය හරහා සහ ඔවුන් නියෝජනය කල වෘත්තීය සමිති හරහා ප්‍රකාශ වීමට දුන් අතර ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තියට ඒ හරහාද, මාධ්‍ය කොම්පැනි හිමි මුදලාලිලාට ඒ හරහාද, සමාජයට විවර වීමට ඉඩ ලැබුනි.
  • ජනතාවට කැමති ඕනෑම දෙයක් කිරීමේ වරම හිමිවූ අතර අවිධිමත් ආර්ථිකය බලුපොරයක් බවට පත්කර වැලි, ගල්, පස්, ස්පා, මත් ද්‍රව්‍ය වෙළඳාම හරහා ග්‍රාමීය ලුම්පන් පංතියක් බිහිකරමින් පොහොට්ටුවේ “ගම” සංවිධානය කිරීමේ යාන්ත්‍රනය බවට එය පත් කලේය.
  • විශ්වවිද්‍යාලීය ආචාර්‍ය මණ්ඩලය වෙත කරනු ලැබූ වැටුප් වැඩිකිරීම හරහා විශ්වවිද්‍යාලීය “ඇකඩමික්” ක්‍රියාකාරිත්වයෙන් ඔවුන්ව හොද පාරිභෝගිකයන් ලෙස පොලා පන්නන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


සිංහල ජනතාවගේ සතුරා වූ දෙමළ ජනතාවගේ අරගලය කුඩුපට්ටම් කිරීමෙන් පසු ජනතාව විනෝද සාගරයකට ඇතුල් වූ අතර එය අශ්ලීල ආකාරයෙන් මතුවීමට රාජපක්ෂ රෙජීමය ඉඩ ලබාදුන්නේය.

වෘත්තිකයන්ට සිය වෘත්තීය බලය හරහා සහ ඔවුන් නියෝජනය කල වෘත්තීය සමිති හරහා ප්‍රකාශ වීමට දුන් අතර ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තියට ඒ හරහාද, මාධ්‍ය කොම්පැනි හිමි මුදලාලිලාට ඒ හරහාද, සමාජයට විවර වීමට ඉඩ ලැබුනි.

ජනතාවට කැමති ඕනෑම දෙයක් කිරීමේ වරම හිමිවූ අතර අවිධිමත් ආර්ථිකය බලුපොරයක් බවට පත්කර වැලි, ගල්, පස්, ස්පා, මත් ද්‍රව්‍ය වෙළඳාම හරහා ග්‍රාමීය ලුම්පන් පංතියක් බිහිකරමින් පොහොට්ටුවේ “ගම” සංවිධානය කිරීමේ යාන්ත්‍රනය බවට එය පත් කලේය.

රාජ්‍ය යන්ත්‍රනය තුල භෞතිකව ක්‍රියාකරන පොලීසිය, අධිකරණය හා බන්ධනාගාරය වැනි ආයතන සහමුලින්ම දේශපාලනය මතින් නැවත ව්‍යුහගත කරනු ලැබූ අතර ඒවායේ පැවති “අධිකාරිත්වය” දියකර හරින ලදී. සිය පවුල හා රෙජීම් එක වටා රාජ්‍ය නැවත සංවිධානය කරනු ලැබූ අතර අවශ්‍ය ප්‍රාග්ධනය චීනය හරහා ලබාගන්නා ලදී.

 සෑම පරමාදර්ශී ක්ෂේත්‍රයක්ම සහමුලින් පැවති තත්ත්වයෙන් විතැන් කලේය. විශ්වවිද්‍යාලීය ආචාර්‍ය මණ්ඩලය වෙත කරනු ලැබූ වැටුප් වැඩිකිරීම හරහා විශ්වවිද්‍යාලීය “ඇකඩමික්” ක්‍රියාකාරිත්වයෙන් ඔවුන්ව හොද පාරිභෝගිකයන් ලෙස පොලා පන්නන ලදී. වෛද්‍ය වෘත්තිකයන්ට තමන්ට කැමති සියලුම වරප්‍රසාද හා වරදාන ලබා දී එය පොහොට්ටුවේ ශාඛා සමිතියක් ලෙස භාවිතා කරනු ලදී. කිසිදු නියාමනයකින් තොරව ටියුෂන් පංති ව්‍යාපාරික අවස්ථා හැටියට වර්ධනය කර පාසැල් අධ්‍යාපනය කිච කරනු ලැබූ අතර එය පංතිමය වශයෙන් බෙදනුද ලැබීය. ඉහල මධ්‍යම පංතිය සිය දරුවන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සදහා විදේශගත වනවිට පහළම පීඩිත පංතිය වෙතින් අධ්‍යාපන අවස්ථාවන් අහිමි කරන ලදී.

ප්‍රථම වතාවට හමුදාවන් දේශපාලනික අර්ථයකින් යොදාගත් අතර එහිදී හමුදාවන් වල පැවති අණ දීම හා අණ පිළිපැදීමේ ව්‍යුහය බයිපාස් කරන ලදී. අවසානයේ බිහිවුනේ ජනාධිපති සමග (ගෝඨා)පංසල්, දේවාල ගානේ යන හමුදාපතිවරයෙක් විනා රාජ්‍ය ආරක්ෂා කල හැකි වෘත්තීමය හමුදාපතිවරයෙක් නොවේ.

සියලුම ආකාරයේ කඩාවැට්ටවීම් හා විනාශයන් තුල සිය ඉදිරි දේශපාලනික සැලසුම් වලට අනුකූලව ග්‍රාමීය ජනයා වෙත සංස්කෘතික දේශපාලනය මිට මොලවනු ලැබූ අතර ජාතිය හා ආගම මත එම පීඩිත ජනයා පරායත්ත කරවන ලදී.

ලංකා ඉතිහාසය තුල චින්තනමය අතින් ග්‍රාමීය හා මුග්ධම චින්තනීය ප්‍රවේශයක් ගත් රාජපක්ෂ රෙජීමය සිය අශ්ලීල ආශාවන් හා බැදුනු පුද්ගලයන් හරහා සියලුම දේශපාලන පක්ෂ විනාශ කරන ලදී. සමාජයක් වශයෙන් පොදුවේ විශ්වාස කරන සියලුම අදහස් පද්ධති හා ආයතන (පංසල් පවා) බිමටම සමතලා කරන ලදී.


 මෙකී නොකී ආකාරයෙන් වර්ධනය කරනු ලැබූ රාජ්‍ය දෘෂ්ටිවාදය වෙත බාහිර සතුරන් මවා එය බලය අභ්‍යාස කිරීමේ ක්‍රමය බවට හරවන ලදී. දෙමළ ජනයාගෙන් පසු මුස්ලිම් ජනයාද, NGO, IMF, ඇමෙරිකාව සහ බටහිර, UN එක විටින් විට ලංකාව ගිලගැනීමට එන සතුරෙකු ලෙස වර්ණ ගන්වනු ලැබූ අතර ලංකාවේ වාමාංශික විජේවීරවාදය විසින් ඒවා ගෙඩිපිටින් ගිලවනු ලැබූ ජනතාවක් සදහා පිටිය සකසනු ලැබීය.


කෝවිඩ් වසංගතයේ ආක්‍රමනයත් සමගම හා චීන ප්‍රාග්ධනය වෙතින් ලැබුනු උත්තේජනය අවසන් වීමත් සමගම මේ සුරාන්තය අවසන් විය. ගුවන්‍ යානා නොමැති ගුවන් තොටවල්ද, නැව් නැති වරායවල්ද, ක්‍රිකට් ක්‍රීඩා නොකරන ක්‍රිකට් පිටිද, බල්ලන් ලගින සම්මන්ත්‍රණ ශාලාද සමග මේ සමාජීය බජව්ව අවසන් විය.

රාජපක්ෂ රෙජීමය සිය ගැලවුම්කරැවන් හැටියට සහ සිය විනෝදය තහවුරු කලවුන් සේ රාජකීයත්වයට ඔසවා සිටි මධ්‍යම පංතිය මුලින්ම රාජපක්ෂලාට පිටුපස හැරවූ අතර පාරේ කිරිබත් කා ප්‍රීතිඝෝෂා නැගූ ජනතාවම කොලඹට පැමින රාජපක්ෂ රෙජීමය කනෙන් ඇද එලියට දමන ලදී.

එහි ඉතුරු, බිතුරු තැන් තැන් වල රැදී තිබුනද එය නැවත සංවිධානගත කරගත හැකි යාන්ත්‍රනය බිඳී, විසිරී ඇති අතර එහි උඩ ස්ථරයන් රනිල් දෙසටද, යටි ග්‍රාමීය ස්ථරයන් ජාතික ජන බලවේගය දෙසටද තල්ලු වී තිබේ.

මේවා නැවත එකතු කිරීම සිතන තරම් පහසු නැත. තමන්ව බේරේ වැවෙන් නාවා හෙලුවෙන් නිවෙස් වලට යැවීමේදී රාජපක්ෂවරුන්ගේ සිය ආත්මාර්ථකාමී ප්‍රවේසම් වීම ඔවුන්ගේ හිත්වලින් මැකී නැත. තමන්ම රාජකීයත්වයට ඔසවා “සියල්ල කල හැකි” බවට සිතනු ලැබූ රාජපක්ෂවරුන්ටද කිසිවක් කල නොහැකි බව ඔප්පු වී තිබේ.


 රනිල් විසින් මෙම විනෝද සාගරයේ කිමිදෙමින් සිට සිය සිහින අහිමි කරගත් ජනයාට ප්‍රාග්ධනය මුණ ගස්සවා තිබේ. රාජ්‍ය සහ ශ්‍රමය අතර තිබූ ගැටුම හා ආතතිය ශ්‍රමය හා ප්‍රාග්ධනය වෙත විතැන් වනු ඇති අතර මෙතෙක් පැවති පාලන දෘෂ්ටිවාදයෙන් සතුරන් කරනු ලැබූ IMF වැනි ආයතනයක් පිළිබඳව තිබූ අදහස් වෙනස් වී තිබේ.


රාජපක්ෂවරුන් විසින් නාමල්ගේ අනාගතය වෙනුවෙන් වසාගෙන සිටි කාංචන විජේසේකර වැනි චරිත වලට මේ දෘෂ්ටිවාදී වෙනස ග්‍රහණය වී ඇති අතර මිනිසුන් සංවිධානය කිරීමෙන් රාජ්‍ය නැවත ව්‍යුහගත කිරීමකට ඔවුන් තල්ලු වී තිබේ. තවමත් පවතින “මහින්ද රාජපක්ෂගේ” නොපැවතීම අවසන් වූ වහාම රාජපක්ෂවාදය බිදීවිසිරී යනු ඇත. හිස් වන ස්ථානය කෙරෙහි අනුරාගයක් දක්වන්නේ කවුරුන් වුවත් ඔවුන්ට පටන් ගැනීමට සිදුවන්නේ මහින්ද පටන් ගත් තැනින් නොවේ.

(carbonnews.lk)

   

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාජපක්ෂවාදයේ අවසානයද ..!!! | The Leader