The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම - ඔළු කනවා

T

The Leader Desk

April 18, 2023 • 11:14 AM

විමලෙගෙ කොලම - ඔළු කනවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිලවු මුලින්ම ආණ්ඩුවේ නියෝජිතයකු වන ෂෙහාන් සේමසිංහ හමුවූ අතර රිලව් ගෙට ගොඩ වන විට මිනිහා හිටියේ ඇමරිකාවට ගිහින් ඇවිත් කලිසම ගලවන ගමන්ය.
  • කොච්චර සතුටින් හිටියත් නාහෙන් අඬ අඬා වගේ මිනිහා කිව්වේ IMF එකේ ක්‍රිස්ටලීනා මැඩම් හම්බවුණා ඒක ඉතින් මගෙ මුළු ජීවිත කාලෙටම කියවන්න ඇති, උඹලත් කොහේ හරි කමක් නෑ මකබෑ වෙලා අඩියක් පුඩියක් ගහලා, ෆන් එකක් අරන් අංගෝපාංගෙත් international කරගෙන වරෙල්ලා කියාය.
  • ඇත්තටම මොනවද දැන් අතුල අයියා කරන්නෙ කියා ඇසූ රිලවෙකුට එතුමා කීවේ මොකුත් නෑ, ඔහේ ඉන්නවා කියාය.
  • රැකියා නැති තරුණයන්ට ඔන්න දැන් ආණ්ඩුවෙන් එළුවො දෙනවා බලාගන්න කී රිලවෙකු දෙස තියුණු බැල්මක් හෙලූ අතුල අයියා බර පුටු කකුළක් ළඟපාත ඇද්දැයි සෙවූ අතර රිලව් ඒ ඇසිල්ලෙන් චකුං බුකුං ගා ගස්වලට පැන මාරුවූහ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
රිලවු මුලින්ම ආණ්ඩුවේ නියෝජිතයකු වන ෂෙහාන් සේමසිංහ හමුවූ අතර රිලව් ගෙට ගොඩ වන විට මිනිහා හිටියේ ඇමරිකාවට ගිහින් ඇවිත් කලිසම ගලවන ගමන්ය. කොච්චර සතුටින් හිටියත් නාහෙන් අඬ අඬා වගේ මිනිහා කිව්වේ IMF එකේ ක්‍රිස්ටලීනා මැඩම් හම්බවුණා ඒක ඉතින් මගෙ මුළු ජීවිත කාලෙටම කියවන්න ඇති, උඹලත් කොහේ හරි කමක් නෑ මකබෑ වෙලා අඩියක් පුඩියක් ගහලා, ෆන් එකක් අරන් අංගෝපාංගෙත් international කරගෙන වරෙල්ලා කියාය.
 
ඒ කතාව ටිකක් වගකීමක් නැති කතාවක් හැටියට භාරගත් රිලව් විපක්ෂයේ රාජිත සේනාරත්න ගෙන් මේ ගැන විමසා බැලීමට කල්පනා කළහ. රාජිත තත්පරයට ඇස් පිල්ලම් දෙසිය ගාණක් ගහන ගමන් කීවේ මගේ අදහස කියන්න කලින් මේ ගැන උඹලගෙ attitude එක දැනගන්න කැමතියි කියාය.
එක් රිලවකු  ඉදිරියට පැන කීවේ අපි ඉස්සෙල්ලම කණ්ඩායමක් හැටියට චීනෙට යන එක ගැන හිතලා බලනවා, අනිත් එවුන් බැහැ කිව්වොත් මං තනියම හරි චීනෙ යනවා කියාය. මාත් ස්වර්ගයට යන්න හිතාගෙන ඉන්නෙ ඒ විදියටමයි කී රාජිත චීනය නියමෙට රට පාලනය කරනවා, ඒක නැහැ කියන්න පුළුවන් අන්ධයෙකුට විතරයි කියා කීවේය.
 
PHOTO 2023 04 18 16 28 24
                       
අනතුරුව රිලව් වික්ටර් අයිවන්ගේ ගෙදර ගියහ. මිදුලේ සිටම අතුල අයියේ කියා රිලව් උස් හඬින් ඇමතූ අතර අතුල අයියා එළියට ආවේ ඕගොල්ලන්ට මං හුඟක් වේලාසනම අනතුරු ඇඟෙව්වා, ඒත් එක්කෙනෙක්වත් මං කියන ඒවා ගණන් ගත්තෙ නෑ, වතුපාලු කර කර හිටියා මිසක් කියමිනි. වැඩිහිටි රිලවෙක් කීවේ ඒ වුණාට අතුල අයියා කිව්වෙ වගා හානි කරන නිසා අපිව මරලම දාන්න කියලයි,රනිල් අපිව චීනෙට හරි යවන එක මානුෂිකයි කියාය.තරුණ රිලවෙක් මැද්දෙන් පැන ඇසුවේ රනිල් ආවට පස්සෙ මජර ගලන එක අඩුද කියාය.
 
පත්තරේ ගහපු කාලෙක නම් අතුල අයියට අපි ගැන පට්ට විග්‍රහයක් ලියන්න තිබුණා කී රිලවෙකුට අතුල අයියා කීවේ මම පත්තරයක් ගැහුවෙ නෑ ඔහෙලට වැරදිලා කියාය.
 
ඇත්තටම මොනවද දැන් අතුල අයියා කරන්නෙ කියා ඇසූ රිලවෙකුට එතුමා කීවේ මොකුත් නෑ, ඔහේ ඉන්නවා කියාය.
 
රැකියා නැති තරුණයන්ට ඔන්න දැන් ආණ්ඩුවෙන් එළුවො දෙනවා බලාගන්න කී රිලවෙකු දෙස තියුණු බැල්මක් හෙලූ අතුල අයියා බර පුටු කකුළක් ළඟපාත ඇද්දැයි සෙවූ අතර රිලව් ඒ ඇසිල්ලෙන් චකුං බුකුං ගා ගස්වලට පැන මාරුවූහ.
 
PHOTO 2023 04 18 16 28 24 1
 
ඊළඟට රිලව් අනුර දිසානායක හමුවූහ. අනුර උන්ට කීවේ යන්න එපා රිලා සහෝදරවරුණි, අපි අනිවාර්යෙන්ම රට හදනවා ඔයාලා ඒකට අපිට උදව් කරන්න කියාය. කොහොමද අපි උදව් කරන්න ඕනේ කියා ඇසූ රිලවෙකු ට අනුර කීවේ මාලිමාවේ ස්ටේජ් එකට එන්න අර ලීලසේනලලා, දීපානි අක්කලා වගේ රිලා නැටුම් ටිකක් පාන්න ඒ ටික හොඳටම ඇති කියාය.
 
රිලව් එමින් ගමන් ලාල් කාන්තගේ ගෙවල් පැත්තේත් ගිය අතර නෝ එන්ට්‍රි කියා ගේට්ටුවේ ගසා තිබුණි.රිලව් සෙට් එකම බුකුම් දාන්නට පටන් ගත් විට කුස්සිය පැත්තේ සිට පැමිණි ලාල් ගේ බිරිඳ කීවේ ලාල් තාම අවුරුදු කනවා හම්බවෙන්නම  ඕනෙ නම් වෙසක් පහු වෙලා එන්න කියාය.
                   
රිලව් ගෙදර යනකොට පාඩම් කරමින් සිටි වසන්ත මුදලිගේ කීවේ යකෝ පොලිසියෙ වතුර විදින බටෙන් නාගෙන, කඳුළු ගෑසුත් කාගෙන ආතල් එකේ හිටපල්ලකො ඔය නොදන්නා මගුල් වල නොයා කියාය.
 
 
1520160158705
 
අන්තිමට කරගන්න අතක් නැති තැන රිලව් මේ ප්‍රොජෙක්ට් එක කරන සමාගමේ අධ්‍යක්ෂවරයා හමුවීමට තීරණය කළහ. ඔහු නොසඟවා කීවේ රිලව් ගෙනියන්නේ මොළ කෑමට බවය. උන් ඒ  ප්‍රකාශයත් සමග තක්බීර් වී ගිය අතර අධ්‍යක්ෂවරයා අනතුරුව කීවේ උඹලගෙ රටේ ලොක්කෝ මිනිස්සුන්ගේ ඔලු කාගෙන කාගෙන යනවා. උන් ඉවර උනාම සතා සීපාවා නොබලා උඹලගෙ ඔලු කාගෙන කාගෙන යයි. ඉතින් චීනෙ එවුන් මොලේ විතරක් කන එකේ ලොකු අවුලක් නැහැනෙ කියාය.
 
ලංකාවේ දේශපාලනයේ පරිණාමය පිළිබඳව ඉක්මනින් අවලෝකණය කළ රිලව් චීනයට යාමට කැමැත්ත පළ කළහ. 
 
 
ගාඩි: රාජධානිය වෙනුවට ආදරය මුණගැසීම - (විමලනාත් වීරරත්න)(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...