The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

ළමා ගීතයෙහි නූතන ගමන් මග - (ආචාර්ය නදී දිසානායක)

T

The Leader Desk

April 3, 2023 • 11:20 AM

ළමා ගීතයෙහි නූතන ගමන් මග - (ආචාර්ය නදී දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගීතයක වචන, එයින් කියවෙන අදහස, සහ ගීතවත් කිරීමට යොදාගන්නා සංගීත ස්වර ඉතාමත් සරල සුගම ලෙසින් පවත්වාගෙන යාමට ළමා ගීත රචකයන් මෙන්ම නිර්මාණකරුවන් සැලකිලිමත් වන්නේ මේ නිසයි.
  • ළමා ගීතවල ප්‍රධාන වශයෙන් අඩංගු පොදු කරුණු තුනක් ඇත: # ගීත පහසුවෙන් තේරුම් ගත හැකි වීම, # දුෂ්කරතාවයකින් තොරව ගායනා කළ හැකි වීම සහ # ගායනයට සුදුසු රංගනයක් එකතු කල හැකි වීම.
  • සියළු කලාවන් අතරේ සංගීතයට මිනිසකු සමබර කර තැබීමට ද හැකිබව පර්යේෂණ මඟින් සනාථ කර ඇත.
  • වර්තමානයේ විවිධ නාලිකා මගින් සංවිධානය කරනු ලබන ප්‍රසාංගික සංගීත තරඟ සඳහා දෙමාපියන් විසින් තම දූ පුතුන් සහභාගී කරනු ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ගීතයක වචන, එයින් කියවෙන අදහස, සහ ගීතවත් කිරීමට යොදාගන්නා සංගීත ස්වර ඉතාමත් සරල සුගම ලෙසින් පවත්වාගෙන යාමට ළමා ගීත රචකයන් මෙන්ම නිර්මාණකරුවන් සැලකිලිමත් වන්නේ මේ නිසයි.

සාර්ථක ළමාගීතයක් ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද එකසේ රස විඳිය හැක.

ළමා ගීතවල ප්‍රධාන වශයෙන් අඩංගු පොදු කරුණු තුනක් ඇත:  

# ගීත පහසුවෙන් තේරුම් ගත හැකි වීම,

# දුෂ්කරතාවයකින් තොරව ගායනා කළ හැකි වීම සහ

# ගායනයට සුදුසු රංගනයක් එකතු කල හැකි වීම.

 

ළමාගීතයක් තුළින් දරුවන්ට - නව සිතුවිලි, අලුත් වචන, නිර්මාණශීලි රංගන සහ සංගීත උපකරණ වාදනය කිරීම වැනි බොහෝ දේ ඉගැන්විය හැකිය.

 

ළමා ගීත නිර්මාණයේදී සැලකිය යුතු කරුණු වඩාත් තහවුරු කෙරෙන එක් අවස්ථාවකි පාසල් සංගීත විෂය සහ ඊට අදාල පාඩම් මාලා සැකසීම.

අධ්‍යාපන විශේෂඥයින් විසින් සංගීත පාඩම්මාලා පිළියෙළ කරනුයේ අනාගතයට වුවමනා පරිකල්පන ශක්තියෙන් යුතු නිර්මාණශීලි පුද්ගලයින් පිරිසක් බිහිකිරීමේ අදහසින් මිස හුදෙක් විභාගයක් සමත් කරවීම පමණක් අරමුණු කරගෙන නොව. සංගීතය සමඟ මුසු වී ජීවිතය ගොඩනගන පුද්ගලයාට තවත් කෙනෙකුගේ හදවතෙහි රිද්මය හඳුනාගැනීමට අපහසු නැත.

සියළු කලාවන් අතරේ සංගීතයට මිනිසකු සමබර කර තැබීමට ද හැකිබව පර්යේෂණ මඟින් සනාථ කර ඇත.

නමුත් මෑත කාලයේ ළමයින්ගේ ගීත රසවින්දනය, රුචිකත්වය සහ හැකියාවන් වෙනත් දිශාවකට ගමන් කරන අයුරු අසන්නට සහ දකින්නට ලැබීම ඉතා
අවාසනාවන්ත කරුණකි.

අද ළමයා ඇසීමට, ගැයීමට, සහ රස විඳීමට තෝරාගන්නා ගීත දෙස බලද්දී ළමයාගෙන් ළමාකම ගිලිහී යනවාදෝ කියා අපට සිතේ. නමුත් මෙසේ දරුවාට බැරෑරුම් වැඩිහිටි ගීත තෝරාදෙන්නේ දෙමාපියන් හෝ ගුරුවරුන්ය. බොහෝ දෙමාපියන් කෙටි කාලින ප්‍රතිලාභ කෙරෙහි යොමුවනවා මිස දිගු කාලීනව දරුවා සංගීත ක්ෂේත්‍රය තුළ රඳවා තැබීමේ වටිනාකම ගැන සිතන්නේ නැත.

 

අද දෙමාපියන්ට වුවමනා තම දරුවට ඉක්මන් ප්‍රසිද්ධියක් ලබාදීමට සහ හැකිනම් මූල්‍ය වාසියක් ලබාගැනීමටය. ඔවුන්ට අවනත වන ළමයා ද ගිරවුන් මෙන් වචන අහුලා ගනිමින් හඬට කුමක් හෝ ගීතයක් ගායනා කර දෙමාපියන් සතුටු කිරීමේ උත්සාහයක යෙදේ. මෙම තත්ත්වයට වගකිවයුතු අය අතරේ දෙමාපියන්, ගුරුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ඉදිරියෙන් සිටී.

 

තම දරුවාට වුවමනා ශාරීරික පෝෂණයට රසයෙන් ගුණයෙන් පිරි ආහාර ලබාදෙනවා මෙන්ම, දරුවාට අවශ්‍ය පෙනුම ලස්සන ලබාදීමට සුදුසු ඇඳුම් පැළදුම් ලබාදෙනවා මෙන්ම ඔවුන්ගේ ළමා මනසට අවශ්‍ය නිසි පෝෂණය ලබාදීමට ද දෙමාපියන් දැනුවත් විය යුතුය, උනන්දු විය යුතුය.


ළමයාට කියවීමට සුදුසු පොත් පත් තෝරා දිය යුත්තේ දෙමාපියන්ය. දරුවාගේ කුසලතා දියුණු කිරීමට වුවමනා අතිරේක  ක්‍රියාකාරකම් තෝරා බේරා ඒ වෙත දරුවන් යොමුකළ යුත්තේ දෙමාපියන් ය. එසේම ළමයාට අසන්නට දකින්නට සලස්වන ගීත, නාට්‍ය, චිත්‍රපට තෝරා බේරා දිය යුත්තේ ද දෙමාපියන් විසිනි.

වර්තමානයේ විවිධ නාලිකා මගින් සංවිධානය කරනු ලබන ප්‍රසාංගික සංගීත තරඟ සඳහා දෙමාපියන් විසින් තම දූ පුතුන් සහභාගී කරනු ලැබේ. බොහෝ විට මෙම තරඟ සඳහා ළමයා ගායනා කිරීමට තෝරාගන්නේ වැඩිහිටියකු විසින් තෝරාදෙනු ලබන ගීතයකි. ඇතැම් විට ළමයා ගයන ගීතයෙහි අර්ථය ළමා ලෝකයට ගෝචර නොවන බව දෙමාපියන් තේරුම් ගන්නේ නැත. ඔවුන්ට එය තේරුම් ගැනීමට වුවමන්වක් ද නැත. තේරුම් ගියත් සමහර විට
දෙමාපියන්ද සමාජ රැල්ලට එකතු වී සිටිනවා විය හැක.

නිවැරදි සංගීත අභ්‍යාස ලබාදීම තුළින් සහ සංගීතය පිළිබඳ මනා අවබෝධයක් ලබා දී ළමයා පෝෂණය කළ යුතු බව සිතන දෙමාපියන් අද සමාජය තුළ විරලය. කටේ කිරි සුවඳ යාමටත් පෙර පුංචි දරුවන් මුවින් වැඩිහිටියන්ටම වෙන් වූ ගීත ගායනා කරවීමත් ඊට අනුබල දීමත් තුළින් අනාගතයේ සිදුවන සමාජීය විනාශය ගැන බොහෝදෙනකුට නොතේරේද නැතිනම් නොතේරෙනවා ලෙසින් සිටින්නේද යන්න ප්‍රශ්නයකි.

දක්ෂ දරුවන් ලොවට හඳුන්වාදීමට ඔවුන්ගේ හැකියා ඇගයීමට මුල්වී කටයුතු කරන මාධ්‍යයන් ද මේ ගැන සිතිය යුතු කාලය උදා වී ඇත. මෑත කාලයේ ඉතා ජනප්‍රිය වී ඇති ප්‍රසාංගික සංගීත සංදර්ශන (reality shows) තුළ යම් යම් වෙනස්කම් කිරීම තුළින් සංගීත ලොව තුළ ළමයාගේ ගමන් මග නිවැරදි කළ හැකි බව මගේ විශ්වාසයයි.

සංගීතයෙන් පුද්ගලයකු තුළ සංවේදීභව සහ සංයමය වැනි  වටිනා මිනිස් ගුණාංග ගොඩනැගිය හැක.
 
 
අප ගීත සමඟ එකතුවන්නේ මව් කිරිබොමින් මවගේ උකුලේ නැලවෙද්දී ය. කුඩා දරුවකුගේ ජිවිතයට ඇතුළු කළ යුතු බොහෝ වැදගත් කරුණු, ඔවදන්, දැනුම සහ සිතුවිලි ළමා ගීත තුළින් කියා දිය හැක. යහපත් දරුවකු නිර්මාණය කිරීමට ළමා ගීත කදිම මෙවලමකි.
 
 
මෑත කාලයේ ළමා ගීත නිර්මාණය සිදු නොවන තරම්ය. ඇතැම් විට නිර්මාණකරුවන් ද කලකිරී සිටිනවා විය හැක. විකෘති සමාජ රැල්ලෙන් ළමයා බේරා ගැනීමට තවත් පමා නොවිය යුතුය.


නත්තලට පොඩ්ඩන්ට තෑග්ගක් !

Dr. Nadee Dissanayake
Founder/Secretary - CUP
Senior Commissioner
Inland Revenue, Sri Lanka

info@nadeed.org


සබැඳි පුවත් :
 
 
 
 











JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ළමා ගීතයෙහි නූතන ගමන් මග - (ආචාර්ය නදී දිසානායක) | The Leader