The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

සොඳුරු ආඥාදායකයකු ඕනෑ කර තිබේ - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

April 1, 2023 • 6:58 AM

සොඳුරු ආඥාදායකයකු ඕනෑ කර තිබේ - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුද්ගලික නිදහස සහතික කෙරෙයි.
  • ඒ අනුව පුද්ගලවාදීව හා පොදුවේද, සමාජීයවද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකදී මිනිසාට නිදහස භුක්ති විදීමේ නිදහස සඳහා බලපත්‍රයක් නැතිනම් ලයිසන් එකක් ඇත.
  • බුලත් විටක් කා බිමට බුලත් කෙල ගැසීමටත්, ටොපියක් කා ටොපි කොළය බිම දැමීමටත් නිදහස ඇත.
  • එමෙන්ම ගෙදර එකතුවෙන කුණු කසල මල්ල පාර මැද හෝ පාර අයිනේ විසිකර යන්නට ද නිදහස ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුද්ගලික නිදහස සහතික කෙරෙයි. එමෙන්ම පොදු නිදහස, සමාජීය නිදහස ද සහතික කෙරෙයි. ඒ අනුව පුද්ගලවාදීව හා පොදුවේද, සමාජීයවද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකදී මිනිසාට නිදහස භුක්ති විදීමේ නිදහස සඳහා බලපත්‍රයක් නැතිනම් ලයිසන් එකක් ඇත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදි සමාජයේ මිනිසා නිදහස රිසිසේ භුක්ති විදීයි.

බුලත් විටක් කා බිමට බුලත් කෙල ගැසීමටත්, ටොපියක් කා ටොපි කොළය බිම දැමීමටත් නිදහස ඇත. එමෙන්ම ගෙදර එකතුවෙන කුණු කසල මල්ල පාර මැද හෝ පාර අයිනේ විසිකර යන්නට ද නිදහස ඇත. කැලෑ එලි කර වන සතුන්ගේ භුමිය අල්ලා ගැනීමටද නිදහස ඇත. මහජන දේපොල වංචනික සොරා කා තම පවුල් පෝෂණය කිරීමටද නිදහස ඇත. කුසගින්නේ සිටීමටත්, සිඟා කෑමටත් නිදහස ඇත.

එමෙන්ම දේශපාලනඥයින් අත්තනෝමතික ක්‍රියාවල නිරතවන විට ඊට එරෙහිව වැඩ වැරීමේ නිදහස ද ඇත.

මේ සියළු නිදහසේ ආකාරයන් තුළ රිසිසේ හැසිරීමට ප්‍රජාතන්ත්‍රවාදි සමාජයේ මිනිසාට නිදහස ඇත.

එහෙත් නිදහස හා බැදුනු තවත් නරකම හැසිරිමක් මිනිසා භුක්ති විදීන්නේය. ඒ නරකම හැසිරිම අන් කිසිවක් නොව ස්වාර්ථයයි.

ආත්මාර්ථකාමිත්වයයි. අනිකාට හෙන ගැහුවත් කමක් නැත මට හොඳක් වෙනවා නම් යන හැඟීම පෙරදැරි කරගෙන හැසිරීම ආත්මාර්ථකාමිත්වයයි. ස්වාර්ථයයි.

අනිකාගේ දුක වේදනාව පෙනි පෙනී අනිකාගේ දුකට හේතුවන ක්‍රියා වල නිතර වීම මේ ආත්මාර්ථකාමිත්වයේ, ස්වාර්ථයෙහි පරමාර්ථයයි.



දේශපාලනඥයා, රාජ්‍ය නිලධාරියා සහ ජනතාව යන ත්‍රිවිධාකාර මිනිස් රූපවල ඇතුලාන්තය නිරීක්‍ෂණය කිරීම සඳහා අන්වික්‍ෂයක් යොදා ගැනීමට හැකියාවක් ඇත්නම් එහිදී දක්නට ලැබෙන්නේ ගිහිගෙන දැවෙන මමත්වයයි. ආත්මාර්ථකාමිතවයයි, ස්වාර්ථයයි. රටක් ඉදිරියට නොයන්නට හේතුකාරකය බවට පත්ව ඇති මේ මමත්වය, ස්වාර්ථය මිනිස් වර්ගයා තුළ ජනිත වී තිබීම ස්වභාවික දෙයක් යැයි නොසලකා හැර සිටින පාලකයකු ඇත්නම් ඔහුට කිසිවිටෙක රටක් ඉදිරියට ගෙනයා නොහැකිය.



එහෙත් මුළුමහත් ජනතාවක් තුළ ස්වාර්ථය මමත්වය රජයන්නේ කම් එය පාලනය කිරීම සඳහා විනය ගරුක මිනිසෙකු බිහිකළ යුතුවයි. ඒ විනය ගරුක මිනිසා බිහිකළ හැක්කේ ස්වාර්ථයේ ජන විඥානය හමුවේ කොඳු කඩාගත් පාලකයකුට නොවේ.

ඒ විනයගරුක මිනිසා බිහිකළ හැක්කේ සොඳුරු ආඥාදායකයකුට පමණි. ටොපි කොලයක් බිම දැමීම, බුලත් කෙල ගැසීම, කුණු කසල මලු මංමාවත් වල දැමීම නිසා පරිසරය විනාශ වේ. ඒ පරිසරය ආරක්ෂා කරන්නට නම් දැඩි නීතිරීති අවශ්‍යයයි.



රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජකයක් ඇති වී නම් ඉන් බැට කන්නේ රෝගීන්ය. වැඩ වැරීමට සාධාරණ හේතු මෙන්ම අසාධාරණ හේතු ද ඇත. අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති වර්ජනය කිරීමට පෙළඹෙන කාරණා කෙසේවෙතත් එය බලපාන්නේ අසරණ රෝගීන්ටය.

වර්ජනය කිරීමට පෙළඹෙන වෘත්තිය සමිති නායකයින් සැමවිටම ස්වාර්ථය, ආත්මාර්ථකාමිත්වය වෙනුවෙන් පෙනී සිටින්වුන්ය.



උදාහරණයකට ගතහොත් පාසල් ළමුන්ගේ අධ්‍යාපනයට වඩා සිය ඉල්ලීම් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ගුරුවරු, විදුහල්පතිවරු වර්ජනය කිරීමට පෙළඹෙති. එහෙත් ඔවුන් පාසල් දරු දැරියන් පත්වන අපහසුතාවන් නොතකති.

අනෙක් මහජන සේවාවන් හා සබැඳි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගද එසේමය. බොහෝ විට එවැනි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලින් පීඩනයට පත් වන්නේද ජනතාවමය.

කෙසේ වෙතත් දේශපාලනඥයින්ගේ මුග්ධ තීරණ නිසාද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට බැඳී ඇති ස්වරූපයන් සාධාරණ මුහුණුවරක් ගන්නේය. එවිට එහි බරපතල බව හා සම්බන්ධ අහිටු ප්‍රතිඵලවල වගකීම පැවරෙන්නේ දේශපාලනඥයාටය.



වැරදි කරන්නේ ද දේශපාලනඥයෝමය. ඒවාට එරෙහිව වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගනු ලබන්නේ වෘත්තිය සමිති බව අවිවාදිතය. පාර්ලිමේන්තුව නැතහොත් ව්‍යවස්ථාදායකයේ තීන්දු තීරණ ගැනීමේ බලය පැවරි ඇත්තේ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයටය. අමාත්‍ය මණ්ඩලය මුග්ධ තීන්දු තීරණවල ගියහොත් ඒවාට වෘත්තිය සමිතිවලින් ප්‍රතිරෝධය එල්ලවෙයි. එම ප්‍රතිරෝධයේ සාධාරණ බව සනාථ වන්නේ ව්‍යවස්ථාදායකය ගන්නා තීන්දු තීරණවල සාධාරණ නොවන්නාවු හරයාත්මක බව තුළිනි.



මෙහිදී අපේ රටේ විධායක බලය සහිත ජනාධිපතිධුරය සතු වගකීම සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් ඇත. කටුක කඨෝර ජන පීඩක තීන්දු තීරණවල වගවීම පිළිබඳ පුර්ණ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටය.

එබැවින් දුෂණය, නාස්තිය, වංචාව, සොරකම පිටුදැකීම සඳහා දේශපාලන බලය පාලනය කිරීමටත් ඒ හා සමානවම සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත් අවශ්‍ය නායකත්වය සපයනු ලබන සොඳුරු ආඥාදායකයකු රටට ඕනෑකර තිබේ.

එක් පැත්තකින් රටේ ආර්ථිකය මනාව හැසිරවීම සඳහා මූල්‍ය විනය අතිශයෙන්ම වැදගත් කාරණාවකි. ජනතාව දුකට පත්කර සීමිත පවුල් සංඛ්‍යාවකගේ සුබ විහරණය සඳහා කැපවන ආඥදායකයකුද රටට ධනාත්මක ප්‍රතිඵල අත්කර නොදෙන්නේය.

රටේත්, ජනතාවන්ගේ යහපත ව්‍යවස්ථාදායකයාට බලපෑම් කළ හැකි දේශපාලනඥයින්ගේ ආත්මාර්ථකාමිත්වයට එරෙහිවත් නිලධ..... ආත්මාර්ථකාමිත්වයට එරෙහිවත්, වෘත්තිය සමිතිවාදයේ ආත්මාර්ථකාමිත්වයට එරෙහිවත්, ස්වකීය දැඩි තීන්දු තීරණ ක්‍රියාත්මක කළ හැකි සොඳුරු ආඥාදායකුගේ සේවය රටට උවමනා කර තිබේ.

එසේ නොවන ජනපීඩක විධායක ජනාධිපතිවරයකු රටටත් ජනතාවට අවශ්‍ය නැත. එවන් ජනපීඩක ජනාධිපතිවරයෙකුගේ දේශපාලනික ගමනාන්ත සුඛාන්තයක් බවට හැරවිය හැකි බලවේගයක් නැත.

ජනතාව සතු බලය අන් හැම දේශපාලන බලයකටම වඩා ප්‍රබල ශක්තිමත් බලයක් බව ඉදුරාම පැවසිය යුතුය.

ජනතාවට සංවේදි නායකත්වයක් සපයන නායකයකු සොඳුරු ආඥාදායකයකු ලෙස කටයුතු කරනු ඇත. සොඳුරු යන වචනයෙන් විශේෂයෙන් අර්ථවත් වන්නේ ජනතා හිතවාදි මානවහිතවාදි බවයි. නොඑසේව හුදු ආඥාදායකයකු, ඒකාධිපතියෙකු සතු ගමනාන්තය වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි.



අද සිංගප්පුරුවේ ටොපි කොළයක් බිම දමන කිසිවකු නැත. බුලත් කා කෙල ගසන මිනිසෙකු නැත. දූෂණය, සොරකමට වංචාවට කිසිදු ඉඩක් නැත. මත්ද්‍රව්‍ය වෙළඳාමට දඩුවම මරණයයි. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් සිංගප්පුරුව තුළ තිබුණද එය පාලනය වන්නේ සොඳුරු ආඥාදායක පාලකයෙකු යටතේ දැඩි ලෙස සිතීිම ක්‍රියාත්මක කිරීමෙනි. එහි වෘත්තිය සම්තිවාදයට ඉඩක් නැත.



සාර්ථක පාලකයකු සතු විශේෂ ලක්ෂණය වන්නේ සොඳුරු ආඥාදායකයත්වය එම පාලකයාට තම කඳවුරේ දේශපාලනඥයින්ගේ ආරක්ෂාව, රැකවරණයට වඩා වටින්නේ ජනතාවගේ ආරක්ෂාවයි, ජනතාවට ලබාදෙනු රැකවරණයයි.

ධනවාදි වේවා, ලිබරල්වාදි වේවා සමාජවාදි වේවා රටක පාලනයේ සාර්ථකත්වය මැනෙන්නේ රටක ජනතාව විඳින සුඛිත මුදිත බව තුළිනි.
ධනවාදී හෝ වේවා සමාජවාදි හෝ වේවා පාලකයා සැබැවින්ම මානව හිතවාදි විය යුතුය.

ආත්මාර්ථකාමිත්වය යටපත් කර පරාර්ථකාමිත්වය රජයන සමාජයක් ගොඩ නැගීම සඳහා මුල්‍ය විනය, පරිසර විනය, නීතිමය විනය ආදිය අතිශයින්ම වැදගත්ය. සැබැවින්ම ආඥාදායකත්වය සහ සොඳුරු ආඥාදායකත්වය අතර ගත් පත්තරයක් ඇත.

සොඳුරු ආඥාදායකත්වය මානුෂීය. එහෙත් හිතුමතේ තීන්දු තීරණ ගන්න විසල් ආඥාදායකයද ජනතාවටත් රටටත් ලබාදෙන ප්‍රතිඵලය වනාහි අතිශයින්ම අගතිගාමිය. “එමිල් ලුඩ්විග් ගේ ස්වර්ණමය වැකියකින් ලිපිය හමාර කරමි.

“ආඥාදායකත්වය නාටකයක්ද? ඔව් - එය වීරයා අන්තිමේදි විනාශයකින් කෙලවරවන  දුක්ඛාන්තයකි.

mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...