The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

පෞද්ගලීකරණය පිරිසකට ලාභදායී ව්‍යාපාරයක් නොවීමට නම්… - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

April 5, 2023 • 12:47 AM

පෞද්ගලීකරණය පිරිසකට ලාභදායී ව්‍යාපාරයක් නොවීමට නම්… - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාමාංශික කඳවුරේ පිරිස් උග්‍ර පෞද්ගලීකරණ විරෝධී ප්‍රතිපත්තියක සිට සිය මතය එළි දක්වන අතර පෞද්ගලීකරණයට පක්ෂ පිරිස් ද විවෘතවම තම අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එළිදක්වමින් තිබෙනු දැකිය හැකිය.
  • අපගේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ වසර 35 ක් පැරණිය.
  • බ්‍රිතාන්‍යයේ හිටපු කොන්සර්වටිව් පක්ෂ අග්‍රාමාත්‍ය මාර්ගට් තැචර් ලෝකයේ ප්‍රථම විධිමත් පෞද්ගලීකරණ වැඩසටහන පටන් ගත්තේ 1980 දශකයේ මුල්භාගයේ දී ය.
  • රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණයේ දී ටෙන්ඩර් කැඳවා වැඩිම ඉල්ලුම්කරුට ලබාදීම හෝ කොටස් වෙළඳපොලේ කොටස් අලෙවි කිරීම පිළිගත් සම්ප්‍රදාය වූ නමුත් එය උල්ලංඝනය වූ අවස්ථා රාශියක් සහ රජයේ තක්සේරුවට වඩා අඩුවෙන් පෞද්ගලීකරණය සිදුවූ අවස්ථා රාශියක් වාර්තා වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වාමාංශික කඳවුරේ පිරිස් උග්‍ර පෞද්ගලීකරණ විරෝධී ප්‍රතිපත්තියක සිට සිය මතය එළි දක්වන අතර පෞද්ගලීකරණයට පක්ෂ පිරිස් ද විවෘතවම තම අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එළිදක්වමින් තිබෙනු දැකිය හැකිය.  

පාඩු  ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරනය කළ යුතුය. එහි විවාදයක් තිබිය නොහැකිය.  නමුත් ’’ඌරන් කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල් “  පිරුළ සිහිගන්වමින් කණ්ඩායමක් මෙම කලබලයෙන් වාසි ලබා ගැනීමට බලා සිටීති.

අපගේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ වසර 35 ක් පැරණිය. බ්‍රිතාන්‍යයේ හිටපු  කොන්සර්වටිව් පක්ෂ අග්‍රාමාත්‍ය මාර්ගට් තැචර් ලෝකයේ ප්‍රථම විධිමත්  පෞද්ගලීකරණ වැඩසටහන පටන් ගත්තේ 1980 දශකයේ මුල්භාගයේ දී ය.

 ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව 1987 අංක 22 දරන ආණ්ඩුවට අයත් ව්‍යාපාර රාජ්‍ය සංස්ථා බවට පත් කිරීමේ පනත සහ 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් බවට පත් කිරීමේ පනත හඳුන්වාදීමෙන් සහ 1987 පෞද්ගලීකරණය පිළිබඳ ජනාධිපති කොමිසම පත්කිරීමෙන් පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ආරම්භ කරන ලදී.

ජනතාකරණය, පෞද්ගලීකරණය, ප්‍රතිව්‍යුහගත යන කුමන නමින් හැඳින්වුවත් අවසාන වශයෙන් සිදු වෙන්නෙ රජය සතු දේපල පුද්ගලික අංශය වෙත පැවරීමයි.



# රාජ්‍ය ව්‍යවසායේ කලමණාකාරීත්වය පුද්ගලික අංශයට බදු දීම, ව්‍යවසයේ අයිතිය රජය යටතේ තබාගනිමින් කළමනාකාරීත්වය පුද්ගලික අංශයට භාර දීම,

# රාජ්‍ය ව්‍යවසායේ සුළු කොටස් ප්‍රමාණයක් හෝ තීරක කොටසක් රජය සතුව තබාගෙන ඉතිරි කොටස් හා කළමනාකාරීත්වය පුද්ගලික අංශයට පැවරීම (රජය පෞද්ගලික අංශයට වැවිලි සමාගම් බදු දීමේදී ස්වර්ණමය කොටස් හිමිකමක් මහා භාණ්ඩාගාරය වෙත තබා ගත්තේය)

# වැඩි කොටස් ප්‍රමාණයක් රජය සතුව තබාගෙන ඉතිරිය හා කළමනාකාරීත්වය පුද්ගලික අංශයට පැවරීම.

# අයිතිය හා කළමනාකාරීත්වය පුද්ගලික අංශයට පැවරීම යන ක්‍රම යටතේ පෞද්ගලීකරණය  සිදුවිය හැකිය.



රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණයේ දී ටෙන්ඩර් කැඳවා වැඩිම ඉල්ලුම්කරුට ලබාදීම හෝ කොටස් වෙළඳපොලේ කොටස් අලෙවි කිරීම පිළිගත් සම්ප්‍රදාය වූ නමුත් එය උල්ලංඝනය වූ  අවස්ථා රාශියක් සහ රජයේ තක්සේරුවට වඩා අඩුවෙන් පෞද්ගලීකරණය සිදුවූ අවස්ථා රාශියක් වාර්තා වී ඇත.

අපට ඉතිහාසයේ බොහෝ අවස්ථා අහිමි වී ඇත. ගජ මිතුරන්ට සැලකීමෙන් තොරව සහ කොමිස් කුට්ටි කඩා ගැනීමෙන් වියුක්තව පෞද්ගලීකරණය සිදුවිය යුතුය. 1994 නව රජයක් බලයට පත්වීමෙන් පසුව 1986 අංක 1 දරන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පනත හඳුන්වා දුන්නද අපේක්ෂිත අරමුණු ඉටු වූයේ නැත.

නමුත් ටෙලිකොම් හා ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය සාර්ථකව සිදු වුවත් නැවතත් ගුවන් සේවය පවරා ගැනීමට රාජපක්ෂ රජය ක්‍රියා කිරීමෙන් එය  රටට විශාල වැය බරක් වී ඇත


පෞද්ගලීකරණ ක්‍රියාවලියේ සිදුවූ අක්‍රමිකතා  



# 1989 සිට 2001 දක්වා ලංකාවේ රාජ්‍ය සමාගම් අසූවක් පෞද්ගලීකරණය කරන ලදී. 2001 වන විට විකුණා තිබූ රාජ්‍ය සමාගම් හතක් නැවත  පුනරුත්ථාපනය සඳහා රජයට පවරා ගැනීමට සිදුවිය. සිලෝන් ඔක්සිජන් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 68 තක්සේරු කොට තිබුනත් විකුණුවේ ඇමරිකානු ඩොලර් මිලියන 7කටය,

# ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නයිලෝන් 6 ව්‍යාපෘතිය තනි පුද්ගලයකුට විකුණනු ලැබුවේ වටිනාකමට 30% කින් අඩුවෙනි. තුල්හිරිය කම්මල ඇමරිකානු ඩොලර් මිලියන 100 කට තක්සේරු කොට තිබුණද විකුණනු  ලැබුවේ ඩොලර් මිලියන 70 කටය.

# වටිනාකම රුපියල් මිලියන 1200 ක් වූ හිගුරාන සීනි කම්හල විකිණුවේ පියල් මිලියන 128කටය.



‘’ නුරානි උළු මෝල, විජය උළු මෝල සහ ෂෝ වොලස් සමාගම තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට බෙදා දුන්නා’’ නුරානි සමාගම වීකුණන්න advertise කර ටෙන්ඩර් පත්‍රිකා බාරගත් පසු මිලදී ගත් තැනැත්තාට ඒම  මුදල ගෙවන්න අවුරුදු පහලවක් කල් දුන්නා. නුරානි සමාගම වික්කෙ 1986දී 1995 දක්වා installment එකක්වත් ගෙවා තිබුණේ නැහැ. ෂෝ වොලස්  සමාගම විකුනා අවුරුදු නමයක් installment එකක්වත් ගෙවල තිබුණේ නැහැ, ඇමතිවරුන්ගේ  පුතුන්ට, ඇමතිවරුන්ගේ සහෝදරයන්ට ඒවා බෙදා දුන්නා. ඒ විදියට තමයි පෞද්ගලීකරණය කළේ'' ( ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ 1995  දෙසැම්බර් 19  පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත් කෙටුම්පත් විවාදයේදී .)

මේ පෞද්ගලිකරණය කිරීම්  අතර ආයෝජකයාගේ ශක්‍යතාවය හෝ  විද්‍යාත්මක පදනමකින් තොරව සිදුකරන ලද ඒවා රාශියකි. බුහාරි හෝටලය එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිතිය වන ජාතික සේවක සංගමයට ලබා දෙන ලදී. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඒකාබද්ධව තිබූ ලංකා ලුබ්රිකන්ට් සමාගම විකිණීමෙන් පසුව ලිහිසි තෙල් ඒකාධිකාරිය නැවතත් බහු ජාතික සමාගම් වලට හිමිවිය.

පෞද්ගලීකරණයේ දී එක් කොන්දේසියක් වූ සේවකයන්ට 10% ක  කොටස් නිකුත් කිරීම යන කොන්දේසිය සමහර සමාගම් කඩ කළේය. (ලංකා තෙල් හා මේද සංස්ථාව)

කුරුණෑගල වැවිලි සමාගම

2001 මහ මැතිවරණය සහ 2005 ජනාධිපතිවරණයේදී  රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල කරන ලද  ප්‍රබලම  චෝදනාවක් වූයේ කුරුණෑගල වැවිලි සමාගම පෞද්ගලීකරණය කිරීමේදී තමන් සමඟ පෞද්ගලික සම්බන්ධතා ඇති එල් .එච් ප්ලාන්ටේෂන් සමාගමට ලබාදීමට කටයුතු කිරීමේ චෝදනාවයි. මෙය   ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් ප්‍රකාශ කළේ මංගල සමරවිර මහතා විසිනි. රූපවාහිනී වාර්තා වැඩසටහන් පවා මේ සිද්ධිය සම්බන්ධයෙන් නිෂ්පාදනය විය.  

හෙක්ටයාර 4971 ක විශාලත්වයෙන් යුතු කුරුණෑගල වැවිලි සමාගම කළමනාකරණය සඳහා ලබාගත් එල්.එච්. ප්ලාන්ටෂන් සමාගම සමාගම හිමිවුයේ  ලේක්හවුස් ඉන්වෙස්මන්ට් සමාගමටයි. ඒ කොටස්වලින් 0.5 % නාලනී වික්‍රමසිංහ මහත්මියට අයත්ය. 2006 වසරේදී බේරුම්කරණ ක්‍රියාවලියකින් පසු කුරුණෑගල වැවිලි සමාගම නැවත රජයට පවරා ගන්නා ලදී. මෙවැනි තත්ත්වයන් අනාගතයේ ඇති නොවීමට රජය වග බලා ගත යුතුය.


අතීතයේ පෞද්ගලීකරණය කරන ලද  රාජ්‍ය ආයතන ලයිස්තුවෙන් කොටසක් එවකට විකුණලද මුදල ද සමග ඔබගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරමි.  (මූලාශ්‍රය- පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා)

dfgr5554


Rasanga(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com

 

 

 

 
JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...