The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

පේරාදෙණිය සරසවිය රන්වන් පැහැයෙන් හැඩකළ මල් වැල් ලංකාවට ආවේ කොහොමද?

T

The Leader Desk

April 14, 2023 • 3:56 PM

පේරාදෙණිය සරසවිය රන්වන් පැහැයෙන් හැඩකළ මල් වැල් ලංකාවට ආවේ කොහොමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැලු බැලු අත කහ මලින් විකසිතව තිබු සරසවි භූමිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මෙන්ම නන් දෙසින් පැමිණි බොහෝ දෙනෙකුගෙන් පිරි තිබුණු අතර, සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එහි සුන්දරත්වය බොහෝ දෙනෙකු බෙදා හදා ගෙන තිබෙන අයුරු දැක ගත හැකිවිය.
  • මල් පිපෙන කාලය ගැන අවබෝධයක් ඇති ඡායාරූප ශිලිපිණිය පවසන්නේ පෙර වසරට වඩා මෙවර සරසවි භූමිය මලින් බරව තිබු බවකි.
  • පේරාදෙණිය උද්භිත උද්‍යානයට බ්‍රසිලයේ සිට වසර 1850 දී පමණ බළල් පහුරු ශාකය ගෙනවිත් රෝපණය කර තිබේ.
  • ඉන් ශත වර්ෂයකට පමණ පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ කරන වකවානුවේදී ෂර්ලි ඩී අල්විස් නැමැති භූමි නිර්මාණකරු විසින් එම ශාකය සරසවි භූමිය තුළ රෝපණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

බැලු බැලු අත කහ මලින් විකසිතව තිබු සරසවි භූමිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මෙන්ම නන් දෙසින් පැමිණි බොහෝ දෙනෙකුගෙන් පිරි තිබුණු අතර, සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එහි සුන්දරත්වය බොහෝ දෙනෙකු බෙදා හදා ගෙන තිබෙන අයුරු දැක ගත හැකිවිය.

“මගේ කැම්පස් එකේ යාලුවෙක් ඉන්නවා, තව නුවර යාලුවෙක් ඉන්නවා ඒ දෙන්නට කෝල් කරලා ඇහුවා මල් තියෙනවාද කියලා. ඊට පස්සේ කිව්වා තියෙනවා එනවානම් හෙටවත් එන්න වැස්ස නිසා මොනවා වෙයිද දන්නේ නෑ කියලා. මම පහුවාදා උදේ පාන්දර ගිහිල්ලා යුනිවර් සිටි එකට හත වගේ වෙද්දි ගිහිල්ලා පොටෝස් ගත්තා. මම මල් බලන්නමයි එහෙට ගියේ.” සිය සුන්දර මතකය ආවර්ජනය කරමින් ඒ අලංකාරය විඳින්නට ගම්පහ සිට පේරාදෙණිය සරසවිය බලා ගිය ඡායාරූප ශිලිපිණියක වන සරසි නෙත්මිණි බිබිසි සිංහල සේවයට කියා සිටියාය.

මල් පිපෙන කාලය ගැන අවබෝධයක් ඇති ඡායාරූප ශිලිපිණිය පවසන්නේ පෙර වසරට වඩා මෙවර සරසවි භූමිය මලින් බරව තිබු බවකි.

බොහෝ දෙනෙකුගේ නෙත් සොරා ගැනීමට සමත් වූ සුන්දරත්වයකට හිමිකම් කියන මෙම ශාකය පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට අපි කල්පනා කළෙමු.

irtujf


බළල් පහුරු (Cat's Claw Vine) ලංකාවට ආවේ කොහොමද?

රන් වන් පැහැයෙන් යුත් මල් පීදෙන විශාල වැල් සහිත මෙම ශාකය බළල් පහුරු (Cat's Claw Vine) නමින් හඳුන්වනු ලැබේ.

පේරාදෙණිය උද්භිත උද්‍යානයට බ්‍රසිලයේ සිට වසර 1850 දී පමණ බළල් පහුරු ශාකය ගෙනවිත් රෝපණය කර තිබේ.

ඉන් ශත වර්ෂයකට පමණ පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ කරන වකවානුවේදී ෂර්ලි ඩී අල්විස් නැමැති භූමි නිර්මාණකරු විසින් එම ශාකය සරසවි භූමිය තුළ රෝපණය කර ඇත.

“හැම අවුරුද්දේම මාර්තු මාසයේ තමයි මල් පිපෙන්නේ. සමහර වෙලාවට මාර්තු මුල වෙන්න පුලුවන්, මාර්තු අග වෙන්න පුලුවන්, මේ අවුරුද්දේ මල් පිපෙන්න පටන් ගත්තේ මාර්තු විසි හත. මේකේ මල් උපරිම තියෙන්නේ සතියයි. ඔය මල් එන කාලේට තමයි නුවරට වැස්ස පටන් ගන්නේ, ඔය වැස්ස නිසා දවස් තුන හතරෙන් මල් හැලෙනවා.” යි පේරාදෙණිය සරසවියේ උද්‍යාන පාලක අසන්ත බණ්ඩාර බිබිසි සිංහල සේවයට කියා සිටියේය.

බළල් පුහුරා ශාකය අක්‍රමණශිලි ශාකයක් ලෙස හඳුන්ගෙන ඇති බව පවසන උද්‍යාන පාලකවරයා එම ශාකය ගෙවතු අලංකරණයට එතරම් නොගැළපෙන බව ද අවධාරණය කළේය.

“මේක ගැලපෙන්නේ මේ වගේ ලොකු පරිසරයක් තියෙන තැනකට. මේ වගේ ශාකයක් ගෙදරක පැළ කරපුවාම වෙන ප්‍රශ්නය තමයි ශාකයේ පැතිරීම පටන් ගන්නවා හැම තැනම. දැනට වාසනාවට එකම වනාන්තරයකවත් හඳුනගෙන නැහැ මේක ව්‍යාප්ත වෙලා කියලා. මේක ගෙවතු අලංකරණයට උනන්දු කරන්න හොඳ නැහැ.” යි ඔහු පැවසීය.


සුන්දරත්වයේ සැඟව එන අවදානම

සෑම වසරකම මාර්තු සිට අප්‍රේල් අතර කාලයේ රන්වන් පැහැයෙන් මල් හට ගන්නා ඉතා විශාල වැලක් ලෙසින් පැතිර වැඩෙන බළල් පහුරු (Cat's Claw Vine) ශාකය රටවල් රාශියකම ඉතා හානිකර ආක්‍රමශිලි ශාකයක් බවට පත්වී ඇති බවයි ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

“පේරාදෙණියේ ගස් ගැන අධ්‍යනය කළාම මම දැකලා තියෙන සමහර ගස්වලට වැල්වල බර දරාගන්න බැරුව කඩන් වැටෙනවා. එහෙම නැතිනම් වැල්වලින් ඕනාට වැඩිය ගහ වැහිලා ගහ මැරෙනවා. මේක කැලේකට වගේ ගියොත් ලොකු විනාශයක්නේ.” යි ඔහු බිබිසි සිංහල සේවය වෙත කියා සිටියේය.

විශාල ගස් වසා ගනිමින් බළල් පහුරු ශාකය පැතිර යෑම නිසා ගස් ආශ්‍රීතව බිමෙහි ඇති කුඩා ශාකවලට ද ඉන් බලපෑම් ඇති වන බව ඔහු පවසයි.

zsde

“මේවා ලස්සනයි කියලා මිනිස්සු දැන් ගෙවල්වල හිටව ගන්නවා. කොළඹත් මම දැකලා තියෙනවා ලොකු බිලිඩින්වල එහෙම් පිටින්ම බැම්මක් වැහෙන්න මේක වවනවා. එතකොට මේවා කප්පදු කරනවානේ. මේවා කප්පාදු කරලා වැල් කෑලි විසි කරපු ගමන් ඒවා ඉක්මනටම වැවෙනවා එතන තමයි අවදානම තියෙන්නේ.”

ශ්‍රී ලංකාව තුල වගා කෙරෙන සීමිත ස්ථාන වලින් පිටත කිසිදු ස්වභාවික පරිසර පද්ධතියකින් බළල් පහුරු ශාකය වාර්තා වී නොමැතිවීම සතුටට කරුණක් බව පරිසරවේදි ආචාර්ය ජගත් ගුණවර්ධන කියා සිටියේය.

බීජ මගින් මෙම ශාකය ව්‍යාප්ත වීම වාර්තා නොවන බව කී ආචාර්යවරයා “වැල් කප්පාදු කරනවා නම් ඒ ටික වේලලා පුච්චලා දාන්න. නැතිනම් බැහැර කරන්න කලින් වේලලා මැරිච්ච බව සහතික කරගන්න.” යි අලංකාරය සඳහා ශාකය වගා කර ඇති පුද්ගලයන් වෙත කියා සිටියේය.

විසිතුරු ශාකයක් ලෙස ගෙවතුවල හෝ තම ප්‍රදේශයන්හි මෙම ශාකය වගා කර ගැනීමට අවශ්‍ය නම් එය සිදුකළ යුත්තේ ශාකයේ තිබෙන ආක්‍රමණශීලීත්වය සහ හානිකර බව පිලිඹඳව මනා අවබෝධයකින් යුතුව බව ඔහුගේ අදහසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ සහ ඒ අවට ප්‍රදේශයේ හැරුණු කොට කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකින් ද මෙම ශාකය හමුවී ඇති බව ආචාර්යවරයා බිබිසි සිංහල සේවය වෙත අනාවරණය කළේය.

කෙසේ වෙතත් සුන්දරත්වයෙන් නෙත් සිත් පැහැර ගැනීමට සමත් වුවද බළල් පහුරු ශාකය අනාගාතයේ දී ලොකු ගැටලුවක් විය හැකි යැයි පෙන්වා දෙන ආචාර්ය ජගත් ගුණවර්ධන එසේ වුවහොත් එමගින් මෙරට පරිසර පද්ධතියට දැඩි හැනි විය හැකි බව වැඩිදුරටත් කියා සිටියේය.

(BBC සිංහල සේවය)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...