The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

ප්‍රති ත්‍රස්ත බිය සහ ඉඳුරුවේ ආචාරියා - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

April 5, 2023 • 1:51 AM

ප්‍රති ත්‍රස්ත බිය සහ ඉඳුරුවේ ආචාරියා - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රස්තවාදය යනු දේශපාලනයෙන් ජනතාවට උරුම කර දෙන්නාවු අති භයානතම වචනයයි.
  • එය වැළැක්වීම සඳහා ව්‍යවස්ථාදායකය විසින් අණ පනත් සම්මත කර ඇතත් ත්‍රස්තවාදය නැතත් එම අණ පනත් තවමත් නිරුපද්‍රිතව පවතින්නේය.
  • ත්‍රස්තවාදයක් කොයි මොහොතේ ඒවිදෝ කියා කිසිවකුට කීමට නොහැකි හෙයින් එවන් පනතක් අවශ්‍ය බව අධිකරණ ඇමැතිවරයා කියයි.
  • දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, විපක්ෂයේ දේශපාලන බලවේග ඒ පිළිබඳව දක්වන්නාවු අදහස් සහ අධිකරණ ඇමතිගේ අදහස් අතර ඇත්තේ පරස්පරයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ත්‍රස්තවාදය යනු දේශපාලනයෙන් ජනතාවට උරුම කර දෙන්නාවු අති භයානතම වචනයයි. 'ඊසාන්'ට අනුව එය හා ජීවත් වනවාට වඩා මියයාම, වඩා හොඳම දෙය වන්නේය.



ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය හා දශක ගණනාවක්ම පීඩනයට පත් වු රටකි. එය වැළැක්වීම සඳහා ව්‍යවස්ථාදායකය විසින් අණ පනත් සම්මත කර ඇතත් ත්‍රස්තවාදය නැතත් එම අණ පනත් තවමත් නිරුපද්‍රිතව පවතින්නේය.



ත්‍රස්ත වීම යනු බියෙන් ඇළලීමය. ත්‍රස්තවදයක් නැති විටෙක බියෙන් ඇළලී සිටීමට අවශ්‍යතාවන් නැත්තේය.

කෙසේ වුවද මේ වන විට පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර නව 'ප්‍රති ත්‍රස්ත පනතක්' සම්මත කරගැනීමට ආණ්ඩුව අර අඳින්නේ ය.
සැබැවින්ම මේ මොහොතේ ත්‍රස්තවාදයක් රට තුළ නැති හෙයින් එවන් පනතක් අවශ්‍ය වන්නේ මන්ද?

ත්‍රස්තවාදයක් කොයි මොහොතේ ඒවිදෝ කියා කිසිවකුට කීමට නොහැකි හෙයින් එවන් පනතක් අවශ්‍ය බව අධිකරණ ඇමැතිවරයා කියයි. එසේම එය කියන තරම් භයානක නැති වගද ඔහු කියයි.

එම ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමේ කාරිය වෙනුවෙන් පෙනි සිටින අධිකරණ ඇමැතිවරයාගේ සහතිකයට පටහැනිව රට තුළ එම පනත පිළිබඳව ඉමහත් කැළඹිමක් හටගෙන තිබේ.

දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, විපක්ෂයේ දේශපාලන බලවේග ඒ පිළිබඳව දක්වන්නාවු අදහස් සහ අධිකරණ ඇමතිගේ අදහස් අතර ඇත්තේ පරස්පරයකි.
මේ තරම් කැළඹිමක් එම පනත ගැන ඇති වී ඇත්තේ එය තුළ යම් අහිසි දෑ අඩංගුව පවතින නිසා වියහැකි යැයි විමල් වීරවංශ මහතා කියයි.

ආණ්ඩු පාක්ෂික ඇතැම් මැති ඇමතිවරුන්ට අනුව පනත පිළිබඳව විරෝධය දැක්වීම තේ කෝප්පයේ කුණාටුවක් දැකීම හෝ ඇතිලියේ කිඹුලක් දැකීම හා සමාන අදහසකි. සැබැවින්ම එය එසේමද?



එස්.බි. දිසානායකට අනුව මෙම පනත ගෙන එන්නේ ත්‍රස්තවාදයෙන් ජනතාව ආරක්ෂා කිරීමට නැතහොත් ජනමාධ්‍ය වේදීන්ට ආරක්ෂාව සැපයීමටය.
ජනතාව ආරක්ෂා කර ගත යුත්තේ කිනම් ත්‍රස්තවාදයකින්ද? ජන මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සැපයිය යුත්තේ කිනම් ත්‍රස්තවාදින්ගෙන් ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කරගන්නට ද?



ආණ්ඩුව දකින විපක්ෂය නොදකින මේ ත්‍රස්තවාදය කුමක්ද? ත්‍රස්තවාදීන් කවුරුන්ද?

රවී කුමුදේශ් ට අනුව ආණ්ඩුව ඒ ත්‍රස්තවාදින් කවුරුන්ද කියා හෙළිකළ යුත්තේය.

අධිකරණ ඇමතිවරයාට අනුව කිනම් මොහොතක හෝ එනු ඇතැයි කියන ත්‍රස්තවාදය කුමක්ද?

ඒ පනත ගෙන එන්නේ ආණ්ඩුවේ ඕනෑකමට නම් ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දෙන ත්‍රස්තවාදය කුමක්ද? ත්‍රස්තවාදීන් කවුරුන්ද?

බැලු බැල්මට නම් ආණ්ඩුවට හිසදරයක් වී ඇත්තේ වෘත්තිය සමිති බව පෙනේ. එසේම ජන මාධ්‍යවේදීන් ආණAඩුවට හිසරදයක් වී ඇති බවද පෙනේ. එසේම විපක්ෂයේ ඇතැම් බලවේගද ආණ්ඩුවට හිසරදයකි.

xfhge56



එබැවින් වෘත්තිය සමිති ජන මාධ්‍යවේදීන් විපක්ෂයේ ඇතැම් බලවේග ආණ්ඩුවට හිසරදයක් වී නම් ඒවා සහ ඔවුන් මර්දනය කිරීමටද මේ ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන්නේ. ආණ්ඩුව සැරසෙන්නේ රාජ්‍ය සම්පත් බොහෝ ප්‍රමාණයක් විකිණීමටය. ඒවාට එරෙහි වන්නෝ වෘත්තිය සමිති මිස අන්කිසිවකු නොවේ. විපක්ෂයේ ඇතැම් පක්ෂ මිස අන් කිසිවක් නොවේ. ජන මාධ්‍යවේදීන් මිස අන් කිසිවකු නොවේ.



රාජ්‍ය සම්පත් විකිණීම මිස අන් විකල්ප ආර්ථීක වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැත. ෂඵත‍ උපදෙස් වලට අනුව පාඩු ලබන ආයතන විකුණා දැමිය යුතුවේ. එහෙත් ප්‍රශAනය වන්නේ ටෙලිකොම් වැනි ආයතනය පවා විකිණිමට ආණAඩුව සැලසුම් කිරීමය.

ආණ්ඩුවේ ක්‍රියාදාමයන්ට එරෙහිව නැගී සිටීමට උත්සාහ කරන කවරෙකු හෝ වේවා. කවර බලවේගයක් හෝ වේවා. එය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව පියවර ගන්නේ මෙවැනි පනත් සම්මත කර ක්‍රියාවේ යෙදවීමෙන් නම් එය ඉතා භයානක කටයුත්තකි.  

දැනටමත් පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වරප්‍රසාදයේ කඩවීම සම්බන්ධයෙන් ජන මාධ්‍යවේදීන් දෙසට ආණ්ඩුවේ තර්ජනාංගුලිය යොමු වී තිබේ. එය ක්‍රියාවට නැගීමට නම් ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දමා ආඥාදායකත්වයේ පිළිසරණ සෙවීමට සිදුවනවා ඇත.

ප්‍රතිත්‍රස්ත පනත් තුළ අඩංගුව පවත්නා දෑ පිළිබඳව තවමත් ජනතාව හෝ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දැනුවත් වී නැත.



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව ව දැනගනු ලබන්නේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාව එළැඹී විටදීය. සිදුවන්නට තිඛෙන යමක් තුළ පවත්නා භයානක බව කලින් දැන හඳුනා ගන්නට ලැඛෙන්නේ නම් එම සිදුවීම වැළැක්වීම සමාජයට හිතකර වන්නේය. එහෙත් එය තුළ එවන් භයානක තත්ත්වයක් නැත්තේ නම් කලබල වීමට ද අවශ්‍ය නැත.



එහෙත් විමල් වීරවංශට අනුව මේතරම් කැලැඹිමක් හටගෙන ඇත්තේ යක්ෂයෙක් ඒ තුළ සිටින බැවිනි.

නීති විශාරද ජි.එල් පිරිස් මහතාට අනුව මෙම ප්‍රතිත්‍රස්ත පනත රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහැරීම සඳහා සුදානම් වන මර උගුලකි. ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ කෙරෙන වැරදි වසා ගන්නට අවශ්‍ය කෙමනක්ද?........... එය එසේම සිදුවන්නේ නම් ආණ්ඩුවට සිද්ධ වන්නේ '' ඉඳුරුවේ ආචාරියා˜ට සිද්ධ වන දෙයමය.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...