The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

මේෂයෙන් මීනයට සූර්යයාගේ ගමන මායාවක් ද?

T

The Leader Desk

April 14, 2023 • 8:55 AM

මේෂයෙන් මීනයට සූර්යයාගේ ගමන මායාවක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ගැන කතා කිරීමේදී මුලින්ම අවුරුද්ද ලෙස සලකන්නේ කුමක්දැයි වටහා ගත යුතුය.
  • ඒ අනුව චන්ද්‍ර වර්ෂයට ඇත්තේ දින තුන්සිය පනස් හතරක් පමණි.
  • මේ එක් රාශියක් පසුබිම් කරගෙන සූර්යයා පිහිටන විට එය ඒ රාශියේ නමින් රවියක් හෙවත් මාසයක් ලෙස ගණන් ගැනෙයි.
  • ඒ දුරත් දෙකට බෙදා දෙපස රාශිවලට සමව බෙදා දීමෙන් සෑම දිනයක්ම (මොහොතක්ම) එක්තරා සූර්යය මාසයකට ලැබෙන අයුරින් මේ අවුරුදු ක්‍රමය සාදා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ ගැන කතා කිරීමේදී මුලින්ම අවුරුද්ද ලෙස සලකන්නේ කුමක්දැයි වටහා ගත යුතුය.  අපිට අවුරුදු දෙකක් තිබේ‍. එකක් සූර්යයාගේ ගමන මූලික කොට ගනියි, අනික චන්ද්‍රයාගේ කලාව මූලික කොට ගනියි. චන්ද්‍රයා ස්වකීය කලා චක්‍රය සම්පූර්ණ කිරීමට එකුන්තිස් දිනක් හා අඩක් ගනියි. මෙය චන්ද්‍ර මාසයකි. චන්ද්‍ර මාස දොළසක් චන්ද්‍ර වර්ෂයකි. ඒ අනුව චන්ද්‍ර වර්ෂයට ඇත්තේ දින තුන්සිය පනස් හතරක් පමණි.

සූර්යයා රාශි චක්‍රයේ එක්තරා ස්ථානයකින් ගමන් ඇරඹූ කල නැවත එතැනටම පැමිණීමට ගතවන කාලය සූර්යය වර්ෂයකි. මේ ගමනේදී සූර්යයා රාශි දොළසක් පසු කරමින් ගමන් කරයි. සියලු රාශි එක හා සමාන දිගකින් යුක්ත නොවන නිසා සමහර රාශි පසු කිරීමට සූර්යයා බොහෝ කල් ගනියි, සමහර රාශි ඉක්මනින් පසුකර යයි. මේ එක් රාශියක් පසුබිම් කරගෙන සූර්යයා පිහිටන විට එය ඒ රාශියේ නමින් රවියක් හෙවත්  මාසයක් ලෙස ගණන් ගැනෙයි. රාශි දෙකක් අතර මැද දුරක්ද පවතියි. ඒ දුරත් දෙකට බෙදා දෙපස රාශිවලට සමව බෙදා දීමෙන් සෑම දිනයක්ම (මොහොතක්ම) එක්තරා සූර්යය මාසයකට ලැබෙන අයුරින් මේ අවුරුදු ක්‍රමය සාදා ඇත.

මෙලෙස අප මීන රාශියට අයත් දින ගණන ගෙවා මේෂ රාශියට අයත් දින අතරට සූර්යයා පැමිණීම අවුරුද්ද ලෙස සංකේතාත්මකව නව ආරම්භයක් ලෙස සලකමු.

ඇත්ත වශයෙන්ම මේ ගැන තාරකා විද්‍යානුකුලව සිතා බැලුවහොත් මේ සිදුවන්නේ අහසේ ඇස් බැන්දුමකට අනුව යහපත් සිරිත් විරිත් සමුදායක් පිළිපැදීමෙන් අලුත් ආරම්භයක් ඇතිකර ගැනීමයි.


එසේ නම් මෙහි ඇති ඇස් බැන්දුම කුමක් ද?


unish

විශ්වය ඉතා විශාලය. අපි අයත් වන්නේ එහි එක සක්වලකට හෙවත් චක්‍රවාට තරු ගොන්නකටය. මේ සක්වල තුළ සූර්යයා ප්‍රමුඛ අපේ පොළෝ තලය හා ග්‍රහලෝක පැයට කිලෝමීටර 828,000 ක වේගයෙන් ගමන් කරයි. ඒ සක්වල ස්කන්ධ කේන්ද්‍රය, කේන්ද්‍ර කරගත් පථයක් හරහාය. මෙ සක්වල වටා වටයක් ගිය කල එය සක්වල වසරකි. සක්වල වසරක් පෘථිවි වසර මිලියන 225 කි.

සක්වල වටා ගමන් කරන අතරම අපි තවත් ගමනක් යමු. එනම් සූර්යයා වටාය. එය ද එසේ මෙසේ ගමනක් නොවේ. ඒ යන්නේ පැයට කිලෝමීටර 110,000 ක වේගයකිනි. මේ වටය අවසන් කිරීමට ගතවන කාලයට අපි පෘථිවි වසරක් හෝ නිකම්ම අවුරුද්දක් යැයි කියමු.

 

අපි අවුරුද්ද ලැබීමේදී සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන බව පවසමු. ඇත්තටම මේ රාශි අතර කෙරෙතැයි කියන හිරුගේ ගමන විද්‍යාත්මකව බැලූ කල දෘශ්‍ය මායාවකි.

 

රාත්‍රී අහස දෙස බලන ඔබට තරු විශාල ප්‍රමාණයක් දැකගත හැකිය. ඒවායින් සමහර තරු ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතින් පිහිටා ඇත. ඒ අතරම සිකුරු, බ්‍රහස්පති වැනි අපේම සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි ග්‍රහලෝක පෙනෙන්නේද තරු විලසිනි. එහෙත් ඉහත සඳහන් කළ තාරකාවලට සාපේක්ෂව මෙම ග්‍රහලෝක අපට ඉතා ආසන්නයේ පවතියි. නමුත් පියවි ඇසට මේ දුර ප්‍රමාණ සහ පරතර කෙසේවත් ග්‍රහණය කරගත නොහැකිය. ඒ නිසා ඒවා පැතලි කැන්වස් තලයක තැබූ අලංකාර තිත් ලෙස පෙනී යයි. අපේ සූර්යයාද මේ කැන්වසයේ එක් තිතකි. මේ තිත කැන්වසය ඔස්සේ ගමන් කරන්නාක් සේ අපට දිස්වේ.

.

කැන්වසය මත අපි විවිධ රෑ රටා මවාගෙන ඇත්තෙමු. ඒ තමා අපි රාශි හැටියට හඳුන්වන රටාවන්. මහ පොළොවේ සිට බලන අපට හිරු මේ රටා අතරින් යනවා සේ පෙනෙන අතර ඒ රටා දෙකක් අතරින් පනින අවස්ථාවක් අපි අවුරුද්ද ලෙස වෙන් කරගෙන සිටිමු. නමුත් මේ සියල්ල සැබෑවටම සිදු නොවන කාරණාවන්ය. මේ මායාව වටහා ගන්නට නම් ඔබ විශාල තැනිතලා බිමක් හරහා දුම්රියක යන ආකාරය සිතට ගත යුතුය. කවුළුවකින් බලන ඔබට පුළුල් දර්ශනයක් දිස්වේ. තැනිතලාව ඈත  කෙළවර අවසන් වන්නේ විවිධ හැඩතල සහිත කඳු වැටියකිනි. කඳු පෙළට මෙපිටින්, වඩාත් ආසන්නව ඇති ගසක් ගැන දැන් සිතට නගා ගන්න.

 

දුම්රියේ කවුළුවකින් මෙම ගසෙහි ඉහළ කොටස පමණක් පෙනෙන සේ ඈතින් ඇති කඳුවැටිය දෙස බලනවා යැයි සිතන්න. මොහොතකට ඔබ නතර වී සිටිතැයි සිතුවහොත් ඔබ එවිට දකින්නේ කඳුවැටියේ එක් උස් මුදුණකි. ඊළඟ මොහොතේ ඒ වෙනුවට වෙනත් මුදුණක් දිස්වේ.

 

මෙය ඉහත සඳහන් කළ සූර්යයා රාශි හරහා යන ගමන හා සමාන වූවකි. ගස කඳුවැටියේ එක එක කොටස හරහා ගමන් කරන බවක් ඔබට පෙනෙන්නාක් සේ මහ පොළොවේ සිට බලන කලට සූර්යයා රාශියෙන් රාශියට ගමන් ගන්නා ආකාරයක් අපට දිස්වේ. අපේ පමණක් නොව ලෝකයේම අවුරුදු සංකල්පය රුඳී ඇත්තේ මෙබඳු සූර්යයාගේ මායා ගමනක් මූලික කරගෙනය.

නමුත් විද්‍යාත්මකව මේ රාශි සහ ඒවාට අයත් තරු අතිශය ඈත්ව පිහිටා ඇති අතරම සූර්යයා මේවා අතරින් ගමන් කිරීමක් සිදු නොවේ. අනෙක් අතට අප විසින් අධ්‍යයන පහසුවට අප දන්නා හැඩතල අනුව ඈත අහසේ දිලෙන තරු යා කර රාශි ලෙස නම් කර ඇති නමුදු මේ තරු එකිනෙකට ආසන්නව නැති අතර ඒවා අතර කිසිදු සම්බන්ධයක්ද නැත.

මේ අප පොළොව මත සිට හැල්මේ යමින් සහ හිරු වටා තවත් වේගයෙන් යමින් අහස බලන කල පෙනෙනා තරු පසුතලය මත සිතින් සටහන් කරගත් සහ පසුව සිතියම්ගත කරගත් මායාවී තරු රටා අතර ගෙවෙන කාල වකවානුවක් වෙන්කර ගැනීමකි. නමුත් කාලාන්තරයකට පසු ජීවිතය නවතාවකින් යුතුව ඇරුඹීමට මේ මායාව තුළින් හෝ  අපට ලැබෙන්නේ ඉමහත් ආශිර්වාදයකි. සෑම අතින්ම නැවුම් ජීවිතයක් ඇරුඹීමට අවස්ථාව සලසන නිසාම මේ මායාව අපට යහපත් මගපෙන්වීමකි.

(සුගත් - deshaya.lk)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...