The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : කට කහනවට නො-හදන කටකතා

T

The Leader Desk

April 2, 2023 • 8:18 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : කට කහනවට නො-හදන කටකතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කට කතාවක් පැතිරෙන ආකාරය ගැන පැරණි පුවත්පතක වූ සටහනකි මේ.
  • උදෑසන 8 වන විට එක්කෙනකු දැන සිටි හෝ පැවසූ කතාවක් කෙමෙන් කටින් කට යාමට පටන් ගනී.
  • වන විට පළමු තැනැත්තාද සමඟ 11 දෙනකු පමණ එය දැනගනී.
  • ඒ වන විට මුල් කතාවට ලුණු ඇඹුල් වැටී, කපුටු හත්දෙනාගේ කතාවක් බවට පත්වී තිබෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



කට කතාවක් පැතිරෙන ආකාරය ගැන පැරණි පුවත්පතක වූ සටහනකි මේ.

උදෑසන 8 වන විට එක්කෙනකු දැන සිටි හෝ පැවසූ කතාවක් කෙමෙන් කටින් කට යාමට පටන් ගනී. 8.15 වන විට පළමු තැනැත්තාද සමඟ 11 දෙනකු පමණ එය දැනගනී.

8.30 වන විට තවත් 100 කි.
8.45 වන විට තවත් 1,000 කි.
9.00 වන විට 10,000 කි.
9.15 වන විට 1,00,000 කි.
9.30 වන විට 10,00,000 කි.
9.45 වන විට 1,00,00,000 කි.

මේ ආකාරයෙන් මධ්‍යහන වන විට ඒ කට කතාව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරට ගොස් හමාරය. ඒ වන විට මුල් කතාවට ලුණු ඇඹුල් වැටී, කපුටු හත්දෙනාගේ කතාවක් බවට පත්වී තිබෙනු ඇත. සමහර විට එය මුලින්ම කියූ පුද්ගලයා වෙතද ආපසු එන අතර එවිට ඔහුටද එය තමන්ගේ කතාව යැයි හඳුනාගත නොහැකි වනු ඇත.

කටකතාවට ඉංග්‍රීසියෙන් කියන්නේ රියුමර්ස් (Rumours) ය. Gossip යනු ඕපාදූපය. ඇතැම් විට ඕපාදූපයක්ද කට කතාවක් බවට පත්වෙයි. බොහෝ විට කටකතාවන්ට පදනම් වන්නේ දූෂමාණ ආරංචිය.

 

nov16 11 106683221

ඇතැම් කටකතා පසුව සැබෑවක් වන අවස්ථාද ඇත. එවිට කටකතා යනු කටකහනවාට කියන කතාම නොවන බවද හැඟෙයි. එහෙත් එය සැබෑ නොවන තැන, ''ආ... ඒක මේ නිකං කට කතාවක්'' යැයි කියා අහක දමති.

 

උගත්, වැදගත් මිනිස්සු පවා කටකතා අසන්නට ප්‍රිය කරති. විවිධ ක්ෂේත්‍රවල ඊට අදාළ කටකතා ගෙතෙයි. පැතිරෙයි. මිනිසාගේ සහජ ලක්ෂණයක් වන කුතුහලය, කටකතා ප්‍රිය කිරීමට බලපාන කාරණයකි.

ඇතැම් කටකතාවකින් සමාජය කැළඹෙයි. නිදසුනක් ලෙස කිසියම් දිනෙක රාත්‍රියේ සුනාමියක් රට තුළට කඩා වදිතැයි කතාවක් පැතිරෙයි. වෙරළබඩ මිනිස්සු බියපත්ව ආරක්ෂිත ස්ථාන කරා යන්නට වෙති. එහෙත් එය බොරුවක් බව අදාළ ආයතන ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙයි.

රට ගිනි තියන කටකතාද ඇත. යුද සමයේ එක් රැයෙක කොළඹ නළ ජලයට වස මිශ්‍ර කර ඇතැයි කතාවක් පැතිර ගියේය. මහ රැයේ නිදා සිටි මිනිසුන් අවදි කරමින් දුරකථන නාද වන්නට විය. එහෙත් පසු දින දැනගන්නට ලැබුණේ එය හුදු කට කතාවක් පමණක් බවය.

indexකොළඹට පහර දීමට කොටි හමුදාවක් එතැයි පැතිර ගිය කට කතාවද මහ කලබැගෑනියක් සිදු කළේය. අවසානයේ කොළඹට ආ කොටියෙක් නැත. (අහස කඩා වැටෙනවා යැයි කියමින් දිවගිය හාවා ඇතිකළ කලබලයද මීට සමානය.)

 

තමන් විසින් තමන්ටම කට කතාවක් නිර්මාණය කර, එය ප්‍රචාරය කර යැවීමද තවත් කටකතා විශේෂයකි. මෙම කතා නිර්මාණය වන්නේ එම පුද්ගලයාට කිසියම් වාසියක් පිණිසය.

 

මා දන්නා පුද්ගලයෙක් (කලා ක්ෂේත්‍රයටද සම්බන්ධ) එකල ප්‍රකට නිළියන් හා ඔහු පැවැත්වූ සරාගී සබඳතා ගැන කතා කීය. ඒවාද කටකතා ලෙස පියාපත් ලබා ඉගිල ගියේය. එහෙත් පසුව හෙළිදරව් වූයේ ඒවායේ කිසිම සත්‍යයක් නැති බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටි ශිෂ්‍යයකුට එහි සිටි ශිෂ්‍යාවක හා පෙම් සබඳතාවක් ගොඩනගා ගැනීමට සිත් විය. ඇය දේශන ශාලාවක් වෙත ගමන් කරන විට ඔහු සැඟව සිට, ''වර්ණපාලගේ බඩුව යනවා'' යැයි කෑ ගසයි. මෙය නිතර නිතර සිදුවන විට එම ශිෂ්‍යාව හා වර්ණපාල අතර සබඳතාවක් ඇතැයි කතාවක් පැතිරුණි. අවසානයේදි වර්ණපාලගේ කටකතාව සැබෑවක්ම බවට පත්වූයේ ඇය ඔහුගේ පෙම්වතිය වීමෙනි. මෙය අදටත් විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ''වර්ණපාල තියරිය'' නමින් ප්‍රකටය.

 

image 1494342160 c2e3e85a3a

දේශපාලන ක්ෂේත්‍රයද කටකතා සාගරයකි. ''අහවලාට අගමැතිකම දෙන්න යනවා,'' නැතහොත් ''ඇමැතිකමක් දෙන්නයි යන්නේ'' වැනි කටකතා අපට අසා පුරුදුය. ඇතැම්විට මේ කතා පිටුපස සිටින්නේද එකී ''වෙන්ඩ ඇමැතිලා''මය.

 

ක්‍රිකට් ක්‍රීඩකයන්, නළු නිළියන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, දේශපාලනයට පිවිසීමට සැරසෙන බවටද කටකතා පැතිරෙයි. එහෙත් බොහෝ විට ඒවා මාධ්‍ය ඕපාදූප''ම පමණි. (ඇවිළුණු ගින්නට පිදුරු දමන්නේ සමාජ මාධ්‍ය ජාලාය.)

සෙලිබ්‍රිටීස් (Celebrity) ලෙස හැඳින්වෙන තලයේ ජනකාන්ත නළු නිළියන්, ගායක ගායිකාවන් හදිසියේ මියගිය බවට පැතිරෙන කටකතා අසන රසිකයෝ කම්පා වෙති. හඬා වැටෙති. එසේ මියගොස් නැවත උපන් කලාකරුවෝ තමන්ට ''බෝනස් ජීවිතයක්'' ලබාදීම ගැන කටකතා නිර්මාතෘන්ට තුති පුදති.

ඉන්දියාවේ හිටපු මුදල් ඇමැතිවරයෙක්, සරාගී නිළියක සමඟ රහස් සබඳතාවක් පවත්වාගෙන යන බවට කටකතාවක් පැතිරුණි. ඒ පිළිබඳව විමසූ කල ඇය මාධ්‍යයට දුන්නේ මෙබඳු පිළිතුරකි.

''මගේ අකැමැත්තක් නැත්නම් මුදල් ඇමැතිට වුණත් මගේ ගිණුමට මුදල් දැමිය හැකියි.''



Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)




JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...