The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

බීන් සහ රනිල් : අතීතයේ වෘෂභ චූන් සහ මඩ වගුර - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

April 12, 2023 • 10:25 AM

බීන් සහ රනිල් : අතීතයේ වෘෂභ චූන් සහ මඩ වගුර - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ප්‍රභසනය'' යනු හාස්‍යය උපදවන නාට්‍යයකි, චිත්‍රපටයකි, හාස්‍ය දනවන සිදුවීමකි.
  • මේ ලිපිය මෙලෙස ලියන්නට සිදු වුයේ ''චරිත සැසඳීම'' පිළිබඳව අදහසක් පළ කරන්නටය.
  • 'රෝවන් ඇට්කින්සන්' නම් රංගන ශිල්පියා රනිල් වික්‍රමසිංහයන්ට සම කිරිමට උත්සාහ ගත් රනිල් වීරෝධීන් එකල රනිල් වික්‍රමසිංහ රෝවන්ට සම කිරිමෙන් මඩ ගැසිමට බටහිර ඇත්තන් පෙළඹුණේ නැත.
  • එම බල සැසඳීමෙන් රනිල් වික්‍රමසිංහයන්ට චරිතයට බිද වැට්ටවීමට ඒ කිසිවකුට සිද්ධ නොවු බව කාලයාගේ ඇවදමෙන් ඔප්පු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

''ප්‍රභසනය'' යනු හාස්‍යය උපදවන නාට්‍යයකි, චිත්‍රපටයකි, හාස්‍ය දනවන සිදුවීමකි. එය නැතහොත් ප්‍රහසනය ඉංග්‍රීසියෙන් හදුන්වන්නේ ''කොමඩි'' යනුවෙනි. ''කොමඩියත්'' යනු හාස්‍ය ජනගත කරන්නාය. නැතහොත් විකට නළුවාය. 'රෝවන් ඇට්කින්සන්' නමැති විශිෂ්ටතම නළුවා ''මිස්ටර් බීන්'' නමැති ප්‍රහසාත්මක චරිතයට පණ පොවා ලෝවාසීන් සතුටු කළේ ඔවුන්ගේ මුවගට සිනාවක් ජනිත කරවමිනි.

එවන් විශිෂ්ට නළුවෙකුගේ භුමිකාව කලකදි රනිල් වික්‍රමසිංහයන්ට ආරුඪ කළ එතුමන්ගේ විරුද්ධාදිහු දේශපාලනිතව එතුමන්ගේ ප්‍රතිරූපය බිද දැමීමට කටයුතු කළහ. එහෙත් තාවකාලීන වාසියක් ලද එතුමන්ගේ විරුද්ධවාදීහු තාවකාලික ජයග්‍රහණයක් ලැබුවේය. එසේ කළ වුන්ට පසු කලෙක එතුමන් වීරයා වුයේය. මේ ලිපිය මෙලෙස ලියන්නට සිදු වුයේ ''චරිත සැසඳීම'' පිළිබඳව අදහසක් පළ කරන්නටය.

 

01e5ed495a29f038f0743cade8a94fdf

'රොවන් ඇට්කින්සන්'

 

''මිස්ටර් බීන්'' ගේ චරිතයට පණ පෙවූ 'රොවන් ඇට්කින්සන්' විශිෂ්ට නළුවෙකු මෙන්ම ජනප්‍රිය රංගධරයෙකු විය. ඔහු කෙසේවත් පහළ මට්ටමේ රංගන ශිල්පියෙකු නොවීය. මුළු ලොවක් සිය රංගන ප්‍රතිභාවෙන් තිගැස්සු අති දක්ෂ රංගන වේදියකු විය. ඒ නිසාම ඔහුගේ චරිතයට රනිල් වික්‍රමසිංහයන් සම කිරිමෙන් රනිල් වික්‍රමසිංහ චරිතයට අබමල් රේණුවක තරම් හානියක්  කිරිමට ඒ කිසිවකුට නොහැකි විය.

'රෝවන් ඇට්කින්සන්' නම් රංගන ශිල්පියා රනිල් වික්‍රමසිංහයන්ට සම කිරිමට උත්සාහ ගත් රනිල් වීරෝධීන් එකල රනිල් වික්‍රමසිංහ රෝවන්ට සම කිරිමෙන් මඩ ගැසිමට බටහිර ඇත්තන් පෙළඹුණේ නැත. එම සැසදිම කලයාගේ ඇවදමෙන් රනිල් විශිෂ්ටයන්ට පාරා වළල්ලත්ම වුයේය.

294296368 752534619533798 605135279504995372 n

සමාජ මාධ්‍ය පෝස්ටුවක්


ලංකාවේ දේශපාලනය තුළ ''බාල වැඩ''  කිරීමෙන් දේශපාලන වාසි ලබා ගැනිම කවදත් සිද්ධ වු දෙයකි. එම බල සැසඳීමෙන් රනිල් වික්‍රමසිංහයන්ට චරිතයට බිද වැට්ටවීමට ඒ කිසිවකුට සිද්ධ නොවු බව කාලයාගේ ඇවදමෙන් ඔප්පු කර ඇත.

''මිත්‍රවරුනි ග්‍රහණය හමාරයි. දැන් අත්පොලසන් දී ස්වයං මෝහනයක ගැලෙන්න. අද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාය. එදා ඔහුගේ චරිතය සැසඳීමෙන් ඔහුට මඩ ගැසූවත්  අද එතුමාගේ ආරක්ෂාව පතන්නේය. අද ඔවුන්ගේ ගැලවුම්කරුවාගේ රනිල් වික්‍රමසිංහයන් ය. ''

අවලාද, අපහාස, බඩ ගොස්තර දේශපාලනික උපක්‍රමවල යෙදෙන්නේ කිසි කලෙකක් සිය එදිරිවාදියාගේ චරිතය විශිෂ්ට, සුවිශේෂි දේශපාලන චරිතයක් හා නොසදන්නේය. එකල ඔවුන් 'රෝවන් ඇට්කින්සන්' නමැති විශිෂ්ට රංගන වේදියා මඩ නිමිත්තට තෝරා ගන්නට ඇත්තේ ඔහු හාස්‍ය දැන වු අතිදක්ෂ රංගවේදියකු නිසාවෙනි. එහෙත් ඔවුන්ට වැරදුනේ ද ඒ නිසාමය.

 

'රෝවන්',  ''බීන්'' චරිතය හා සමාන කරන්නට යාමෙන් සිද්ධ වුයේ ඔවුන්ගේ අභිලාෂය පූර්ණ නොවීමය. මක්නිසාදයත් 'බීන්' චරිතය තිරය මත මැවුවේ විශිෂ්ඨ  රංගවේදියකු නිසාය. ඉන් කෙසේවත් 'රනිල්ගේ' චරිතය හැල්ලූ වුයේ නැත. 'රනිල්ගේ'  ප්‍රතිරුපයට හානියක් ද සිද්ධ වුයේ නැත. කොටින්ම කියනවා නම් 'රනිල්' කිසි විටෙකවත් ''මිස්ටර් බීන්'' නොවීමය.

 

'' මිස්ටර් බීන් යනු බාල අවර ගණයේ විකට චරිතයක් ද නොවේ. ඇතැම් විට ඔහු දෙවෙනි වන්නේ 'චාලි චැප්ලින්' නම් වු ශ්‍රේෂ්ඨ රංගවේදියාටම පමණකි. එසේම 'රෝවන්' ද කිසිවිටෙකවත් 'රනිල්' වීමට ගියේද නැත. එබැවින් කිසිවිටෙක සිය ප්‍රතිවාදි දේශපාලනඥයකුට අතිදක‍ෂ රංගධරයන්ගේ භුමිකාවන් හා සමාන කිරිමට යාමෙන් සිද්ධ වන්නේ ඇරයා ගැනීමටය.

අද රනිල් වික්‍රමසිංහ චරිතය සිය දේශපාලන ජීවිතයේ ඉහළම ගමනාත්තයට අවතීර්ණ වී තිබේ. ඔහුගේ ගත් මගට එවන් අවලාදවලින් සිද්ධ වු කෙංගෙඩියක් නැත. රනිල් වික්‍රමසිංහ තරම් මේ රටේ අවලාද අපහාස වලට බදුන් වු දේශපාලනඥයකු නැත. ඇතැම් දේශපාලනඥයින්ගේ අඹේනියන් මඩත් ගසන්නට තැතනුවන්ට සිද්ධ වුයේ කුමක්ද යන්න ගැන හාංකවිසියකවත් සලකුණක් නොතබාම ඌ වාෂ්ප වුයේය.

 

පටබැඳි නම් හරි මනරම් - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

රනිල් වික්‍රමසිංහයන්ට මඩ ගැසුවන්ට කිසිදාක එවන් අභාග්‍යයක් නම් සිද්ධ වුයේ නැත. ඒ රනිල් වික්‍රමසිංහ නම් වු සුවිශේෂි චරිතයේ හැටිය. වරක් තමන්ගේ කාටුන් චිත්‍ර ඇන්ද ජී. එ. ඒ. ප්‍රනාන්දු කඳවල වත්තට ගෙන් වු සර් ජෝන් කොතලාවල බිත්තර ආප්ප කන්නට දී සතුට කරවා නිරුපද්‍රිතව ගෙදර යැවුවේය. රනිල් වික්‍රමසිංහයන් ද එවැන්නෙකි. සර් ජෝන්ලාගේ දේශපාලනික ලෙය රනිල් තුළද ඇත්තේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට යම් උසස් රසිකත්වයක් තිබුණේය.

 

294357732 4218485044943090 5773350374882823309 nCartoon: Wenusara Vindana Jayasooriya.


ඔවුන් සැම විටම තමන් සිනහවකට ලක් කරවු අය දෙස බලා සරදමට සිනාසුණේය. එබැවින් බාල වර්ගයේ ප්‍රහසන දැක් වු යුගය හමාරය. එබැවින් මහත්මා දේශපාලනයක යෙදීමට මඩ වළෙන් ගොඩ එන්නටයි මේ ඇරයුම.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බීන් සහ රනිල් : අතීතයේ වෘෂභ චූන් සහ මඩ වගුර - (මහිම සුජීව ගමගේ) | The Leader