The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

විපුල අබේරත්න : අපි හයිය මිනිස්සු බං.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

April 3, 2023 • 6:56 AM

විපුල අබේරත්න : අපි හයිය මිනිස්සු බං.... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැබැයි ජාතිකත්වය ගැන විශාල විශ්වාසයක් තිබ්බ මිහිහෙක්.
  • යුරෝපෙ කොච්චර රටවල් ප්‍රමාණයකට එයාගේ ජිවිතකාලේ ඇතුලේ ගිහින් තිබ්බද, මිනිස්සු හමුවෙලා තිබ්බද කියන්න කවුන්ට් එකක් මම ළඟ තිබ්බේ නැහැ.
  • උඹ කියන එක හරි බං..මට ඔය උඹ කියන එක තමයි ඇත්තේ.
  • මේ මීටින් මඟුල් ඉවරයක් නැහැ බං කියල ඇවිල්ල තියන දෙයක් කාල සීනි නැති කහට අනන්ත බිල ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ බයියෙක් නෙවෙයි. හැබැයි ජාතිකත්වය ගැන විශාල විශ්වාසයක් තිබ්බ මිහිහෙක්. ඒ නිසා බයි ලේබලය ලේසියෙන් වදින්න ඉඩකඩ තිබ්බ කෙනෙක්.

යුරෝපෙ කොච්චර රටවල් ප්‍රමාණයකට එයාගේ ජිවිතකාලේ ඇතුලේ ගිහින් තිබ්බද, මිනිස්සු හමුවෙලා තිබ්බද කියන්න කවුන්ට් එකක් මම ළඟ තිබ්බේ නැහැ. හැබැයි මම අහපු ගොඩක් රටවල් වලට මේ මිනිහ ගිහිං තිබ්බ. ඒ හැම රටක් ගැනම කියනකොට අන්තිමට කිව්ව දේ තමයි මචං කොහේ ගියත් මෙහෙ වගේ නැහැ කියල. මම එතකොට මගේ හැමදාම ගහන තර්කෙන් ඌට දමල ගැහුවා. උඹලට නොස්ටැල්ජියාව අයියේ...

උඹ කියන එක හරි බං..මට ඔය උඹ කියන එක තමයි ඇත්තේ. හැබැයි උඹ ඔය එහෙ (වෙස්ට් එකේ) ඉන්නවා කියන සිරා කියල කියන එවුණුත් අපි වගේ තමයි. අපිට උං වගේ වෙන්න බැහැ වාගෙම තමයි උන්ටත් අපි වගේ වෙන්න බැහැ. අපි හයිය මිනිස්සු බං...

සබරේ මගේ නවාතැනට වැඩියෙන්ම ආපු ගියපු, මගේ දුප්පත් තේ එක වැඩියෙන්ම බෙදා හදාගත්ත එකෙක් තමයි මේ. පට්ට බඩගිනියි බං. මේ මීටින් මඟුල් ඉවරයක් නැහැ බං කියල ඇවිල්ල තියන දෙයක් කාල සීනි නැති කහට අනන්ත බිල ඇති.

මැණුම් පිඨයේ පීඨාධිපති උණා කියල, වැඩ වැඩි උණා කියල කිසිම දවසක මගේ කාමරේට එන එකේ අඩුවක් උණේ නැහැ.

ඒ එන හැම වාරයකම මගේ අන්තිම පෝස්ට් එක මිනිහ කියවල ඉවරයි. ඇවිල්ල කරන්නේ කොමෙන්ට් කරන එක. සංවාද කරන එක. කාලය ගැන හැඟීමක් තිබ්බේ නැහැ දේශපාලනය කතා කරන්න ගියාම.

එකඟ වෙච්ච තැන් අඩුයි. නැති තැන් වැඩියි. ප්‍රසිද්ධියේ කොමෙන්ට් නොකළත් එයාගේ මතය කියන්න තමයි මගේ කාමරේට රිංගුවේ.

සයන්ස් පසුබිමක් තියාගෙන ආටෙක් එක්ක අපේ වර්ගයේ සීරියස් ෆිල්ම් එකක් බලන්න, ඒ ගැන කතා කරන්න හැකියාවක් තිබ්බ එකෙක්. එහෙම උං අඩුයි.
විරුද්ධ මත දෙකක් තියාන පොහොසත් කතාබහක් කරන්න පුළුවන් මිනිස්සු අඩු ලෝකෙක, කතා කරන්නවත් වෙලාවක් නැතුව මිනිස්සු බොරු බිසී වෙච්ච ලෝකෙක, මහාචාර්ය පදවියට ඇප්ලිකේෂන් දාන්න ලකුණු එකතුවෙනවා නම් හැරෙන්න වෙන කිසිම දෙයකට සිහියක් නැති ඇකඩමික් ලෝකෙක, ලෝකය එක්ක හැල්මේ දිව්වේ නැති අපේ පරම්පරාවේ එකෙක් විපුල අයිය.

ආයේ මගේ කාමරේට එන්නේ නැහැ කියන එක තරමක් දරා ගන්න අමාරුයි විපුල අයියේ. මම කැම්පස් එකේ ඉන්න දවසට අනිවා හොයාගෙන ඇවිල්ල කතා කරපු එකෙක්. ඒ නිසා මේ වෙන්වීම අමාරු එකක්.

එකඟ නොවෙච්ච දහසකුත් දේවල් අස්සේ අයියත් මමත් හැමදාම එකඟ වෙච්ච එකම එක දෙයක් තිබ්බ. ඒ දේට මම එකඟ වෙද්දී අයියගේ ඇස් හැමදාම දීප්තිමත් උණා.

ඒ වචන හතර විපුල අබේරත්න සහෝදරයා වෙනුවෙන් මෙතන ලියල තියනවා.

අපි හයිය මිනිස්සු බං....
නිවන් සුව!



Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...