The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

රටේ රාළ අද වීඩියෝව : රනිල්ට යෝජනා දෙකක්

T

The Leader Desk

April 9, 2023 • 11:17 AM

රටේ රාළ අද වීඩියෝව : රනිල්ට යෝජනා දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම තවමත් ඒ යෝජනා දෙක වලංගු යෝජනා දෙකක්.
  • දැන් තියන තත්වය අනුව සර්වපාක්ෂික ආණ්ඩුව යථාර්ථයක් කරන එක ලෙසි වැඩක් නෙවෙයි.
  • උපරිම වැඩපිලිවෙලත් එක්ක එකඟ අයට ආණ්ඩුව ඇතුලට ඇවිත් සහය දෙන්න පුලුවන්.
  • ආණ්ඩුව සහ IMF අතර ඇතිවුන එකඟතා රටේ නීතියක් බවට පත්කරන බව කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇත්තටම තවමත් ඒ යෝජනා දෙක වලංගු යෝජනා දෙකක්. නිර්පාක්ෂික ජනාධිති භූමිකාවකට පණ දෙන්න රනිල් සමහර අවස්ථාවලදී උත්සහ ගත්තත් ඒක අඛණ්ඩ ක්‍රියාවලියක් විදිහට ඉස්සරහට ආවේ නෑ. ඒකට හේතුව රනිල්ගේ නිර්පාක්ෂික භූමිකාව සර්වපාක්ෂික ආණ්ඩු ක්‍රියාවලියත් එක්ක ගැට ගැහිලා තිබීමයි.

 

මේ දෙක එකිනෙකට සේවය කරමින් ගමන් කරන්න ඕනි. දැන් තියන තත්වය අනුව සර්වපාක්ෂික ආණ්ඩුව යථාර්ථයක් කරන එක ලෙසි වැඩක් නෙවෙයි.

ඒක නිසා රටේ රාළ අද තීරණය කළා රටේ රාළ බළකායේ Plan B එක එලියට දානවා.

විපක්ෂයත් පාර අසන්නේ රනිල්ගෙනි


මෙතනදී නිර්පාක්ෂික ජනාධිති භූමිකාවකට අදාළ යෝජනාව එහෙමම තියෙද්දී සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාවට රටේ රාළ සංශෝධනයක් ඉදීරිපත් කරනවා.

එතනට ජාතික එකඟතා ආණ්ඩුවක් කියන යෝජනාව එකතු කරනවා.

නිර්පාක්ෂික ජනාධිති භූමිකාව සහ ජාතික එකඟතා ආණ්ඩුවක් කියන නව සංශෝධනය තමයි අවසන් යෝජනාව.

මෙතනදී ජාතික එකඟතා සහිත ආණ්ඩුවේ උපරිම සහ අවම වැඩපිලිවෙලක් තියෙන්න ඕනි. ඒක අපට හදන්න බෑ. ඒක ඉදිරිපත් වෙන්න ඕනි රනිල්ගේ පැත්තෙන්.

උපරිම වැඩපිලිවෙලත් එක්ක එකඟ අයට ආණ්ඩුව ඇතුලට ඇවිත් සහය දෙන්න පුලුවන්. අවම වැඩපිලිවෙලට එකඟ අයට විපක්ෂයේ ඉඳන් සහය දෙන්න පුළුවන්.


ඊළඟට මෙතනදිත් වැදගත් වෙන්නේ රනිල්ගේ නිර්පාක්ෂික ජනාධිති භූමිකාව.

 

රනිල් නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවකට පණ පොවන්න හදන්නේ සවිඥානිකවද කියන ප්‍රශ්නය තවමත් රටේ රාළට නිරවුල් නෑ. කොහොම උනත් ආර්ථික අර්බුදයට උත්තරය විදිහට රනිල් IMF ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියනවා.

 

ආණ්ඩුව සහ IMF අතර ඇතිවුන එකඟතා රටේ නීතියක් බවට පත්කරන බව කියනවා.

ජනසභා නමින් පිහිටවන ස්වාධීන පුරවැසි කමිටු ක්‍රියාවලියක් මගින් පුරවැසි බලය ශක්තිමත් කරන බව රනිල් කිව්වා.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රියාවලිය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර ගන්න බවත් රනිල් කියනවා.

දූෂණ විරෝධී පණතක් පාර්ලිමේන්තුවට ගේන්න රනිල්ගේ සූදානමක් තියනවා.

ඇත්තටම එහෙම සාධනීය වැඩ කොටසක් කෙරෙන අතර තුර ප්‍රතිත්‍රස්ත පනත වගේ ඒවත් එනවා. ජාත්‍යන්තර වශයෙන් දිගින් දිගටම අපට එන බලපෑමක් විදිහට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කිරීම සදහන් කරන්න පුළුවන්.

ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළාට පස්සේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යෝදා ගත්තේ රාජ්‍ය මර්ධනය වෙනුවෙන්. ආණ්ඩුව විරෝධී ජනමතය මර්ධනය කරන්න.

 

ප්‍රති ත්‍රස්ත බිය සහ ඉඳුරුවේ ආචාරියා - (මහිම සුජීව ගමගේ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ජාත්‍යන්තර වශයෙන් තියන ඉල්ලීමට වඩා බරපතල බලකිරීමක් අපේ සමාජය ඇතුලේ තියනවා.

 

ත්‍රස්තවාදය සම්බන්ධ විග්‍රහයක් කරගනිමින් නැවත ත්‍රස්තවාදය ඇතිවීමේ ඉඩ අහුරන්න ඕනි. ඒ ගැන කිසිම තර්කයක් නෑ. හැබැයි ත්‍රස්තවාද කියන වචනයට මුවාවෙලා මහජන පීඩාකාරී පනත් ගේන්න හදනවා නං එතන බරපතල වැරැද්දක් තියනවා.

 

තවමත් ප්‍රතිත්‍රස්ත පනතේ සම්පුර්ණ අඩංගුව මොකද්ද කියන්න අපි දන්නේ නෑ .කොහොම උනත් ප්‍රතිත්‍රස්ත පනතට බරපතල සමාජ විරෝධයක් දැනටමත් හැදිලා ඉවරයි. ඒක නිසාම ආණ්ඩුවට යම්තාක් දුරකට ප්‍රතිත්‍රස්ත පනත අකුල ගන්න වෙලා.

 

මෙතනදී හැබැයි එකක් කියන්න ඕනි. දැන් මේ ගේන්න හදන ප්‍රතිත්‍රස්ත පනත අලුත් එකක් නෙවෙයි ගෝඨාභයගේ කාලේ ගේන්න හදපු එකමයි කියලා කතාවකුත් යනවා.

එහෙම නම් හිතන්න වෙන්නේ ගෝඨාභයට ලණු දුන්න කට්ටිය රනිල් වටේටත් හිටගෙන ලණු දෙන්න පටන් අරන්ද කියලයි.

21 වෙනි සංශෝධනය විදිහට ආවේ ගෝඨාභයට ඕනි විදිහට හදපු සංශෝධනයක්. ඒ වගේම PTA  එක විදිහට එන්නෙත් එහෙම එකක් නං විඡේදාස රාජපක්ෂගේ භූමිකාව සම්බන්ධ බරපතල සැකයක් රටේ රාළට නං මතුවෙනවා.

 

ප්‍රතිත්‍රස්ත පනත: අධිකරණ ඇමති ගෙන් සිවිල් සංවිධාන නියෝජිතයින්ට සහතිකයක් !

ඇත්තටම ඔයවගේ අවස්ථාවලදී විජේදාසගේ භූමිකාවේ ප්‍රශ්නගත එකක්.

ගෝල්ෆේස් අරගලය අවසානයේ නිර්මාණය උන ප්‍රචණ්ඩ ක්‍රියා රටේ රාළ බලකාය කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒ ප්‍රචණ්ඩත්වයේ වගකීම මහින්ද බාරගන්න ඕනි.

කොහොම උනත් ප්‍රතිත්‍රස්ත පනත හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් කප්පාදු කරලා පොහොට්ටුව සතුටු කරලා එලියට ගන්න හදන වැඩක් මෙතන තියනවද කියලා සැකයත් රටේ රාළට තියනවා.

 

හැබැයි කවුරු හරි හිතනවා නම් නීති දාලා, දණ්ඩන පනවලා, ජනතා අයිතිවාසිකම් කප්පාදු කරලා, මාධ්‍ය මර්ධනය කරලා. සාධාරණ වෘත්තීය අරගල මර්ධනය කරලා ජනතා නැගිටීම් නවත්තන්න පුළුවන් කියලා ඒක නං විහිළුවක්.

 

ඒවයින් නවත්තන්න පුළුවන් සජබය සහ ජවිපෙය කරන පන්නයේ ශෝබන අරගල විතරයි. නැත්තම් පහුගිය කාලේ සිද්ද වෙච්චි මොට්ට වෘත්තීය සමිති අරගල විතරයි. ජූලි 09 වෙනිදා ඇතිවූ පන්නයේ සැබෑ ජනතා නැගිටීම් නවත්තන්න ඔය නීතිරීතිවලට බෑ.

දැන් ආණ්ඩුව පැත්තෙන් ඉස්සෙල්ලාම ජාතික එකඟතා ආණ්ඩුවක් සදහා තමන්ගේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න ඕනි. ඒක කියන්නේ දේශපාලන වැඩක්. ඒ හිඩැස පුරවන්න ඕනි එක්සත් ජාතික පක්ෂය. ඒ සදාචාර බලය රනිල් දැන් එජාපයට අරන් දීලා තියෙන්නේ.

 

Featured

හැබැයි ඒ වැඩේට සාපේක්ෂව එජාපය නං තවමත් ඉන්නේ මර නින්දේ. එජාපයේ වජිරලා, රවීලා, රුවන්ලා, සාගලලා, රංගේලා, නවීන්ලා, අකිලලා මොකද කරන්නේ කියන ප්‍රශ්නය රටේ රාළ තියනවා. කවුරුවත් එජාපය ඇතුලේ එහෙම ජාතික දේශපාලන භූමිකාවකට පණ පොවන්නේ නෑ.

විපක්ෂයට පොදු වැඩපිලිවෙලකට එකඟ වෙන්න බැරි උනත් සජබය, ජාජබය, 43 සේනාංකය, ශ්‍රිලනිපය වෙන වෙනම තමන්ගේ වැඩපිලිවෙල ඉදිරිපත් කරලා තියනවා. ඒයාලා ඒවා කරේ තියාගෙන යනවා.

ඊට අමතරව කරූගේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයත් ස්වාධීන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තියනවා.

හැබැයි එකට වැඩ කරන්න කතා කරන ආණ්ඩුව තවමත් තමන්ගේ වැඩපිලිවෙල ඉදිරිපත් කරලා නෑ.

රනිල් කරුණු ටිකක් කියනවා. දින වකවානු ටිකක් කියනවා. හැබැයි ඒක දේශපාලන වැඩපිලිවෙලක් වෙලා නෑ. ඒක කරන්න රාජ්‍ය නිලධාරීන්ට බෑ. ඒක කරන්න පොහොට්ටුවට දුන්නොත් එජාපයට අබ සරණම තමයි.


දැන් මේ රටේ ජාතික වැඩපිලිවෙලක් කියන්නේ ඇමතිකම් බෙදාගැනීම බවට පත්වෙලා. රාජිතට සෞඛ්‍ය ඇමතිකමදීම ජාතික වැඩපිලිවෙලක් වෙලා. එතෙන්ට ජාතික වැඩපිලිවෙල පටු කරන්න ලෑස්ති වෙන්න එපා.

 

ජාතික එකඟතා හදාගන්න ඕනි මේ මොහොතේ රට ගොඩනගන ඉලක්කත් එක්ක. එහෙම බැරි උනොත් රනිල් විතරක් නෙවෙයි එජාපයත් නන්නත්තාර වෙලා රටත් නන්නත්තාර වෙනවා. රනිල් ජනාධිපති කරන එජාප සිහිනයත් බොඳ වෙනවා.

 

රටට මොන යහපත කලත් රනිල් ගැන ජනමනස ඇතුලේ සළකුණක් තියන්න බැරි උනොත් රනිල්ට දිනන්න ලේසි නෑ. රටේ රාළට හිතෙන්නේ මෙතන වැඩක් විදිහට කෙරෙන්නේ ඩීල් දේශපාලනය විතරයි. වජිර ඩීල් වැඩේට නං ඔස්ථාර්. ඒත් ඩීල්වලින් ප්‍රශ්නය විසදන්න බෑ.

ජාතික දේශපාලනයේ වගවීමේ කොටස ඉෂ්ඨ කරන්න රනිල්ට අමතර දේශපාලන නායකත්වයන් එජාපයෙන් මතු වෙන්න ඕනි. ජාතික එකඟතා වැඩපිලිවෙලක් වෙනුවෙන් පෙනී ඉන්න, ඒ වෙනුවෙන් රටට වග කියන, විපක්ෂයට පීඩනයක් දෙන්න පුළුවන් දෙවන පෙල නායකත්යක් එජායට දැන් අත්‍යාවශ්‍යයි.


ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න


 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...