The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

චම්පිකගේ අඩිය ; ලෙස්සන සුළුය...

T

The Leader Desk

April 7, 2023 • 10:48 PM

චම්පිකගේ අඩිය ; ලෙස්සන සුළුය...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු පසුගිය කාලයේ විවිධ පක්ෂ කණ්ඩායම්, සංවිධාන හමුවී මේ පිළිබඳව සාකච්ජා පැවැත්වූ අතර ඒ සියලුම දෙනා සිය අලුත් පක්ෂය තුලට උරාගැනීමට උත්සාහ කරනවා විය හැක.
  • හා තරගයට දකුනේ සිංහල ජනතාව ජාතිවාදය වටා සංවිධානය කල හෙළ උරුමය වැනි පක්ෂයක කොඩිය යටට සිංහල ජාතිවාදී නොවන පිරිස් ගොනු කිරීමේ අපහසුව චම්පික වටහා ගෙන තිබෙනු ඇත.
  • අනෙක් පසින් ආර්ථිකය කෙරෙහි පැවති හෙළ උරුමයේ අදහසෙහි පැහැදිලි ඛන්ඩනයක් මේ මොහොතේදී චම්පික විසින් 43 වෙනි සේනාංකය හරහා මතුකරමින් පැවතීම මේ නව පක්ෂයක් බිහි කිරීමේ ව්‍යායාමය ඉදිරියට ගෙන ඒමට ඔහුගේ සූදානම සාර්ථක වීමටද හේතුවිය හැක.
  • නමුත් 2024/2025 දී ලංකාවේ දේශපාලන බෙදුම් ඉරෙහි එක් පංගුවක් රනිල් වික්‍රමසිංහ විසින් අත්පත් කරගනිමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සැරසෙන බව දැනගන්නට තිබේ. ඔහු පසුගිය කාලයේ විවිධ පක්ෂ කණ්ඩායම්, සංවිධාන හමුවී මේ පිළිබඳව සාකච්ජා පැවැත්වූ අතර ඒ සියලුම දෙනා සිය අලුත් පක්ෂය තුලට උරාගැනීමට උත්සාහ කරනවා විය හැක.

එහි දේශපාලන පුදුමයක්ද නැත. එක් අතෙකින් සිංහල බෞද්ධ ජාතිවාදී ස්ථාවරයක හිදිමින් දෙමල ජනතාවගේ විමුක්ති අරගලය මර්ධනය කිරීම පිනිස ජ.වි.පෙ. හා තරගයට දකුනේ සිංහල ජනතාව ජාතිවාදය වටා සංවිධානය කල හෙළ උරුමය වැනි පක්ෂයක කොඩිය යටට සිංහල ජාතිවාදී නොවන පිරිස් ගොනු කිරීමේ අපහසුව චම්පික වටහා ගෙන තිබෙනු ඇත.

අනෙක් පසින් ආර්ථිකය කෙරෙහි පැවති හෙළ උරුමයේ අදහසෙහි පැහැදිලි ඛන්ඩනයක් මේ මොහොතේදී චම්පික විසින් 43 වෙනි සේනාංකය හරහා මතුකරමින් පැවතීම මේ නව පක්ෂයක් බිහි කිරීමේ ව්‍යායාමය ඉදිරියට ගෙන ඒමට ඔහුගේ සූදානම සාර්ථක වීමටද හේතුවිය හැක.



නමුත් 2024/2025 දී ලංකාවේ දේශපාලන බෙදුම් ඉරෙහි එක් පංගුවක් රනිල් වික්‍රමසිංහ විසින් අත්පත් කරගනිමින් තිබේ. පවතින ආර්ථික අර්බුදයේදී රනිල්ගේ මැදිහත් වීම ඔහුට විපක්ෂ හා විවේචනාත්මක පුද්ගලයන්ගේ හා සංවිධාන වලද පැසසුමට ලක්වෙමින් තිබේ. උතුරු-නැගෙනහිර දෙමල හා මුස්ලිම් ජන්ද වල විශාල ප්‍රතිශතයක් රනිල්ට හිමිවීම තර්කානුකූල වන අතර දකුනේ සිංහල ජන්ද බෙදා හැරීම හා ඒවා අතර තරගයක් ඇතිකිරීමට රනිල්ගේ බල ව්‍යාපෘතිය සමත් වෙතොත් රනිල්ගේ ජනාධිපති සිහිනය 2024 දී සාර්ථක වනු ඇත.



එසේ වූවද, නොවූවද චම්පිකගේ ඉලක්කය 2024 නොවන බව පැහැදිලිය. රනිල්ගේ දේශපාලනය පමනක් නොව මහින්දගේ දේශපාලනයද 2030 දී අවසන් වනු ඇත. පුද්ගලයන් වශයෙන් තමන් ඉහලට ඔසවා තබන ලද සමාජීය දෘෂ්ටිවාදයන් වල අවසන් අවස්ථාව 2024 දී උදාවනු ඇත්තේ කොල/නිල් භේදය අවසන් වීමට සමපාතව ය.

2024 දී අවසන් වනු ඇති සම්ප්‍රදායික සතුරු/මිතුරු බේදයෙන් පසු ප්‍රභූ දේශපාලනය තුල ඇති රික්තකය චම්පිකගේ ඉලක්කය වනවාට සැක නැත. නමුත් චම්පික 2024 දී කරන්නේ කුමක්දැයි යන්න වැදගත් වන්නේ ඔහුගේ ඉදිරි පිම්ම සදහා ඔහුගේ ඉපයීම් වල ඵලදායීතාවය කිරාමැන බැලීමට ය.

චම්පික රනිල්ට සහය දෙන්නේනම් ඒ සඳහා පොහොට්ටුවේ කණ්ඩායම් සමගද චම්පිකට වැඩ කිරීමට සිදුවනු ඇති අතර ඊලග ඔටුන්නට හිමිකම් කියන නාමල්ගේ දෙවෙනියකු වීමට චම්පිකට සිදුවනු ඇත. සජිත් සමග හිටගැනීම වනාහි සියදිවි හානිකර ගැනීමකි. ස.ජ.බෙ. විශාල කන්ඩායමක් රනිල්‍ට එකතුවීම නොවලැක්විය හැකිය. සජිත්ද තමන්ගේ දේශපාලනයේ අනාගතය කෙරෙහි බර තබන්නේනම් රනිල්ගේ පිටුපසින් හිට ගැනීමට සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත.



රනිල්ගේ එ.ජා.ප. ය තුල රනිල්ට පිටුපසින් දෙවන පෙලක් පැවතියද, එය ජාතික නායකත්වයක ගති ලක්ෂන පෙන්නුම් කරන්නේ නැත. අනිත් අතින් ඒ දෙවන පෙල හරහා රනිල් සමග එකතුවන්නන් බෙලහීන කරනු විනා ඊට අවශ්‍ය සහයද ලැබෙන්නේ නැත. රවී කරුනානායක වැන්නෙක් ඉදිරියේදී එ.ජා.ප.යෙන් ඉදිරියට ගැනීමට රනිල් කටයුතු කරනු ඇත්තේද මෙම හිඩැස වසාගැනීමේ උපක්‍රමයක් වශයෙනි.



සිංහල ජන්ද වල සම්ප්‍රදායික කොල/නිල් බේදයේ අවසාන වීමත් සමගම එම ජන්ද පදනම මත පරායත්‍ත වන දේශපාලනය අවසන් වේනම් උතුරු නැගෙනහිර ජන්ද පදනම කෙරෙහිද චම්පිකගේ සූදානමක් තිබිය යුතුය. එය ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තියෙහි වගාකරන ලද ඛන්ඩනය මෙන් පහසු නොවේ.

චම්පික ලංකාවේ දේශපාලනය තුල සලකුනු වී ඇත්තේ සිංහල බෞද්ධ නායකයෙකු හැටියට විනා ජාතීන්ගේ ජාතික නායකයෙකු හැටියට නොවේ. ඔහුට අනන්‍ය වූ දේශපාලන ඇදුම මාරු කිරීම කෙරෙහි ඔහු කොපමණ ධෛර්‍යමත් වන්නේද යන්න බලා සිටීම වැදගත් ය.


(carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...