The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

රටේ රාළ අද වීඩියෝව : රනිල් ඇත්ත දුටුවාද? ඇත්ත රනිල් දුටුවාද?

T

The Leader Desk

April 3, 2023 • 4:06 AM

රටේ රාළ අද වීඩියෝව : රනිල් ඇත්ත දුටුවාද? ඇත්ත රනිල් දුටුවාද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොකද අද අපේ රටේ දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය බවට පත්වෙලා තියෙන්නේ රනිල්.
  • පරිවාස ආණ්ඩු ක්‍රියාවලිය ඇතුලේ එදා දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය උනේ ජවිපෙය.
  • ඊළගට ලංකවේ දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වුන ආකර්ෂණීය සටන තමයි ගෝල්ෆේස් අරගලය.
  • ඒකත් අනුර, සජිත්,ප්‍රේම කුමාරලා එකතුවෙලා පාවලා දුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):

මොකද අද අපේ රටේ දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය බවට පත්වෙලා තියෙන්නේ රනිල්. අනිත් අය ඔක්කොම ඉන්නේ ඊට එහා ශක්ති මට්ටම්වල.

දේශපාලනයේදී ජනාධිපතිට උනත් භැමවෙලාවෙම කේන්ද්‍රීය සාධකය වෙන්න බෑ. කේන්ද්‍රීය සාධකය වෙන්න ඒ දේශපාලන ව්‍යාපාරය හරි, පුද්ගලයා හරි දියුණු දේශපාලන උපක්‍රම තොරන්න ඕනි.

දේශපාලන‍යේදී කේන්ද්‍රීය සාධකය වෙන්න රාජ්‍ය බලය තියෙන්නම ඕනි නෑ. ඒකට හොදම උදාහරණයක් තමයි චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ ජවිපෙ හදපු පරිවාස ආණ්ඩුව. පරිවාස ආණ්ඩු ක්‍රියාවලිය ඇතුලේ එදා දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය උනේ ජවිපෙය. කාටකාටත් එදා ජවිපෙ වටේට කැරකෙන සිද්ධ වුනා. ඒ දියුණු උපක්‍රමය තේරුවේ සෝමවංශ අමරසිංහ. එදත් ඒකට විරුද්ධව තමයි අනුරයි, ටිල්විනුයි හිටියේ.

ඊළගට ලංකවේ දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වුන ආකර්ෂණීය සටන තමයි ගෝල්ෆේස් අරගලය. ඒකත් අනුර, සජිත්,ප්‍රේම කුමාරලා එකතුවෙලා පාවලා දුන්නා. ඒ පවාදීම ඇතුලේ බලය අල්ල ගත්ත රනිල් අද ලාංකීය දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය බවට පත්වෙලා. අද අපේ රටේ දේශපාලන න්‍යාය පත්‍රය රනිල්ගේ දේශපාලන න්‍යාය පත්‍රය බවට පත්වෙලා. රනිල්ගේ දේශපාලන න්‍යාය පත්‍රය හෙළිකිරීම රනිල්ට කඩේ යෑමක් විදිහට තමයි ගිරා පෝතක ජවිපෙ සහ වැඩවසම් සජබෙ සාමාජිකයන් දකින්නේ.

ඇත්තටම රටේ රාළ අදත් හදන්නේ ඒ අග්ඥාන විපක්ෂයට රනිල් ගැන තවත් හෝඩුවාවක් දෙන්න. දැන් ටික දවසක ඉදලා රනිල්ගේ යම් දේශපාලන චලනයක් පේනවා. රටේ රාළ ඒක අල්ල ගත්තේ රනිල්ගේ කතාවලින්. ඇත්තටම රටේ රාළ රනිල්ගේ කතා A to Z අහනවා. මොකද රනිල්ගේ කතාවල High Politics තියනවා. රනිල් අගමැති වෙච්චි දවසේ පටන් අද දක්වා රනිල්ගේ කතා හොදින් විශ්ලේෂණය කළොත් ඒ වෙනස හදුනා ගන්න පුළුවන්.

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...