The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

විශාල දේශාටන ගැන සිහින දකිමු....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

April 1, 2023 • 9:53 AM

 විශාල දේශාටන ගැන සිහින දකිමු....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල පුරුදු පරිදි එවන් මිනිස් එකතුවීම් වලට ගහල පන්නන්න ලංකාවේ පොලිස් රාජ්‍යය කටයුතු කරලා තියනවා.
  • ඉතින් දේශපාලනය ඇතුලේ එහෙම කවදාවත් දැකල නැති, දන්නේ නැති ගමනක් යන්න මිනිස්සු එකතුකර ගන්න එක පහසු නැහැ.
  • ඉතින් අරාබි වසන්තය, රෝස විප්ලවය, ජැස්මින් විප්ලවය, වෝල් ස්ට්‍රීට් වාඩිලා ගැනීම වගේ අපේ සමකාලීන ජීවිතය ඇතුලේ අත්දුටුව ගොඩක් ජනතා නැගිටීම් සංචාරයක් දක්වා ගිහිල්ල නැවතුණා.
  • හැබැයි සාර්ථක අසාර්ථක බව මොකක් උනත් විසි වෙනි සියවසේ රුසියාව, චීනය, නැගෙනහිර ජර්මනිය, කියුබාව වගේ තැන්වල මිනිස්සු එහෙම දීර්ඝ සමුද්‍ර යාත්‍රා වෙනුවෙන් ගමන් ආරම්භ කරන්න අධිෂ්ඨාන කර ගත්ත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දවස්වල පුරුදු පරිදි එවන් මිනිස් එකතුවීම් වලට ගහල පන්නන්න ලංකාවේ පොලිස් රාජ්‍යය කටයුතු කරලා තියනවා.

මම හිතන්නේ මිරිහානෙන් පටන්ගත්තේ මහත් වූ ඇරඹුමක්. නිකම් සංචාරයක් නෙවෙයි. නමුත් කුමක් හෝ හේතුවක් හෝ හේතු ගණනාවක් නිසා ඒක සංචාරයකින් කෙලවර උණා (travel).

මේ යුගයේ මිනිස්සු කැමති පොඩි පොඩි සංචාරවලට මිසක් අර යුලිසීස්‌ ගියා වගේ ලොකු දේශාටන වලට නෙවෙයි (voyage -සමුද්‍ර යාත්‍රා). සංචාරකයෙක් සාමාන්‍යයෙන් කරන්නේ ටිකක් දුර ගමනක් ගිහින් ආයෙත් ගෙදර එන්න සිහින දකින එක. හැබැයි දේශාටන යාත්‍රිකයෙක් එහෙම ආයේ ගෙදර ඒමක් ගැන ලොකු සිහින දකින්නේ නැහැ. ඒක විශාල දුර ගමනක් නිසා ආපසු ඒමක් ගැන සිතන්නත් බැහැ. සිතුවත් ඒ පැමිණීම පහසු නැහැ.

ඉතින් දේශපාලනය ඇතුලේ එහෙම කවදාවත් දැකල නැති, දන්නේ නැති ගමනක් යන්න මිනිස්සු එකතුකර ගන්න එක පහසු නැහැ. මේ අපි දන්නා ජීවන ක්‍රමය (known) වෙනුවට අපි නොදන්නා ජීවන ක්‍රමයක් (unknown) වෙත යන්න මිනිස්සු බය වෙනවා වෙන්නත් පුළුවන්.

ඉතින් අරාබි වසන්තය, රෝස විප්ලවය, ජැස්මින් විප්ලවය, වෝල් ස්ට්‍රීට් වාඩිලා ගැනීම වගේ අපේ සමකාලීන ජීවිතය ඇතුලේ අත්දුටුව ගොඩක් ජනතා නැගිටීම් සංචාරයක් දක්වා ගිහිල්ල නැවතුණා. හැබැයි සාර්ථක අසාර්ථක බව මොකක් උනත් විසි වෙනි සියවසේ රුසියාව, චීනය, නැගෙනහිර ජර්මනිය, කියුබාව වගේ තැන්වල මිනිස්සු එහෙම දීර්ඝ සමුද්‍ර යාත්‍රා වෙනුවෙන් ගමන් ආරම්භ කරන්න අධිෂ්ඨාන කර ගත්ත.

ඒ යාත්‍රාකිරීම සඳහා නිර්භීත යුලිසීස් කෙනෙකුත් අවශ්‍ය වෙනවා. රුසියාවට ලෙනින් හිටිය, චීනයට මාවෝ හිටිය, කියුබාවට ක්‍රස්තෝ හිටිය. චේ හිටිය.  
ඒ යාත්‍රාකිරීම ඇතුලේ නොදන්නා දේවල් දැකගන්න එයාලට පුළුවන් උණා. ලෝකයේ තියෙන්නේ හෝ තිබිය යුත්තේ මේ අපි දන්නා ක්‍රමය විතරක් නෙවෙයි කියල අවම වශයෙන් ලෝකයේ එක පරම්පරාවක් හරි තේරුම් ගත්ත.

එහෙම දිගු යාත්‍රාවක් වෙනුවෙන් නෙවෙයි වෙන්න ඇති එදා මිරිහානේ තරුණ අම්මා තමන්ගේ කිරි සප්පයත් එක්ක එළියට බැස්සේ. හැබැයි ලොකු ගමනක් ගැන සිහිනයක් එයාට තියෙන්න ඇති. අපි හැමෝගෙම යටිසිතේ ඒක තියනවා.  

හැබැයි ආයෙත් අපි දැන් ඉන්න දුක්ඛිත තැන දිහා බලපුවම තේරෙන්න ඕනි අපි එහෙම නිර්භීත මහා දේශාටන කරන්න ඕනි කියල.

මිරිහානේ අම්මා එදා එළියට බැස්ස කිරි සප්පයා වෙනුවෙන් එහෙම දේශාටනයක් කරන්න යුතුකමක් අපි හැමෝටම තියනවා.

මොකක් හරි ආරම්භයක් අපි අරන් තියනවා. ඒ ගමන අවසන් නැහැ... ඒ ගමන අවසන් කරන්නත් පොලිසියේ කිහිප දෙනෙකුට බැරි වෙයි.
ඒකට ඉතිහාසය සාක්කි දරාවි..


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...