The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

රටේ රාළ අද වීඩියෝව : සිංහල අවුරුද්දට රනිල් පට්ට ගසමූ ද?

T

The Leader Desk

April 4, 2023 • 8:42 AM

රටේ රාළ අද වීඩියෝව : සිංහල අවුරුද්දට රනිල් පට්ට ගසමූ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම සිංහල, දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට තියන සංස්කෘතිකමය සන්නාමයක්.
  • හැබැයි අද අපට හම්බ වෙලා තියන මේ මහා සංස්කෘතික දායාදය අපි තවමත් තියාගෙන ඉන්නේ අතීතය ඇතුලේ.
  • වලව්ව කියන වැඩවසම් සංකල්පය ඇයි ආය ආය මඩේ දදා හෝදන්නේ.
  • ඇත්තටම වැඩවර්ජන වලින් මේ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න විසදන්න පුළුවන්ද?
අකුරු ප්‍රමාණය (Font Size):



ඇත්තටම සිංහල, දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට තියන සංස්කෘතිකමය සන්නාමයක්.

සිංහල, දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ කෙලින්ම අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය එක්ක ගැට ගැහුණු සංස්කෘතික මංගල්‍යයක්. අලුත් අස්වනු කපලා ගෙට ගැනීමත් එක්ක තමයි සිංහල, දෙමළ අලුත් අවුරුද්දේ ආරම්භ සනිටුහන් වෙන්නේ.

සිංහල, දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අලුත් වීමක්. පවුල් ඒකකයක් විදිහට වගේම සමාජයක් විදිහට අපි අලුත් වෙනවා.

ජාතිකත්වයන් දෙකක් එකම නැකතට ලිප ගිනි මොලවලා, ආහාර අනුභව කරලා, ගනදෙනු කරලා, වැඩ අල්ලලා. දෙමාපිය වැඩිහිටින් බලන්න ගිහින් , හිස තෙල් ගාලා, පරණ තරහමරහා අමතක කරලා ආයෙත් අලුත් වෙනවා.

විද්‍යාත්මක හිතද්දී අස්වනු කපා ගෙට ගැනීම ගැට ගැහිලා තියෙන්නේ සූර්යයාත් එක්ක. ඒක නිසා සිංහල, දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ හුදු සංස්කෘතික සංකල්පයක් විතරක් නෙවෙයි. ඒක සූර්යයා එක්ක ගැට ගැහුණු ද්‍රව්‍යමය ක්‍රියාවලියක්.

අපි මේ සමස්ථ ක්‍රියාවලියට සූර්ය මංගල්‍යය කියලා කියනවා. හැබැයි අද අපට හම්බ වෙලා තියන මේ මහා සංස්කෘතික දායාදය අපි තවමත් තියාගෙන ඉන්නේ අතීතය ඇතුලේ. ඒක අනාගතයට ගෙනියන්න අපි තවමත් ලෑස්ති නෑ. දැන හෝ නොදැන අපි මේ මහා සංස්කෘතික මංගල්‍යය අවභාවිතයේ යොදවනවා.

උදාහරණයක් ගත්තොත් මේ වෙනකොට අපේ රටේ හැම මාධ්‍ය ආයතනක්ම සිංහල, දෙමළ අලුත් අවුරුද්ද මාකට් කරන්න පටන් අරන්. ඒකට පබ්ලිසිටි දෙන්න පටන් අරන්. හැම මාධ්‍ය ආයතනයක්ම අලුත් අවුරුදු වැඩසටහන් සංවිධානය කරනවා.

මාධ්‍ය ආයතන අතර ඒවාට ලොකු තරගයක් තියනවා. තමන්ගේ ආයතනයේ Rating වැඩි කරගන්න සහ ලාභ ඉපැයීම තමයි එයාලගේ මූලික පරමාර්ථය.

එහෙම නැතිව සිංහල, දෙමළ අලුත් අවුරුද්ද රටේ තියන අභියෝගයත් එක්ක ගැට ගහලා රටට ජයග්‍රහණ ගෙනත් දෙන්න මතවාදයක් කවුරුත් දෙන්නේ නෑ.

රටේ රාළට ඒ කිසිම වැඩසටහනක් ගැනවත්, ඒවාට වෙන් කරන ගුවන් කාලය ගැනවත් අහිතක් නෑ. හැබැයි එයාලගේ පැත්තෙන් මේ අභිමානවත් සංස්කෘතික උත්සව හරහා රටට වෙන්න ඕනි අවම සාධාරණය හරි ඉෂ්ඨ වෙන්න ඕනි.

එයාල කරන්නේ අපේ නිෂ්පාදන ක්‍රියාවලිය එක්ක බැදුණ සංකල්ප දියුණු ලොකයත් එක්ක ගැලැප්පීම නෙවෙයි. ඒවා ඉස්සරහට ගෙනියන එක නෙවෙයි, ඒවත් එක්ක සමාජ සංවර්ධන ක්‍රියාවලිය පස්සට ගෙනියන්න හදන එකයි. රටේ රාළ ඒකට උදාහරණක් කියන්නම්. දැන් ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් එයාලගේ අලුත් අවුරුදු උත්සවයේ ප්‍රචාරක කටයුතු පටන් අරන් තියනවා.

නාට්‍යානුසාරයෙන් යන ඒ දැන්වීමෙන් කියන්නේ මේ පාර අලුත් අවුරුදු සිරිත් විරිත් හරියට කලට වෙලාවට කරන්න වලව්ව ලෑස්ති වෙලා ඉන්නවා කියලා.

රටේ රාළ අහන්නේ මොන මල ඉලව්වට ඔතෙන්ට වලව්වක් සම්බන්ධ කරගන්නේ. වලව්ව කියන වැඩවසම් සංකල්පය ඇයි ආය ආය මඩේ දදා හෝදන්නේ. මේ රටේ මිනිස්සු පහුගිය දවස්වල මැදමුලන වලව්වෙන් වලව් සංස්කෘතිකට ගහලා එලෙව්වා .අතුගාලම දැම්මා.

ආයෙත් ඇයි වැඩවසම්කම විකුණන්නේ. කවදද අපි මේ වැඩවසම් නැටි කපලා අලුත් ලෝකයට යන්නේ. ඇයි සිංහල,දෙමල අලුත් අවුරුද්ද රටේ වැඩකරන ජනතාවත් එක්ක බද්ධ කරන්න බැරි. ඇයි වැඩබිම්වලට ගෙනිහින් අපේ සංස්කෘතියත් එක්ක නිෂ්පාදන ක්‍රියාවලිය ගැට ගහන්න බැරි.

තවමත් මේ රටට ඕනි තක්කඩි වැඩවසම් සාටක සංස්කෘතිකද? ජනතාවට ලෝකය දකින්න නොදී තමන්ගේ වැඩවසම් හපුතුන් පෙන්නන්න කියනදේ ජනතාවට පෙන්නන එක සාධාරණද?

මේ පාර අපිට සිංහල,දෙමල අලුත් අවුරුද්ද එන්න ඉස්සෙල්ලා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වටිටලා රට අකර්මන්‍ය කරන ක්‍රියාවලියක් යනවා. ඔයාලා දන්නවා ආයෙත් වැඩවර්ජන රැල්ලක් පටන් ගන්න වෘත්තිය සමිති ත්‍රස්තවාදින් සැලසුම් කරනවා. ඒවා පිටි පස්සේ ඉන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂ. ජවිපෙ සහ සජබෙ. පොහොට්ටුවත් යම් පමණකට ඉන්නවා.

ඇත්තටම වැඩවර්ජන වලින් මේ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න විසදන්න පුළුවන්ද? මේක රනිල් ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි. රනිල්ගෙන් පස්සට මේ දක්වා රට පාලනය කරපු පාලකයෝ, රාජ්‍ය නිලධාරීන්, වෘත්තීය සමිති සහ තවත් බොහෝ අය මේ තත්වයට වගකියන්න ඕනි.

රනිල්ගේ පෞද්ගලික අඩුපාඩුවලින් රට වෙච්චි හානි ඇති. රනිල් විතරක් නෙවෙයි පක්ෂ, විපක්ෂ සියලු දෙනාම මේ රටට කළේ හානි තමයි. තවමත් කරන්නේ හානි තමයි. ඒවායේ අඩු වැඩිකම් ඇති. විශේෂයෙන් රාජපක්ෂලාගේ පෞද්ගලික හොරකම්වලින් මේ රටට අනන්ත අප්‍රමාණ හානියක් වුනා.

 ඒ ගනුදෙනු අපි වෙනමම බේරගන්න ඕනි. හැබැයි දැන් රටක් විදිහට අපි ඉන්න තැනත් එක්ක හිතද්දී ඔය කිසිම ප්‍රශ්නයකට ස්ථිර උත්තරයක් රනිල්ට නෑ. රනිල් බය කරලා හරි, රනිල්ගේ අත මිරිකලා හරි, කන මිරිකලා හරි, වෙන මොකක් හරි මිරිකලා මේ ප්‍රශ්නයට උත්තර ගන්න බෑ.

සූර්ය මංගල්‍යය වෙලේ රනිල් හම ගැහුවත් ඔය කිසිදෙයක් දිනා ගන්න බෑ. ඔයාලට ඕනි නං රනිල් හම ගහන්න. රනිල් හම නෙවෙයි කනපිට හැරෙව්වත් අපිට කමක් නෑ. ඒත් රටේ රාළ කියන්නේ එහෙම කළා කියලා ප්‍රශ්නයට උත්තරයක් නෑ. ඕනි නං රනිල් හම ගහලා බලන්න. ඒත් මෙච්චර තමයි. සමහරවිට මේ තියන ටිකත් නැති වෙයි.

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න



 
JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රටේ රාළ අද වීඩියෝව : සිංහල අවුරුද්දට රනිල් පට්ට ගසමූ ද? | The Leader