The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

රටේ රාළ අද වීඩියෝව : බයියනි, ලෝකය වෙනස් වෙමින් තිබේ

T

The Leader Desk

April 7, 2023 • 7:21 AM

රටේ රාළ අද වීඩියෝව : බයියනි, ලෝකය වෙනස් වෙමින් තිබේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ රටවල් පහට අමතරව ආසියාවේ, අප්‍රිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ රටවල් ගණනාවක් බ්‍රික්ස්ලාත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා.
  • දැන් ඒ ඒක ධ්‍රැවීය ලෝකයේ බටහිර බල ආධිපත්‍යයට අභියෝග කරන රාජ්‍යය පද්ධතියක් නිර්මාණය වෙලා තිබුණ ඒක ධ්‍රැවීය ලෝකය බහු ධ්‍රැවීය ලෝකයක් බවට පත්වෙලා.
  • දැන් බ්‍රික්ස්ලා කරන්න හදන අලුත්ම වැඩේ සමහරවිට ඔයාලා දන්නවා ඇති.
  • ඇත්තටම මේක ඇමරිකන් ඩොලර් එකට එල්ල කරන මරු පහරක්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ රටවල් පහට අමතරව ආසියාවේ, අප්‍රිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ රටවල් ගණනාවක් බ්‍රික්ස්ලාත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා.

පැරණි සෝවියට් දේශය බිඳවැටෙනවාත් එක්ක එතෙක් තිබුණ ද්වි ධ්‍රැවීය ලෝකය බිඳ වැටිලා ඇමරිකාව ප්‍රමුඛ ඒක ධ්‍රැවීය ලෝකයක් නිර්මාණය වුනා. දැන් ඒ ඒක ධ්‍රැවීය ලෝකයේ බටහිර බල ආධිපත්‍යයට අභියෝග කරන රාජ්‍යය පද්ධතියක් නිර්මාණය වෙලා තිබුණ ඒක ධ්‍රැවීය ලෝකය බහු ධ්‍රැවීය ලෝකයක් බවට පත්වෙලා.

මේ බහු ධ්‍රැවීය ලෝකයේ බටහිර විරෝධී රාජ්‍යයන් එක කදවුරකට එකතු වෙමින් තියනවා.

දැන් බ්‍රික්ස්ලා කරන්න හදන අලුත්ම වැඩේ සමහරවිට ඔයාලා දන්නවා ඇති. බ්‍රික්ස් රටවල් අතර වෙළද කටයුතු පහසු කරන්න අලුත් මුදල් ඒකකයක් හදුන්වා දෙන්න යනවා. අගෝස්තු මාසේ දකුණු අප්‍රිකාවේ තියන බ්‍රික්ස් සමුළුවේදී බොහෝ විට මේ මුදල් ඒකකය හදුන්වා දෙයි.

ඇත්තටම මේක ඇමරිකන් ඩොලර් එකට එල්ල කරන මරු පහරක්. ඇමරිකානු ඩොලර් එකට තවමත් තියන ලෝක ආධිපත්‍යයට අභියෝග කිරීමක්. දැනටමත් රුසියාව, චීනය සහ ඉන්දියාව සැහෙන දුරට ඩොලර් භාවිතාවෙන් අයින් වෙලා. යුක්‍රේන යුද්ධයෙන් පස්සේ ඩොලර් භාවිතය 40% අයින් කරන්න ඒ රටවල් සමත්වෙලා.

උදාහරණයක් ගත්තොත් ගිය අවුරුද්දේ රුසියාව සහ චීනය අතර වෙළද වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 190 ක් විතර වෙනවා. මේ සියලු ගනුදෙනු සිද්ධ වුනේ රුසියානු රූබල් සහ චීන යුවාන් වලින්.

 

හේ ඩොනල්ඩ් ට්‍රම්ප් නම් විය...- මහේෂ් හපුගොඩ

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

 

ඩොලරයේ මේ බිඳ වැටීම ගැන හරියටම කියන්නේ දැන් ඇතුලේ ඉන්න ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. ට්‍රම්ප් කියන්නේ මෙහෙමයි.

" අපේ ඩොලරය පහත වැටෙමින් තියනවා. ලෝකයේ අපට හිමි තැන අහිමිවෙමින් යනවා. අපේ බලය අපට අහිමි වෙමින්, කඩා වැටෙමින් සහ අපි ප්‍රතික්ෂේප වෙමින් යනවා. මේක තමයි අවුරුදු 200 කට පස්සේ ඇමරිකාව ලබන දැවැන්තම පරාජය "

ට්‍රම්ප් ජෝ බයිඩන් පාලනය දැඩි ලෙස විවේචනය කරමින් කරපු ප්‍රකාශයක් ඒක.

කොහොම හරි රටේ රාළ ලෝකයේ නිර්මාණය වෙන බටහිර විරෝධී නව කදවුර ගැන අනාවැකිය කිව්වේ මීට අවුරුදු තුන හතරකට උඩදී. ඒ ලෝකය දකින්න, ලෝකය නිවැරදිව තේරුම් ගන්න රටේ රාළ බළකායට පුළුවන් නිසයි."

ඉගෙන ගනිමු ලෝකය තේරුම් ගැනීමට පමණක් නොව එය වෙනස් කිරීමටද ඉගෙන ගනිමු " ඒක තවමත් රටේ රාළ බළකායේ ආදර්ශ පාඨයක්. ජවිපෙ ඒ ආදර්ශ පාඨය අතෑරලා දැන් ගොඩක් කල්. ඇත්තටම ලෝකය ඇතුලේ මේ සිද්ධ වෙන වෙනස තේරුම් ගන්න ගොඩක් අයට බෑ. මේ වෙනස්කම්වලට අදාළ නිවැරදි ප්‍රතිචාර දක්වන්න අපේ දේශපාලන යාන්ත්‍රණයම අසමත්.

 

ලෝකයේ නෙවෙයි ලංකාවේ සිද්ධ වෙන වේගවත් වෙනස්කම් තේරුම් ගන්නත් එයාලා සමත් නෑ. අද අපේ රටේ පක්ෂ, විපක්ෂ සියලු දෙනාම ඉන්නේ දැවැන්ත වික්ෂිප්තභාවයක. ඊළගට වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැතිව.  සජබය අද දැවැන්ත වික්ෂිප්ත භාවයකින් පෙලෙනවා. සජබය නම් කමක් නෑ ජවිපෙත් ඊට එහා ගිය වික්ෂිප්තභාවයකට පත්වෙලා.

 

එදා මහා විශ්ව විද්‍යාලක් උන ජවිපෙ එතෙන්ට පත්වීම ඇත්තටම සෝචනීයයි. මේ වික්ෂිප්තභාවයකට උත්තර හොයන්න ඉස්සෙල්ලා අපි මේ වික්ෂිප්තභාවයකට හේතුව හොයා ගන්න ඕනි.

ඇත්තටම ඒකට හේතුව මේ රටේ මේ කෙටි කාලය ඇතුලේ සිද්ධ වෙච්චි දේශපාලන චලනයන් කියලා කිව්වොත් හරියටම හරි. රටේ අති බහුතර ජනතාව විසින් උත්කර්ෂයට නංවලා ගෙනාව පාලකයා ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය ගෙනාවේ ලකුණු සීයෙන් සියම දීලා. හැබැයි පිට්ටනියට ආපු ගෝඨාභයට එක ලකුණක් ගහන්න බැරිවුනා. බිංදුවට අවුට්.

ජනතාව මහ පාරට ඇවිත් ගෝඨාභය එලෙව්වා .රාජපක්ෂලාගේ පවුලේ බලය ගලවලා දැම්මා. පහුගිය මැතිවරණයේදී එක ආසනයක්වත් දිනාගන්න බැරිවුන, ජාතික ලැයිස්තුවට පිං සිද්ධ වෙන්න මන්ත්‍රීමක් හම්බ උන එජාපයේ නායකයා රටේ බලය ඇල්ලුවා.

රනිල් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව ආවා. එහෙම ආව රනිල් දැන් මේ රටේ ජනාධිපති. ඉතින් මොකාදට වික්ෂිප්ත නොවෙන්නේ. රනිල් ඇවිල්ලා ටික දවසකින් ගෝඨාභය එලෙව්වා වගේ රනිලුත් එලවන්න කට්ටිය පාරට බැස්සා.

සජබය සහ ජවිපෙය කීපාරක් කොළඹ වට කළාද? අන්තරේ නං හිසේ කෙස් ගානට කොළඹ වට කරන්න එන්න ඇති. සමස්ථ විපක්ෂයේම බර දාලා අඛණ්ඩ වැඩවර්ජන, සමස්ථ මහා වැඩවර්ජන කියක් නං කැදෙව්වද? හැබැයි මේ එකකින්වත් රනිල් වැටුනේ නෑ. වැටුනේ රට. රනිල් දවසින් දවස ශක්තිය උකහා ගනිමින් එයාගේ ගමන යනවා.

පහුගිය මාස කීපය ඇතුලේ විපක්ෂය වටේට හිටපු බලවේගය දෑස් අයාගෙන බලා හිටියේ ජවිපෙ හරි, සජබෙ හරි රනිල් එලවන කල්.

හැබැයි ඒ සියලු උත්සාහයන් අසාර්ථකයි. සජබය සහ ජවිපෙ හිටියේ තියන තියන හැම ඡන්දයක්ම දිනන මානසිකත්වයක. ප්‍රාදේශීය සහාව දිනනවා. ඊළගට මහ මැතිවරණයක් අරන් එකත් දිනනවා. ඊට පස්සේ ජනාධිපතිවරණයත් දිනනවා.

ඇත්තටම මේවා හරියට පොඩි එකාගේ හීන වගේ. දැන් සජිත්ගේ සහ අනුරගේ හීන බොඳ වෙලා. ඒ හින කඩා වැටෙනවත් එක්ක සජිත් සහ අනුර වටේ හිටපු මෙලෝ දේශපාලන අවබෝධයක් නැති ගිරාපෝතක සහ වැඩවසම් බයියන්ගේ හීනත් බිමට සමතලා වෙලා. මේ වික්ෂිප්තභාවයට හේතුව ඒකයි.

ඒ කියන්නේ ජයග්‍රහණ නොලැබීම. ජයග්‍රහණ නොලැබෙන්නේ වැරදි දේශපාලන උපක්‍රම හින්දයි. ඊළඟ පියවර ගැන අවබෝධයක් නැති හින්දයි. උපායමාර්ගය පැත්තකින් තියලා මතුවෙන සිද්ධි පස්සේ දුවන දේශපාලන හින්දයි. ජනතාව වෙනුවෙන් දේශපාලනය කරනවා නම් අසාර්ථක හැම පියවරකටම සාර්ථක උත්තරයක් ඊළගට ගේන්න ඕනි.

 

රටේ රාළ කියන්නේ මේ වෙලාවේ රට තියන තත්වයත් එක්ක හිතද්දී අපට වික්ෂිප්ත වෙලා කඩා වැටෙන්න කිසිම අයිතියක් නෑ. වකුටු වෙලා බුදියගන්න කිසිම අයිතියක් නෑ. රට දාලා යන්න කිසිම අයිතියක් නෑ. ඒ වගේම වැරදි දේශපාලන උපක්‍රම තෝරන්නත් කිසිම අයිතියක් නෑ.  හැම වැරදි දේශපාලන උපක්‍රමයකින්ම වාසිය ගන්නේ හතුරා.

 

දැන් අපේ පක්ෂ ඇවිත් තමයි රට හදන්න ඕනි. එහෙම බැරි නං ඕනි එකක් කරගනිල්ලා කියන කතා තවදුරටත් වලංගු නෑ. එහෙම හිටපු අය තමයි අද වික්ෂිප්ත වෙලා ඉන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නයට උත්තරය මොකද්ද කියලා සාකච්චාවක් වහාම ගන්න ඕනි.  

මේ තත්වය රටේ රාළ බළකායට නං හරිම නිරවුල්. මේ වගේ සංසිද්ධි ලෝකයේ සිද්ධ වෙනවා. ඉතිහාසයෙත් වෙලා තියනවා වගේම අනාගයෙත් වෙන්න නියමිතයි. ඒක නිසා ප්‍රශ්නයට උත්තරයක් අපට නං තියනවා. ඒ උත්තරය තියෙන්නේ කවුරුත් දරණ පොදු උත්සාහයක් ඇතුලෙයි.රට උඩින්ම තියගෙන කරන දේශපාලනයක් ඇතුලේයි.

එහෙම කරන දේශපාලන ව්‍යාපාරයකට ඕනි යකෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒකට තියෙන්න ඕනි සද්භාවය සහ සුභවාදය. එතෙන්ට දනුම සහ නිවැරදි උපක්‍රම එකතු වෙන්න ඕනි.

එහෙම දේශපාලන ව්‍යාපාරයකට රනිල් එක්ක නෙවෙයි සජිත්, මෛත්‍රි. අනුර එක්ක නෙවෙයි ඕනි යකෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඇත්තටම අපි ඕනි යකෙකුට බයත් නෑ. ණයත් නෑ.


ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න



JW

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...