The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : හූ ! හූ ! හූ !

T

The Leader Desk

April 2, 2023 • 9:03 AM

මානීගේ තීරුව : හූ ! හූ ! හූ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස්පතිතුමනි, මගේ මේ ලියුමට එබිලා බිරිඳ කිව්වා මාස තුනක සේවා දිගුවක් ලැබුණට ඔය මනුස්සයට සුබ පතන්න පිස්සුද හලෝ, ඊළඟ පොලිස්පති කවුද කියල හොයල එයැයිට සුබ පතනවකො කියල.
  • මේ වෙලාවෙත් බුදු පිළිමෙ නම් හූ කියපු මිනිහට සමාව දෙන්න ඇති.
  • මතකද 2021දි වීඅයිපී වාහනේකට යන්න කොළඹ පාරක් වහපු වෙලාවක හූවක් කියපු මනුස්සයෙක්වත් පොලිසිය අත්අඩංගුවට ගත්ත.
  • තමුන්නැහේත් පොලිසියට උපදෙස් දීල ඇතිනෙ ලොකු අපරාධ හොයන්න ගියාම ලොකු කරදර වෙන නිසා, සුළු අපරාධවලින් සෑහීමකට පත්වෙන්න කියල .මං හිතන්නෙ ඊළඟ වතාවෙ අපි මැතිවරණ ප්‍රතිපත්තිවල බලන්න ඕන ලොකු අපරාධ පොලිසියක් පිහිටුවන්න කවුරුවත් පොරොන්දු වෙලා තියෙනවද කියල, ඒ අයට ඡන්දෙ දෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):



පොලිස්පතිතුමනි,

මගේ මේ ලියුමට එබිලා බිරිඳ කිව්වා මාස තුනක සේවා දිගුවක් ලැබුණට ඔය මනුස්සයට සුබ පතන්න පිස්සුද හලෝ, ඊළඟ පොලිස්පති කවුද කියල හොයල එයැයිට සුබ පතනවකො කියල. එතකොට මම කිව්ව ඊළඟට පොලිස්පති වෙනව කියන කෙනාට සුබ පැතුවොත් මට පාරෙ බැහැල යන්නත් බැරිවෙයිද දන්නෑ කියල.

මම තමුන්නැහෙට ලියන්න ගත්තෙ නම් සුබ පතන්න තමයි. හැබැයි සේවා දිගුවට නෙවෙයි තමුන්ගෙ යටතෙ තියෙන පොලිසියේ කාර්යක්ෂමතාවටයි. පහුගියදාක හෝමාගම බුදු පිළිමයක් විවෘත කරන්න පලච්ච බන්දුල ගුණවර්ධන ඇමතිට හූවක් කියපු පාරේ ගිය මනුස්සයෙක්ව වහාම අත්අඩංගුවට ගන්න එහේ පොලිසිය කාර්යක්ෂම වෙලා කියල පත්තරේ තිබුණ. කාට ද ආඩම්බර නේද ලොක්කා ?

 

FsFUXlcWAAM5z4g

මේක අහපු මගේ බිරිඳ හොඳටම කලබල වෙලා  ඇහුවා දැන් අපිවත් අඩංගුවට ගනියිද කියල. මම කිව්වා නෑ, නෑ, හූ කියන්න හිතුණට අත්අඩංගුවට ගන්නෙ නැතිවෙයිනෙ. එහෙම නම් රටේ ටෙලිවිෂන් ප්‍රවෘත්ති බලන බහුතරයක් අත්අඩංගුවට ගන්න වෙනවනෙ කියල.

මේ ආරංචිය අහල අපේ පුතාට හොඳටම කේන්ති ගියා. රටේ සල්ලි හොරකම් කරපු, රට බංකොලොත් කරපු, අල්ලස්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණවලට චෝදනා ලබපු දේශපාලනඥයන්ට ආරක්ෂාව සපයන පොලිසිය, දේශපාලනඥයෙකුට හූවක් කිව්වම පුරවැසියෙක් අත්අඩංගුවට ගන්නෙ කොහොමද කියල. අපේ මිනිහට තේරෙන්නෙ නෑ ඔය ස්ටේජ්වල මහ හයියෙන් රැකගන්න ඕන කියන ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නනෙ ඔහොම කරන්නෙ.

බුදු පිළිමයක් විවෘත කරන්න ගිය හාදයට හූවක් කිව්වම අත්අඩංගුවට ගත්තට බුදු හාමුදුරුවො නම් තමන්ව මරන්න ආපු එවුන්ටත් සමාව දුන්නනෙ කියල මගේ බිරිඳ කියනව. මේ වෙලාවෙත් බුදු පිළිමෙ නම් හූ කියපු මිනිහට සමාව දෙන්න ඇති.

පොලිසි⁣ය බන්දුල ගුණවර්ධන සතුටු කරන්න තකතිරුකම් කරාට මිනිස්සුන්ගෙ විරෝධය අත්අඩංගුවෙ තියන්න බෑ⁣නෙ. මතකද 2021දි වීඅයිපී වාහනේකට යන්න කොළඹ පාරක් වහපු වෙලාවක හූවක් කියපු මනුස්සයෙක්වත් පොලිසිය අත්අඩංගුවට ගත්ත. හැබැයි ඊට ටිකදවසකට පස්සෙ කෝට්ටෙ පැත්තෙ කිරිපිටි පෝලිමක හිටපු මිනිස්සු ජනාධිපති ගෝටාටම නොනවත්වා හූ කිව්වෙ. කෝට්ටෙන් ගෝල්ෆේස් ගිය හූව නවත්තගන්න ඒ ජනාධිපතිට ගෙදර යන්නම වුණානෙ.

nbvhgjh

හැබැයි සාධාරණව කල්පනා කරල බැලුවම ලංකාවෙ පොලිසියට අපි බැන්නට ඒක සුළු අපරාධ පොලිසියක් මිසක් ලොකු අපරාධ පොලිසියක් නෙවෙයිනෙ. ඉස්කෝලෙ යන ළමයෙක් පොල් ගෙඩියක් හොරකම් කරාම මෙහේ පොලිසිය උසාවි නොදා ගොඩින් බේරන්නෙ නෑනෙ. හූවක් කිව්වම අත්අඩංගුවට ගන්නවමනෙ. ඒත් පොලිසිය හෙව්වෙ නැති ලොකු අපරාධ ඔක්කොම ලියන්න තරම් ඉඩක් පත්තරෙන් වෙන්කර ගන්න විදිහක් නෑනෙ.

තමුන්නැහේත් පොලිසියට උපදෙස් දීල ඇතිනෙ ලොකු අපරාධ හොයන්න ගියාම ලොකු කරදර වෙන නිසා, සුළු අපරාධවලින් සෑහීමකට පත්වෙන්න කියල .මං හිතන්නෙ ඊළඟ වතාවෙ අපි මැතිවරණ ප්‍රතිපත්තිවල බලන්න ඕන ලොකු අපරාධ පොලිසියක් පිහිටුවන්න කවුරුවත් පොරොන්දු වෙලා තියෙනවද කියල, ඒ අයට ඡන්දෙ දෙන්න.

බන්දුල ඇමති බුදු පිළිමයක් විවෘත කරන්න ගිය වෙලාවක වෙච්චි අලකලංචියක් නිසා උන්නැහේට කර්මය මතක් වුණේ නැද්ද දන්නෑ කියල මගේ පුතා අහනව.

ආර්ථික විද්‍යාව ටියුෂන් දුන්නට බුද්දාගම දන්නෙ නැතුව ඇතිනෙ, නැත්නම් කර්මය පඩිසන් දෙනව කියල මතක් වෙයිනෙ කියල මගේ බිරිඳ එතකොට කිව්ව. මෑන් බුද්දාගම දන්නෙ නැතිවෙන්නත් බෑ. ලුම්බිණි ඉස්කෝලෙලුනෙ ඉගෙනගත්ත කියන්නෙ.


මම ,
මානි.


ප:ලි: ලියුම ඉවර කරාටත් පස්සෙයි මට මතක් වුණේ හූවක් කියපු මිනිහව වහාම අල්ලගත්ත පොලිසිය, බන්දුල ඇමතිගෙ ගේ ගිනි තියපු දවසෙ නිවාඩු ගිහින් ඉන්න ඇති කියල. නැත්නම් ඔය කාර්යක්ෂමතාවෙ හැටියට ගේත් ගිනි තියන්න නොදී ගිනි තියෙන්න ආපු එවුන්වත් අත්අඩංගුවට ගනියිනෙ. කරුමෙ තමයි නේද ?


sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )



JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මානීගේ තීරුව : හූ ! හූ ! හූ ! | The Leader