The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

හාවුන්ගේ අරගලය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 2, 2023 • 12:16 PM

හාවුන්ගේ අරගලය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතරමග හමුවන සතුන්ටත් “අහස කඩන් වැටෙනවෝ” කියමින් හාවා දුවයි.
  • තමන්ගේ රැහේ එකෙක් පණ එපා කියලා දුවනවා දැක්කොත් ඔය ගව රංචුවක් වුණත් ඒ දුවන එකා පිටිපස්සෙන් පස්ස නොබලා දුවනවා.
  • ඒක අපිට ඕන නම් මොරලි සාධාරණය කරගන්න පුළුවන් “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය.” (දේවසිරි නි., 2022) කියලා… ධර්මය අපට මග වේවා!
  • (එරන්ද ගිනිගේ) සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති උපදේශක eranda.ginige@gmail.com 2023 අප්‍රේල් 1.
අකුරු ප්‍රමාණය (Font Size):

අතරමග හමුවන සතුන්ටත් “අහස කඩන් වැටෙනවෝ” කියමින් හාවා දුවයි. එය අසා බියට පත් වන සතුන්ද හාවා පසුපස දුවයි.

දුවන සතුන් රංචුව දකින නරියා කතාව අසා “එහෙනම් විගහට මගේ ගුහාවට රිංගන්න” කියා සතුන් ටික සිර කර ගනී. කාර්ටූනය අවසානයේ පෙන්වන්නේ ඒ ස්ටුපිඩ් සතුන්ගේ ඇටකටු පවා ලෙව කා විසිකරන නරියාවය. ඊනියා අරගලය යනු එම කාර්ටූනයයි.

අරගලයේ හාවා හැටියට මා දකින්නේ රසික ජයකොඩිය. මා මිත්‍ර ජයකොඩි ඒ හාවා වැනිම කලබලකාරයෙකි. මුලින්ම ජාතිකවාදී කඳවුරේ හිටියා. එතනින් කලබල වෙලා එජාපයට පැන්නා. එතනින් කලබල වෙලා සමගි ජන බලවේගයට පැන්නා. එතනින් කලබල වෙලා අරගලයට පැන්නා. එතනින් කලබල වෙලා ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට පැන්නා. එතනින් කලබල වෙලා දැන් ගුලිකාලා වගේ බොරුවට හිනා වෙමින් පොඩ්කාස්ට් කරනවා. මිනිහා හරිම කලබලකාරයා.

rhd

රසික ඒ දවස්වල සමාජ මාධ්‍ය පුරා වියරුවෙන් මෙන් දුවමින් කෑ ගැහුවේ “රට බංකොලොත් වෙනවෝ - රට බංකොලොත් වෙනවෝ” කියාය. රසික වෙනුවට කැමති නම් හර්ෂ ද සිල්වා අරගලයේ හාවාට සමාන කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ධනනාත් ප්‍රනාන්දුව ගන්න පුළුවන්. ඒ වගේ හාවෝ කිහිපදෙනෙක්ම හිටියා ඒ දවස්වල. ඔවුන් සිදු කළේ අර ස්ටුපිඩ් හාවා මෙන් දකින දකින ලාංකිකයාව බියට පත් කිරීමයි.

 

මේක විද්‍යාත්මකව පර්යේෂණ කර තිබෙන සමූහ චර්යාවක්. කිසියම් ප්‍රජාවක එකෙක් දෙන්නෙක් මොකක් හරි දිගටම කරන්න පටන් ගත්තොත් ක්‍රමයෙන් අනෙක් අයත් ඒ චර්යාව අනුගමනය කරන්න පටන් ගන්නවා. සුප්‍රසිද්ධ ස්ටැන්ලි මිල්ග්‍රෑම් විසින් මෙවැනි සමූහ හැසිරීම් ගැන පර්යේෂණ කර තිබෙනවා. නිව් යෝර්ක් නගර මධ්‍යයේ කවුරුහරි බොරුවට උඩ බලාගෙන හිටියොත් එකා දෙන්නා නැවතිලා අර මිනිහා වගේ උඩ බලනවා. ටික වෙලාවකින් ලොකු සෙනගක් ඔහේ උඩ බලාගෙන ඉන්නවා.

මේ චර්යාව පරිණාමය සඳහා අවශ්‍ය වුණා. තමන්ගේ රැහේ එකෙක් පණ එපා කියලා දුවනවා දැක්කොත් ඔය ගව රංචුවක් වුණත් ඒ දුවන එකා පිටිපස්සෙන් පස්ස නොබලා දුවනවා. අපේ ආදිතමයන්ට විලෝපිකයන්ගෙන් බේරෙන්න ඒ චර්යාව උපකාරී වුණා. ඉතින් ඒක අපේ ජානගත ලක්ෂණයක්. නමුත් ඉතින් නූතනයේ දියුණු මිනිසා නම් එහෙම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කවුරුහරු කියපු කරපු පළියට ඒ විදිහට හැසිරෙන්න අවශ්‍ය නැහැ. දැන් ඒක පරිණාමයට බාධාවක් වෙන්නත් පුළුවන්.

මෙතැනදී බලපාන තවත් කාරණයක් තමයි රසික ජයකොඩි හදාගෙන තියෙන එයාගේ රංචුව. රසික මුල් කාලේ ලිව්වේ පැණි බේරෙන හද පාරන ලව් සහ බූට් කතා. ඒවා බොළඳයි. ලස්සනයි. හැබැයි ඒවා ඉමෝෂනල් මිසක් ෆැක්චුවල් නෙවෙයි. ඒවාට වැටෙන්නේ ඉමෝෂනල් උන්ම තමයි. එතකොට රසික කියන දේවල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉස් මුදුනෙන් පිළිගන්න සෙට් එකක් තමයි එයාට ඉන්නේ. ඉතින් රසික ටික්ටොක් එකෙන් ඇවිල්ලා “අහස කඩන් වැටෙනවෝ” කිව්වොත් එයාගේ රංචුව ඒක ඒ විදිහටම පිළිගන්නවා. ඒ තමයි මේ රටේ ඉන්න බොළඳම සෙග්මන්ට් එක.

අරගලය දිව්වෙම මේ විදිහේ තනිකර ෆෝල්ස් ෆියර්ස් මත. “ගෑස් පිපිරෙනවෝ” කියලා එක බොරු බයක් ගෙනිච්චා. “තෙල් නැති වෙනාවෝ” කියලා තව බයක් ගෙනිච්චා. “බෙහෙත් නැති වෙනවෝ” කියලා තව එකක් ගෙනිච්චා. “සාගතයක් එනවෝ” කියලා තවත් බයක් ගෙනිච්චා. දූපතක හිරවෙලා ඉන්බ්‍රෙඩ් වෙවී ජාන කිටුව පල්වෙවී ඉන්න ලාංකිකයා මෙවැනි “බොරු බියකිරීම්” වලට ලෙහෙසියෙන් අහු වෙනවා. ඒකට ඔවුන්ට දොස් කියලා වැඩක් නැහැ.

 

ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා “අනාගතයේ වෙන දේ පුරෝකථනය කිරීමට හොඳම ක්‍රමය එය නිර්මාණය කිරීමයි” කියලා. “බංකොලොත් වෙනවා” කියන බොරු කතාව මිනිස්සු කොච්චර විශ්වාස කළාද කිව්වොත් අන්තිමට ඒ මිනිස්සුම ඉල්ලුවා “ඔන්න ඔහේ බංකොලොත් කරලා දාන්න” කියලා. විශේෂයෙන්ම ලංකාව වගේ සමාජයක දත්ත මත පදනම්ව තර්ක බුද්ධිය මෙහෙයවා ඉවසීමෙන් සහ සාකච්ඡාවෙන් ගැටලු නිරාකරණය කරන්න බැහැ. ඔය කාර්ටූන් එකේ වගේ ජනතාව බියට පත් කරලා තමයි කරගන්න දෙයක් කරගන්න වෙන්නේ.

 

ඒක අපිට ඕන නම් මොරලි සාධාරණය කරගන්න පුළුවන් “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය.” (දේවසිරි නි., 2022) කියලා…

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 අප්‍රේල් 1


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...