The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

ආදරෙයි පැලෙන්න - (විමලනාත් වීරරත්න)

T

The Leader Desk

April 10, 2023 • 10:21 AM

ආදරෙයි පැලෙන්න - (විමලනාත් වීරරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එතුමාගේ පූසා හිටියේ යූ ටියුබයේ කරක් ගසමිනි.පූසා ඒකේ අනම් මනම් බලන ගමන් ජනාධිපතිතුමා කියවන්නේ මොකක්ද කියා බොරු ඇහැ දමා බැලුවේය.
  • මද වේලාවක් කල්පනාවට වැටුණු පූසා ජනාධිපතිතුමාගෙන් ඇසුවේ ඇත්තටම බොස්,ඔය සදාචාරයෙයි,පාරභෞතිකයෙයි පදනම මොකක්ද කියාය.
  • පූසා කීවේ හැබැයි බොස් එදා බොස් හම්බ වෙන්න ආපු ලෙක්චරස්ලා ලංකාවේ විශ්වවිද්‍යාලවල එවුන්නං වෙන්න බැහැ, ඇත්තටම උන් පිටරට සෙට් එකක්ද කියාය.
  • ජනාධිපතිතුමා කීවේ පාරෙදි ඕක හරියට පේන්නෙ නෑ,ෆයිනෑන්ස් මිනිස්ට්‍රි එකේ උලුවස්ස පනින ඕනෙම ප්‍රොෆෙසර් කෙනෙකුට ඕක නිකංම තේරෙනවා ඒකයි රහස කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):
එතුමාගේ පූසා හිටියේ යූ ටියුබයේ කරක් ගසමිනි.පූසා ඒකේ අනම් මනම් බලන ගමන් ජනාධිපතිතුමා කියවන්නේ මොකක්ද කියා බොරු ඇහැ දමා බැලුවේය. groundwork of the metaphysics of morals 9781625588586 hrඑය එම්මෑනුවෙල් කාන්ට්ගේ Groundwork of metaphysics of morals කියන පට්ට බර පොතය.
 
මද වේලාවක් කල්පනාවට වැටුණු පූසා ජනාධිපතිතුමාගෙන් ඇසුවේ ඇත්තටම බොස්,ඔය සදාචාරයෙයි,පාරභෞතිකයෙයි පදනම මොකක්ද කියාය.
 
ජනාධිපතිතුමා කීවේ ඇන්ටි ටෙරොරිසම් බිල් එක කියාය.
 
පූසා ඇසුවේ මොකක්ද බොස් අර යුනිවර්සිටි ලෙක්චරස්ලා බොස් හම්බවෙන්න ආපු දවසේ ඕකත් එක්කම තව හදිසි පනත් දෙකක් ගැන කිව්වේ ඒවා එච්චරම හදිස්සිද කියාය.ජනාධිපතිතුමා කීවේ යර්ස් ටෲත් ඇන්ඩ් රිකන්සිලේෂන් කමිෂන් ඔන් ද වේ,ඒක පිටිපස්සෙන් ඇන්ටි කරප්ෂන් බිල් එකත් එනවා එතකොට මහබැංකුවට තියා ග්‍රාමීය බැංකුවකටවත් මොකාටවත් අත තියන්න බැරිවෙනවා කියාය.එතකොට බොස් එදා ලෙචාලට කිව්වෙ අගවිනිසුරු කිව්වයි කියලා ඔය තුනෙන් ඇන්ටි ටෙරොරිසම් බිල් එක ඉස්සෙල්ලම ගේන්න කියලා ඇත්තටම සී.ජේ එහෙම කිව්වෙ මොකද කියාය.ජනාධිපතිතුමා කීවේ සී.ජේට තුන්කල් නුවණ විතරක් නෙමෙයි පරචිත්ත විජානනෙත් තියන නිසා හදිස්සි මොකක්ද කියලා ටක් ගාලා අඳුනගන්න ඇති කියාය.
 
පූසා කීවේ හැබැයි බොස් එදා බොස් හම්බ වෙන්න ආපු ලෙක්චරස්ලා ලංකාවේ විශ්වවිද්‍යාලවල එවුන්නං වෙන්න බැහැ, ඇත්තටම උන් පිටරට සෙට් එකක්ද කියාය. යකෝ අපේ අමින්දලා,දුනුසිංහලා,අජිත් දිසානායකලා,අපොන්සුලා සෙට් එක ආවේ කී ජනාධිපතිතුමාට පූසා කීවේ බදු කපන්න එපා කියලා ඔය යක්කු එලියෙ මාර විදියට බෙරිහන් දෙනවා,මෙතන ආපු එවුන්, බොස් මැනේජ් කරන විදිය පට්ට කිය කියා ඩෝප් කාරයො එකම වචනෙ දහ දොළොස් වතාවෙ කියන විදිහට කිව්වෙ ඒකයි මං ඇහුවෙ කියාය.
 
 
hghh
 
ජනාධිපතිතුමා කීවේ පාරෙදි ඕක හරියට පේන්නෙ නෑ,ෆයිනෑන්ස් මිනිස්ට්‍රි එකේ උලුවස්ස පනින ඕනෙම ප්‍රොෆෙසර් කෙනෙකුට ඕක නිකංම තේරෙනවා ඒකයි රහස කියාය.
 
පූසා ඇසුවේ ඒ වුණාට බොස් එක්කයි,ගවනර් එක්කයි ඒ ආපු සෙට් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් තදින් පැටලුණා නේද කියාය.
ජනාධිපතිතුමා කීවේ
 
ඒක මිනිහගෙ Desire එක නැත්තං ආශාව ඒකට අපි  සපෝට් කරන්න ඕනෙ කියාය.ඒ කිව්වෙ කියා ඇසූ පූසාට ජනාධිපතිතුමා කීවේ මිනිහට මෙහෙ ඇවිත් මාව හම්බවෙන්නත් ඕනෙ, ෆුටා එකේ එවුන් ප්‍රසිඩන්ට් එක්ක සාකච්ඡාවට නොයන්න තීරණයක් අරං තියෙද්දි මෙහෙ ආපු එක බැලන්ස් කර ගන්නත් ඕනෙ,ඕකට තමයි ඉතිං personal desire එක කියන්නෙ කියාය.
 
පූසා කීවේ ජනාධිපතිතුමා හම්බවෙන්න ආවෙ විශ්වවිද්‍යාලවල හුරතල්ලු ටිකක් කියලා කවුද එකෙක් ලියලා,ඒකට ලෙක්චරස්ලට හොඳටම නැගලා,ලියාපු එක කරෙක් කරන්න කියපු බවකුත් ආරංචියි බොස් කියාය.
 
ඒක හරි, බල්ලො,පූසො ගෙදර හුරතලේට ඇති කළාට උන්ට හුරතල්ලු කියලා කවුරුවත් බෝඩ් ගහන්නෙ නෑ කී ජනාධිපතිතුමාට පූසා කීවේ ඒ වුණාට අනික් පැත්තෙ බන්නැහැකලා,ඉලංගසිංහලා,නිර්මාල්ලා වගේ ආචාර්ය මහාචාර්යවරු පොර කුකුල්ලු වගේ ඇටෑක් කරනකොට මේ යක්කු ඇවිල්ලා සාගලලා අකිලලා වගේ හොරතල් වෙච්ච එක දැන් නෝන්ඩිවෙලා තියෙන්නෙ බොස් කියාය.
 
ජනාධිපතිතුමා කීවේ සාගලටයි අකිලටයි ඇහෙන්න විතරක් ඔය ප්‍රොපාලා හුරතල් වෙච්ච කතාව කියන්න එපා ඒකෙන් යාන්තං අටවගෙන දුවන ආණ්ඩුව පවා අවුල් වෙන්න පුළුවන් කියාය.
 
ගාඩි: රාජධානිය වෙනුවට ආදරය මුණගැසීම - (විමලනාත් වීරරත්න)(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com

 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...