The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

රටේ රාළ අද වීඩියෝව : රනිල්ගේ මල්වෙඩි සහ විපක්ෂයේ පුස්වෙඩි

T

The Leader Desk

April 6, 2023 • 10:44 AM

රටේ රාළ අද වීඩියෝව : රනිල්ගේ මල්වෙඩි සහ විපක්ෂයේ පුස්වෙඩි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සජබය ඇතුලේ ඔළුගෙඩි මාරුවක් වෙනවා කියලා කතාවක් ගියා.
  • ඇත්තටම මේ දෙකෙන් එකක්වත් සිද්ධවුනේ නෑ.
  • ඇත්තටම රනිල්ව තම්බන්න විපක්ෂයේ ලුණු ගොරකා ගෑවෙන්නවත් මදි.
  • ඒක අපිට හොඳ වෙන්නත් පුළුවන් නරක් වෙන්නත් පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):



සජබය ඇතුලේ ඔළුගෙඩි මාරුවක් වෙනවා කියලා කතාවක් ගියා. ඊළගට වෘත්තිය සමිති දාහකට වැඩිය ඇවිත් කොළඹදී රනිල් දණ ගස්සවනවා කියලා වෘත්තීය සමිති නායකයෝ කිව්වා.

ඇත්තටම මේ දෙකෙන් එකක්වත් සිද්ධවුනේ නෑ. සජබෙ කඩාගෙන ගියෙත් නෑ. රනිල් දණ ගැහුවෙත් නෑ.

රටේ රාළ කියන්නේ ස්ථිර වශයෙන්ම සජබය කඩාගෙන යනවා. ඒක දින වකවානු සහිතව නම් ගම් එක්ක රටේ රාළ වෙලාවට කියන්නම්. එදා වෘත්තීය සමිති සෙට් එක නං ආවා. ඇවිත් කෑගහලා ගියා.

වසන්ත සමරසිංහ කිව්වේ රනිල් දණ ගස්සන්න දහදාහක් අරගෙන කොළඹ එනවා කියලා. රටේ මෑතකාලින දේශපාලනයේ තියෙන්නේ ලක්ෂ ගණන් පාරට ඇවිත් පාලකයා පන්නපු අද්දැකීමක්. එහෙව් එකේ දහදාහක් කොළඹ ගෙනත් බම්බු ගහන්නද? මොනවද ඉතින් වසන්ත සමරසිංහ හිතාගෙන ඉන්නේ ගෑස් මිල රුපියල් දාහකින් බැස්සුවේ මිනිහා කියලනේ.

04 වෙනිදා උනේ වෘත්තිය සමිතිකාරයෝ ටික කොළඹ ඇවිත් වහසිබස් දොඩවලා යන පරණ වැඩේම තමයි. හැබැයි ඒ වැඩෙන් විපක්ෂයට අත්වෙලා තියන ශෝචනීය ඉරණම ගැන අදහසක් රටට හදාගන්න පුළුවන්.

රාජපක්ෂලා දණ ගැස්සුවා වගේ රනිල් දණ ගස්සන්න, ගෝඨාභය එල්ලෙව්ව විදිහට රනිල් එලවන්න බෑ. ඇත්තටම රනිල්ව තම්බන්න විපක්ෂයේ ලුණු ගොරකා ගෑවෙන්නවත් මදි. එකමදේ විපක්ෂයට ඒක තේරෙන්නේ නැති එකයි.

ඒ නොමේරූකම විසින් විපක්ෂය කරන්නේ හැමදාම කරපු එකම සටන් ආකෘති අරන් පාරට බහින එක විතරයි. බැහැලා පචවෙලා යන එක විතරයි .දැන් රනිල් එයාගේ ලයින් එකේ යනවා. ඒක අපිට හොඳ වෙන්නත් පුළුවන් නරක් වෙන්නත් පුළුවන්.

රනිල්ව වට්ටන්න නං රනිල්ගේ ලයින් එකට වැඩිය හොඳ ලයින් එකක් විපක්ෂයට තියන බව පෙන්නන්න ඕනි. ඒ ලයින් එකට ජනතා විශ්වාසය දිනාගන්න භාවිතාවක් පෙන්නන්න ඕනි. එහෙම නොකර රනිල්ව නවත්තන්න බෑ.

ඒක විපක්ෂය තේරුම් ගන්න ඕනි. මොකද දැන් රනිල් ගහන මල් වෙඩි වැඩ කරන්න පටන් අරන්. විපක්ෂය පුස් වෙඩි ගහද්දී රනිල් මල් වෙඩි ගහනවා. ගෑස් දාහකින් අඩු කළා. තෙල් මිල අඩු කලා.

රටේ රාළ කියන්නේ ඒවා මේ ඇත්ත පදනමින් කරපුවා නොවෙන්න පුළුවන්. ඒකයි රටේ රාළ ඒවාට මල් වෙඩි කියන්නේ. තෙල් මිල අඩුවීමෙන් හැමදේකම මිල යම් ප්‍රමාණයකට අඩුවුනා. රුපියල් දාහකින් ගෑස් මිල අඩුවීම පොකට් එකට සහනයක් නෙවෙයි කියනවා නං එහෙම කියන්නේ ඔළුවේ අමාරුකාරයෝ.

හැමදාම හැමදේම වැඩිවීගෙන ගිය රටේ ඒ වැඩිවීම නැවතිලා අඩුවීම පටන් අරන්. ඒ අඩුවීම වැඩිවීමේ වේගයට සාපේක්ෂව අඩු බව රටේ රාළත් පිලිගන්නවා.

හැබැයි මේ අඩුවීමෙන් ජනතාවට සහනයක් මිසක් අසහනයක් එන්නේ නෑ. අඩුවීම හින්දා විපක්ෂයට නං ලොකු අසහනයක් හැදිලා තියන බව පේනවා.

මේ වෙලාව කියන්නේ ජනතාව රනිල් ගැන අවධානයෙන් ඉන්න වෙලාවක්. එහෙම වෙලාවක පරණ ආකෘතියම කරේ තියාගෙන පාරට බැස්සට ඡනතාවගේ සහයෝගය හම්බ වෙන්නේ නෑ.

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...