The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම : බුරුල් කරා තල්ලු කරා

T

The Leader Desk

April 3, 2023 • 7:48 AM

විමලෙගෙ කොලම : බුරුල් කරා තල්ලු කරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රෑ නින්දට ගියේ රනිල්ට රැල්ලක් ගහන්න පටන් අරන් කියා එක එකා කියන කතාව ගැන හිත හිතා ය.
  • අනුර බර කල්පනාවකට වැටුණු අතර බ්‍රෙෂ්ට් ඇසුවේ මොකක්ද මල්ලි ප්‍රශ්නෙ කියාය.
  • ණයක් අරන් ඒක පෙන්නලා මිනිස්සු වෙනස් කරන්න පුළුවන් නම් මොකටද මෙහෙම ජනතාවක් කියා හිත හිතා නින්දට වැටුණු අනුරට මධ්‍යම රාත්‍රියේදී බර්ටෝල් බ්‍රෙෂ්ට් හමුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

රෑ නින්දට ගියේ රනිල්ට රැල්ලක් ගහන්න පටන් අරන් කියා එක එකා කියන කතාව ගැන හිත හිතා ය. ණයක් අරන් ඒක පෙන්නලා මිනිස්සු වෙනස් කරන්න පුළුවන් නම් මොකටද මෙහෙම ජනතාවක් කියා හිත හිතා නින්දට වැටුණු අනුරට මධ්‍යම රාත්‍රියේදී බර්ටෝල් බ්‍රෙෂ්ට් හමුවිය.

බ්‍රෙෂ්ට් මදවේලාවක් අනුර දෙස බලා සිට ඇසුවේ තාම අලුත් ජනතාවක් පත් කරගන්න බැරි වුණා නේද කියාය.

අනුර විමසිලිමත්ව බලා  අමුත්තා කවුදැයි සැකහැර දැනගෙන කීවේ, හලාවත බස්ටෑන්ඩ් එක කට කපලා හිටියා, ලොකු අවුලක් නෑ කියාය. බ්‍රෙෂ්ට් මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන කීවේ ඒ උනාට ඉතින් ඉස්සරත් ඔහොම කට කපලා හිටියනේ කියාය.

අනුර කීවේ අපිට හති වැටෙනකම් ඉඳලා රනිල් ඡන්දෙ තියයි, ඒ වුණාට අපි දුවන්නෙ මීටර් සීය නෙමෙයි මැරතන් එකක් කියලා බ්‍රෙෂ්ට් සහෝදරයා පොතක ලියලා තියාගන්න කියාය.

බ්‍රෙෂ්ට් කීවේ රනිල් නම් මගේ 'කොකේසියන් චෝක් සර්කල්' ඩයලොග් එක්කම කෝට් කරනවා, උඹලටත් පුළුවන්නේ ශේක්ස්පියර්ගෙ හැම්ලට්, ඔතෙලෝ, මැක්බත් වගේ එකක් අරන් රනිල්ගෙ ඔය වැල් පාලම ගලවලා දාන්න කියාය.

අනුර ලැජ්ජාවෙන් මෙන් බිම බලාගෙන කිව්වේ ඔය යක්කු අපිව යටත් කරගෙන හිටපු නිසා ඕවා කිව්වොත් ජනතාව අප්සට් යන්න පුළුවන් කියාය.
විස්මයට පත් බ්‍රෙෂ්ට් ඇසුවේ, යකෝ අර තැනින් තැනට කූඩාරම් ගහගෙන ගිහින් නාට්‍ය කරපු එවුනුත් උඹලව යටත් කරගෙන හිටිය ද? උං ගාව තිබුණේ බොරු කඩු යි බොරු තුවක්කුයි බං කියාය.

අනුර බර කල්පනාවකට වැටුණු අතර බ්‍රෙෂ්ට් ඇසුවේ මොකක්ද මල්ලි ප්‍රශ්නෙ කියාය. අනුර කීවේ මේ යෝධයා අලුත් ත්‍රස්ත විරෝධී පනතක් ගේන්න හදනවා, ඒක ගෙනාවොත් එළිමහනේ පම්ප් එකක්වත් ගහන්න බැරි වෙනවා කියාය.

 

ata

බ්‍රෙෂ්ට් කීවේ ඕක උඹලගෙ පාර්ලිමේන්තුවේ එවුන් නම් පාස් කරයි, ඒත් ජනතාව දැනුවත් කරලා වැඩේ break කරන්න බලපල්ලා කියාය. ඒකට හොඳ මීඩියා සපෝට් එකක් නැහැනේ බ්‍රෙෂ්ට් සහෝදරයා කී අනුරගෙන් බ්‍රෙෂ්ට් ඇසුවේ කෝ උඹලගෙ ලංකා පත්තරේ, මොකද ඒක නැවැත්තුවේ, ඒකෙන් ඔය වැඩේ කරන්න තිබුණානේ බං කියාය.

ඒකට පිළිතුරු වශයෙන් කොළ ගණන් පත්තර ගහන්න විදිහක් නෑ,කියූ අනුරගෙන් බ්‍රෙෂ්ට් ඇසුවේ එහෙනං අර නියමුවා කියන මාගල උඹලා නොකඩවා ගහන්නේ, ඒක අපේ ගෙදරටත් තැපෑලෙන් එනවනේ කියාය.

අපේ එවුන් ජර්මනියටත් ඕක එවනවද කියා ඇසූ අනුරට බ්‍රෙෂ්ට්  ්ෂ්ට්්ෂ  කීවේ ඔය එන්නේ,ඒක මෙලෝ යකෙක් කියවන්නෙ නෑ, මාත් ගන්නෙ බත්  ඔතන්න විතරයි කියාය.

මේ කතාව දුරදිග යනවා වැඩියි කියලා සිතූ අනුර කතාව වෙන පැත්තකට හරවන්න හිතාගෙන ඇසුවේ සහෝදරයා හඳුන්වා දුන්නු alienation තියරි එක ගැන තව ටිකක් දැනගන්න මං කැමතියි කියාය. ආ ඒක මෙහෙමයි කියූ බ්‍රෙෂ්ට් උඹලගෙ භාෂාවෙන් නම්  ඕකට හරිම අමාරු වචනයක් තියෙනවා තදාත්මක විඝටනය කියලා, ඒත් ඒක එච්චර අමාරු කේස් එකක් නෙවෙයි කියා කීවේය.

ඒ කිව්වේ කියා ඇසූ අනුරට බ්‍රෙෂ්ට් කීවේ alienation කියන්නේ බුරුල් කරලා තල්ලු කරන එක කියාය.

අම්මපා එච්චරද ලේසිද? ඒත් මට හරියට පැහැදිලි මදි කියූ අනුරට බ්‍රෙෂ්ට් කීවේ ඕක එච්චර සීරියස් ගන්න දෙයක් නෙමෙයි, දැන් ඔය රනිල් කරමින් ඉන්නේ ඒක කියාය.


Wimalanath Weerarathna(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...