The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම : ගකපුලවනවා

T

The Leader Desk

April 13, 2023 • 11:15 AM

විමලෙගෙ කොලම : ගකපුලවනවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොටට කොටේ, කැත වචන කිය කියා යනුවෙන් ජනාධිපතිගෙන් ඊළඟට එන්න නියමිත දෙබස් එළියට එනතුරු බලා සිටි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නිලධාරීන් දෙසට හැරුණු ජනාධිපති අනතුරුව කීවේ නිලධාරීන්ගේ තීරණ නිසා ලස්සන නගරයක් විනාශ වෙලා කියාය.
  • ඔය කියන මිනිහා ගැන ජනාධිපතිතුමා හරිහැටි වචනයක් නොකියන නිසා එස් බී වටේටම දුරකථනය වනන්නට පටන් ගත් අතර කොහේ හරි ඉඳන් කතා කරපු එකෙක් එස් බී ට කිව්වේ මෑන් සමබිම පක්ෂයේ නායකයා බවය.
  • එතුමාට නින්ද යාගෙන එනකොට ම මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා හීනෙන් ඇවිත් කීවේ සර් අප්‍රේල් 25 ත් වැඩේ හබක් කියාය.
  • ජනාධිපතිතුමාට තදවී කීවේ තමුසෙලා අපිව control කරනවා කියලා දීප්ති කියපු කතාව හරි එහෙනම් කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

 


කොටට කොටේ, කැත වචන කිය කියා යනුවෙන් ජනාධිපතිගෙන් ඊළඟට එන්න නියමිත දෙබස් එළියට එනතුරු බලා සිටි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නිලධාරීන් දෙසට හැරුණු ජනාධිපති අනතුරුව කීවේ නිලධාරීන්ගේ තීරණ නිසා ලස්සන නගරයක් විනාශ වෙලා කියාය.

එහෙම වෙන්නේ කොහොමද සර් කියා ඇසූ නුවරඑළිය සංවර්ධන කමිටුවේ උසස් නිලධාරියෙකුට ජනාධිපතිතුමා කීවේ නිලධාරි තන්ත්‍රය දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් හසුරුවන කොට එහෙම වෙනවා කියාය.
 
 
puppet master

කවුද එහෙම කියන්නේ කියා පොඩි ඇටෑක් එකක් දෙන්න වගේ ඇසූ නිලධාරියාට ජනාධිපතිතුමා කිව්වේ ඒක අහගන්න දීප්තිගෙන්, දීප්ති ළඟදි නිලධාරි තන්ත්‍රය දේශපාලඥයන් හසුරුවන විදිහ ගැන යූටියුබ් එකට ටොප් ලෙවල් ඉන්ටවිව් එකක් දීලා තිබුණා කියාය.

නිලධාරියා වටපිට බලා ඇසුවේ කවුද දීප්ති කියන්නේ කියාය. ළඟ සිටි එස්බී කිව්වේ කවුද සර් ඔය කියන මිනිහා පාර්ලිමේන්තුවේ හිටිය ද, කොයි කාලෙද, මට හරියට ගනිච්චියක් නැහැ කියාය. ජනාධිපති තුමා කීවේ එස් බී ට දැන් වයසයි ඉතින් දීප්තිව මතක තියෙන්නෙ කොහොමද, මමත් අමාරුවෙන් මිනිහව මතක තියාගෙන ඉන්නේ කියාය.

ඇයි ඉතින් අමාරුවෙන් මතක තියාගෙන ඉන්නේ කියා ඇසූ එස්බී ට ජනාධිපතිතුමා කීවේ නෑ ඉතිං මටත් මිනිහා ගැන හරි නිච්චියක් නෑ, ඒත් ඉතිං මිනිහා මං මත්තෙම නහින්න හදනකොට මං කොහොමද මිනිහව අමතක කරන්නෙ කියාය.

එස්බී ඇසුවේ අප්පට සිරි සර්, ඒ කියන්නේ මිනිහත් සීන්කෝන් කාරයෙක් ද කියාය. ජනාධිපතිතුමා කීවේ ෆිසිකලි එහෙම එකක් නෑ, ඒත් මෑන් පොලිටිකලි දැන් දැන් එහෙම අවුලක ඉන්නවා වගේ පේනවා කියාය.

ඔය කියන මිනිහා ගැන ජනාධිපතිතුමා හරිහැටි වචනයක් නොකියන නිසා එස් බී වටේටම දුරකථනය වනන්නට පටන් ගත් අතර කොහේ හරි ඉඳන් කතා කරපු එකෙක් එස් බී ට කිව්වේ මෑන් සමබිම පක්ෂයේ නායකයා බවය. ආ සමබිම ද කියා එස්බී ඇසූ අතර ඒක ඇසුනු සංවර්ධන නිලධාරියෙකු ජනාධිපතිතුමාගෙන් ඇසුවේ සර් මේක හෝර්ටන් තැන්න පැත්තේ කේස් එකක්ද ඔය කියන විදියේ ලෙවල් ලෑන්ඩ් එකක් තියෙන්නේ හෝර්ටන්වල විතරයි කියාය.
                         
එදින හවස ජනාධිපතිතුමා නුවරඑලිය මන්දිරයේ පොඩි ඇලට් එකකට සෙට් වුණේය.
 
lele

එතුමාට නින්ද යාගෙන එනකොට ම මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා හීනෙන් ඇවිත් කීවේ සර් අප්‍රේල් 25 ත් වැඩේ හබක් කියාය.

ජනාධිපතිතුමාට තදවී කීවේ තමුසෙලා අපිව control කරනවා කියලා දීප්ති කියපු කතාව හරි එහෙනම් කියාය. ඒක කියා කටගන්න කලින් එතුමා ඉදිරියේ පෙනී සිටියේ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනය. ජනාධිපතිතුමා කිව්වේ පුංචිහේවා කාරයා ඉල්ලන සල්ලි ටික දීලා දානවකො හලෝ කියාය. සිරිවර්ධන කිව්වේ එහෙම කොහොමද, දේශපාලකයෝ පත්වෙලා ඉන්නේ තාවකාලිකව, නිලධාරීන් කියන විදිහට ඒ අයට වැඩ කරන්න වෙනවා කියාය.
 
 
මේ අව් අස්සේ සීමා නිර්ණ කොමිසමේ සභාපති හදිසියේ නව සීමා නිර්ණ වාර්තාව අගමැතිට බාරදෙන ගමන් ජනාධිපතිට හීනෙන් කීවේ මේකට අනුව අලුතින් නොමිනේෂන් කෝල් කරන්න වෙනවා, එහෙම නොකර ඡන්දෙ තියන්න ගියොත් ගකපුලවනවා කියාය. ජනාධිපතිතුමා හොඳටම බය වී හිතුවේ යූටියුබ් එකට දීප්ති මල්ලි කියපු කතාව හරියටම හරි, නිලධාරි පංතිය හරක් කටාලගේ මට්ටමට ගිහින් කියාය.
 
 
එවිටම මහින්ද දේශප්‍රිය හැක හැක ගා සිනාසුණු අතර රිලව් ලක්ෂයක් චීනයට යවන වැඩපිළිවෙළ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව එකෙණෙහිම ජනාධිපතිතුමා සිතෙහි ධාරණය කර ගත්තේය. ගංගානි ලියනගේ, මහින්දලා දෙදෙනාටම පසුපසින් පැමිණ ජනාධිපතිට කීවේ මං ජූනි 24 පැන්ෂන් යනවා, මං පැන්ෂන් යන තුරු ඡන්දයක් තිබ්බොත් බලාගෙනයි කියාය.

කොහොමින් කොහොමින් හරි නිලධාරීන් දේශපාලකයන්ව පාලනය කරනවා කියා දීප්ති කියූ කතාවට නිලධාරීහු ඔරොප්පු වූහ.

වැඩි විස්තර සොයා බලනකොට දීප්ති දේශපාලන පක්ෂයක නායකයෙක් බව දැනගත් ඔවුහු මිනිහාවත් රනිල්ලා මෙන් දරුණු විදිහට පාලනය කරන්නට ඉටා ගත්හ. ඒත් පසුව කළ සොයා බැලීමකදී දීප්ති ගේ පක්ෂය මේ කප තියෙන තුරු බලයට එන පක්ෂයක් නොවන බව ඔවුහු වටහා ගත්තෝය.

රනිල් වැනි නායකයන් පාලනය කරන අපිට මේකාගේ චන්ඩි ටෝක්ස් පාලනය කරන්න බැරි මොකද කියා කල්පනා කළ මේ නිලධාරීන් අතර සිටින නාහෙට නාහන මිනිසකු වූ භාණ්ඩාගාර ලේකම් දෙකේ දෙකේ පොල්ලක් අරන් දීප්තිට ගහන්න පනිනකොට මහින්ද දේශප්‍රිය හීනය මැද්දට පැන භාණ්ඩාගාර ලේකම් බදා ගත්තේය.

බදාගෙන කීවේ අනේ මල්ලි ඕකා ඔය පොර ටෝක් දුන්නට හෙන අහිංසකයා, ඌව මරලා පව් පුරෝගන්න එපා කියාය.



Wimalanath Weerarathna(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com



 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...