මහින්දත් ඒ කතාව කිව්වා. දැන් ආයෙත් දේශපාලන පක්ෂ රත්වෙලා, දුවන්න පටන් අරන්.
පලාත් පාලන මැතිවරණය ඉළක්ක කරගෙන තියපු රැස්වීම් වටය අඛණ්‌ඩව ඉස්සරහට ගෙනියන්න ජවිපෙ සහ සජබෙ තීරණය කරලා. ශ්‍රිලනිපයත් ආසන බල මණ්‌ඩල කැදවමින් යනවා. කොහොම උනත් අපිට ඉස්සෙල්ලාම බේරගන්න ඕනි මේ අවුරුද්ද අවසානයේ ආවොත් එන්න පුළුවන් මොන ජාතියේ මැතිවරණයක්ද කියන එකයි.
මොන මැතිවරණය තිබ්බත් ඒක කැදවීමේ බලය තියෙන්නේ රනිල්ට. රනිල්ට ඕනි නං දැන් පාර්ලිමේන්තුව විසුරවන්නත් පුළුවන්. එහෙමත් නැත්තං පොඩි ව්‍යවස්ථා සංශෝධනයක් කරලා ජනාධිපතිවරණයක් කැදවන්නත් පුළුවන්. ඇත්තටම මෙතනදී රනිල්ගේ වැඩි සම්භාවිතාවය තියෙන්නේ ඉස්සෙල්ලා ජනාධිපතිවරණයක් කැඳවන්න. ඒ වෙනුවෙන් ගේන ව්‍යවස්ථා සංශෝධනයට කාටවත් විරුද්ධ වෙන්න බෑ.
කලින් මහා මැතිවරණය ගත්තොත් එන ප්‍රතිඵලය විසින් රනිල්ගේ ජනාධිපති අපේක්ෂකත්වය අහිමි වෙන්න උනත් බැරි නෑ. එහෙම උනොත් රනිල්ට වෙන්නේ මේ අවුරුදු දෙකෙන් හිත හදාගෙන ගෙදර යන්න. රනිල් එක්ක දැන් ගැට ගැහිලා ඉන්න සියලු කණ්ඩායම්වල සහය ගන්න නං රනිල් ඉස්සෙල්ලා ජනාධිපතිවරණයට යන්න ඕනි.
ඊළගට රනිල් හිතනවා ඇති රනිල් කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල මේ අවුරුද්ද අවසන් වෙනකොට එයි කියලා. ඒ වගේ වාසිදායක අවස්ථාවක ඡන්දය ඈතට දාන එක තේරුමක් නෑ කියලත් රනිල් හිතනවා ඇති. පොහොට්ටුවේ කට්ටියගෙන් වැඩක් ගන්න නං රනිල් ඉස්සෙල්ලා ජනාධිපතිවරණයට යන්න ඕනි.
රටේ රාළ මීට ඉස්සෙල්ලා කිව්වේ ජනාධිපතිවරණයට එන අපේක්ෂකයෝ තුන්දෙනා දැන් බොහෝ දුරට නිරවුල් කියලා. ඒ කියන්නේ රනිල්, සජිත් සහ අනුර තුන් දෙනා. එක පැත්තක ප්‍රධාන අපේක්ෂකයා රනිල් වෙද්දී අනිත් පැත්තේ ප්‍රධාන අපේක්ෂකයා අනුරද, සජිත්ද කියලා තවමත් නිශ්චිත නෑ. පහුගිය කාලේ අනුර සහ සජිත් තමයි ජනප්‍රිය රැල්ලේ උඩින්ම හිටියේ.
දෙන්න අතර තිබුණේ කරට කර සටනක්. සමහර අවස්ථාවලදී එකිනෙකා අභිබවමින් දෙන්නා ඉස්සරහට පස්සට ගියා. එයාලගේ තිබුණ තක්සේරු නං රටේ රාළ පිලිගන්නේ නෑ. කොහොම උනත් දෙන්නම 30% සීමාව ආසන්නයේ හිටියා. රටේ රාළ කියන්නේ දැන් තත්වය ඊට වඩා ගොඩක් වෙනස් කියලා.දැන් දෙගොල්ලන්ටම තිබුණ රැල්ල නෑ. දැන් සජිත් සුළඟත් නෑ, අනුර සුළඟත් නෑ.
පොදු අපේක්ෂකයා ගැන සාකච්ඡාව එනවා කියන්නෙම අනුර සහ සජිත්ගේ පරාජයක්. පොදු අපේක්ෂකයෙක් එනවා කියන්නේ අනුර සහ සජිත් දෙන්නම තරඟයෙන් ඉවත් වෙලා එයාලාගේ නොවන අපේක්ෂකයෙකුට ඉඩදීමයි. විපක්ෂයේ පොදු අපේක්ෂක නාමාවලිය නං ගොඩක් දිග එකක්. නම් විදිහට කියනවා නං මෛත්‍රි, පාඨළී, ෆොන්සේකා, වෙල්ගම, දිලිත්, ඩඩ්ලි, ඩලස් වගේ නම් කියවෙනවා.
මේ අතරින් පහුගිය දවස්වල දිලිත් ටිකක් ඉස්සරහට ඇවිත්. ඩඩ්ලි ගැනත් කතාවක් තියනවා. ඔය ව්‍යාපාරිකයන්ට ජනාධිපති අසනීපේ හැදුනම ලේසියෙන් සනීප වෙන්නේ නෑ. මතකනේ සිද්ධාලේප වෙද මහත්තයටත් හැදුනා. ගෝඨාභයගෙන් පස්සේ ඕනි කෙනෙකුට හිතෙනවා මටත් ජනාධිපති වෙන්න පුළුවන් කියලා. තව නම් එකතු වෙන්නත් පුළුවන්.
කොහොම උනත් පොදු අපේක්ෂක සංකල්පය ආයෙත් විපක්ෂයේ රෝපණය කරන එක ලේසි නෑ. ඒකට හේතුව වගකීමෙන් පොදු අපේක්ෂක සංකල්පය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නැතිවීමයි. ඒ ගැන කතා කරන්නේ පොදු අපේක්ෂකයෝ ටික විතරයි. 2015 දී මෛත්‍රි පොදු අපේක්ෂකයා විදිහට ගේනකොට ඒකේ වැඩිම වැඩ කොටස කළේ සෝභිත හාමුදුරුවෝ.සෝහිත හාමුදුරුවෝ සියලු විපක්ෂ කණ්ඩායම් පොදු අපේක්ෂක මතයට ගෙනාවා.
ඊළගට ඒ සංකල්පයක එදා සමාජයත් පිලිගත්තා. අද ඒක කරන්න සෝභිත හාමුදුරුවෝ කෙනෙක් නෑ. ඊළගට පොදු අපේක්ෂක සංකල්පය බාරගන්න ජනතාව එදා වගේ අදත් සූදානම්ද කිතලා කියන්න බෑ. මේ වෙලාවේ විපක්ෂයෙන් පොදු අපේක්ෂක කතාවක් එන එක රනිල්ට වාසියි. ඒකෙන්ම පේන්නේ සජිත් සහ අනුර දෙන්නම ෆේල් කියන එකයි. ෆේල් උනත් සජිත් සහ අනුර ජනාධිපති අපේක්ෂකත්වය ලේසියෙන් අතාරින එකක් නෑ. ඒකෙන් වෙන්නේ පොදු අපේක්ෂක තීරුවක් විදිහට තවත් සමාජය බෙදීමක් ඇතිවීමයි. ඇත්තටම මේ සමාජ බෙදිමේ වාසිය තියෙන්නේ රනිල්ට.
මේ විදිහට බලවේග බෙදන්නේ රනිල් ද කියන සැකයත් රටේ රාළට තියනවා.....
ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න
රටේ රාළ අද වීඩියෝව : වෙන්ඩ ජනාධිපතිලාට වෙන්න යනදේ !
T
The Leader Desk
March 31, 2023 • 9:26 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දැන් ආයෙත් දේශපාලන පක්ෂ රත්වෙලා, දුවන්න පටන් අරන්.
- ඇත්තටම මෙතනදී රනිල්ගේ වැඩි සම්භාවිතාවය තියෙන්නේ ඉස්සෙල්ලා ජනාධිපතිවරණයක් කැඳවන්න.
- ඊළගට රනිල් හිතනවා ඇති රනිල් කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල මේ අවුරුද්ද අවසන් වෙනකොට එයි කියලා.
- ඒ වගේ වාසිදායක අවස්ථාවක ඡන්දය ඈතට දාන එක තේරුමක් නෑ කියලත් රනිල් හිතනවා ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



