The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යමය අභියෝගයන් පැහැදිලි කරන ප්‍රස්ථාර හතරක්

T

The Leader Desk

April 9, 2023 • 4:28 AM

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යමය අභියෝගයන් පැහැදිලි කරන ප්‍රස්ථාර හතරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනගහණය මිලියන 22ක් වන දිවයිනේ ජනතාව 1948 දී නිදහස ලබාගැනීමෙන් පසු මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුකොට ගෙන ඇතිවී තිබෙන ආහාර මිල ගණන් ඇතුළුව ඉහළයන ජීවන වියදම් සමග පොරබදමින් සිටිති.
  • ළමුන්ගේ පෝෂණය බාලවීමක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශ වෙබ් අඩවියේ අඩංගු දත්තයන්ට අනුව, අඩුම තරමින් 2016 වසරේ සිට නොනැවතී පහළ වැටෙමින් පැවැති අඩුබර, කුරුවීම හෝ කෘෂවීම සහිත වයස අවු.
  • පහට අඩු දරුවන්ගේ ප්‍රතිශතය 2022 දී වර්ධනය වී ඇත.
  • පහට අඩු අඩුබර දරුවන්ගේ ප්‍රතිශතය 2022 වර්ෂයේ ප්‍රතිශතය වූ 15.3%න් තව දුරටත් වර්ධනයවී 15.5%ක්බවට පත්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනගහණය මිලියන 22ක් වන දිවයිනේ ජනතාව 1948 දී නිදහස ලබාගැනීමෙන් පසු මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුකොට ගෙන ඇතිවී තිබෙන ආහාර මිල ගණන් ඇතුළුව ඉහළයන ජීවන වියදම් සමග පොරබදමින් සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානයට පදනම වැටුණු ලෝක සෞඛ්‍ය දිනය සමරන මේ මොහොතේ දී බීබීසීය විසින් ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණදෙන දැවැන්ත සෞඛ්‍යමය අභියෝගයන් වන රක්තහීනතාව, ස්ථුලතාව, මන්දපෝෂණය සහ දියවැඩියාව යන තත්ත්වයන් ප්‍රස්ථාර මඟින් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වේ.

 

ළමුන්ගේ පෝෂණය බාලවීමක්

 chart 01 

සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශ වෙබ් අඩවියේ අඩංගු දත්තයන්ට අනුව, අඩුම තරමින් 2016 වසරේ සිට නොනැවතී පහළ වැටෙමින් පැවැති අඩුබර, කුරුවීම හෝ කෘෂවීම සහිත වයස අවු. පහට අඩු දරුවන්ගේ ප්‍රතිශතය 2022 දී වර්ධනය වී ඇත.

2023 ජනවාරියේ දී, වයස අවු. පහට අඩු අඩුබර දරුවන්ගේ ප්‍රතිශතය 2022 වර්ෂයේ ප්‍රතිශතය වූ 15.3%න් තව දුරටත් වර්ධනයවී 15.5%ක්බවට පත්ව තිබේ. කුරුවීම හෝ කෘෂවීම සම්බන්ධ වත්මන් දත්ත එහි අඩංගු නොවේ.

 

2022 දී, ලංකාවේ වයස අවු. පහට අඩු දරුවන්ගෙන් 10.1%ක් කෘෂවීම පෙන් වූ අතර 9.2%ක් කුරුබව දැක්වීය. 2022 වර්ෂයේ කුරුබවෙහි අනුපාතය 2016 අනුපාතයට සමාන අතර, ආර්ථික අර්බුදය විසින් රටේ සෞඛ්‍ය සේවාව වෙත සිදුකර ඇති බලපෑම විදහා දක්වයි.

යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂක ජෝර්ජ් ලාර්යා-අජේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයෙන් පසු කියා සිටියේ, "...ප්‍රධාන ආහාර මිලට ගන්නට නොහැකිවීම නිසා පවුල් සාමාන්‍ය ආහාරවේල් මඟහරිනවා. ඊළඟ ආහාර වේල කොහොම ලැබේදැ යි නොදැන, දරුවන් කුසගින්නේ නින්දට යනවා - මේ, දැනටමත් දකුණු ආසියාව තුළ දෙවැනි ඉහළතම උග්‍ර මන්දපෝෂණ අනුපාතය පවතින රටක," යනුවෙනි.

 

ළමුන් සහ නව යෞවනයන් අතර ස්ථුලතාවේ වැඩිවීමක්

 chart 02

අවසන් දශක දෙක තුළ, ශ්‍රී ලංකාවේ ළමුන් සහ නව යෞවනයන් අතර ස්ථුලතාව පැතිරීමෙහි වර්ධනයක් පෙනෙන්නට තිබේ. පිරිමි දරුවන්ගෙන් 6.46%ක් පමණ ද, ගැහැණු දරුවන්ගෙන් 5.81%ක් පමණ ද ස්ථුල ය. ශරීර ස්කන්ධ දර්ශක (BMI) අගය 30ට වැඩි නම්, එය ස්ථුලතාව ලෙස හැඳින්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, 1975 සිට 2016 දක්වා, තරබාරු හෝ ස්ථුල ළමුන් සහ වයස අවු. 5-19 අතර නව යෞවනයින්ගේ ව්‍යාප්තිය 4% සිට 18% දක්වා සිව්ගුණයකින් ගෝලීයව ඉහළගොස් තිබේ.

 

කාන්තාවන් අතර දියවැඩියා රෝගයේ වැඩි ව්‍යාප්තියක්

 chart 03 

ශ්‍රී ලංකාවේ බොහෝ වයස්වල පිරිමින්ට වඩා කාන්තාවන් අතර දියවැඩියා රෝගයේ පැතිරීම ඉහළ ය. වැඩිහිටි කාන්තාවන්ගෙන් 8.8%කට ද, වැඩිහිටි පුරුෂයින්ගෙන් 8.4%කට ද දියවැඩියාව බලපා ඇති බවට ඇස්තමේන්තුකර ඇත.

ලන්ඩනය පාදකකර ගත් බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයේ විවෘත දියවැඩියා පර්යේෂණ සහ ප්‍රතිකාර ජර්නලය තුළ පළවූ මෑත අධ්‍යයනයකට අනුව, 2019 දී ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් අතර දියවැඩියාව පැතිරීම 23%කි. එසේම, කාන්තාවන් අතර දියවැඩියා ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට හැකිව ඇත්තේ ඉහළ ශරීර ස්කන්ධ දර්ශකයක් (BMI) පැවැතීම නිසා විය හැකිබව ද එමඟින් පෙන්වා දී තිබේ.

 

පසුගිය දශකය තුළ ඉහළතම රක්තහීනතා අගය

 chart 04

පසුගිය දශකය සැලකූ විට, ශ්‍රී ලංකාවේ ගර්භනී කාන්තාවන් අතර රක්තහීනතාව 2012 වසරේ සිට ඉහළයමින් පැවැති අතර, ගර්භනී නොවන කාන්තාවන් අතර රක්තහීනතා අගය 2014 සිට ඉහළයමින් පැවැතිණි.

ග්ලෝබල් නියුට්‍රිෂන් (Global Nutrition/ගෝලීය පෝෂණය) වාර්තාවට අනුව, ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන් අතර රක්තහීනතාව අවම කිරීමේ ඉලක්කයට ළඟාවීම අතින් ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් ලබා නොමැති අතර, වයස අවු. 15 - 49 අතර කාන්තාවන්ගෙන් 34.6%ක් දැන් රක්තහීනතාවෙන් පීඩාවට පත්ව සිටියි.

රක්තහීනතාව යනු විශේෂයෙන්ම කුඩා දරුවන්ට සහ ගර්භනී කාන්තාවන්ට බලපානා බරපතල ගෝලීය මහජන සෞඛ්‍යමය ගැටලුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන තිබේ. එම සංවිධානයේ ඇස්තමේන්තු මඟින්, ලොව පුරා වයස අවු. පහට අඩු දරුවන්ගෙන් 42%ක් සහ ගර්භනී කාන්තාවන්ගෙන් 40%ක් රක්තහීනතාවෙන් පීඩා විඳින වග යෝජනා කෙරෙයි.

 

(Author, ස්වාති ජෝෂි)
Role, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
උපුටා ගැනීම - BBC සිංහල සේවය

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යමය අභියෝගයන් පැහැදිලි කරන ප්‍රස්ථාර හතරක් | The Leader