The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

සියදිවි නසාගැනීමක් පිළිබඳව වාර්තා කිරීමේදී සැළකිලිමත් විය යුත්තේ ඇයි?

T

The Leader Desk

April 19, 2023 • 4:59 PM

සියදිවි නසාගැනීමක් පිළිබඳව වාර්තා කිරීමේදී සැළකිලිමත් විය යුත්තේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේගයෙන් තොරතුරු සංසරණය වෙමින් පවතී.
  • මෙම තරුණයා පිළිබඳව වඩාත් අවධානය යොමුව ඇත්තේ ඔහු පසුගිය වකවානුවේ ආණ්ඩු විරෝධී මහජන විරෝධතා සදහා සක්‍රීය ව සම්බන්ධවූ, 'පුරෝගාමී' භූමිකාවකට දායකවූ තැනැත්තකු වන නිසාය.
  • ඔහු කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක අධ්‍යාපනය ලැබීම, නීති උපාධිධාරියකු වීම සහ ඉංග්‍රීසි පුවත්පතක මෙන්ම ජනප්‍රිය වෙබ් අඩවියක සේවය කිරීම යන කාරණාද, ඔහුගේ මරණය පිළිබඳව කෙරෙන වාර්තාවන්ගේ උල්ලුප්පා දක්වා ඇති තොරතුරුය.
  • එහෙත් මෙම සිදුවීමේ පවතින වඩාත්ම අවධානයට ලක්ව ඇති කාරණය වන්නේ, මෙම තරුණයා මෙම මරණයට දින තුනකට පෙර තැබූ ෆේස්බුක් සටහනකි.
අකුරු ප්‍රමාණය (Font Size):

වේගයෙන් තොරතුරු සංසරණය වෙමින් පවතී.

මෙම තරුණයා පිළිබඳව වඩාත් අවධානය යොමුව ඇත්තේ ඔහු පසුගිය වකවානුවේ ආණ්ඩු විරෝධී මහජන විරෝධතා සදහා සක්‍රීය ව සම්බන්ධවූ, 'පුරෝගාමී' භූමිකාවකට දායකවූ තැනැත්තකු වන නිසාය.

ඔහු කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක අධ්‍යාපනය ලැබීම, නීති උපාධිධාරියකු වීම සහ ඉංග්‍රීසි පුවත්පතක මෙන්ම ජනප්‍රිය වෙබ් අඩවියක සේවය කිරීම යන කාරණාද, ඔහුගේ මරණය පිළිබඳව කෙරෙන වාර්තාවන්ගේ උල්ලුප්පා දක්වා ඇති තොරතුරුය.

එහෙත් මෙම සිදුවීමේ පවතින වඩාත්ම අවධානයට ලක්ව ඇති කාරණය වන්නේ, මෙම තරුණයා මෙම මරණයට දින තුනකට පෙර තැබූ ෆේස්බුක් සටහනකි. ඒ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල පමණක් නොව, අද(19) පස්වරුව වන විට අදාළ සියදිවි නසාගැනීම සම්බන්ධ සත්‍යාපනය නොකළ විවිධ තොරතුරු ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රවෘත්ති වෙබ් අඩවි වෙතද ව්‍යාප්ත වී පැවතිණි.

මෙවැනි තොරතුරකට සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ හෝ විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ඔස්සේ, පුළුල් ප්‍රචාරයක් ලබාදීම හා එහි පවතින සදාචාරාත්මකභාවයත්, එමගින් සමාජයේ පොදු යහපතට බලපෑමක් සිදුවේද යන්නත්, නොඑසේනම් එවැන්නකින් නිර්මාණය වන්නේ පොදු සමාජයට අවැඩදායක තත්වයක්ද යන්නත් බොහෝ දෙනෙකු විසින් විමසමින් සිටින කරුණකි.

xzgdsgfg

ඕස්ට්‍රේලියාවේ පිහිටි 'ආසියා පැසිෆික් ඩාර්ට් සෙන්ටර් ෆෝ ජර්නලිසම් ඇන්ඩ් ට්‍රෝමා' ආයතනයේ ව්‍යාපෘති ප්‍රධානී සහ සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු සහ ජනමාධ්‍ය පුහුණුකරුවෙකු වන අමන්ත පෙරේරා මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ සියදිවි නසාගැනීමක් පිළිබඳව වාර්තා කිරීමේදී කරුණු කිහිපයක් ගැන අවධානය යොමුකළ යුතු බවයි.

"ප්‍රධානම කාරණය තමයි, මේ සිදුවීමට පාත්‍ර වෙන පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානියක් වන ආකාරයට වාර්තාකරණයේ යෙදෙනවා නම්, එය මාධ්‍යකරණයේ තුලනාත්මක මුලධර්මවලට විරුද්ධව යන දෙයක්. ඒ වගේම මේ 'ඇයි අපි වාර්තා කරන්නේ' කියන කාරණය ගැනත් දැනුවත්ව සිටිය යුතුයි. මේ කරුණු අපි සමාජගත කරන්නේ කුමන හේතුවක් මතද කියන එක දැන සිටිය යුතුයි. මාධ්‍යකරණයේ මුලික සිද්ධාන්තයක් වන්නේ, මාධ්‍යකරණයේ නිරතවන්නේ සමාජයට යම් ආකාරයක යහපතක් වන කරුණු සමාජගත කිරීමට කියන එක. අපි සමාජගත කරන කරුණුවලින් සමාජයට යම් යහපතක් වෙනවද කියන එක සළකා බැලිය යුතුයි. එහෙම යහපතක් නොවෙනව නම් අපි ඒ කරුණු සමාජගත කරන්නේ මාධ්‍යකරණය වෙනුවෙන් නෙමෙයි. එහෙනම්, ඒ වාර්තාකරණය දේශපාලන හෝ වෙනත් අරමුණක් මත."


'තොරතුරුවල පවතින සත්‍යතාවයේ ප්‍රමාණය පිළිබඳව අනිවාර්යයෙන් මැන බැලිය යුතුයි'

විශේෂයෙන් තමන් විසින් ඩිජිටල් අවකාශයට මුදාහරින මෙවැනි තොරතුරුවල පවතින සත්‍යතාවයේ ප්‍රමාණය පිළිබඳව අනිවාර්යයෙන් මැන බැලිය යුතු බවද අමන්ත පෙරේරා අවධාරණය කරයි.

"ඒ වගේම අපි මාධ්‍යවේදියෙක් හෝ මාධ්‍යකරණය පිලිබඳ යම් දැනුමක් පවතින පුද්ගලයෙක් විදිහට යමක් සමාජගත කරනකොට, ඒ කාරණය ඇත්තෙන්ම අව්‍යාජද කියන කාරණය පිළිබඳව දැනුවත්ව සිටිය යුතුයි. ඒ කාරණය අව්‍යාජද නැද්ද කියල හොයල බලන්නේ නැතුව එය සමාජගත කරන්න බැහැ. එහෙම හොයන්නේ නැතුව අදාළ කාරණය සමාජගත කළොත්, අපි බොරුවක් සමාජගත කරන්න දායක වෙනවා. මෙතැනදී විශේෂයෙන්ම සියදිවි නසාගැනීම වගේ අවාසනාවන්ත සිදුවීමක්, අපේ පොස්ට් එකක් වයිරල් කරගන්න හරි දේශපාලන අරමුණක් වෙනුවෙන් හරි භාවිත කළයුතු නැහැ. මාධ්‍යකරණයේදී යම් කාරණයක් නිවැරදිද නැද්ද කියන කාරණය සොයාගැනීම මාධ්‍යවේදියා සතුයි. මාධ්‍යවේදියකුට බැහැ, යම් දෙයක් තමාගේ අතට පත්වුණු හැටියේ එය සමාජගත කරලා, සමාජයෙන් අහන්න ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා. ඒ වගේම මෙවැනි අනුවේදනීය සිදුවීමක් වාර්තා කිරීමේදී, අදාළ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය පිළිබඳව ඉතාම සැළකිලිමත් වියයුතුයි. මෙවැනි දෙයක් අපිට හෝ අපිට ඉතාම සමීප කෙනෙකුට සිදුවුණොත්, අපි මේ විදිහට වාර්තා කරනවද? එවැනි තත්වයකට මුහුණදෙන්න අපි කැමතිද? අපි එවැන්නකට අකමැති නම්, වෙනත් අය සම්බන්ධයෙන්ද අපි එසේ නොකළ යුතුයි."

අනෙක් අතට මෙවැනි සිදුවීමක් වාර්තා කිරීමේදී, අදාළ පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට මෙන්ම ඔහුගේ හෝ ඇයගේ සමීපතමයන්ට සිදුවන බලපෑම පිළිබඳව ද අවධානයෙන් පසුවිය යුතු බව අමන්ත පෙරේරා පෙන්වාදෙයි.

xzdfgfg'මෙවැනි තොරතුරු ඩිජිටල් අවකාශයට දැමීමෙන්, මේ කරුණු සදාකාලිකවම ඩිජිටල් අවකාශයේ පවතිනවා'- අමන්ත පෙරේරා


"මේ සිදුවීමට ලක්වුණු පුද්ගලයා සහ ඔහුගේ සමීපතමයන් පිළිබඳව කතාකිරීමේදී එක් ප්‍රධාන කාරණයක් මතක තබාගත යුතුයි. මෙවැනි තොරතුරු ඩිජිටල් අවකාශයට දැමීමෙන්, මේ කරුණු සදාකාලිකවම ඩිජිටල් අවකාශයේ පවතිනවා. අනාගතයේ දවසක මෙම පුද්ගලයාගේ සමීපතමයෙක්, මේ පිළිබඳව ඩිජිටල් අවකාශයේ සොයාබැලීමක් සිදුකළොත්, ඔවුන්ට මේ තොරතුරු නැවත නැවත දකින්න ලැබෙනවා. එලෙස නැවත නැවත දැකීම ඔවුන්ගේ මානසික සුවයට කොහොමද බලපාන්නේ. ඒ නිසා, මෙවැනි කාරණයක් වාර්තා කළයුතු නම්, මුලින්ම තීරණය කළයුත්තේ, එලෙස වාර්තා කරන්නේ ඇයි කියන කාරණය. මේ සිද්ධිය සමාජයට වැදගත්ද කියන එක. අනතුරුව අපි එය වාර්තා කරනවා කියල තීරණය කළොත්, මේ සිද්ධිය ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් ලෙස අතිශයෝක්තියෙන් වාර්තා කරන්නේ නැතුව, අදාළ සිදුවීම පමණක් වාර්තා කළ යුතුයි."

එසේම මෙවැනි ක්‍රියා අනුකරණය කිරීමට තමන් සිදුකරන වාර්තාකරණයක් ඔස්සේ අනුබල ලබාදීමක් සිදුවන්නේදැයි, අදාළ තොරතුරු සමාජයට මුදාහරින පුද්ගලයන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද අමන්ත පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.

"තවත් අවධානය යොමුකළ යුතු කාරණයක් තමයි, මෙවැනි සිදුවීම් වාර්තාකරණය ඔස්සේ, අපි එවැනි සිදුවීම් අනුකරණය කිරීමට අවස්ථාව ලබදෙනවද කියන එක. මොකද අපේ වාර්තාකරණය තුළින් අපි නොදැනුවත්වම, මෙවැනි සිදුවීමකට පෙළඹවීමක් අපි කරන්න පුළුවන්. ඒ ගැනත් අපි අවධානයෙන් සිටිය යුතුයි." ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

sdjg

සහාය අවශ්‍ය ඔබට උපකාරක සේවා

අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකිය.

ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා සපයනු ලබන මනෝචිකිත්සක සේවාවන්, මානසික රෝග සහ ඒවාට ප්‍රතිකාර කිරීම පිළිබඳ සාක්ෂි පදනම් කරගත් තොරතුරු සඳහා මහජනතාවට slcpsych.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.


(BBC සිංහල සේවය)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සියදිවි නසාගැනීමක් පිළිබඳව වාර්තා කිරීමේදී සැළකිලිමත් විය යුත්තේ ඇයි? | The Leader