The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

T

The Leader Desk

April 5, 2023 • 12:06 PM

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත” ජනාධිපති වික්‍රමසිංහ කියා තිබුණේ ලබන ජුනි මස වනතුරු බලාත්මක නොවන බවය.
  • මේ පනතෙහි හොඳ නරක දෙකම ඇතැයි දන්නෝ කියති.
  • එහෙත් එහි මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමක් ඇත.
  • යුධ හමුදා නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමේ පොලිස් බලය ලබාදී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත” ජනාධිපති වික්‍රමසිංහ කියා තිබුණේ ලබන ජුනි මස වනතුරු බලාත්මක නොවන බවය.

 

මේ පනතෙහි හොඳ නරක දෙකම ඇතැයි දන්නෝ කියති. හොඳයැයි දැක්වෙන්නේ ඉවත් කෙරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොවුනු අත්අඩංගුවට ගත් බවට ලිඛිතව දැන්වීම, පෙර පරිදි බලහත්කාරයෙන් ලබා ගන්නා ප්‍රකාශ සාක්ෂි ලෙස යොදා ගැනීමේ ප්‍රතිපාදන මෙහි නොමැතිවීම, කාන්තාවන් පරීක්ෂා කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් පමණක් යොදා ගැනීම, පරිවර්තන ලබාදීම හා දෙසතියකට වරක් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කිරීම වැනි කාරණා ය.

atclk

එහෙත් එහි මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමක් ඇත. යුධ හමුදා නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමේ පොලිස් බලය ලබාදී ඇත. එවගේම හමුදා නිලධාරීන්ට සහ වෙරළාරක්ෂක බලකායට ඕනෑම පුද්ගලයෙකු, වාහනයක්, ඉඩමක් හෝ නිවසක් පරීක්ෂා කිරීමේ සහ ලිපි ලේඛන අත්අඩංගුවට ගැනීමේ බලය ඒ සඳහාවන වරෙන්තු නොමැතිව ලබා දී ඇත. එවැනි බලයක් පොලිසියටවත් නැත. එවගේම මීට පෙර නොතිබුණු වසරක් දක්වා රඳවා ගැනීමේ නියෝග ලබාදීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ පනතින් ලබාදී ඇති අතර, වසරක් රඳවා සිටීමෙන් පසු තවත් වසරක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ හැකිය.

 

එවැනි අප්‍රසන්න ප්‍රතිපාදන තව කිහිපයක් ඇති පනතකින් “ත්‍රස්තවාදය” යනු කවර ආකාරයේ ක්‍රියාවක්දැයි කෙරෙන අර්ථ දැක්වීම් ඉලාස්ටික් පටි මෙන් ඇදිය හැකි හෙයින් මාධ්‍ය කවරක් වූවත් ඒවායේ ගනුදෙනු කරනවුන් ජුනි මාසයෙන් පසු අනුන් කවරක් කියූවත් තමන් ලියන්නේ කියන්නේ මොනවාදැයි ප්‍රවේසම් විය යුතුව ඇත. මෙම පනත් කෙටුම්පතෙහි “ත්‍රස්තවාදය” අර්ථ දැක්වීම එක්සත් ජාතීන්ගේ සම්මුතින් අනුව ජාත්‍යන්තරව පිළිගනු ලබන අර්ථ දැක්වීමට සීමා නොවන්නේ යැයි නීති විශාරද විවරණයකි. එනිසා අර්ථ ගැන්වීම් කෙරෙනු ඇත්තේ බලාධිකාරීන්ට අවශ්‍ය ආකාරයෙන් වුවහොත් කතාව දුර දිග යන්නකි.


එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ට අනුව, (1) මරණය හෝ බරපතල ශාරීරික තුවාල ඇති කිරීමේ, ප්‍රාණ ඇපයට ගැනීමේ සහ මහජනතාවගෙන් කෙනෙකුට හෝ පිරිසකට බරපතල ආපදා හා හිංසන ඇති කිරීමේ අරමුණින් සිදු කෙරෙන ක්‍රියා (2) ජනතාවක් බිය ගැන්වීමට, ත්‍රස්ත පරිසරයක් ඇති කිරීමට, හෝ ආණ්ඩුවකට නැතිනම් ජාත්‍යන්තර සංවිධානයකට කිසියම් ක්‍රියාවක් කිරීමට හෝ නොකිරීමට බල කෙරෙන ක්‍රියා සහ (3) ත්‍රස්තවාදය අර්ථ දැක්වෙන ජාත්‍යන්තර පටිපාට සතු සීමා තුල සිදු කෙරෙන අපරාධ යන ත්‍රිත්ව කාරණා එකට ගත්විට “ත්‍රස්තවාදය” අර්ථ දැක්වෙන්නේය.
 
 
03media

මෙම පනතේ “ත්‍රස්තවාදය” අර්ථ දැක්වීම සඳහා එවැනි සීමා මායිම් සෙවීම අපහසු හෙයින් එය මාධ්‍යවේදීන්ට ප්‍රශ්නයක් විය හැක. පනතෙහි දෙවන කොටසෙහි 3.(1) වන උප වගන්තියේ (අ) අනුව “මහජනතාව හෝ එහි යම් කොටසක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව” යන්න බලධාරීන්ට අවශ්‍ය විටෙක 3.(2)(ඉ) සිට (ඌ) දක්වා සහ (ඒ) ද ඇතුළත් වන වගන්ති සමග ගැට ගැසුවහොත් වරද සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම අයකුට අදාල කළ හැකිය.
 

එබැවින් ජුනි මාසයෙන් පසු ජා.මූ.අරමුදලේ යෝජනා අනුව රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය ගැන ප්‍රවෘත්ති වාර්තාකරණයේදී හෝ විශේෂාංග සැකසීමේදී හෝ අදහස් දැක්වීමේදී හෝ මාධ්‍යවේදීන් ප්‍රවේසම් විය යුත්තේ ඒ කිසිත් 3.(2)(ඊ) යටතේ රාජ්‍ය ව්‍යාපාරවල සේවක සේවිකාවන් “බිය ගැන්වීමේ අරමුණින් යුතුව” නොකළ බවට සනාථ කිරීමට ඉඩ තබා ගැනීමටය.

එවගේම එහි 3.(1)(ඈ) උප වගන්තිය යටතේ “ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම හෝ එහි ස්වෛරී බව කඩ කිරීමේ අරමුණින් යුතුව” යන්න වරදක් යැයි ඇති ප්‍රතිපාදනය අවශ්‍ය නම් දෙමළ ජාතික ගැටළුව වෙනුවෙන් “ෆෙඩරල් පාලනයක්” ගැන ලියන කියන සියල්ලන්ට එරෙහිව බලධාරීන්ගේ තේරීම අනුව 3.(2) යටතේ (ඉ) සිට (ක) දක්වා කවරක් හෝ කිහිපයක් සමගින් අර්ථ ගැන්වීමේ ඉඩ ඇත.

එළෙසින්ම මෙම ත්‍රස්ත විරෝධි පනතේ 3.(1) වන උප වගන්තියේ (ඉ) යනුවෙන් ඇති “යුද්ධයක් සම්ප්‍රචාරය කිරීමේ හෝ වෙනස්කොට සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් සංස්ථාපනය වන ජාතික, ජන වාර්ගික හෝ ආගමික වෛරීභාවය අධිවාචනය කිරීමේ අරමුණින් යුතුව” යන්න 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි (ICCPR) ඇති 03.1 වගන්තියේ දළ උපුටනයකි.  
 

මීට පෙර කිහිප අවස්ථාවකම ICCPRහි 03.1 වන වගන්තිය කණපිට හරවා අර්ථ කතනය කිරීමෙන් පුද්ගලයින් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගත් අවස්ථා ඇත. එහෙත් ICCPRහි 03.1 යටතේ “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැළකීමට එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට පෙළඹවීම සඳහා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පැතිරවීම නොකළ යුතුය” යැයි ඉතා පැහැදිලිව දක්වා තිබෙන්නකි. 

එසේ තිබියදීත් ඊට අදාල නොවන නිර්මාණ, ලිපි සඳහා පමණක් නොව ඇඳුම සඳහාද දෙනු ලැබූ වැරදි අර්ථ කතන සමග සත්කුමාර්, ඩිල්ෂාන් මොහොමඩ්, ආනාෆ් ජසීම්, හසලක මසහිමා අත් අඩංගුවට ගනු ලැබිණ. එපමණක්ම නොවේ. අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු සැකකරුගේ ජීවිත ආරක්ෂාව සහතික කරන මෙන් පොලිස්පතිට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන තැනටද අප පත්ව ඇත.

එවැනි ශ්‍රී ලංකාවක මේ ත්‍රස්ත විරෝධි පනත ක්‍රියාත්මකව තිබුණි නම් එහි 3.(1)(අ) සමග 3.2(ඒ) යටතේ සේපාල් අමරසිංහට වරද පිළිගෙන සමාව අයැද නිදහස් වීමටද ඉඩක් නොලැබෙන්නට ඉඩ තිබිණ. මේ පනතේ “ත්‍රස්තවාදය” පිළිබඳ වරද සඳහා දඩුවම 4.1(ආ) ඡේදයට අනුව, “(අ) ඡේදයේ සඳහන් වැරදි නොවන 3 වන වගන්තිය යටතේ වූ වරදක් සිදුකරනු ලබන්නේ නම් එම තැනැත්තා මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට, අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් මිලියන එකක් නොඉක්මවනු ලබන දඩ මුදලකට යටත් විය යුතු ය” යනුය.
 
 
මේ අවධාරණය සමග නවතිමි. මාධ්‍ය යැයි මා සඳහන් කරනුයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පමණක් නොවේ. වට්ස්ඇප් වැනි පුද්ගල හා කණ්ඩායම් සන්නිවේදන මෙවලම් සමග ෆේස්බුක්, ට්විට, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලත් වෙබ් පුවත් අඩවි සහ වී-ලොග්කරුවනුත් ඇතුළත් සියලු සන්නිවේදන මෙවලම් වලට ය. මහ බැංකු බැඳුම්කර වංචා අවදියේදී ආරක්ෂා සහිතවූ වට්ස්ඇප් තව දුරටත් එසේ නොවන බව මාධ්‍යවේදීන්ද දත යුතුය. එනිසා අද පුද්ගල හා කණ්ඩායම් සන්නිවේදනයේ සිට ජනසන්නිවේදනය දක්වා සියල්ල බලධාරීන්ට විවෘතව පමණක් නොව, ඒවායේ සියලු සන්නිවේදන අවශ්‍ය විටෙක ඔවුන්ගේ සුපරික්ෂාවටද බඳුන් කළ හැකිය. ඒ තාක්ෂණික අවකාශය ඇත්තේ ත්‍රස්තවාදය පිළිබඳ ඉලාස්ටික් අර්ථකතන සහිත නව ත්‍රස්ත විරෝධි පනතක් සමගින් බවද සිහි තබාගත යුත්තකි.
 


kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 අප්‍රේල් 05


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...