The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : රතිඤ්ඤා සහ කිරිබත් - (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

April 16, 2023 • 8:14 AM

මානීගේ තීරුව : රතිඤ්ඤා සහ කිරිබත් - (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට පමණක් නොව මගේ අහිංසක පරම්පරාවටද මා වැනි අසංස්කෘතික එකෙක් ලොකු මහත් කිරීම ගැන අපවාද අසන්නට සිදුවිය.
  • ඒක නිසා නොවෙන්නා වගේ සජිතුත් ජනාධිපති වුණොත් රතිඤ්ඤා තහනම් කෙ⁣රෙන්න වුණත් බැරි නෑ " බිරිඳ ලොකු සුසුමක් හෙලුවාය.
  • "බයියො හැම මගුලටම පාරවල් මැද ටෙන්ට් ගහගෙන උයන කිරිබත්ද අපිත් අවුරුද්දට උයන්න හදන්නෙ ?" එවර නම් බිරිඳට කේන්ති ගිය බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණේය.
  • "දේශපාලන වශයෙන් නිවැරදි වුණත් එකයි නැතත් එකයි අවුරුද්දට අපේ ගෙදර උයන්නෙ කිරිබත්, තේරුණද?" මේ සතියේ සංස්කෘතික වශයෙන් නිවැරදි කොලමක් ලිවීම මගේ ආධ්‍යාශය වුවත් එය එසේ නොවූයේ නම් ඒ මගේ වරදක් නිසා නොවන බව ඔබ තේරුම් ගන්නවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



මට පමණක් නොව මගේ අහිංසක පරම්පරාවටද මා වැනි අසංස්කෘතික එකෙක් ලොකු මහත් කිරීම ගැන අපවාද අසන්නට සිදුවිය. ඒ නිසා මේ සතියේ කළ වරද නිවැරදි කරගැනීමට තරයේ අධිෂ්ඨාන කරගෙන සිටිද්දී බිරිඳ මා ඇමතුවාය.

"හලෝ දැන් කොයි වෙලාවක හරි පුතයි, මුණුබුරයි එයිනෙ" බිරිඳ මට අඩු නොවූ අමනාපයෙන්ම කියා සිටියාය ."ඊට කලින් කඩේට ගිහින් කොල්ලට රතිඤ්ඤා පෙට්ටියකුයි, අපිට හාල් කිලෝවකුයි අරගෙන එනවකො"

රතිඤ්ඤා යන වචනය ඇසූ පමණින් මගේ රතු කට්ට පැන්නේය.

 

image d458dd34e8

"පිස්සුද ඕයි තමුසෙට" මම බිරිඳට බැණ වැදුණෙමි. "මේ කාලෙ යමක් කමක් තේරෙන මිනිස්සු ගෙදරකට ගේන දෙයක්ද රතිඤ්ඤා කියන්නෙ ?"
බිරිඳ දවස් කීපයකට පසු පළමුවරට සිනාසුනාය.

"හරි,හරි රතිඤඤාවලින් පරිස්සම් වෙන්න ඕන තමයි " බිරිඳ හඬ පහත් කොට කීවාය. "ඒ වුණාට පොඩි එකා නෙවෙයිනෙ පත්තු කරන්නෙ පුතානෙ"

"පත්තු කරන්නෙ කවුද කියනෙක නෙවෙයිනෙ අයිසෙ ප්‍රශ්නෙ" මම බිරිඳට පැහැදිලි කර දුනිමි. "අයි.එම්.එෆ් ණය හම්බුවුණාම බයියො පත්තු කරපු රතිඤ්ඤා පත්තු කරාම අපිත් බයියොන්ගෙ ගානට  වැටෙනවනෙ"

 

.

"ඔයා කියන්නෙ ණයට පත්තු කරපු රතිඤ්ඤාවලින් පස්සෙ රතිඤ්ඤාත් නෝන්ඩි වුණා කියලද ?" බිරිඳ මගෙන් ඇසුවාය. "එතකොට අයි.එම්. එෆ්. විරෝධී ජෙප්පො බලයට ආවම මිනිස්සු  රතිඤ්ඤා පත්තු නොකරම අරියිද?"

"අයි.එම්.එෆ්.වලට පක්ෂ සජබෙ ආවත් රතිඤ්ඤාවලට හොඳක් වෙන්නෙ නැති වෙයි  "මම කියා සිටියෙමි. "සජිත්ගෙ පප්පව කොටි මරපු වෙලාවෙ මුළු රටම සන්තෝසෙට රතිඤ්ඤා පත්තු කරා මතකද ? ඒක නිසා නොවෙන්නා වගේ සජිතුත් ජනාධිපති වුණොත් රතිඤ්ඤා තහනම් කෙ⁣රෙන්න වුණත් බැරි නෑ "  
බිරිඳ ලොකු සුසුමක් හෙලුවාය.

"මදැයි මගේ ජීවිත කාලෙම අවුරුද්දට පත්තු කරපු රතිඤ්ඤාත් මේ පාර පත්තු කරන්න වෙන්නෙ නෑ එහෙනම්"

ඈ කියා සිටියාය ."කමක් නෑ ඔයා  ගිහින් කිරිබත් උයන්න හාල් කිලෝවක් අරගෙන එන්න "

"හැබෑටම නෝනා ඔයාට නුහුගු⁣ණේද?" මම පුදුම වී ඇසුවෙමි. "බයියො හැම මගුලටම පාරවල් මැද ටෙන්ට් ගහගෙන උයන කිරිබත්ද අපිත් අවුරුද්දට උයන්න හදන්නෙ ?"

 

image c228ce497e

එවර නම් බිරිඳට කේන්ති ගිය බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණේය.

"හොඳයි, එතකොට අවුරුද්දට කිරිබත් උයන්නෙ නැතුව අපි මොන කෙහෙම්මලද උයන්නෙ කියනව බලන්න "

"මෙහෙමයි නෝනා, ඔයාට පුළුවන්නෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් හදන්න "මම යෝජනා කළෙමි. "කොහොමටත් දැන් මේ රටේ ජාතික ආහාරය ෆ්‍රයිඩ් රයිස්නෙ"

"තමුසෙට ඕනනම් වෙන කොහේ හරි ගිහිල්ල ෆ්‍රයිඩ් රයිස් කනව" බිරිඳ රතු වූ මුහුණින් කීවාය. "හැබැයි මම අවුරුද්දදාට උයන්නෙ කිරිබත් "
කලබල වූ මම ටෙලිෆෝනය ගෙන නොම්මර ඔබන්නට වූයෙමි.

"ඕයි, මේ කතාව ඉවර කරල ඉන්නව එකඑකා එක්ක කතා කරන්න කලින් "

"ඕක ගැන අහන්න තමයි මම මේ අනුර කුමාර සහෝදරයාට කතාකරන්න හදන්නෙ " මම බිරිඳට කියා සිටියෙමි . "බයියොත් කන කිරිබත් අපිත් අවුරුද්දට කෑම දේශපාලන වශයෙන් නිවැරදිද කියල දැනගන්න "

බිරිඳ ⁣අතේ තිබූ පොල් කටු හැන්ද මට දිගු කළාය.

"යකෝ දැන් තමුසෙට හැරෙන්නත් බෑ⁣නෙ දේශපාලන වශයෙන් නිවැරදිද කියල බලන්නෙ නැතුව" බිරිඳ සැරෙන් කියා සිටියාය. "දේශපාලන වශයෙන් නිවැරදි වුණත් එකයි නැතත් එකයි අවුරුද්දට අපේ ගෙදර උයන්නෙ කිරිබත්, තේරුණද?"

මේ සතියේ සංස්කෘතික වශයෙන් නිවැරදි කොලමක් ලිවීම මගේ ආධ්‍යාශය වුවත් එය එසේ නොවූයේ නම් ඒ මගේ වරදක් නිසා නොවන බව ඔබ තේරුම් ගන්නවා ඇත.


sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )



 

JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...