The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : කුමන්ත්‍රණ ධනවාදය තුළ පාස්කු අධිෂ්ඨාන - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

April 7, 2023 • 9:27 AM

බල්සාක් කැෆේ : කුමන්ත්‍රණ ධනවාදය තුළ පාස්කු අධිෂ්ඨාන - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජේසුස් ක්‍රිස්තුස්ගේ උත්ථානය මෙනෙහි කරන මොහොත මරණයෙන් සලකුණු කළ කුමන්ත්‍රණ රාජ්‍යයක පාස්කු ආධිෂ්ඨාන විය යුත්තේ ම යුක්තිය පිළිබඳ සටනේ අඛන්ඩතාව සලකුණු කිරීම ය.
  • යුක්තිය වෙනුවට ත්‍රස්තය අධිනිෂ්චය වුණු සමාජ සැකැස්මක ණයට කෑමෙන් ප්‍රීනනය වන බෙලහීන මනුෂ්‍යත්වය වෙනුවට මනුෂ්‍යත්වයේ උදාරභාවය සහතික කරන අරගලය තීව්‍ර කළ යුතුව ඇත.
  • එහි ගොදුරු බවට පත්වන්නන්ට පවා ඒ ගැන ගැඹුරු අවබෝධයක් මතු නොව අල්පමාත්‍ර අවබෝධයකුදු නැත.
  • ප්‍රජාතන්ත්‍රවාදය යනු ‘බහුතරයේ කැමැත්ත’ යන සරලමතික අදහස, සරලවම ගනිමින් ශ්‍රී ලංකාවේ සන්දර්භය මත තබා බැලුව ද එය එසේ නොවන බව පැහැදිලි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජේසුස් ක්‍රිස්තුස්ගේ උත්ථානය මෙනෙහි කරන මොහොත මරණයෙන් සලකුණු කළ කුමන්ත්‍රණ රාජ්‍යයක පාස්කු ආධිෂ්ඨාන විය යුත්තේ ම යුක්තිය පිළිබඳ සටනේ අඛන්ඩතාව සලකුණු කිරීම ය.

 

යුක්තිය වෙනුවට ත්‍රස්තය අධිනිෂ්චය වුණු සමාජ සැකැස්මක ණයට කෑමෙන් ප්‍රීනනය වන බෙලහීන මනුෂ්‍යත්වය වෙනුවට මනුෂ්‍යත්වයේ උදාරභාවය සහතික කරන අරගලය තීව්‍ර කළ යුතුව ඇත. ඒ සඳහා වන ඒකායන මාර්ගය වන්නේ වර්ගවාදී මනසින් ගැළවීම හරහා අත්පත් කරගත යුතු වූ පීඩිතයාගේ ඒකාබද්ධ සටනකි. එකී සටනට අවතීර්ණ නො වුණහොත් අපට සිදුවන්නේ මෙම අපරාධකාරී ත්‍රස්ත රාජ්‍යයේ වෙන් වෙන් ව හෝ ඒකාබද්ධව වැළලී යාමට ය.

 

mw 2

 

ත්‍රස්තවාදයේ මූලය හැම නිතරම රාජ්‍ය අපරාධකාරීත්වය හා බැඳී පවතී. එහි ගොදුරු බවට පත්වන්නන්ට පවා ඒ ගැන ගැඹුරු අවබෝධයක් මතු නොව අල්පමාත්‍ර අවබෝධයකුදු නැත. එහි පවතින්නේ එතරම්ම සාමාන්‍යකරණය වුණු ස්වභාවයකි. එය අධිපති දෘෂ්ටිවාදයේ අඩංගුව බැවින් එහි පංගුකාරීත්වය එය නඩත්තු කිරීමට දායක වන සියල්ලන්ගේම දෛනික ධාරණාවන් තුළ ඓන්ද්‍රීයව පවතින්නකි.

 

ප්‍රජාතන්ත්‍රවාදය යනු ‘බහුතරයේ කැමැත්ත’ යන සරලමතික අදහස, සරලවම ගනිමින් ශ්‍රී ලංකාවේ සන්දර්භය මත තබා බැලුව ද එය එසේ නොවන බව පැහැදිලි වේ. මෙහි බහුතරය යනු පොදු ජන සමාජයේ හරස්කඩක් නොවේ. බහුතර ජනවර්ගයේ කැමැත්ත අධිනිෂ්චය වුණු මෙකී සන්දර්භය වරනඟන්නේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් නොව වර්ගතාන්ත්‍රික රාජ්‍යයකි.

easter attak

පාස්කු දින කුමන්ත්‍රණ බෝම්බ ක්‍රියාවලිය විසින් සලකුණු කෙරෙන සමකාලීන මොහොත යනු කුමන්ත්‍රණ ධනවාදයේ වර්ගතාන්ත්‍රික රාජ්‍යයක ශුද්ධ වූ පිළිබිඹුවයි. අප පසු කරමින් සිටින්නේ, මෙකී ශුද්ධ වූ පිළිබිඹුව ‘නව ත්‍රස්ත’ හැඩයක් වෙත අවතීර්ණ වන නිමේෂයන් ය. ප්‍රචණ්ඩත්වය වැළක්වීම නම් වන ඊනියා ප්‍රතිපදාව ළෙලවමින්,  නව ත්‍රස්ත පනත ලෙස ඉදිරියට පැමිණීමට නියමිතව ඇත්තේ රාජ්‍ය ත්‍රස්තවාදයේ අලුතින්ම වෙස් ගැනවූ 'නර්ගාල්මය' මුහුණවරයි.

 

මැදින් මස මැද කලේලි ගැන්වුණු මේ කෙටුම්පත් ගැසට්ටුව දෙස බලන්න!

‘’ශ්‍රී ලංකාව තුළ හා ශ්‍රී ලංකාවෙන් පිටත දී සිදුකරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින් ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරදිවලින් සහ ත්‍රස්ත්‍රවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිත ක්‍රියාවලින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද, ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා භූමිය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා ද, ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තාවූ යම් තැනැත්තකු හඳුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරබාරයට ගැනීම, රඳවා තබා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම නඩු පැවරීම සහ දඬුවම් ලබා දීම සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස ද, 1979 අංක 48 දරන ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත (තාවකාලික විධිවිධාන) ඉවත් කිරීම සඳහා ද, ඊට සම්බන්ද අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස ද වූ කෙටුම්පතකි.’’

 

1555731 658050228


ත්‍රස්තවාදයේ ගර්භාෂය වන රාජ්‍යය ම ත්‍රස්තවාදය පරිකල්පනය කරයි. පරිකල්පනය කරනවා යනු ම එය තමන්ට කැමති ලෙස අර්ථකතනය කරගන්නට නීතිමය නොහොත් ව්‍යාවස්තාවමය අවකාශ තනා ගැනීමයි. ඉදින්, පාස්කු කුමන්ත්‍රණ බෝම්බයක සෘජු වින්දිතයකු වුව ඒ ගැන මෙනෙහි කරමින් කතා කිරීම අංජලීකරණය වෙමින් පවතින ‘රනිල්කරණීය සමාජයේ’ මරණීය පාපයක් වීමට නියමිතව ඇත. මෙකී ව්‍යවස්තාමය අවකාශය තනා දී ඇත්තේ නියෝජිත වර්ගතාන්ත්‍රවාදයේ ශුද්ධවූ නියෝජිතයන් තෝරා පත් කර ගන්නට සෘජුවම දායක වනු ලබන සමකාලීන වහලා විසින් නොවේද?  ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාහුය තුළ, සමකාලීන වහලාගේ ස්වරූපය ‘මගේ ආදරණීය යක්ෂණී’ කෘතියේ මෙලෙස ලියැවී ඇත.

 

‘’.....හැබැයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදෙ එක වෙනසක් තියෙනවා. ඒ තමයි ඡන්දය හරහා තමන්ගෙ ස්වාමියා තෝරගන්න තමන්ටම පුළුවන් කියලා නූතන වහලා තුළ තියෙන මිත්‍යාමතික ආඩම්බරය. නමුත් ඇත්තටම නම් සිද්ධවෙන්නෙ ඡන්දය හරහා තමනුත් මේ කෘෘරභාවයට හවුල් වෙන එක. කොටින්ම තමන්වම පීඩාවට පත් කරන්න තමන්ගෙම කැමැත්ත දෙන එක’’

asasw

නව ලිබරල් ධනවාදය ලෙස තාක්ෂණිකව නම් කළ හැකි ‘කුමන්ත්‍රණ ධනවාදය’ යනු අධි පරිභෝජනවාදය පෙරබිමට කැඳවා මනුෂ්‍යත්වයේ සාරය මුළුමනින්ම අහෝසි කරනු ලැබූ සමකාලීන මොහොතයි. එය බල පවත්වන රාජ්‍යය යනු ම අපරාධකාරීත්වය වර නඟන්නකි. ප්‍රජාතාන්ත්‍රික යැයි වෙස් ගැන්වූ ව්‍යවස්ථා හා යුක්තිය පසිඳලීමේ අධිකරණ පද්ධති ජාලගතව පැවතිය ද, කුමන්ත්‍රණ ධනවාදයේ මූල ධාර්මික පදනම වන්නේ අයුක්තියයි.  ඒ වනාහී ව්‍යුහාත්මක අයුක්තියකි. එහි, මනුෂ්‍යයා කුළුගන්වා ඇත්තේ අයුක්තියෙන් සංතෘප්ත වීමට ය.

 

පාස්කු දා මෙනෙහි කර ගත යුතු දාර්ශනික ක්‍රිස්තියානිය මුළුමනින්ම එරෙහි වන ‘පාපය’ මෙම සමාජ ව්‍යුහය තුළ අතිශය සාමාන්‍යකරණය වී ඇත. MUNNAKKARE SANSARE 6245546370‘’ඉතින් මිත්‍රවරුනි, අප පීඩිතයා කෙන්ද්‍රකරගනිමින් ක්‍රිස්තු ඉගැන්වීම් නැවත කියවිය යුතු නැද්ද? ඔබ දරිද්‍රතාව සහ සූරාකෑමට ලක්වී ඇත්තේ සමාජයේ ඇති ව්‍යුහයන්ගේ පීඩිතබව නිසයි. පාපය යනු අන් කිසිවක් නො වේ, මෙම පාපී ව්‍යුහයන් දැනුවත්වම නඩත්තු කිරීමයි.’’ කියා ‘මුන්නක්කරේ සංසාරේ’ සඳහන්ව ඇත.

Catholics protest 1

මේ ගැඹුරු ව්‍යුහාත්මක අපරාධකාරීත්වය අවසන් කිරීමට සමාජය විසින් ඉල්ලා සිටිනු ලබන්නේ යුක්තිය පිණිස සා පිපාසා ඇති සියල්ලන්ගේ සවිඥානික මැදිහත් වීමකි. පාස්කු දින කුමන්ත්‍රණ බෝම්බ ක්‍රියාන්විතයෙන් මරණයට පත්වූවන් මෙන්ම එහි ඍජු හා වක්‍ර වින්‍දිතයන් මෙනෙහි කිරීම වෙනුවෙන් ඔවුන්ට යුක්තිය අත්පත් කරදීම වෙනුවෙන් පාස්කු දා උත්ථාන වී යැයි සැළකෙන ජේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් කළ යුත්තේ ඔවුන් වහන්සේ අනුදත් මාර්ගයට අවතීර්ණ වීම ය.

‘’යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; මක්නිසා ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය’’ යැයි ජේසුස් ක්‍රිස්තුස් පවසා වදාළේ කවරක් ද? ජේසුස් ක්‍රිස්තුස් පහදා වදාළ යුක්තිය පිණිස අරගලය අවසන් වන්නේ ස්වර්ග රාජ්‍යයෙනි.

මෙකී ස්වර්ග රාජ්‍ය ඕපාපාතකිව පහළ වන්නක් නොවේ. ස්වර්ග රාජ්‍යය යනු දකින දකින සියල්ලන්ටම ව්‍යුක්තව ප්‍රේම කරමින්, හුදෙකලාව යාච්ඤා කරමින් ‘’ඊනියා හොඳ මිනිහෙකු’’ ලෙස ජීවත්ව හිඳ මරණයෙන් මතු අත්පත් වන පරිකල්පිත ලෝකයක් ද නොවේ.

ස්වර්ග රාජ්‍යය යනු පීඩිතයා අන්‍යෙන්‍ය ප්‍රේමය, සහෝදරත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගොඩනංවනු ලබන යුක්තිගරුක සමාජයයි.

 2021 04 21T153824Z 1255626879 RC2F0N9FYMKC RTRMADP 3 SRI LANKA BLAST ANNIVERSARY

පාස්කු දා කුමන්ත්‍රණ බෝම්බාවලිය යනු ‘කුමන්ත්‍රණ ධනේෂ්වරය’ විසින් යුක්තියේ අරගලය උත්ථාන නොවන වග ධ්වනි නංවන්නට සිදු කෙරුණු සංඛේතමය අපරාධයකි. ඉදින්, යුක්තිය පිණිස සා පිපාසා ඇත්තවුන් යළි සටන උත්ථානයේ මුහුණුවර වෙත කැඳවිය යුතු ය. පාස්කුව යනු මරා දමන ලද යුක්තියේ අරගලය යළි අවදිවන මොහොතයි.

 

දාර්ශනික ක්‍රිස්තියානියේ ඇතැම් ගැඹුරු විශ්ලේෂණයන්ට අනුව ජේසුස් ක්‍රිස්තුස් යනු කිසියම් නිශ්චිත පුද්ගලයකු නොව, පීඩිතයාට පීඩිතභාවයෙන් මිදීම සඳහා ද, දුගියාට දුගීභාවයෙන් මිදීම සඳහා ද, දිළින්දාට දිළිඳුභාවයෙන් මිදීම සඳහා ද ඉතිහාසය විසින් යෝජනා කරන යුක්තිය, සමානත්වය සහ සමාජ සාධරණත්වය පදනම් කරගත් සමාජ සංසිද්ධියකි.

  106901152 gettyimages 1138498129

ජේසුස් ක්‍රිස්තුස් යනු පුද්ගලයකු ඉක්මවූ ඉහත කී ධාරණාවන් සහිත සමාජ සංසිද්ධියක් නම් පාස්කුව යනු කිසියම් නිශ්චිත දිනක් නොව යුක්තිය පිළිබඳ අරගලය නැවත නැගී සිටින ඕනෑම වකවානුවක් වන්නේ වෙයි.



Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com


(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 අප්‍රේල් 09)

Anida


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...