The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?

T

The Leader Desk

April 11, 2023 • 5:46 AM

එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇයි සිංගප්පුරුවේ නඩු පවරන්නේ..?
  • එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නැවේ ගින්නෙන් මෙරට පරිසරයට සිදුව ඇති හානියට නැව් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ලබා ගත යුතු බවට විද්වත් කමිටුවක් යොදා ගනිමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සකසා ඇති වාර්තාවෙන් අනාවරණය කර ඇත.
  • නැව් සමාගමෙන් වන්දි ලබා ගැනීමට අදාළ වාර්තාව නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කර ඇති අතර වන්දි ලබා ගැනීමට අදාළ නඩුව නැව් සමාගම අයත් සිංගප්පුරුවේ පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
  • ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැති ඇතිව ඕස්ට්‍රේලියානු නීති සමාගමක් තමයි පත් කරලා තියෙන්නේ නඩුවේ කටයුතු කරගෙන යන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇයි සිංගප්පුරුවේ නඩු පවරන්නේ..?


එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නැවේ ගින්නෙන් මෙරට පරිසරයට සිදුව ඇති හානියට නැව් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ලබා ගත යුතු බවට විද්වත් කමිටුවක් යොදා ගනිමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සකසා ඇති වාර්තාවෙන් අනාවරණය කර ඇත.

නැව් සමාගමෙන් වන්දි ලබා ගැනීමට අදාළ වාර්තාව නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කර ඇති අතර වන්දි ලබා ගැනීමට අදාළ නඩුව නැව් සමාගම අයත් සිංගප්පුරුවේ පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

X Press Plastic

“නීතිපති දෙපාර්තුමේන්තුවෙන්නේ මේ නඩු පැවරීම කරන්නේ. ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැති ඇතිව ඕස්ට්‍රේලියානු නීති සමාගමක් තමයි පත් කරලා තියෙන්නේ නඩුවේ කටයුතු කරගෙන යන්න. ඒ අයගේ උපදෙස් ඇතිව තමයි නීතිපති දෙපාර්තුමේන්තුව තීරණය කරලා තියෙන්නේ සිංගප්පුරුවේ මේ නඩුව පවරනවා කියලා.” යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල.බී රැකව බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

x press pearl

නීතිපති දෙපාර්තුමේන්තුව ගත් තීන්දුව අනුව සිංගප්පුරුවේ නඩු පැවරීමට මෙන්ම නඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහාය තම අධිකාරිය මගින් ලබා දෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

“යම් කිසි රජයක් වෙනුවෙන් නීතිපතිතුමා නඩුවක් පරද්දි, ලංකාවේ පවරනවා නම් ඒකට කාල සීමක්වක් නෑ, සිංගප්පුරු රටේ පවරනවා නම් අවුරුදු දෙකක් ඇතුළත පැවරිය යුතුයි. නීතිපතිතුමා ඇතුලු නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරින් අපි සහ අධිකරණ ඇමැතිතුමා එක්ක තිබුණු සාකච්ඡාවේ දී කිව්වේ ඒ කාල සීමාවේදී කොහොමහරි මේ නඩුව පවරනවා කියලා.”


ලංකාවට අවාසියක් වෙයි ද?


කෙසේ වෙතත් නැව් සමාගමෙන් වන්දි ලබා ගැනීමට සිංගප්පුරුවේ නඩු පැවරීම ඉතා වියදම් අධික හා ලංකාවට අවාසි සහගත තත්වයක් බව සමුද්‍රීය නීති විශාරදයකු වන ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පැවසීය.

“අපිට සෑහෙන වාසිදායක විදියට අපේ නීති පද්ධතිය සකස් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් නඩු දාන්න. එහෙම තියෙද්දි සිංගප්පුරුවේ නඩු දාන්නේ ඇයි කියන එක ඉතාමත් ලොකු ප්‍රශ්නයක්. මේකට හේතු කාරණා විදියට රජයේ පාර්ශව කියන්නේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ අයිතිකාරයා සහ අදාළ නැව් සමාගම තියෙන්නේ සිංගප්පුරුවේ හින්දා ඒ අයට නෝටිස් දෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩි නිසා එහෙම කරනවා කියන එක. ඒ වුනාට ලංකාවේ නඩු දැම්මා කියලා ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.”

“සිංගප්පුරුව ජාත්‍යන්තර ප්‍රඥප්පති කිහිපයට අත්සන් කරලා තියෙනවා අපි අත්සන් කරලා නැති. එතකොට සිංගප්පුරුවේ නඩු දැම්මොත් නැව් අයිතිකාරයට පුලුවන් වෙනවා එයාගේ වගකීම සීමා කරගන්න. එහෙම තියෙද්දි මොකට ද අපි අවදානමක් ගන්නේ අපි සිංගප්පුරුවට ගිහිල්ලා. මොකද නඩුව පැරදුනොත් අපරාදේ අපි ඒ වෙනුවෙන් කරන වියදම.” යැයි ආචර්ය ඩෑන් මාලික බීබීසී සිංහල සේවයට පැවසීය.

x press pearl 1

වන්දි ලබා ගැනීමට සිංගප්පුරුවේ නඩු පැවරීමෙන් විශාල වියදමක් වැය වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

“මම හිතන්නේ නීතිඥ සමාගමට අපි ගෙවනවා ඩොලර් මිලියන 4.5 ක්ද කොහෙද, ඊට අමතරව අපි සාක්ෂිකාරයෝ ගෙනියන්න, එයාර් ටිකට් දෙන්න, එතකොට එලවනස් ඔක්කොම එක්ක බැලුවොත් අපි ඉල්ලන වන්දියට වඩා ඩොලර් ප්‍රමාණයක් වියදම් කරනවා නඩු දාන්න. ලංකාවේ දී සත පහක්වත් වියදම් යන්නේ නැතුව මේක කරගන්න පුලුවන්කම තියෙද්දි ඇයි සිංගප්පුරුවේ නඩුව දාන්නේ කියන එක ප්‍රශ්නයක්”



x press pearl 2
 

එංගලන්තයේ නඩු පැවරීම වාසිදායකයි...

 

වන්දිය ගෙවීමට සිදුවුවහොත්, වන්දි ගෙවීම සිදු කරනුයේ නැවේ රක්ෂණ සමාගම බව කී ආචාර්ය ඩෑන් මාලික ඒ අනුව රක්ෂණ සමාගම අයත් එංගලන්තයේ නඩු පැවරීම සිංගප්පුරුවේ නඩු පවරනවාට වඩා වාසි දායක බව ද කියා සිටියේය.

“ලංකාවේ නඩු ඇහුවොත් ඒක එංගලන්තයේ ක්‍රියාත්මක කර ගැනිමේ හැකියාව අපිට තියෙනවා. මොකද එංගලන්ත හා ලංකාව පාර්ශවකරුවන් වෙනවා ජාත්‍යන්තර නීතියෙන්. එතකොට ලංකාවෙන් ලබා දුන්න තීන්දුව එංගලන්තයේ ක්‍රියාත්මක කිරිමේ බලය අපිට හම්බ වෙනවා. එහෙම එකක් සිංගප්පුරු නීතියේ නැහැ.” යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සිංගප්පුරුවේ නඩු පවරා එය පරාජයට පත් වුවහොත් නැවත වාරයක් ලංකාවේ හෝ නඩු පැවරීමට හැකියාවක් නොමැති බව ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර අවධාරණය කළේය.

නැව අසලටම හෝ නැව තුළට යෑමට නොහැකිවීමෙන් පරිසර හානිය තක්සේරු කිරීමට යම් බාධාවන් ඇති බව නැවේ ගින්නෙන් සිදු වු පරිසර හා අනෙකුත් හානි පූර්ණයන් ගණනය කිරීම සඳහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන් පසුගිය දා පැවති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පවසා තිබුණි.

x press pearl 3JPG

නැව අසලටම ගොස් සිදුව ඇති හානිය පරීක්ෂා කිරිමෙන් දැනට තම කමිටුව තක්සේරු කර ඇති ඇ.ඩො. බිලියන 6.2 ක වන්දි මුදල තව වැඩි විය හැකි බවට විද්වත් කමිටු සාමාජිකයන්ගේ මතය වී තිබේ.

නැව ආසන්නයෙන් සාම්පල ලබා ගැනීමට නොහැකි වීම වන්දි ඉල්ලා පවරන නඩුවේදි අවාසිසහගත වීය හැකි බැවින් එ සඳහා අවශ්‍ය පහසුකම් විද්වත් කමිටුව වෙත වහා සපයන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට නියෝග කර තිබේ.

මෙරට සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට බලපෑමක් එල්ල කරමින් 2021 මැයි 20 වනදා සිට ගිනි ගැනීමට ලක්ව MV X Press Pearl නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් තුළ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් පැවැති බව අනාවරණය විය.


(BBC සිංහල සේවය)



සබැඳි පුවත් :

මහ සයුරට වස විස එක් කළ 'එක්ස්ප්‍රස් පර්ල්' වන්දිය අහිමි වෙයි ද?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව සිංගප්පූරුවට ගෙනයාම සැක කටයුතුයි!

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව : පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට

එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය : නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගැටුමක !

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් මහ සයුරට පිළිකා හදන වස විස එක්වෙලා

 





 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...