The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

එන්ට ද ඔන්ට පණුවා ? - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

April 8, 2023 • 5:12 AM

 එන්ට ද ඔන්ට පණුවා ? - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වදනක් ඊට ආදේශ කරන්නේ දක්ෂ වෑල්ඩින් බාස් කෙනෙක් දාරය නොපෙනෙන්නට පාස්සන ආකාරයට ය.
  • මුල් පොටෝවේ ඇත්තේ කඩවසම් පෙනුමක් ඇති තරුණ භික්ෂුවකි.
  • තෙවැන්නේ ඇත්තේ යට කී භික්ෂුව ම යී සිතිය හැකි, ටී ෂර්ටයක් හා ඩෙනිමක් හැඳ, කැප් තොප්පියක් දා ගෙන යට කී රථය ම පසුබිමේ තබා ගත් පොටෝවකි.
  • නූතන තොරණක් වැනි මේ කතා වස්තුවේ මාතෘකාව ලෙස යොදා තිබුණේ 'ඔන්ට-පණුවා' කියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වදනක් ඊට ආදේශ කරන්නේ දක්ෂ වෑල්ඩින් බාස් කෙනෙක් දාරය නොපෙනෙන්නට පාස්සන ආකාරයට ය.

සිල්වෙස්ටර් ස්ටැලෝන්, 'ඉස්ටැන්ලි' වේ.. ආර්නෝල්ඩ් ස්වෙසිනේගර්, 'සුබසිංහ' වේ. ඉන්ටර්සිටි (බස්) ඉන්ද්‍රසිරි වේ ! මෙවන් තවත් දිව උළුක් වෙන ප්‍රංශ ආරෙන් ආ ඉංග්‍රීසි වචනයකට සිංහල වචනයක් යොදා තිබුණේ සමාජ මාධ්‍ය තුල පොඩි කතාවක්, පොටෝ තුනක් ආශ්‍රිත ව කියන ගමන් ය. මුල් පොටෝවේ ඇත්තේ කඩවසම් පෙනුමක් ඇති තරුණ භික්ෂුවකි. දෙවැන්නේ උන්වහන්සේ නවීන මොඩලයේ බීඑම්ඩබ්ලිවු මොටෝ රථයක් සමග පෙනී සිටිති.

තෙවැන්නේ ඇත්තේ යට කී භික්ෂුව ම යී සිතිය හැකි, ටී ෂර්ටයක් හා ඩෙනිමක් හැඳ, කැප් තොප්පියක් දා ගෙන යට කී රථය ම පසුබිමේ තබා ගත් පොටෝවකි. නූතන තොරණක් වැනි මේ කතා වස්තුවේ මාතෘකාව ලෙස යොදා තිබුණේ 'ඔන්ට-පණුවා' කියා ය. මඳ ටියුබ් ලයිට් ම ය මොහොතකින් පසු ව ය මගේ නැණ පහණ පත්තු වුණේ. අපගේ නිර්මාණශීලී කතාකරු ඔන්ට-පණුවා කියා ඇත්තේ ඔන්ට්‍රප්‍රන්‍යුඅර් (entreprenuer) හෙවත් ව්‍යවසායකයාට ය.

enterdragon 210pyxurz
කුඩා කාලේ අප සැම පිස්සු වට්ටන ලද චිත්‍රපට මාලාවක වුයේ කරාටේ ශූර බෘස් ලී චිත්‍රපට ය. 'බිග් බොස්', 'ෆිස්ට් ඔෆ් ෆියුරි', 'වේ ඔෆ් ද ඩ්‍රැගන්' ඒ අතර වූ අතර ඉන් වඩාත් ම මා ඇළුම් කළේ 'එන්ට(ර්) ද ඩ්‍රැගන්' (සිංහල තේරුම: මකරා එන වග හෝ මකරා හමු වන්න ) චිත්‍රපටයට යි. 1973 දී නිෂ්පාදිත මේ චිත්‍රපටය, ලීගේ ජනප්‍රිය ම හා වාණිජ පදනමින් සාර්ථක ම එක ලෙස සැළකේ. චිත්‍රපටය මේ සා ජනප්‍රිය වූයේ එය ලීගේ අවසන් රංගනය වූ නිසා ය. වයස අවුරුදු 32 ක් ව සිටිය දී, ලී අකාලයේ මරණයට පත් විය.

චිත්‍රපටයේ ප්‍රිමියරය ලොස් ඇන්ජලිස් හී පැවැත් වූයේ ලී මිය ගොස් මසක් පිරෙණ කල ය. හොංකොං හා ඇමෙරිකානු හවූල් නිෂ්පාදනයක් වූ මේ චිත්‍රපටයේ පිරිවැය ඩොලර් 850,000 ක් වුව ද එහි ආදායම ඩොලර් මිලියන 400ක් විය (අද වටිනාකමින් ඩොලර් බිලියන දෙකක් පමණ). ඇදහිය නොහැකි වාණිජ සාර්ථකත්වයට අමතර ව එන්ට(ර්) ද ඩ්‍රැගන් ප්‍රේක්ෂක හා විචාරක ප්‍රසංශාවට ලක් වුණේ මාර්ෂල් ආර්ට් සටන් ක්‍රමය ආශ්‍රිත ව Adara 2023නිර්මාණය වූ මනස්කාන්ත කාව්‍යක් වූ නිසා ය.

 අප ගත කරන මේ දේශපාලන මොහොත අතිශය විපරීත ය.  (මාර්තු 31) අරගලය, ජනතා නැගිටීම, ආදරයේ
අරගලය හා වෙනත් ආකාරයෙන් නාමකරණය වූ මාස හතර පහක් (කොළඹ) සමාජයේ මහත් වෙනසක් සෙලවීමක් කළ ඒ ක්‍රියාදාමය ඇරඹුණේ මීට වසරකට පමණ පෙර මිරිහාන පෙදෙසින් ය. ඉන් අනතුරු ව දිග ඇදුණු සති හා මාස කිහිපය ස්මරණය කරන විට සිත කය දෙක ම කිලිපොළා යන සුළු ය. බෘස් ලී චිත්‍රපට සියල්ල ගළපා සකසන ලද මෑශපයක් බඳු ය.
 


ඒ විප්ලවීය කාල වකවානුව ට වසරක් ගෙවන මේ මොහොතේ බොහෝ ඇදුරන් හා සිසුන් කරන්පේනෝ පේරාදෙණිය හා ඒ අවට පෙදෙස්වල කඩා හැලෙන කහ කැට්ස්-පෝ වැල් සමග පොටෝ ගසමින් 'වසන්තය අවුත්' කීම ය. එසේත් නැති නම් මීට මාස කිහිපයකට පෙර පළ වූ පොත පත ගැන විචාර මණ්ඩපවල දෙසුම් පැවැත්වීම ය. වසරකට පෙර කයෙන් හෝ සිතෙන් මොවුන් සිටියේ ගෝල් පීසියේ රත් වුණු අරගලයක ය.

'පැතුවේ ලස්සන දවසක් දවස ම මහා පාරේ' වැනි හැඟුමක් අප සියල්ලන්ට ම මතු වන්නේ, පොලේ ගහලාවත් කඩන්නට බැරි යී කී ගොටාභය ජනපති බාල ඉටි පන්දමක් සේ ඇස් පනා පිට දියාරු වී නිවී ගිය අතර තමන්ගේ පාඩුවේ නෙට්ප්ලික්සයක් බලා හදාගෙන සිටි වික්‍රමසිංහ අගමැති වී ජනපති වීම ය.            

ජනවරමක් නැති ජනපති කියා මතයක් දිවයින පුරා ජනගත වූ අතර, මේ රැල්ලේ ඉහලින් ම ගහගෙන ගියේ රීබ්‍රෑන්ඩ් කරන ලද ජවිපෙ හෙවත් ජාජබය යි. දිවයින පුරා ඔවුන් සංවිධානය කළ රැස්වීම් යෝධ ජනරැලි බවට පත් විය. මාර්තු නමය නියත ජයක් පළාත් පාලන ආයතන වෙතින් ලබා, ඉන් අනතුරු ව රටේ බලය හා නායකත්වය ද ඔවුන් නතු කර ගැනුම ප්‍රක්ෂේපිත සිනාරියෝව විය.

බෘස් ලී ගේ 'බිග් බොස්' මෙන් අපේ වාහේ ද අමුතු අඩව්වක් අල්ලා මේ සියලු සිනාරියෝ සිනාවට භාජනය කර සුණු විසුණු කර දැමුවේ ය. මේ ආතක් පාතක් නැති දේශපාලන අවකාශයේ බොහෝ දෙනා අනාත කඳවුරු බලා ගමන් කරමින් සිටින අතර කිහිප පොලක් යම් නවමු පොටකට ලක ලැහැස්ති වෙනු පෙනේ. ඔවුන් එන්ටර් වන්නේ ඔන්ටර් පණුවා වෙත ය. මෙය මුලින් ම පටන් ගත්තේ දිලිත් ජයවීර මහතා ය.

337499803 102380332810559 5363825743766956693 n

 සාර්ථක ව්‍යාපාරිකයෙකු හා උපාය මාර්ගිකයෙකු (ස්ට්‍රැටජිස්ට්) වන ජයවීර මහතා පශ්චාත් අරගල කාලය තුල රාජපක්ෂ කදවුර පිලිබඳ නිර්දය හා අභීත විවේචනයක් කර ඒ දේශපාලන කලාපයෙන් ඈත් විය. ඉන් අනතුරු ව ඔහු රට පුරා සැරි සරමින් ජනතාව හමු වනු අපට පෙනේ. ජයවීර මහතාගේ දේශන මාලාවේ සාරය, නවමු ව්‍යවසායකත්වයක් ගොඩ නගා රට ගොඩ නගන්නේ කෙසේ ද යන්න ය. බොහෝ ඔන්ට-පණු කොන්සල්ටන්ට්වරු කිරි ටොපි වෙළෙඳාමක් වත් කර නැත. ඔවුන් කරන්නේ කටින් බතල කොළ සිටු වීම ය. යම් යම් මත බේදාත්මක කරුණු ඈඳී තිබුණත් ජයවීර මහතා තම කතාව ක්‍රියාවෙන් ඔප්පු කළ අයෙකි. කතා කරන දේ හි ඇති අන්තරගතයට අමතර ව ඔහුගේ ඇති කැරිස්මැතික ගතිය නිසා ජනතාව සමග ඔහු කරන මේ සංවාදය හොඳින් පත්තු වන සෙයක් පෙනෙයි. ජයවීර මයාගේ මේ ගමන දේශපාලන දිශානතියකට මුල පිරීමක් ලෙස සමපේක්ෂණය වේ.  

            338004996 580740177423466 2634686495469931494 n

මේ අතර වාරයේ, පා.ම චම්පික රණවක මහතා ද ඔන්ට-පණු ව්‍යායාමයක් ඊයේ පෙරේදා දියත් කළේ ට්‍රස්ට් ලංකා කියා ය. ඒ සංවිධානයේ අරමුණ මේ අර්බුද සමයේ ව්‍යවසායකයින්ට හිස ඔසවන්නට උපදෙස් හා සහයෝගය දීම යි. රණවක මයා ව්‍යාපාර ම කර නැතත්, ව්‍යාපාර ඒකක (බිස්නස් යුනිට්ස්) අර්ථයෙන් තමන්ට පවරණ ලද අමාත්‍යංශ කාර්යක්ෂම ව හා ඵලදායි ලෙස කළමනාකරණය කළ ප්‍රසංශාව හිමි කර ගත් අයෙකි. මේ නව ව්‍යාපාරය දියත් කළ උත්සවයට ජයවීර මහතා ද පැමිණ සිටි බව ද දැක බලාගත හැක. රණවක මයා පැහැදිලි ව ඉන්නේ නායකත්ව අභිලාශ මං තීරුවක බව රහසක් නොවේ.

මේ තරම් සංවිධානාත්මක ව හා පුළුල් ලෙස නොකලත් ව්‍යවසායකත්වයේ අගය ගැන පැතුම්ලා රසිකලා ද කෙටි දේශන පවත්වමින් නායකත්ව අහිලාශ අතුරු පාරවල් හා දෙවැටවල් අතර සිටිනු ද පෙනේ. මෙලෙස ගියහොත් 'පුරවැසියා' වෙනුවට නොබෝ දිනකින් ව්‍යවසායකයා ආදේශ වීමට ද ඉඩ ඇති බව ද කෙනෙකුට සිතිය හැක.

ඔන්ට-පණු ප්‍රවේශයේ විභවතාව ගැන අපට තාමත් නිගමනයකට පැමිණිය නොහැක. එහෙත් මේ සූත්‍රයෙන් ම ඉහලට එන්නට උත්සාහ කළ පල්ලෙවත්ත මහතාවත්, නැඟි වේගයෙන් ම බැස ගිය දෙස්පලු සඳක වූ ධම්මික පෙරේරා මහතාවත් මේ අවස්ථාවේ ස්මරණය කරන්නේ 'උගත් පාඩම්' වශයෙන් ජයවීර හා රණවක ද්වයට ප්‍රයෝජනයට ගැනුම පිණිස ය. බෘස් ලී මිය යන්නට පෙර භාගෙට ශුටිත පටි වලින් නිර්මාණය කළ චිත්‍රපටයේ නම 'ගේම් ඔෆ් ඩෙත්' හෙවත් මරණයේ ක්‍රීඩාව වූ බව ද ඒ සමග ම කිව යුතු ය.


Udan fernando

 

 

 


(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...