The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

රාජපක්ෂ සනුහරයට කත් අදින බත් බැළයන් වෙත...

T

The Leader Desk

April 12, 2023 • 7:48 AM

රාජපක්ෂ සනුහරයට කත් අදින බත් බැළයන් වෙත...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවට නිදහස ලැබුණෙ 1948 දි.
  • මා ඇතුළු බොහෝ පිරිසක් මේ පැනය විමසුවේ 2005 වසරේ සිට ය; අදටත් විමසති.
  • එහෙත් එයට කිසිවකු පිළිතුරු නොදුන්න ද ඇතැම් බත් බැළයෝ එහි විරුද්ධාභාෂය ම ක්‍රියාවට නංවති.
  • දෙවසරක් ඉක්ම යන්නට මත්තෙන් ඒ රාජපක්ෂවරයා ජනතාවගේ පිළිකුලට බඳුන් වී ජනපති තනතුරත්, රටත් අතහැර පලා ගිය පසු ඊළඟ ජනපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මොළ හතක් ඇතැයි වහසි බස් දෙඩූ රාජපක්ෂවරයෙක් යළි මෙරටේ ජනාධිපති ලෙස පත් කළ යුතු බවට මේ බත් බැළයෝ යළි යළිත් වහසි බස් දොඩවති.
අකුරු ප්‍රමාණය (Font Size):

lwoලංකාවට නිදහස ලැබුණෙ 1948 දි. සෝල්බරි සාමිගෙ නිර්දේශ මං දන්නවා. ලෙනාඩ් වුල්ෆ් පැවසී ය. 1947 මහා මැතිවරණෙන් ඩී. ඒ. රාජපක්ෂ බෙලිඅත්ත මන්ත්‍රී උනා. ලක්ෂ්මන් රාජපක්ෂ හම්බන්තොට මන්ත්‍රී උනා. 1960 මාර්තු මාසෙ ඒ කිව්වෙ ලබන මාසෙ මහ මැතිවරණයක්. ඒකටත් මුල්ගිරිගල කියල අලුත් ආසනයක් බෙදලා. මුල්ගිරිගල ආසනේ බෙදල දුන්නෙ තවත් රාජපක්ෂ මහත්තමයකුට පාර්ලිමේන්තු යන්න. එච්. ඩබ්ලිව්. නෝනිස් ආරච්චි කීවේ ය. ඒ කවුද ලෙනාඩ් වුල්ෆ් මහතා ඇසීය.

ඩී. එම්. රාජපක්ෂ මැරුණ. රාජ්‍ය මන්ත්‍රීතුමාගෙ දෙවැනි පුතා. ජෝර්ජ් රාජපක්ෂ මහත්තමයාට. ඒ මහත්මයත් මැතිවරණෙ දිනයි. වුල්ෆ් මහතා නෝනිස් ආරච්චිගෙන් ප්‍රශ්න කළේය. දිනාවි. කිසිම සැකයක් නෑ. අපේ හම්බන්තොට දිස්ත්‍රික්කෙ ඡන්ද කොට්ඨාශ බෙදන්නෙ රාජපක්ෂ පවුලෙන් උගත් උදවිය කලඑළි බහින අන්දමටනෙ. නෝනිස් ආරච්චි කීවේ සිනහ සෙමිනි. ඇයි මිනිස්සු එකම පවුලකටම ඡන්දෙ දෙන්නෙ ලෙනාඩ් වුල්ෆ් ඇසුවේය.’’

ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්: (A JOURNEY WITH LEONARD WOLF): සිංහල පරිවර්තනය - විජෙසිංහ බෙලිගල්ල: දෙවන මුද්‍රණය: සූරිය ප්‍රකාශකයෝ: 2003: පිටු 149 සහ 150


‘‘ඇයි මිනිස්සු එකම පවුලකටම ඡන්දෙ දෙන්නෙ’’

 

ලෙනාඩ් වුල්ෆ් මෙම පැනය විමසන්නේ 1960 වසරේ පෙබරවාරි මස දිනක දී ය. මා ඇතුළු බොහෝ පිරිසක් මේ පැනය විමසුවේ 2005 වසරේ සිට ය; අදටත් විමසති. එහෙත් එයට කිසිවකු පිළිතුරු නොදුන්න ද ඇතැම් බත් බැළයෝ එහි විරුද්ධාභාෂය ම ක්‍රියාවට නංවති. එනම් තවමත් එකම පවුලකට ඡන්දය දෙති; මීළඟ ජනාධිපතිවරණය සඳහා සුදුසුම පුද්ගලයා අසවල් රාජපක්ෂ යැයි පවසති; එසේ කටමැත දොඩවන අතර ම අනාගතයේ ද රාජපක්ෂ සනුහරයට ඡන්දය දෙන්නැයි පවසමින් ජනතාව අන්දවති.



250933762 188142246836628 2843865316140687168 nවසර ගණනාවක් සිට ම මේ ආකාරයට ජනතාව ගොනාට අන්දවමින් රාජපක්ෂ සනුහරය බලයට පත් කරන්නට කටයුතු කළ මේ බත් බැළයෝ එක් වතාවක් පරාජයට පත් රාජපක්ෂවරයෙක් ජනේලයේ එල්ලී ‘‘අපි පරාද උණේ නෑ’’ යැයි වහසි බස් දෙඩු පසු ‘‘මහින්ද සුළඟ’’ නමැති Tag line එක පෙරටු කර ගත්ත ද එය අසාර්ථක වන බව වටහාගත් විට කතෝලික බැතිමතුන් 350කගේ ජීවිත අහිමි කර ඒ ලේ මතින් බලය ඩැහැගත්තේ ය.  

 

r0 0 800 600 w800 h600 fmax

දෙවසරක් ඉක්ම යන්නට මත්තෙන් ඒ රාජපක්ෂවරයා ජනතාවගේ පිළිකුලට බඳුන් වී ජනපති තනතුරත්, රටත් අතහැර පලා ගිය පසු ඊළඟ ජනපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මොළ හතක් ඇතැයි වහසි බස් දෙඩූ රාජපක්ෂවරයෙක් යළි මෙරටේ ජනාධිපති ලෙස පත් කළ යුතු බවට මේ බත් බැළයෝ යළි යළිත් වහසි බස් දොඩවති.

 



පසුගිය 11වන දින පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මෙහි නවතම ප්‍රකාශය සිදු කළේ එහි මහලේනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ය. ඔහුට අනුව රට දියුණු තත්ත්වයට පත් කළ හැකි එකම රාජපක්ෂවරයා මේ මොළ හතක් ඇති රාජපක්ෂවරයා ය. නමුත් මේ මොළ හතක් ඇති රාජපක්ෂවරයා මුදල් අමාත්‍ය ධුරය දරන සමයේ රට කෙතරම් අගාධයකට ඇද වැටුණා ද යන්න සාගර කාරියවසම්ට අමතක ය. මේ මොළ හතේ රාජපක්ෂවරයාට රිසි පරිදි අණ පනත් සංශෝධනය කිරීමට සැලසුම් කළ මොහොතේ ඊට එරෙහිව හඬ නැගූ රටේ අගවිනිසුරුවරිය එම තනතුරෙන් නෙරපා හැරීමට මේ මොළ හතක් ඇති රාජපක්ෂවරයා ප්‍රමුඛ පොහොට්ටු සනුහරය කටයුතු කළ බව සාගර කාරියවසම්ට අමතක ය. ඔහුට පමණක් නොව රජපක්ෂ සනුහරයේ අසූචි වුව ද සුගන්ධවත් යැයි පවසන වහල් පරපුරට ම අමතක ය.

රටම මහා වන්‍යසනයකට පත්ව තිබූ මොහොතේ ක්ෂණිකව නිසි පියවර නොගෙන වතුර කළ වතුරට දැමූ, ඒ මොහොහොතේ රටේ සෞඛ්‍ය බලධාරිනිය ලෙස කටයුතු කළ මිථ්‍යා දෘෂ්ටිකාව ද යළි රාජපක්ෂ සනුහරයේ පිබිදීමක් පිළිබඳ වහසි බස් දොඩවන බව මේ වන විට දක්නට හැකි ය. මේ කුමන වහල් මානසිකත්වයක් ද...? උන්ගේ වහල්භාවය හේතුවෙන් රට ඇද වැටී ඇති අගාධයේ ගැඹුර නොපෙනෙන්ට තරම් මේ බත් බැළ සනුහරයේ දෑස් අන්ධ ද...? දෙසවන් බිහිරි ද...? මුව ගොළු ද...?

 



ඔවු... නුඹලාගේ වාසියට නුඹලාගේ දෑස් අන්ධ කරගත්තාට, දෙසවන් බිහිරි කරගත්තාට, මුව ගොළු කරගත්තාට අපිට කම් නැත. නමුදු නුඹලාගේ අන්ධ දෑසට නොපෙණ දේ, බිහිරි සවනට නොඇසෙන දේ, ගොළු මුවෙන් නොපවසන දේ රටේ සමස්ත ජනතාවට ම පෙනෙන්නේ, ඇසෙන්නේ ඒ ආකාරයට යැයි නොසිතනු... තව දුරටත් මේ රටේ ජනතාව මුළා කරන්නට උත්සාහ නොකරනු...

 

රටේ බහුතර ජනයා දැන් දැන් තම තමන්ගේ දෑස්වල පැටලී තිබී තිමිර පට ඉවත් කරමින් සිටින බව මේ වන විට පැහැදිලි ය. එය වළකාලන්නට රාජපක්ෂ සනුහරයේ වත්මන් බත් බැළයෝ මතු නොව මීට පෙර බත් බැළකම් කළ සනුහරය ද වෙනත් මාර්ග ඔස්සේ පැමිණ ජනතාව ගමන් කරන්නට යත්න දරන මාවත අසුරාලන්නට විවිධ බාධක පමුණුවන බව ද දක්නට හැකි ය. ඔවුන්ට ද යමක් පැවසිය යුතු ය.

රට මේ තරම් අගාධයකට ඇද දැමීමට පාර කැපුවේ තොපි ය. එදා මේ රටේ බහුතර නොවන පිරිසක් පවසන ඇත්ත වසං කරන්නට තොපි කැලණි ගඟේ නයි පෙන්වු ආකාරයත්, සහන පැකේජයක් පිළිබඳ ෆැන්ටසි කතන්දර පැවසු ආකාරයත්, ලී ක්වාන් යු සහ මහතීර් මොහොමඩ් යන දෙපළ ද අපහාසයට ලක් කරමින් රටේ ජනතාව මුළා කළ ආකාරයත් අපිට අමතක නැත. එබැවින් තෙපි ද මේ මාර්ගයෙන් ඉවත් විය යුතු ය. මන්ද රටේ ජනතාවට තෙපි පිළිබඳ අංශු මාත්‍රයක විශ්වාසයක් නොපවතී තෙපි යළි කෙදිනක හෝ රාජපක්ෂ සාටකයේ එල්ලෙන බව සක් සුදක් සේ පැහැදිලි ය. එම සනුහරයේ  මහ හූරා විසින් එය පසුගිය දිනක ප්‍රත්‍යක්ෂ කරන ලදී සාමාන්‍ය ජනතාවට එය නොවැටහෙන්නට ඇත. එහෙත් මේ රටේ දේශපාලනයේ යටි පෙළ කියවාගත හැකි පිරිස් තවමත් රටේ සිටින බව තෙපි වටහාගත යුතු ය. ඔවුන් පවසන ඇතැම් තිත්ත ඇත්ත ඇතැම් ඡන්ද දායක පිරිසක් වටහා නොගනු ඇති බව ද ඇත්තකි. එහෙත් තෙපි කිසිවකුට මින් ඉදිරියට මේ රටේ ජනතාව එදා මෙන් ම රැවටිය නොහැකි බව තෙපි වටහාගත යුතු ය.

 

rajapaksha fam

එබැවින් දැන් නම් රටේ ජනතාවට මොළ හතක් නොව විසි එකක් සහිත රාජපක්ෂවරයෙකු වුව ද වුවමනා ම නැත. දැන් එළඹ තිබෙන්නේ රාජපක්ෂ සනුහරයට මේ රටේ දේශපාලන ගමන් මග යළි විවර කරන යුගය නොව අහුරා දැමිය යුතු යුගය යි. ඒ සදහා ජනතාව පෙළගැස්සවීම රටට සැබැවින් ම ආදරය කරන දේශපාලන ව්‍යාපාරවල යුතුකම්ක් නොව වගකීමකි. ඒ වගකීම ඉටු කරන්නට ඔවුන් අපොහොසත් වුවහොත් අනාගතයේ සිදුවන්නේ කුමක් දැයි 1960 වසරේ පෙබරවාරි මස දිනක ලෙනාඩ් වුල්ෆ් පැවසූ ප්‍රකාශයකින් ම මෙම ලිපිය අවසන් කරන්නට සිතිණ.

‘‘වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරම්භ උනෙ අපේ එංගලන්තෙන්. නමුත්, එංගලන්තෙ ඔය වගේ පවුල් දේශපාලන ක්‍රමයක් දිගටම පවතින්නෙ නෑ. දිගින් දිගටම එකම පවුලක මිනිස්සු මහජන තනතුරුවලට ගියාම සමාජය පිරිහෙනවා. ඉස්මතුවෙන්නෙ පවුලක සංවර්ධනේ. ඒ තනතුරු ලබාගන්න උදවියත් හොඳටම නරක් වෙනවා. ප්‍රාදේශීය පවුල් ආධිපත්‍යය ඉතාම නරක දෙයක්. මිනිස්සුන්ට වැඩ කළත් නොකළත් අපි දිනනවා කියල පෙනුණාම සමාජයට ඒ අය සේවය කරන්නෙ නෑ. මහජන තනතුරු දීර්ඝ කාලයක් එකම පවුලකටම ලබා දීමෙන් ඒ පවුල දියුණු වෙයි. පොදු සමාජය පිරිහෙයි.’’

එම: පිටුව 10

මේ ප්‍රකාශය වර්තමානය වන විට ප්‍රත්‍යක්ෂව ඇත. අනාගතයේ ද එය යළි යළිත් සිදුවන්නට ඉඩ දෙන්නට තරම් රටේ ජනතාව අඥාන වනු ඇති ද...? සැබැවින් ම රටේ ජනතාව ඒ තරමට ම අඥාන නම් ලංකාව යනු ලෝකය පවතින තාක් දියුණු නොවන රටකි.

(උපුටාගැනීම් සියල්ලෙහි අක්ෂර වින්‍යාස සහ පද බෙදීම් එම කෘතියෙහි අන්තරගත පරිදි ම ය)


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/04/12


 

JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...