The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

කුමන්ත්‍රණ කරන්න ඉගෙන ගන්න - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

April 9, 2023 • 5:05 PM

කුමන්ත්‍රණ කරන්න ඉගෙන ගන්න - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන් එක් ශක්තියක් වන්නේ අසිපතෙහි ශක්තියයි.
  • හැබැයි 'මම' ශක්තිමත් ලෙස ගොඩනැගීමෙන් පසුව 'පක්ෂය' බලවත් කිරීමේ අවස්ථාව එනබව ඔහු දැන සිටියේය.
  • 'පක්ෂය' අන්ත දුබල අගදයකට ඇද වැටීමෙන් පසුව, එතරම් ප්‍රබල ඉතිහාසයක් ඇති මේ රටේ ප්‍රධානතම දේශපාලන පක‍ෂයට පාර්ලිමේන්තුවේදී එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වීම තුළ පවා ඔහු ෆීනික්ස් පක්ෂියා ලෙස පක‍ෂයේ අළු මතින් යළි පියාසර කරන්නට පටන් ගත්තේය.
  • එහෙත් මහජන ඡන්දයෙන් පමණක් නොව මහජන ඡන්දයෙන් තොරවද 'බලය' නැතහොත් අසිපතේ ශක්තිය සොයාගන්නට තරම් උපායශීලී දේශපාලන දහං ගැට ප්‍රයෝජනයට ගැනීමේ ආධ්‍යාත්මික මැසිමක් ඔහු සතුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන් එක් ශක්තියක් වන්නේ අසිපතෙහි ශක්තියයි. අනෙක් ශක්තිය වන්නේ ආධ්‍යාත්මයයි. දිගු ධාවනයක් තුළ සැම විටම අසිපත සොයා ගනු ලබන්නේ ආධ්‍යාත්මය විසිනි.''  - නැපෝලියන් බොනපාර්ට්



අසිපත දැන් රනිල් අතේ ය. 
ඔහු එය කෙසේ වනයිද?


'නැපෝලියන් බොනපාර්ට්' ගේ එම වැකිය දේශපාලනඥයකුට බලපාන්නේ නම් අපට ලෝක දේශපාලනය තුළ පමණක් නොව අපේ රටේ දේශපාලනය තුළින් ද දේශපාලනමය චරිත සොයා ගැනීමට පුළුවන



දේශපාලනඥයකු ඔහුගේ කූටප්‍රාප්තිය දක්වා ගමන් කරනු ලබන්නාවු දිගු ගමනේ දී අසිපතෙහි ශක්තිය උරුම කරගන්නාවු මොහොත ඔහුගේම ආධ්‍යාත්මික ශක්තියෙන් නිසි කල ලබාදන්නේය යන්න සත්‍යයක් නම් ඊට හොඳම නිදසුන අපේ රටේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය.



වර්තමානයේ ජානධිපති ධුරයට පත්වීම සඳහා ඔහු දිගු ගමනක් ධාවනයෙහි යෙදී තිබේ. එහිදී ඔහුට සියල්ලටම වඩා තමා වෙනුවෙන්ම දිගු කලක් ඉවසීමෙන් සිටින්නට සිදුවිය.

අවසානයේ දී ඔහුගේ ආධ්‍යාත්ම ශක්තියේ කූටප්‍රාප්තියේදී 'අසිපත'ඔහුට හමුවුයේය. ඒ 'අසිපත' අන් කිසිවක් නොව 'විධායක බලය සහිත ජනාධිපති ධුරයයි'.

 මහජන ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත්වීම සඳහා ඉදිරිපත්වු ඔහුට ජයග්‍රහණය කළ නොහැකි විය. එනම් අසිපතෙහි ශක්තිය ඔහු වෙතින් ඈතට ඇදී යාම නිසාය. ඔහු ආධ්‍යාත්මයේ ඉවසීම ප්‍රගුණ කරමින් අවස්ථාව එනතෙක් බලා සිටියේය.  

තම ගමන යාමේදී ඔහුට පක්ෂයට වඩා අමිල ඇලඩින්ගේ පහන වූයේ තමන් සතුව පවත්නා 'මම˜ යන හේතු සාධකයයි. 'පක්ෂ' ද 'මම' ද යන දෙකින් ඔහු තෝරා ගත්තේ 'මම'ය. හැබැයි 'මම' ශක්තිමත් ලෙස ගොඩනැගීමෙන් පසුව 'පක්ෂය' බලවත් කිරීමේ අවස්ථාව එනබව ඔහු දැන සිටියේය.

'පක්ෂය' අන්ත දුබල අගදයකට ඇද වැටීමෙන් පසුව, එතරම් ප්‍රබල ඉතිහාසයක් ඇති මේ රටේ ප්‍රධානතම දේශපාලන පක‍ෂයට පාර්ලිමේන්තුවේදී එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වීම තුළ පවා ඔහු ෆීනික්ස් පක්ෂියා ලෙස පක‍ෂයේ අළු මතින් යළි පියාසර කරන්නට පටන් ගත්තේය. දැන් ඔහු පියාසර කරමින් පක්ෂය ශක්තිමත් කිරීමේ 'අසිපත' ද තමන් සතු කරගෙන පක‍ෂය ගොඩනැගීම සඳහා වු ගොදුරු සොයමින් පසුවන ෆීනික්ස් පක්ෂියා ය.

ඔහු සැමවිටම විශ්වාසය තැබුවේ මහජනයාගේ කැමැත්ත ගැන නොවේ. එහෙත් මහජන ඡන්දයෙන් පමණක් නොව මහජන ඡන්දයෙන් තොරවද 'බලය' නැතහොත් අසිපතේ ශක්තිය සොයාගන්නට තරම් උපායශීලී දේශපාලන දහං ගැට ප්‍රයෝජනයට ගැනීමේ ආධ්‍යාත්මික මැසිමක් ඔහු සතුව ඇත. තම වාරය එනතෙක් ඉවසා සිටිමේ ශක්තිය ඔහුට ඇත. දැන් ඒ අවස්ථාව පැමිණ තිබේ.

'නැපෝලියන් බොනපාර්ට්' ට අනුව රනිල් සිය දිගු ගමනේදී ආධ්‍යාත්මික ශක්තිය උපයෝගි කර ගනිමින් 'අසිපතේ'- ශක්තිය සොයාගෙන තිබේ.

සමහර විට ඔහුට 'නිකොලොයි මකියාවෙල්ලි'ගේ —ද ප්‍රින්ස්  (කුමාරයා) එහෙම පිටින්ම කට පාඩම් වී තිබිය හැකිය. එසේම 'කෞටිල්‍යය' ගේ 'අර්ථශාස්ත්‍රය' ද ප්‍රගුණ කරන්නට ඇත.

දේශපාලනඥයින් අතරේ ඔහු තරම් පොත් කියවූවෙකු නැති තරම්ය. එසේම පොත් පෙරළීමටද ඔහු දක්ෂය.

ඔහු සිය අරමුණුවලට ලඟාවන්නේ බාහිරව පෙනෙන්නට තිඛෙන මාවත් මත නොවේ. සැබැවින්ම ඔහු සිය අරමුුණුවලට ලඟාවන්නේ අක්ෂි ගෝචර නොවන යටිබිම්ගත උපායශිලි උමං මාර්ග ඔස්සේය. ඔහු යන ආකාරය නොපෙනෙයි. එහෙත් ඔහු මතුවන තැන පමණක් පෙනෙයි. එයද හරියටම ඉතිහාසයේ ගමන් මාර්ගය මෙනි.



ඔහු දේශපාලනිකව උපාය මාර්ග සකසා ගන්නේ කෙටි ගමන් මාර්ග තුළින් නොවේ. ඔහු සිය අරමුණු කරා ලඟාවීමේදී කාලය ගැන නොසලකයි. එහෙත් ඉවසීම නැති කාලයේ ඉක්මන්කාරී ඉවට සිය අරමුණු පූජා කර දේශපාලන රණමඩලෙන් වියැකී යන චරිත හමුවේ ඔහු දේශපාලන කුමන්ත්‍රණ වලට අත පොවන්නේ නැති නමුදු ඒවා චලනය වන්නාවු රැහැන සියතෙහි තබා ගනියි. ඒ ඔහුගේ දක්ෂතාවයයි.



කෙසේ වුවද අද වනවිට රනිල් වික්‍රමසිංහ විධායක බලය සහිත ජනාධිපතිවරයාය. ඔහු එය තමන්ට රිසි පරිදි උපයෝගි කර ගනිමින් සිටියි. එහිදි ඔහු මහජන මතය, දේශපාලන පක්ෂවල විරෝධතා උද්ඝෝෂණ ආදි කිසිවක් ගණන් නොගනී. කෙතරම් බාධක එල්ල වුවත් ඔහු පසුබහින්නට සිදුවන මොහොතක පසුබැස ඉදිරියට පියවර තැබිය යුතු තැන ඉදිරියට පියවර තබමින් සිය සිතැහි ඉටුකර ගන්නට තරම් දක්ෂය.

ඔහුගේ ආර්ථීක න්‍යාය තුළ පවතින මුලධර්ම වලට අනුව ඔහු තව වසරක් හෝ බලයේ සිටින්නේ නම් මේ රට තුළ ඉතිරි වන්නේ විදේශිය සමාගම් වලට අයත් ආයතන පමණෙකි.

ඔහු 'හොංකොං' මකාඩ් ආදි කුඩා වෙළඳ රාජ්‍ය තුළ  පවත්නා මොන කෙංගෙඩියෙන් හෝ මුදල් උපයන මන්තරය ඇති යන්තරය මේ රටතුළ ස්ථාපිත කිරීම හරහා සිංගප්පුරු වටත් එහාගිය විවෘත වෙළඳපොල රාජයක් නිර්මාණය කරනු ඇත. ඇතැම් විට වෘත්තිය සමිති සහ ඇතැම් දේශපාලන පක්ෂ තහනම් කිරීමටද ඔහු පියවර ගනු ඇත.

ඔහු සිය 'අසිපත' සොයාගෙන තිබේ. දැන් ඔහුගේ ගමන වැළැක්වීය හැක්කේ කාටද?



කෙසේ වුවද මහජනතාව වෙතින් ප්‍රතික්ෂේප වන කරුණු හා අනුගතවන ඔහු පසුව ඒවා සමකය කර ගනිමින් තම 'අවස්ථාව' (ජනාධිපතිවරණය) එනතෙක් බලා සිට ජනතාව ඛෙදී සිටින මොහොතක එකී විරුද්ධ දේශපාලන බලවේග තමන්ගේ ජයග්‍රහණය කෙරෙහි සතු කර ගැනීමට සමත්වේ.



අපායට ඉන්ටවල් එකක් දීමෙන් ජනතාව මොහොතකට නිදි ගැන්විය හැකි බව ඔහු දනියි. කෙසේ වුවද දැන් ඔහු අතේ 'අසිපත' ඇත. එය වැනීම සඳහා  ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ නමුදු තවකාලිකව එය පසුපසට ගැනීමට ඔහු මාන බලන්නේ උපායශිලි කූට බුද්ධිය මෙහෙයවාය.

ඔහු දැන් 'මම'ගොඩනගාගෙන අවසානය.

දැන් ඔහු ඉදිරියේ ඇත්තේ 'මම'ට යවපු 'පක්ෂය' ගොඩනැගීමටය.

එය කෙසේ විය හැක්කේදැයි තීන්දු කිරීම කාලයට බාර විසඳුමකි. එහිදී ඔහු සිය අසිපතට වඩා මෙහෙයවනු ඇත්තේ ආධ්‍යාත්මයයි.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...