The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

රටේ රාළ අද වීඩියෝව : ජනතා ද්‍රෝහී පොදු අපේක්ෂකයා කවු ද?

T

The Leader Desk

April 5, 2023 • 6:34 AM

රටේ රාළ අද වීඩියෝව : ජනතා ද්‍රෝහී පොදු අපේක්ෂකයා කවු ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊළඟට එයාලා පොදු අපේක්ෂක මතයට අනවශ්‍ය වටිනාකමක් කෘත්‍රිමව හදන්න හදන බවත් පේනවා.
  • ඇත්තටම කවුරු හරි හිතනවා නම් හෙට දවස වෙනකොට පොදු අපේක්ෂක සංකල්පයට මාර වටිනාකමක් හම්බ වෙයි කියලා, ඒක අමුම අමු මිත්‍යාවක්.
  • ඔයාලට මතක ඇති රටේ රාළට දිගටම විපක්ෂයට කිව්වේ පොදු ජාතික එකඟතාවයකින් වැඩ කරමු කියලා.
  • ඔයාලා දන්නවා 2015 දී මෛත්‍රි තමයි පොදු අපේක්ෂකයා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊළඟට එයාලා පොදු අපේක්ෂක මතයට අනවශ්‍ය වටිනාකමක් කෘත්‍රිමව හදන්න හදන බවත් පේනවා. පොදු අපේක්ෂකයා වෙන්න හිතන අය ගිය සතියට වැඩිය ටිකක් වේගයෙන් දුවන්නත් පටන් අරන්. ඒක නිසා පොදු අපේක්ෂක බලාපොරොත්තු දල්ලාගෙන සිටින සියලු උගත් මහත්වරුන්ගේ පහන් සංවේගය වෙනුවෙන් අද මේ කතාව කියන්න රටේ රාළට හිතුනා.

ඇත්තටම කවුරු හරි හිතනවා නම් හෙට දවස වෙනකොට පොදු අපේක්ෂක සංකල්පයට මාර වටිනාකමක් හම්බ වෙයි කියලා, ඒක අමුම අමු මිත්‍යාවක්. රටේ රාළට කියන්න තියෙන්නේ බොරුවට දුවලා පෙට්‍රල් පුච්ච ගන්න එපා එහෙම එකක් වෙන්න තියන සම්භාවිතාවය ඉතාමත් අඩුයි කියලයි.

ඔයාලට මතක ඇති රටේ රාළට දිගටම විපක්ෂයට කිව්වේ පොදු ජාතික එකඟතාවයකින් වැඩ කරමු කියලා. රටේ රාළ විතරක් නෙවෙයි කරූ ජයසූරියගේ සාධාරණය සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයත් දිගටම ඒ කතාව කිව්වා. පාඨළීත් බොහෝ අවස්ථාවේදී ඒක කිව්වා. ශ්‍රිලනිප නායක මෛත්‍රිත් එහෙම කිව්වා. හැබැයි මේ විපක්ෂයට ඒ කතා හරියට බීරි අලින්ට වීණා වයනවා වගේ. විශේෂයෙන්ම සජබයට සහ ජවිපෙට. සජිත්ටයි, අනුරටයි ජනධිපති හීනය ඉස්මුරුත්ත වෙලා ඇලජික් වෙන තත්වයට ඔන්න මෙන්න කියලා තිබුනේ.

එදා විපක්ෂය පොදු එකඟතා වැඩපිලිවෙලට පයින් ගැසීම විසින් කළේ පොදු අපේක්ෂක සංකල්පය කලල අවස්ථාවට එන්නත් ඉස්සෙල්ලා විනාශ කරලා දැමීමයි.

ඒක නිසා කාටවත් හිතුන පලියට, කාටවත් ජනාධිපති වෙන්න ඕනි උන පලියට පොදු අපේක්ෂකයෙක් හදන්න බෑ. ඒකට පොදු සන්දර්භයක් සහ විභවතාවයක් තියෙන්න ඕනි.

ඔයාලා දන්නවා 2015 දී මෛත්‍රි තමයි පොදු අපේක්ෂකයා. ඇත්තටම කොහොමද එහෙම වුනේ. ඒක බේරගත්තොත් මේ ප්‍රශ්නය ඉබේම නිරාකරණය වෙනවා. ඔයාලා හිතනවාද සෝභිත හාමුදුරුවන්ගේ, එහෙමත් නැත්තං චන්ද්‍රිකාගේ හිතේ ඇති වෙච්චි සිතුවිල්ලක් නිසා එහෙම වුනා කියලා. එහෙම සිතුවිල්ලක් එයාලගේ සිත් ඇතුලේ හටගන්න ඇති. හැබැයි ඒ සිතුවිල්ල ඇති වෙන්න අවශය තත්වයන් සමාජය ඇතුලේ මෝරලා තියෙන්න ඕනි. 2005 දී බලයට ආපු මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපතිධූරයේ බලතල පාව්චි කරගෙන මොනවද නොකළේ?

කොහොමවුනත් යුධ ජයග්‍රහණයේ ගෞරවයේ පංගුවක් මහින්දට තියනවා. ඒක දෙන්න රටේ රාළ එක මොහොතක්වත් පසුබට වෙන්නේ නෑ. හැබැයි මහින්ද යුද්ධ ජයග්‍රහණය පාව්ච්චි කරගෙන සකලවිධ ද්‍රෝහීකම් මේ රටට කළා. ඒ කියන්නත් රටේ රාළ බය නෑ. සියලු වටනාකම් පවුල වටේට ගොඩගහගත්තා. හොරාකන, කොමිස් ගහන අන්ත දුෂිත පාලනයක් ගෙනිච්චා. සියලු ජන කොටස්වල මානව හිමිකම් කඩ කළා. මහින්දගේ පාලනයේ අවසන් කාලය වෙනකොට මහින්ද විතරක් නෙවෙයි සියලු රාජපක්ෂලා රටට එපා වෙලා තිබුණේ.

මහින්ද ඒ ජනතා ද්‍රෝහී දේශපාලනය කළේ විධායක ජනාධිපතිධූරයට මුවා වෙලා. ගල් පැලෙන බොරු බේගල් ඇඳබබා අත්තනෝමතික විධායක බලතල තවත් ශක්තිමත් කර ගත්තා. ඒක නිසා මහින්ද පොදු සතුරා විදිහට දැකපු සමාජයත් එදා නිර්මාණය වුනා. සවිඥානිකව හිතුවොත් මහින්දට විරුද්ධ වෙමින් ජනතාව එදා විරුද්ධ උනේ විධායක ජනාධිපති ක්‍රමයට. විධායකය ජනාධිපතිධූරය ජේආර් හදුන්වා දුන්න දවසේ ඉදන්ම ඒ විරෝධය මේ රටේ තිබුණා. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ඕනි කියන සටන් පාඨය සමාජය පතුලටම කාවැදිලා තිබුණා.

ඇත්තටම විධායක ජනාධිපතිධූරය අහෝසි කරන පොදු අපේක්ෂක සංකල්පය ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ රෝහණ විජේවීර. එදා 82 ජනාධිපතිවරණයේදී විජේවීර ජේආර්ට විරුද්ධව පොදු අපේක්ෂකයෙක් දාන්න සිරිමාවෝ එක්ක කතා කළේ ඒ අර්ථයෙන්. ඒ තමයි අපේ රටේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ආපු පළවෙනි යෝජනාව. ඒත් ඒක යථාර්තයක් කරන්න විජේවීරට බැරිවුනා. 2015 දී ඒක යථාර්තයක් කළේ මාදුළුවාවේ සෝහිත හාමුදුරුවෝ. සෝහිත හාමුදුරුවන්ට ඒක කරන්න අවශ්‍ය සමාජ විරෝධය විධායක ජනාධිපතිධූරයට එරෙහිව ගොඩනැගිලා තිබුණා. රාජපක්ෂලා කරපු තක්කඩි දේශපාලනයත් ඒකට තවත් උදව් කළා. ඒ පොදු සටන් පාඨයට සමස්ථ විපක්ෂයම එකතු කරන්න එදා සොහිත හාමුදුරුවෝ දක්ෂ වුනා. ඇත්තටම සෝභිත හාමුදුරුවෝ නෙවෙයි බුදු හාමුදුරුවෝ හිටියත් එහෙම විරෝධයක් සමාජයේ තිබුණේ නැත්තං කවදාවත් පොදු අපේක්ෂක සංකල්පය යථාර්ථයක් වෙන්නේ නෑ.

එත් අද මොකද්ද තියන තත්වය. කොහේද විපක්ෂය අතේ පොදු සටන් පාඨ තියෙන්නේ. එදා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ සටනට නායකත්වය දුන්න පක්ෂයේ අද නායකයා අනුර දිසානායක. එයා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ සටන් පාඨය අතෑරලා නැද්ද? සජිත් මුලදී බොරුවට කිව්වට විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න එකඟයි කියලා පස්සේ එයත් ඒක අතෑරියා. මම ජනාධිපති උනාම මෙහෙම කරනවා, මෙහෙම කරනවා කියලා ගොං ආතල් ඔය දෙන්නම රටට දුන්නේ නැද්ද? දැන් විධායක ජනාධිපති වෙන්න දුවලා දෙන්නටම හති වැටිලා. දැන් රැල්ලක් ඉවරයි කියලා දෙන්නම පිලි අරන්. ඒ කියන්නේ දෙන්නම පරාජය බාර අරගෙන. දෙන්නගේ තිබුණ බලු පොරයේ හැටියට මේ දෙන්නගෙන් කෙනෙක් පොදු අපේක්ෂකයා කරන්න පුළුවන්ද? අනුරයි සජිතුයි එකට තිබ්බොත් ඉතුරු වෙන්නේ නැටි දෙක විතරයි කියලා කට්ටිය කියන්නේ නිකං නෙවෙයි.

රටේ රාළට පොදු අපේක්ෂකයා වෙන්න බලාගෙන ඉන්න විපක්ෂයේ අනිත් සැදැහැවත් මහත්වරුන් ගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි. පොදු අපේක්ෂකයෙක් වෙන්න කෝ පොදු සටන් පාඨයක් කියලයි. එහෙම නං උස්සන්න තියන එකම සටන් පාඨය රනිල් විරෝධය විතරයි. රනිල් විරෝධය පොදු සටන් පාඨයක් විදිහට උස්සන්න දැන් බෑ. ඒකටත් හේතුවක් තියනවා.

රටේ දැනට නිර්මාණය වෙලා තියන තත්වයන් විසින් පොදු අපේක්ෂක භූමිකාවකට ඉඩක් ඉතුරු වෙලා තියෙන්නේ රනිල්ට විතරයි.....



ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න




 
JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රටේ රාළ අද වීඩියෝව : ජනතා ද්‍රෝහී පොදු අපේක්ෂකයා කවු ද? | The Leader