The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සතුට සදන බොරු

T

The Leader Desk

April 9, 2023 • 9:49 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සතුට සදන බොරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් ලෝකයේ සිටින සෑම විවාහකයකුම මෝඩයකැයි කීමට තරම් මම මෝඩ නොවන අතර, අවිවාහකයන් යනු නුවණක්කාරයන් යැයි කීමටද ඉක්මන් නොවෙමි.
  • එය ජනප්‍රිය සරදමක් වූ පසු අප්‍රේල් පළවැනිදා පුවත්පත්වල මුල පිටුවේ ඇති 'බොරු පුවත' කුමක්දැයි සෙවීමටද පාඨකයෝ උනන්දු වූහ.
  • මෙවරද අප්‍රේල් පළවැනිදා පුවත්පතක් අතට ගත් මම, එහි මුල පිටුවේ ඇති 'බොරුව' කුමක්දැයි සෙවීමි.
  • හැමතැනම ඇත්තේ බොරු සේ පෙනෙන ප්‍රවෘත්තිය!
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් ලෝකයේ සිටින සෑම විවාහකයකුම මෝඩයකැයි කීමට තරම් මම මෝඩ නොවන අතර, අවිවාහකයන් යනු නුවණක්කාරයන් යැයි කීමටද ඉක්මන් නොවෙමි.

මීට මඳ කලකට ඉහත අප්‍රේල් පළවැනිදා පුවත්පත්වල පාඨකයා රවටනු පිණිස කුමක් හෝ බොරු ප්‍රවෘත්තියක් පළ කිරීම සිරිතක්ව තිබුණි. එය ජනප්‍රිය සරදමක් වූ පසු අප්‍රේල් පළවැනිදා පුවත්පත්වල මුල පිටුවේ ඇති 'බොරු පුවත' කුමක්දැයි සෙවීමටද පාඨකයෝ උනන්දු වූහ. ඔවුන්ට එය නොදැනෙන සේ නිර්මාණය කිරීමට පුවත්පත් කතුවරු උත්සාහ ගත්හ.

මෙවරද අප්‍රේල් පළවැනිදා පුවත්පතක් අතට ගත් මම, එහි මුල පිටුවේ ඇති 'බොරුව' කුමක්දැයි සෙවීමි. හැමතැනම ඇත්තේ බොරු සේ පෙනෙන ප්‍රවෘත්තිය! ඇත්තක් සේ කියා ඇති බොරුය. ඒ අතින් බලන කල සිරි ලංකාවේ පත්තරවලටත්, පාඨක අපටත් 'මෝඩයාගේ දවස' කියා වෙනසක් නැත. තුන්සිය හැටපස් දවසම අප්‍රේල් පළවැනිදාවකි. අවුරුද්ද පුරාම අපි 'ඒප්‍රිල් ෆූල්ස්' (April fools) ලාය.

 

Newspapers 1 1200x550 1

මේ බව වටහාගෙන ඇති නිසාදෝ, සිරි ලංකාවේ පුවත්පතක්ද අප්‍රේල් පළවැනිදාට අමුතුවෙන් බොරුවක් ගොතා පාඨකයා ඇන්දවීමට යන්නේ නැත. මෙරට පුවත්පත් බලන්නකුට වැටහී යන්නේ සිරි ලංකාවේ තරම් ජෝකර්ස්ලා සහ ෆූල්ස්ලා ලෝකයේ වෙන කොහේවත් නැති බවය.

අපේ රටේ විහිළු සපයන්නන් නොහොත් ජෝකර්ස්ලා වූයේ දේශපාලනඥයන්ය. මෝඩයන් නොහොත් 'ෆූල්ස්'ලා බවට පත්වූයේ ජනතාවය. නිකම්ම නිකං ෆූල්ස්ලා නොව බ්ලඩි ෆූල්ස් (Bloody fools) ලාය.

මෙකී බ්ලඩි ෆූල්ස්ලා විසින් බලයට පත් කරනු ලබන බ්ලඩි ජෝකර්ස්ලා වරින් වර මේ අසරණ රට බ්ලඩ් බාත් එකක් (ලේ විලක්) බවට පෙරුලූහ.

 

hilalry c

එක් අප්‍රේල් 1 දාවක අමෙරිකානු පුවත්පතක් වාර්තා කළේ එරට ජනපති ආර්යාව වූ හිලරි ක්ලින්ටන්ට විශ්වවිද්‍යාලයක මහාචාර්ය ධූරයක් පිරිනමා ඇති බවත්, ඇගේ එක් විෂයයක් වනුයේ 'අරාබි වසන්තය' (අරාබි රටවල නැගි තරුණ අරගල මාලාව) බවත්ය. පසුව එය තවත් එක් අප්‍රේල් ලණුවක් බවට හෙළි විය.

සිරි ලංකාවේ දේශපාලනයේ ආචාර්ය - අනාචාර්යවරු බොහෝය. ඔවුන්ගෙන් බහුතරය වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩ නොවූ පින් ආචාරියවරුය. එහෙත් ඔවුන් තම ආචාරි පට්ටම් නමට කලින් යොදාගන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මේ රට මෝඩයන්ටම ගැලපෙන තැනක් බවට එය ද හොඳ නිදසුනකි.

ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ සිද්ධාලේප නිෂ්පාදක, සුප්‍රකට ව්‍යාපාරික වික්ටර් හෙට්ටිගොඩ මහතා තම ජයග්‍රහණයෙන් පසු සෑම ශ්‍රී ලාංකිකයකුටම කිරි හරකකු බැගින් ලබා දෙන බව සිය මැතිවරණ ප්‍රකාශනයෙහිලා කියා සිටියේය. ඔහුගේ අරමුණ කෙසේ වෙතත්, එය ප්‍රතිවාදීන්ගේ උපහාසයටත්, හාස්‍යයටත් ලක් විය. එක් කාටූන් ශිල්පියකු එය සරදමට ලක් කළේ අඩු ආදායම්ලාභී තට්ටු නිවාසයක කවුළු තුළින් හරකකු හිස පිටතට දමා සිටින අයුරු දක්වමිනි.

 122958372 cow1

ඉන්දියාවේ ප්‍රාන්ත පුවත්පතක්ද එරට මැතිවරණයක් ආසන්නයේ මීට සමාන අප්‍රේල් 1දා බොරුවක් පළ කළේය. ඉන් කියැවුණේ කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළහොත් එම ප්‍රාන්තයේ දිළිඳු ජනතාවට කිරි හරකකු හෝ එළුවකු ලබා දෙන බවකි. ඒ වෙනුවට ජනතාව කළ යුත්තේ සතියකට වරක් රජයට කිරි ලීටරයක් ලබා දීම පමණි. ඒ සඳහා ද මුදල් ගෙවනු ලැබේ.

මෙය ඉන්දියාවේ දිළිඳු ජනයාට ඉතා ආකර්ශනීය ඡන්ද පොරොන්දුවක් වූ බවට සැකයක් නැත. මැතිවරණයෙන් කොංග්‍රස් අපේක්ෂකයා ජය ගත්තේය. ඔහුට ඡන්දය දුන් නූගත් දිළිඳු ජනයා, කිරි හරකා හෝ එළුවා ඉල්ලන්නට පටන් ගත්තේ තමන් 'අප්‍රේල් ලණුවක්' කෑ බව නොදැනය.

අප්‍රේල් පළවැනිදා ලණු දීම දැන් නැවතී ඇතත්, යම් හෙයකින් මට ඒ සඳහා අවස්ථාවක් ලැබුණි නම් ඇඹරීමට කැමති ලණු කිහිපයක් මෙසේ දක්වමි.

1. සිරි ලංකාවේ බන්ධනාගාරවලට අමෙරිකාවෙන් විදුලි පුටු.
- මරණ දඬුවම ළඟදීම නැවත ක්‍රියාත්මක වේ.

2. අරාබි රටවල් කිහිපයකින් සිරි ලංකාවට වසර පහකට නොමිලේ ඉන්ධන.
- සියයට පනහකින් තෙල් මිල වහාම පහළට.

3. මැතිවරණ ක්‍රමය අහෝසියි.
- සෑම පක්ෂයකටම වසර පහ බැගින් රට පාලනයට වරම් - වයස 60 ට වැඩි පුද්ගලයන්ට පාර්ලිමේන්තුව තහනම්.

4. ඇමැතිවරු දහ දෙනෙක් ඔවුන් ලබාගත් කොමිස් මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට පවරා දේශපාලනයෙන් සමුගනිති.

5. වෘත්තීය සමිති නායකයන්ට අදාළ ක්ෂේත්‍රයන්හි රාජ්‍ය ඇමැතිකම් දීමට තීරණය වේ. මේ නිසා නුදුරු අනාගතයේදී වැඩවර්ජන නැති සිරි ලංකාවක් බිහිවන ලකුණු.

ප.ලි.
බොරුවකින් වුවත්, කොතරම් සතුටක් ලැබිය හැකිද?



Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)





JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...