The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

ජාතික සංහිඳියාව සඳහා පරිවර්තනීය ක්‍රියාවලියක් අවශ්‍යවේ - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

April 2, 2023 • 9:44 AM

ජාතික සංහිඳියාව සඳහා පරිවර්තනීය ක්‍රියාවලියක් අවශ්‍යවේ - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකානු ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ විශේෂයෙන්ම එරට සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව, වර්ණභේදවාදයට එරෙහි අරගලයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පුරෝගාමී වැඩසටහනක් ලෙස ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇත.
  • එම කොමිසම විසින් පවත්වන ලද මහජන සාක්‍ෂිවලින්, වසර ගණනාවක් තිස්සේ දකුණු අප්‍රිකානුවන්ට වර්ණභේදවාදී පරිසරයක් තුළ සිදු කර ඇති අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳව තොරතුරු අනාවරණය විය.
  • ශ්‍රී ලංකාවේ ස්ථාපිත එවැනි කොමිසමක් මගින්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් වෙත සාමය සහ සංහිඳියාව සම්බන්ධයෙන් නව බලාපොරොත්තුවක් ලබා දිය හැකි බව ජාතික සාම මණ්ඩලය (NPC) විශ්වාස කරයි.
  • අතුරුදහන්වූවන්ගේ පවුල්වලට, යුද්ධයේදී සහ වාමාංශික කැරැල්ලේදී අතුරුදහන් වූ තම ඥාතීන්ගේ ඉරණම පිළිබඳව දැනගැනීමට, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් මගින් අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු අප්‍රිකානු ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ විශේෂයෙන්ම එරට සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව, වර්ණභේදවාදයට එරෙහි අරගලයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පුරෝගාමී වැඩසටහනක් ලෙස ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇත.

 

TRC SA

දකුණු අප්‍රිකානු "සත්‍යය හා ප්‍රතිසන්ධාන කොමිසම"


දකුණු අප්‍රිකානු සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ වැදගත් ලක්ෂණයක් වූයේ එහි විවෘතභාවය සහ විනිවිදභාවයයි. එම කොමිසම විසින් පවත්වන ලද මහජන සාක්‍ෂිවලින්, වසර ගණනාවක් තිස්සේ දකුණු අප්‍රිකානුවන්ට වර්ණභේදවාදී පරිසරයක් තුළ සිදු කර ඇති අයිතීන් උල්ලංඝනය කිරීම් පිළිබඳව තොරතුරු අනාවරණය විය. ශ්‍රී ලංකාවේ ස්ථාපිත එවැනි කොමිසමක් මගින්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් වෙත සාමය සහ සංහිඳියාව සම්බන්ධයෙන් නව බලාපොරොත්තුවක් ලබා දිය හැකි බව ජාතික සාම මණ්ඩලය (NPC) විශ්වාස කරයි. අතුරුදහන්වූවන්ගේ පවුල්වලට, යුද්ධයේදී සහ වාමාංශික කැරැල්ලේදී අතුරුදහන් වූ තම ඥාතීන්ගේ ඉරණම පිළිබඳව දැනගැනීමට, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් මගින් අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට ඓන්ද්‍රීයව, දේශීයව නිර්මාණය කළ එකක් විය යුතුය. මෙම ක්‍රියාවලිය ඓන්ද්‍රීය වන්නේ නම්, මිනිස් සිරුරක් විසින් ආගන්තුක අවයවයක් ප්‍රතික්ෂේප කරන ආකාරයෙන්, රට විසින් එය ප්‍රතික්ෂේප නොකරනු ඇත. ශ්‍රී ලංකාව පළිගැනීමේ යුක්තිය(retributive justice) සහ ප්‍රතිස්ථාපන යුක්තිය(restorative justice) ඉක්මවා යායුතු බව ජාතික සාම මණ්ඩලය විශ්වාස කරයි. අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය, වැළැක්වීමේ ක්‍රියාවලියක් ලෙස 'පළිගැනීමේ යුක්තිය' භාවිත කරන අතර, අපරාධ නැවත සිදුවීම වැලැක්වීමට එමගින් හැකියාවක් සපයන්නේ නැත. වරද පිළිබඳ ඓන්ද්‍රීය සමාජ විඥානයක් නොමැති ආකාරයෙන් සමාජය ධ්‍රැවීකරණය විය හැකි බැවින්, සංහිඳියාව ඇති කර ගැනීම සඳහා, යුද්ධයට පෙර යුගයට සමාජය පරිවර්තනය කිරීම හෝ වරදට සම්බන්ධවූවන්ට දඬුවම් කිරීම හෝ ප්‍රමාණවත් වන්නේ නැත. වාර්ගික ගැටුම් හෝ මහා පරිමාණ ගැටුම් සඳහා නොගැලපෙන පළිගැනීමේ යුක්ති ක්‍රියාවලියට වඩා, දකුණු අප්‍රිකානු ආකෘතියේ පරිවර්තනීය ප්‍රවේශය වඩාත් සුදුසු බව ජාතික සාම මණ්ඩලය විශ්වාස කරයි.

Tamil Women stopped protesting MR 01 FOSoe7HXsAAUu9y

 

ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කිරීමෙන් පමණක් ශ්‍රී ලාංකේය ජනතාව පිළිගන්නා ශ්‍රී ලාංකීය වටිනාකම් සහ යුක්තියේ ස්වරූපයන්ට අනුකූල විසඳුම් සෙවීම අභියෝගයක් වනු ඇත. ඒ අනුව වින්දිතයන්ට විශ්වාසය ඇති කිරීම සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව නියෝජිතයකු ලෙස කටයුතු කිරීම අවශ්‍ය බව ජාතික සාම මණ්ඩලය විශ්වාස කරයි. දකුණු අප්‍රිකානු සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ සාමාජිකයන් මෙන්, විවෘත හා රටපුරා ක්‍රියාත්මක නාමයෝජනා ක්‍රියාවලියක් හරහා, සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගෙන්, සිවිල් සමාජයෙන් සහ රටේ ආගමික ආයතනවලින් සමන්විත ස්වාධීන තේරීම් මණ්ඩලයක් විසින් ප්‍රසිද්ධියේ සම්මුඛ පරීක්ෂණයකට ලක්කර, එහි සාමාජිකයන් තෝරාගැනීම ඉතා වැදගත් වේ. එබැවින් සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා ක්‍රියාවලිය අධ්‍යයනය කරන පිරිස්, ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව සාක්ෂාත් කරගැනීම සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් පිහිටුවීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී විනිවිද පෙනෙනසුළු ක්‍රියාවලියක් ස්ථාපිත කෙරෙන බවට සහතික විය යුතුය.


පාලක සභාව

National peace council

 

ජාතික සාම මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ක්‍රියාකරන ස්වාධීන හා පක්ෂග්‍රාහී නොවන සංවිධානයකි. සියලු ජන කොටස්වල නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ගරු කරන, සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ දැක්මක් ජාතික සාම මණ්ඩලයට ඇත. ජාතික සාම මණ්ඩලයේ ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ විවිධ ජීවන තරාතිරම්වලට අයත් සහ රටේ සියලුම ප්‍රධාන වාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් සාමාජිකයන් 20 දෙනෙකුගෙන් යුත් එහි පාලක සභාව මගිනි.

 

jehan perera

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාතික සංහිඳියාව සඳහා පරිවර්තනීය ක්‍රියාවලියක් අවශ්‍යවේ - ජෙහාන් පෙරේරා | The Leader