The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

හමුදා කුමන්ත්‍රණ වෙනුවට ව්‍යවස්ථා කුමන්ත්‍රණ තුළින් රාජ්‍ය බලය අතට ගැනීම - (රංජිත් හේනායකආරච්චි)

T

The Leader Desk

April 17, 2023 • 5:56 PM

හමුදා කුමන්ත්‍රණ වෙනුවට ව්‍යවස්ථා කුමන්ත්‍රණ තුළින් රාජ්‍ය බලය අතට ගැනීම - (රංජිත් හේනායකආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමුවැන්න නම් පහලින් කරන කුමන්ත්‍රණයකින් රටෙහි ආණ්ඩුව පෙරළා බලය ඇල්ලීමයි.
  • මෙවැනි බල පෙරළීමක් ලෝකයා හඳුන්වන්නේ මිලිටරි ජුන්ටාවක් බලය ලබා ගැනීමක් ලෙසය.
  • කොංගෝ රටේ මොබූටු හෝ ඉන්දුනීසියාවේ සුහර්තෝ ගේ කුමන්ත්‍රණ පිළිබඳව අප අසා ඇත්තෙමු.
  • චිලියේ පිනෝචේගේ කුමන්ත්‍රණය ඒ තුළින් ඇතිකරන ලද හමුදා ආණ්ඩුව සහ එමගින් ඇති කරන ලද ඒකාධිපති පාලන ක්‍රමය ජනතාව බියෙන් සහ ත්‍රස්ත කිරීමේ සහ යටපත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස ප්‍රසිද්ධය.
අකුරු ප්‍රමාණය (Font Size):

පළමුවැන්න නම් පහලින් කරන කුමන්ත්‍රණයකින් රටෙහි ආණ්ඩුව පෙරළා බලය ඇල්ලීමයි. ඒ තරු පටි පැළඳ ගත් හමුදා නායකයින් ගේ හෝ නායකයෙකුගේ බල කෑදරකම සහ බොහේ විට  ධනපති පංතියේ ඉහළම ස්ථර අතර අපේක්ෂා සමවීම පාදක කර ගෙන රටක බලය අල්ලා ගැනීමයි.

එවැනි තැනක එක් උදෑසනක එලිය ගලා එන විට ප්‍රධාන නගරවල යුද්ධ ටැංකි වීදි සරනු දැකිය හැක. හිසේ සිට පාදාන්තය දක්වා සන්නද්ධ වූ සෙබළුන් පුරවාගත් රථ වාහන නගරයන්හි මිනිසුන් ත්‍රස්ත කරමින් සැරිසරනු දැකිය හැක. ජනාධිපතිවරයා ගේ හෝ අගමැතිවරයාගේ නිවසට කඩා පනින සෙබළු ඔහුට හෝ ඇයට මාංචු ලා ගෙන බැහර ගෙන යති. ඒ වාගේම තව සෙබළු කණ්ඩායමක් ‍ප්‍රධාන මාධ්‍ය ආයතන සියතට ගනිමින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට නිවේදන නිකුත් කිරීම අරඹති. තවද පාර්ලිමේන්තුව තම අඩස්සියට ගනු ලැබේ.

ඉන් වැඩි වෙලා නොගොස් තරු පටි පැළඳ ගත් උජාරු මුහුණකින් පෙනී සිටින කොන්ද කෙලින් කරගත් ජනරාල්වරයෙකු තමා රටේ සාමය උදා කිරීම සඳහා බලය තම අතට ගත් බව පවසනු ඇත.එසේ ජාතිය අමතන අතර ඔහු නොවරදවාම කියන වැකියක් වන්නේ “මාගේ මේ වෑයම ජනතාවගේ යහපත පිණිසයි” ඉන්පසු පවසන්නේ “ජනතාවගේ ආරක්ෂාව, ජනතාවගේ සුබසිද්ධිය” “ජාතියේ ආරක්ෂාව” ආදී වදන් වැලකි.

මෙවැනි බල පෙරළීමක් ලෝකයා හඳුන්වන්නේ මිලිටරි ජුන්ටාවක් බලය ලබා ගැනීමක් ලෙසය.



මෙසේ කුමන්ත්‍රණ තුළින් බලය ඇල්ලූ රටවල් පිළිබඳව උදාහරන එමටය. කොංගෝ රටේ මොබූටු හෝ ඉන්දුනීසියාවේ සුහර්තෝ ගේ කුමන්ත්‍රණ පිළිබඳව අප අසා ඇත්තෙමු. චිලියේ පිනෝචේගේ කුමන්ත්‍රණය ඒ තුළින් ඇතිකරන ලද හමුදා ආණ්ඩුව සහ  එමගින් ඇති කරන ලද ඒකාධිපති පාලන ක්‍රමය ජනතාව බියෙන් සහ ත්‍රස්ත කිරීමේ සහ යටපත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස ප්‍රසිද්ධය. මේ මෑත ඉතිහාසයේ මියන්මාරයේ සිදුවන්නේත් එයමය. එරට ඡන්දයෙන් පත්වූ ජනාධිපතිනිය සිරකර හමුදා ජෙනරාල් කෙනෙකු බලය තම අතට ගෙන ජනතාවගේ අයිතීන් තමා අඩස්සියට ගෙන ඇත.

XFGRET

විසිඑක් වෙනි සියවසේ මේ ක්‍රමය එතරම් ජනප්‍රිය නො වන හෙයින් ප්‍රතිගාමීත්වය සෑමවිටම ‍ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් දෙන වෙනත් ආකාරයකින් කුමන්ත්‍රණකාරීව බලය අත් පත් කරගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරයි. මේ ක්‍රමය තුලින් එවැනි පාලනයන්ට නීත්‍යානුකූල බවක් ආරූඩ කර ගැනීම අද අප අත්දකින තත්ත්වයකි.  



ආණ්ඩු බලය බලහත්කාරය තුළට ගැනීම කරන මෙම දෙවන ක්‍රමවේදය වන්නේ ඉහලින් කරන කුමන්ත්‍රණයයි. ලොව රටවල් ගණනාවක අද මෙම ක්‍රමය දැකිය හැක. විසිවන සියවසේ වැඩිපුර දැකිය හැකි වන්නේ පහලින් ඇති වන හමුදා කුමන්ත්‍රණ තුළින් රටවල බලය ඇල්ලීම කළ ආකාරයයි. නමුත් අද වන විට විසි එක් වෙනි සියවසෙහි මෙසේ ආණ්ඩුබලය කුමන්ත්‍රණ ආකාරයකින් ඒකාධිපතිත්වය අතට ගැනීම සිදුකරන්නේ ඉහළින් කරන බලය ඇල්ලීම තුළිනි.

 

මෙම ක්‍රමය හඳුනාගැනීම පහසු නැත. ඒ එම ක්‍රමය සිදුවන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ මුහුණුවරක් එළියට දක්වමිනි. එය සිදුවන්නේ ඉතා සාමාන්‍ය අයුරින් බොරු බේගල් ඇද බාමින් ඡන්දයෙන් බලයට එන ආණ්ඩුවක් තමන් ගේ ඒකාධිපති උවමනාවන් ඉටුකරගැනීමට පියවර ගන්නා විට රටෙහි තිබෙන නීති සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය ඔවුනට බාධාවක් වන විටය.  එවැනි අවස්ථාවකදී රාජ්‍ය පෙරළියකට නීත්‍යානුකූල බවක් දෙමින් ඔවුන්ගේ හිතු මතයට නීතිමය තත්වය වෙනස් කිරීම තුලිනි. ඇත්තෙන්ම මෙය පැසිස්ට්වාදීන් ගේ පැරණි උපක්‍රමයකි. පළමුවෙන්ම තමන් බලයට ඒමට පවතින නීතියේ රාමුව තුළම තත්ත්වයන් උදා කර ගනී. එසේ බලයට පත්වීම සමග පවතින බලය ප්‍රයෝජනයට ගනිමින් පවතින නීති රාමු ජනයාට වටහාගත නොහැකි ආකාරයේ වෙනසකට පත් කිරීම සඳහා සිය බලය අවස්ථාව කරගැනීමයි.

මෙසේ ඉහළින් ඇති කරන බල කුමන්ත්‍රණයකදී බල පෙරළිය සිදුවන්නේ වටහා ගැනීමට පවා අපහසු ආකාරයකිනී. බැලූ බැල්මට එය පෙනෙන්නේ ඉතා සාමාන්‍ය නීති ප්‍රතිසංස්කරනයක් ලෙසයි. බැලූ බැල්මට පෙනෙන යුද ටැංකි සැරිසැරීමක් වත් හමුදා කාණ්ඩ සැරිසැරීමක් වත් දකින්නට නොමැත. ජාතිය අමතන ජෙනරාල් කෙනෙකු නැත. මේ සියලු රාජ්‍ය වෙනස් කිරීමේ කුමන්ත්‍රණය සිදුවන්නේ වැසූ දොරවල්වලට ඇතුලින් ශීත කාමර තුළ ලියන මේසවල ඉඳගෙනය. මෙසේ මෙම කාමර තුළ සිදු වන නීති වෙනස් කිරීම් ඔවුනට ඇති සීමා ලිහිල් කර දමන අතර ජනතාවට ඇති අයිතීන් හකුලා දමයි. ඔවුන් කතා කරන්නේ තමන් දැනට කරමින් සිටින්නේ “රටේ දියුණුව සඳහා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලවල්” යන්නයි.  ඔවුන් කතා කරන්නේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට “ජනතාවගේ සුබ සිද්ධිය සඳහා” මෙම ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බවයි.

මෙය සිදුවන්නේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ද එසේ නැත්නම් බලයේ සිටින අධිපතියන් ගේ උවමනාවන් ඉටුකර ගැනීමට ඇති බාධාවන් ඉවත් කර ගැනීමටද යන ප්‍රශ්නය දෙස බැලීමෙන් මෙයට පිළිතුරු සැපයේ.

ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ මුවාවෙන් ගෙනෙන වෙනස් කිරීම් හෝ ඒ සඳහා ඉදිරිපත් කරන වැඩසටහන් සහ යෝජනාවන් ඔවුන් ඉදිරිපත් කරන්නේ පවතින නීති සහ ආයතන රාමු මත ද එසේ නැත්නම් ඒවා ඉක්මවා ගිය ඔවුන්ගේ කැමැත්ත පරිදි වැඩ කිරීමට ඉඩ සලසා ගැනීමටද යන්න තුළින් මෙහි ස්වභාවය වටහා ගත හැක. නීතියේ ආධිපත්‍ය මත රදා පවතිනවා යැයි පෙන්වමින් තමන්ගේ පවතින තත්වය  වෙනස් කර ගැනීමේදී පවතින නීති රාමුවලට පිටින් ගොස් ඔවුන්ගේ දේශපාලන සහ ආර්ථික වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය අසීමිත නිතිමය රාමු සකස් කිරීමක් කරන්නේනම් එයින් පෙන්නුම් කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය කරා නොව ඒකාධිපතිත්වය කරා යන ගමනකි. එවැනි ක්‍රියාවළියක් තුලින්  ඔවුන් බලාපොරොත්තු වන්නේ තමනට සීමාවක් නොමැති බලයක් සහ හිතුමතයට වැඩ කිරීමේ අධිකාරයත් ලබා ගැනීමයි.



අද ලංකා ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ මේ දෙකෙන් කුමන රාමුව මත පවතිමින් ද යන්න අප විමසා බැලීම වැදගත්ය. මේ සඳහා අප ප්‍රශ්න කළ යුත්තේ ලංකා ආණ්ඩුවේ අලුත් නීති පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කුමන බල ව්‍යුහයක් මතද, නව ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නේ පවතින ව්‍යවස්ථාමය සහ නීතිමය රාමුව තුළද?  එසේ නොමැතිව එම රාමු ඉක්මවා යාමට සඳහා තමන්ට සීමා පැනවී ඇති තැන් වෙනස් කරමින් අලුත් නීති සකස් කරමින් ක්‍රියාත්මක වන්නේද යන්නය.  



එම ප්‍රශ්නයන්ට ලැබෙන පිළිතුරු මත අද ලංකාවෙහි අරඹා ඇත්තේ රාජ්‍ය තමන් අතට ගැනීමේ ඒකාධිපති ක්‍රියාදාමයකට බව පැහැදිලි වනු ඇත. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාදාමය යෙමුව ඇත්තේ  ආණ්ඩුව තමන්ට අසීමිත බලයක් ලබා ගැනීමටය. එමෙන්ම විධායක ජනාධිපති ධූරය සතු අසීමිත බලය රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නොසළකා අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරන බවය. මෙම ක්‍රියාවලියේ අවසාව අරමුණ වන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමයි.


ප්‍රති ත්‍රස්ත පනත මෙන්ම තව තවත් පනත් ඔවුන් ඒ සඳහා ඉදිරියේදී ගෙන එනු නොඅනුමානය. පලාත් පාලන ඡන්දය නොපැවැත් වූ ඇන්දමටම තවත් මැතිවරණ කල් දැමිමට ඉඩ තිබේ. මධ්‍ය කාලීන රජකුගේ බලය  ඇති ජනාධිපති ක්‍රමයක් ඇති අපට ඉන්පසු නිදහසේ හුස්ම ගැනීමත් අවහිර වන්නට ඉඩ තිබේ.


ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විවිධ සීමා කිරීම් සහ නීතියේ පාලනය පවත්වා ගැනෙන ක්‍රියාදාමයන් සකසා ඇත. එතුලින් කරනුයේ ආණ්ඩුවකට තමන් කැමති ආකාරයට හිතුවක්කාරී ක්‍රියාවන් කිරීමට ඉඩ නොතැබීමයි. උදාහරණයකට සුළුතර ජන කණ්ඩායම් වල අයිතීන් අහෝසි කිරීම වැනි පියවරයන්ය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ලංකාව තුළම මෙවැනි අවස්ථා ගණනාවක් අපට දකින්නට ලැබේ. 1948 දී පුරවැසි පනත තුළින් රටෙහි උඩරට කඳුකර වතු ආශ්‍රිත කම්කරු ජනතාවගේ පුරවැසි බලය අහෝසි කිරීම. මෙය පැහැදිලිවම ‍ප්‍රජාතන්ත්‍ර විරෝධී එමෙන්ම මනුෂ්‍යත්වයට පවා එකඟ නැති සාපරාධි අත්තනෝමතික ක්‍රියාවකි. ඒ වගේම 1956 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම තුළ අනෙකුත් භාෂා කතා කරන්න අයගේ අයිතීන් උදුරා දැමීම එවැනි ක්‍රියාවකි.


මෙවැනි බලය අත්පත්කර ගැනීම් වලදී ඔවුන් ඉදිරිපත් කරන එක තර්කයක් වන්නේ මේ වතාවේ අප කරන ක්‍රියා වලට එකඟ නැත්නම් ඊළඟ වතාවේදී අපව පරදවා වෙනකෙකු පත්කර ගන්නා ලෙසයි. නමුත් එසේ කිරීමේ හැකියාවක් ඊළඟට ඇතිවිය නොහැකි වන කාරණා ගණනාවකි. පළමුවෙන්ම ඡන්දය අහිමි කළ වූවනට නැවත ඡන්දය නොලැබේ. දෙවනුව එවැනි සම්මත කරගත් නීතියක් නැවත නිශ්ප්‍රභා කිරීමට නම් වැඩි ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුය. එය පහසු කරුණක් නොවන බව විවිධ තැන්වලින් පෙන්නුම් කරයි. ඒ වාගේම ඔවුන් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා නීති තුළින් තම දේශපාලන විරෝධීන්ට නැවත ඡන්දයකට ඉදිරිපත්විය නොහැකි ආකාරයට තහංචි දමයි. විරුද්දවාදීන් ත්‍රස්තවාදීන් යැයි නම් කර සිරගත කරනු ලබයි. එවැනි දේශපාලන බලවේග ත්‍රස්තවාදී බලවේග ලෙස හංවඩු ගසයි. වර්ගවාදය සහ ජාතිවාදය මෙන්ම සමහර විට ස්ත්‍රී විරෝධී ගතානුගතික සිරිත් විරිත් පවා ශක්තිමත් කරයි. මේවා ආපසු හැරවීම පහසු නොවන්නේ විවිධ ආකාරයෙන් වංචා සහ රැවටීම් කිරීම් සිදු කිරීමත් ගැති සමාජ ස්ථාරයක් නිර්මාණය කර ගැනීමත් නිසාය.. 

මෙයට හොඳම උදාහරණයක් ලංකාවෙන් ගත හැක. ඒ 1978 ජනාධිපති ව්‍යවස්ථාවයි. එයින් පසු සියලුම දේශපාලන පක්ෂ සහ බලවේග විසින් එය අහෝසි කළ යුතු යයි දිගින් දිගටම කතා කළ නමුත් එයට අවශ්‍ය වැඩි ඡන්ද ප්‍රමාණය මේ වන තුරු පාර්ලිමේන්තුව තුළ ලබා ගැනීමට නොහැකි හේතුවෙන් එය දිගින් දිගටම ඒ ආකාරයෙන්ම පවතින අත්තනෝමතික ජනාධිපතිවරයෙකුගේ ක්‍රියාදාමයක් රට තුල නිර්මාණය කර ඇත.

xcfghdgh
මෙයට හොඳ  උදාහරණයක් වත්මන් තුර්කියෙන් දැකගත හැක. 2017 අප්‍රෙල් හිදී ජනමත විචාරණයකින් එරට පැවැති පාර්ලිමේන්තු ‍ප්‍රජාතන්ත්‍රවාදය ජනාධිපති ක්‍රමයට මාරු කරනු ලැබීය. සියලුම බලය ජනාධිපතිවරයාට පැවරෙන අතර රාජ්‍ය නායකකම, ආණ්ඩුව පත් කිරීම මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියාත් ඔහුම වේ. නීතිය  හැසිරවීමේ බලය ඔහු සතුය. මෙය තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදය වල දැමූ අතර අද එය සියලුම ආකාරයන්ගේ දූෂණයන් ගෙන් පිරි රටක් බවට පත්ව තිබේ. මිනිස් අයිතීන්, ‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දමා ඇත. ඇත්තෙන්ම විධායකයට ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට බලපෑම් කිරීමේ විභවයක් එරට බිහිවී ඇත.


තවත් උදාහරණයක් හංගේරියාවෙන් දැකගත හැක.

 තවත් උදාහරණයක් පෝලන්තයේ න් දැකගත හැක.
 
ඊශ්‍රායලයෙහි නතන්යාහු රජය එහි අද ගෙන ඒමට කැසකවන නීතිමය ප්‍රතිසංස්කරණයද  මෙවැනි එකකි. එරට ජනයා මහමග විරෝධතා තුලින් එය වැළැක්වීමට දිගටම ක්‍රියාත්මක වෙයි.

මේ සෑම කුමන්ත්‍රණකරුවෙකුම මේ සෑම බලාධිකාරයක්ම තම බලය සහතික කර ගැනීම තුළ පවසන එකම වදන වන්නේ, වෙනසක් නොමැතිව ඔහු තරු පටි පැළඳි ජෙනරාල්වරයකු හෝ සිවිල් ඇඳුමෙන් සැරසුණු ජනාධිපති හෝ අගමැති නමින් පෙනී සිටින්නකු හෝ වෙනසක් නොමැතිව පවසන වදන වන්නේ “මාව විශ්වාස කරන්න. මම නුඹලා ආරක්ෂා කරමි. මම නුඹලා වෙනුවෙන් වැඩ කරමි” යන වදනයි.


හමුදා කුමන්ත්‍රණයක් තුළින් ඇති කරන ඒකාධිපති රජයක් හෝ ‍වයවස්ථාමය කුමන්ත්‍රණ තුළින් බලය සහතික කරණ ඒකාධිපති රජයක් අතර වෙනසක් නොමැත. ඒ මේ දෙක තුළින්ම සිදුවන්නේ ජනතාවගේ අයිතීන් කුඩුපට්ටම් කර ඉහළ කණ්ඩායමක් රටේ ආධිපත්‍ය තමා අතට ගැනීමයි. මේ දෙක තුළම ඇත්තේ ඒකාධිපති බල‍යකට ජනතාව යටත් කිරීමයි. සියලුම ප්‍රජාතන්ත්‍ර අයිතීන්, මිනිස් අයිතීන්, සුලුතර ජන අයිතීන් පාගා දමා අත්තනෝමතික බලයකට රට යටත් කිරීමයි.
 


ranjith henayakaarachchi(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
lranjith@hotmail.de

17. 04. 2023

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හමුදා කුමන්ත්‍රණ වෙනුවට ව්‍යවස්ථා කුමන්ත්‍රණ තුළින් රාජ්‍ය බලය අතට ගැනීම - (රංජිත් හේනායකආරච්චි) | The Leader