The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

රටේ රාළ අද වීඩියෝව : අයාලේ යන රනිල්ගේ එජාප දරුවෝ

T

The Leader Desk

April 3, 2023 • 5:04 PM

රටේ රාළ අද වීඩියෝව : අයාලේ යන රනිල්ගේ එජාප දරුවෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ විවේචනය වමට වගේම අපිටත් තියනවා.
  • ඔයාලා සමහරවිට දන්නවා ඇති 2021 දෙසැම්බර් 25 වෙනිදා NASA එකෙන් විශ්වයට මුදාහරිය James Webb අභ්‍යාවකාශ දුරේක්ෂය ගැන.
  • දැන් James Webb දුරේක්ෂය තියෙන්නේ අපේ පෘථිවිය වඩා කිලෝමීටර් මිලියන 1.5 ක දුර තැනක ස්ථාන ගත කරලා.
  • James Webb ගේ මූලික වගකීම තමයි සමස්ථ මානව සංහතිය වෙනුවෙන්ම විශ්වය දිහා ඇසිපිය නොහෙලා බලා සිටීම .පෘථිවිය මත මිනිස්සු ඇණ කොටාගෙන මාර ගනිද්දී අපිට වඩා කීලෝමිටර් මිලියන 1.5 ක් ඈත තනිවම ඉන්න අපේ යාළුවා දිවා රෑ නොබලා අපි වෙනුවෙන් මුර සේවයේ යෙදෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ විවේචනය වමට වගේම අපිටත් තියනවා.

එතකොට ඇමරිකාව මුලික වෙලා හදපු සියලු ආයතන අධිරාජ්‍යවාදී මෙවළම්ද? නොටෝව කියන්නේ ඇමරිකන් කදවුරේ යුධ සන්ධානය. NASA කියන්නේ ඇමරිකානු අභ්‍යාවකාශ පරීක්ෂණ මධ්‍යස්ථානය. මේ දෙක අපි කොහොමද විග්‍රහ කරගන්නේ. අපේ රටේ වම්මුන්ට සහ ලිං මැඩි ජාතිකවාදීන්ට නං මේ දෙකම අධිරාජ්‍යවාදී මෙවලම් දෙකක්. ඒවා විතරක් නෙවෙයි මාක්ස්වාදය, විද්‍යාව, නූතන දැනුම මේ සියල්ල බටහිර කියලා ප්‍රතික්ෂේප කරන වම්මු සහ දේශිය චින්තකයෝ මෙහේ වැහි වැහැලා.

අපිත් ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධයි, නේටෝ විරෝධී. ඒකේ දෙකක් නෑ .ඒත් අපි NASA විරෝධී නෑ. විද්‍යාවට, තාක්ෂණයට විරුද්ධ නෑ. බටහිර දැනුම් පද්ධතියට විරුද්ධ නෑ. වම සහ අපි අතර තියන වෙනස ඒක.

සරළ උදාහරණයකින්ම කතා කලොත්. ඔයාලා සමහරවිට දන්නවා ඇති 2021 දෙසැම්බර් 25 වෙනිදා NASA එකෙන් විශ්වයට මුදාහරිය James Webb අභ්‍යාවකාශ දුරේක්ෂය ගැන. දැන් James Webb දුරේක්ෂය තියෙන්නේ අපේ පෘථිවිය වඩා කිලෝමීටර් මිලියන 1.5 ක දුර තැනක ස්ථාන ගත කරලා. James Webb ගේ මූලික වගකීම තමයි සමස්ථ මානව සංහතිය වෙනුවෙන්ම විශ්වය දිහා ඇසිපිය නොහෙලා බලා සිටීම .පෘථිවිය මත මිනිස්සු ඇණ කොටාගෙන මාර ගනිද්දී අපිට වඩා කීලෝමිටර් මිලියන 1.5 ක් ඈත තනිවම ඉන්න අපේ යාළුවා දිවා රෑ නොබලා අපි වෙනුවෙන් මුර සේවයේ යෙදෙනවා. ඉතින් කොහොමද NASA එක අධිරාජ්‍යවාදී වෙන්නේ. James Webb දුරේක්ෂය අධිරාජ්‍යවාදී වෙන්නේ. විද්‍යාව කොහොමද අධිරාජ්‍යවාදී වෙන්නේ. ඒ ගොන් තර්කයේ අපි නම් නෑ.

මිනිසා පෘථිවි තලයේත් ඉන් පිටත විශ්වයේ ඕනෑම තැනකදී අත් කරගන්න ජයග්‍රහණ මානව සංහතියේ ජයග්‍රහණයක් විදිහට පිලිගන්න අපේ මනස නං නිරවුල්. James Webb දුරේක්ෂය අධිරාජ්‍යවාදීන්ගේ මෙවලමක් කියලා අපකීර්තිය පත් කරන්න අපි ලෑස්ති නෑ. ඒ වෙනුවට අපි කරන්නේ James Webb දුරේක්ෂය අපට අත්පත් කරලා දීලා තියන ජයග්‍රහණ මහත් ආශ්වාදයෙන් වැළඳ ගන්න එකයි.

රටේ රාළ James Webb දුරේක්ෂය ගැන කතා කරන්නේ නිකං නෙවෙයි. James Webb දුරේක්ෂය එවලා තියන දත්ත දේශපාලනයත් එක්ක සම්බන්ධ කරන්න ඕනි හින්දයි. පහුගිය දවස්වල James Webb දුරේක්ෂයෙන් පෘථිවියට එවලා තිබුන ඡායාරූප සහ වීඩියෝ දත්ත සමහරවිට ඔයාලත් දකින්න ඇති. මෙතෙක් කාලයක් විද්‍යාඥයින් විශ්වාස කරපු විශ්වීය නියාමයක් James Webb දුරේක්ෂය හරහා එවපු දත්තවලින් ඔප්පු කරලා තියනවා. ඒ කැටිවීම සහ විසිරීම විශ්වයටම අදාල පොදු සත්‍යයක් කියලා.

කළු කුහරවලට සියල්ල කැටිවෙන හැටිත්, තව තැනකදී ඒවා පුපුරා විසිරෙන හැටිත් අපි දැක්කා. මේ සියල්ල වෙන්නේ චලිතයක් ඇතුලේ. කේන්ද්‍රයේ ආකර්ෂණ බලය විසින් කැටිකිරීමත්, කේන්ද්‍රයේ බලය දුර්වලවීමෙන් විසිරීමත් සිද්ධ වෙනවා.

 ඊයේ රටේ රාළ දේශපාලනයේ කේන්ද්‍රීය සාධක ගැන කතා කළා. දේශපාලනයේදී කේන්ද්‍රීය සාධකය විසින් බොහෝදේ එකතු කරනවා. හීනෙන්වත් නොහිතන බලවේගය සහ මිනිසුන් එකට එකතු කරනවා. කේන්ද්‍රීය සාධකය දුර්වල වු හැමවිටම සියල්ල විසිරෙනවා. විසිරුණාට පස්සේ ඉස්සෙල්ලා තිබුණ කේන්ද්‍රීය සාධකය තවදුරටත් කේන්ද්‍රීය සාධකයක් නෙවෙයි. ඒක තියන හොඳම මෑතකාලීන උදාහරණය ගෝල්ෆේස් අරගලය.

එක වෙලාවක අපේ රටේ දේශපාලනයේ කේන්ද්‍රය උනේ ගෝල්ෆේස් අරගලය. ඒ ආකර්ෂණය බලය විසින් බොහෝදේ එකට කැටි කරගත්තා. එක වෙලාවකදී කේන්ද්‍රීය බලය දුර්වලවීම නිසා නැවත පුපුරා ගියා. අද අපේ රටේ දේශපාලන පක්ෂ චලනයේ කේන්ද්‍රීය සාධකය වෙලා තියෙන්නේ රනිල්.

රනිල් කේන්ද්‍රීය සාධකය උනේ කොහොමද කියලා මීට කලින් රටේ රාළ කියලා ඇති. රනිල්ගේ මේ චලනය තේරුම් ගන්න බැරිව විපක්ෂය තවමත් ඉන්නේ අන්දමන්ද වෙලා. මුලදී ජනතාව හිටියෙත් අන්දමන්ද වෙලා. ඒ විතරක් නෙවෙයි රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයත් අන්දමන්ද වෙලා. තවමත් අන්දමන්ද වෙලා.

විපක්ෂයේ සහ එජාපයේ අන්දමන්දවීම එසේම තිබියදී ජනතාව නං දැන් ටික ටික අන්දමන්දභාවයෙන් මිදිලා එළියට එන්න පටන් අරන්. ඒ රනිල් පෙන්වන වේගවත් චලනය හින්දයි. රනිල් අදහස් දක්වනවා, වැඩ කරනවා, ප්‍රතිවිරෝධතා එක්ක ගැටෙනවා. රනිල් ස්වයං විස්වාසයක් පෙන්වනවා. James Webb අපට ඔප්පු කරලා පෙන්නපු විශ්විය නියාමන් ඇතුලේ රනිල් දැන් පෙන්නන්නේ කැටි කර ගැනීමේ ලක්ෂණයි. ඒක සිද්ධ වෙන්නේ කේන්ද්‍රීය සාධකයේ ආකර්ෂණ බලය හින්දයි. රනිල් හෙට දවසේ බොහෝදේ කැටිකර ගනීවි. මේ දක්වා දේශපාලනයේ විශ්වාස කළ නොහැකි එකතුවීම් සිද්ධ වේවි.

මෙතනදී රටේ රාළට කතා කරන්න ඕනි තවමත් අන්දමන්ද වෙලා ඉන්න රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය ගැනයි. මෙච්චර කල් එජාප දේශපාලනයේ තිබුණේ සියල්ල පක්ෂයට කියන සංකල්පය. සියලු ඇමතිකම් පක්ෂයට. හැබැයි දැන් රනිල් එජාප නායකයා විදිහට ඉන්න ගමන් එජාප ක්‍රමයට වෙනස් විදිහට රට පාලනය කරනවා. මෙන්න මේක ඇතුලේ එජාප දෙවෙනි සහ තුන්වෙනි නායකයන් අන්දමන්ද වෙලා. පාක්ෂිකයන් අන්දමන්ද වෙලා. හෙට දවසේ මොකක් වෙයිද දන්නේ නැතිව බලා ඉන්නවා. ඇත්තටම එයාලට රනිල් කියවගන්න බෑ. ඒ ගණනය කිරීම හරියට කරගන්න බැරිව එජාපය ඔහේ චලනය වෙනවා. එජාපය හිනෙන්වත් හිතපු නැති තැනට දැන් පද්ධතිය කැරකෙමින් තියනවා. එජාපය භීනෙන්වත් හිතපු නැති කොටස් පද්ධතියට එකතු වෙලා. දැන් මේ පද්ධතියේ සිද්ධ වෙන චලන රටට සුභවාදී දිශාවකට ගෙනියන්න එජාප නායකයන් දක්ෂ වෙන්න ඕනි.

අලුත් විදිහට හිතන්න. අලුත් චර්යා රටා සහ අලුත් ක්‍රමවේද පක්ෂය ඇතුලට ගේන්න ඕනි. සම්ප්‍රදායික ධනවාදයේ නැටි කපලා ලිබරල් ධනවාදය දක්වා එජාපය උත්සන්න කාලය ඇවිත්. ඒ කියන්නේ රනිලට අනුව චලනය වෙන්න එජාපයට සිද්ධ වෙලා. දැන් මේ රටට ඕනි දැවැන්ත ලිබරල් ප්‍රතිසංස්කරණයක්. ඒ සම්භාව්‍ය ධනවාදය දැන් එජාප මතය බවට පත් වෙන්න ඕනි.

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...