The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

දිනක් විය මංගල නොමැති මංගල - (සුමුදු මද්දුමආරච්චි)

T

The Leader Desk

April 21, 2023 • 11:13 AM

දිනක් විය මංගල නොමැති මංගල - (සුමුදු මද්දුමආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක තුනකට පමණ ආසන්න දේශපාලන අත්දැකීම් සම්භාරයක් මෙන්ම, සමනළයා කියමින් හංවඩු ගසද්දීත් දකුණේ අභීතම පෘශ්ඨවංශික මිනිසා ලෙස මංගල තම දේශපාලනික අරමුණු අව්‍යාජව හඹාගියද කිසිදා තනතුරු හඹා නොගිය කෘතහස්ත දේශපාලකයෙකු විය.
  • එදා මෙදා තුර මංගල සමරවීර විසින් සිදුකළ ප්‍රකාශ නාඩි වාක්‍ය මෙන් එකින් එක සිදුවෙමින් පවතී… විටක මංගල මෙසේ පවසයි.
  • අම්මලට දරුවො හරියට සළකන්නෙ නෑ…….මදර්ස් ඩේ එකට ෆේස්බුක් එකේ කවි ලියන පුතාල අම්මට සළකණ පුතාල දූල ඇත්තටම අම්මට සළකණ විදිය අපි දන්නව.
  • රෑට බීගෙන ඇවිත් අම්මට තඩිබාන තාත්තල ඉස්සර පුතාල දූලගෙ හැසිරීම අපි දන්නව.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඓතිහාසික රුහුණට අභිමානයක් කැන්දවූ සමනළයා, නික්ම ගොසින් සිතැඟි පරිදි පීජී දූපත් වල ? පෙන්ගුයින් සත්වයින් නරඹමින් ලංකීය දූපත් වැසියන් වෙනුවෙන් සුසුම් හෙළන අයුරු දන්නෝ දනිති……

මදුවිත බඳුන අතරැඳි මංගල අද සිටියානම්…

ජීවිතය යනු විඳිය යුත්තක් බවත්, බෞද්ධ දර්ශනය අනුව එකී දර්ශනය තමා තුළින් තමාව ප්‍රහීණය කරගෙන යථාර්ථවත්ව සමාජයේ සැරිසරිය යුතු බව පසක් කොට ගත් මංගල අද සිටියානම් හුදී ජනයා මෙපමණක් කම්කටොලු දුක් දෝමනස්සයන් වලට මුහුණ නොපානු ඇත…

 

වසර සීයක් ජීවත් නොවෙන බව දත් මංගල සියළු මිනිසුන්ට තම හෘදය සාක්ෂිය අනුව සැහැල්ලුවෙන් ජීවිතය සොයන මගක් සොයමින් එය ප්‍රත්‍යක්ෂ කොට සමාජයට දායාද කරන්නට නිතැතින්ම උත්සාහ ගත් සැබෑ මිනිසෙකි……

 

සැබෑ දේශප්‍රේමීන් සෙවීමම මංගලට අවමංගල උනාවත්ද..?


දශක තුනකට පමණ ආසන්න දේශපාලන අත්දැකීම් සම්භාරයක් මෙන්ම, සමනළයා කියමින් හංවඩු ගසද්දීත් දකුණේ අභීතම පෘශ්ඨවංශික මිනිසා ලෙස මංගල තම දේශපාලනික අරමුණු අව්‍යාජව හඹාගියද කිසිදා තනතුරු  හඹා නොගිය කෘතහස්ත දේශපාලකයෙකු විය.

 

290130611 393362252823950 7662435910847837960 n

අත්දැකීම් සමගින්ම ශ්‍රී ලාංකේය දේශපාලනයේ කුණුවෙමින් ගරාවැටෙනා අනාගතය කල්තියා දුටු මංගල, හිඟන්නාගේ තුවාලය කරගත් ශ්‍රී ලාංකේය දේශපාලනයට නව හැඩයක්, අලංකරණයක් මෙන්ම හැරවුම් ලක්ෂයක් ඉදිරිපත් කරණුයේ " සැබෑ දේශප්‍රේමීන්ගේ රැඩිකල් මැද මාවත " තුළින්‍ ය.

එය මෙතුවක් ශ්‍රී ලාංකික පංන්චස් කන්ධයෙන් රුහිරු උරා බී වැඩුනු "හිරුඩෙනියා" නම් උපවර්ගයට අයත් කූඩැල්ලන්ටත් අන්තව ශ්‍රී ලාංකික මව සමූළ දුෂණයට ලක්කිරීමට එදිරිව තැබූ ඉතිහාසගත අභියෝගාත්මක මූලාරම්භය සනිටුහන් කරමිනි.

ලියුම්කරුට අනුව එකී ආරම්භයම මංගල පින්සිරි සමරවීර නම් නිර්මාණශීලී ආදරණීය සමනළයාට නිමකරන්නට බොහෝ සමාජවගකීම් තිබුණද තවදුරටත් ශ්‍රී ලාංකේය ජඩදේශපාලනය විසින් ඒ මහා වගකීම වගවීම ඉටුකරවාගැනීම,වෙනුවට ඔහු පීජී දූපතේ පෙන්ගුවින් නැරඹීමේ සැඳෑසමයේ සිහිනය වෙත පිටත් කොට හැරුණි…

එය අදටත් අභිරහසකි…….. ඊට තර්කානුකූල කරුණුද රාශියකි…

වරද නිවැරදි කරමින් ඇත්ත මංගල දකිමු…


දිගින් දිගටම ඍජු සමාජ දේශපාලන මත දැරීම නිසාම මංගල සමරවීර ශ්‍රී ලාංකික ග්‍රෝත්‍රික සංස්කෘතිය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක්විය……

 

image 1a3a69eb4a

පරම්පරාවෙන්ම සැබෑ සැදැහැවත් බෞද්ධ දර්ශනයේ අනුගාමිකයෙක් වූ මංගලට අවසානයේ පන්සල් පවා තහනම් වූ සමයක මාතර වල්පොල සිරිමංගල විහාරස්තානය පමණක් විවෘත වුනි.

එදා මෙදා තුර මංගල සමරවීර විසින් සිදුකළ ප්‍රකාශ නාඩි වාක්‍ය මෙන් එකින් එක සිදුවෙමින් පවතී…

 

විටක මංගල මෙසේ පවසයි.. "අපි මේවන තුරුම අපේ රටට අම්මට වගේ සැලකුවෙ.. ඒක විහිළුවක්..මදිපුංචි කමක්.. අම්මලට දරුවො හරියට සළකන්නෙ නෑ…….මදර්ස් ඩේ එකට ෆේස්බුක් එකේ කවි ලියන පුතාල අම්මට සළකණ පුතාල දූල ඇත්තටම අම්මට සළකණ විදිය අපි දන්නව..  රෑට බීගෙන ඇවිත් අම්මට තඩිබාන තාත්තල ඉස්සර පුතාල දූලගෙ හැසිරීම අපි දන්නව .. මේ සියල්ල ඉවසමින් අපමණ දුක් විඳිමින් දරුවට හදවතින්ම ආදරේ කරණ අම්මල ඉන්න රටේ, අපි අපේ රටට දරුවට වගේ සළකන්න කියන ආකල්පමය වෙනස සමඟ සංකල්පමය වෙනසක් සමාජගත කළ මංගලගේ ඉදිරි පිම්මේ දිග, පළල, දුර දිග වටහා ගත් ජඩ දේශපාලකයන් මංගලට හරස් වූ බව නැවතත් ලියුම්කරු විසින් අවධාරණය කරමි.

 

කෙසේ නමුත් ඉන්ධන මිළ සූත්‍රයේ සිට මංගල විසින් මෑත ඉතිහාසයේ යෝජනා කළ අදහස් අදවන විට යතාර්ථයක් වී අවසන්‍ ය…

 

321637963 518116793620702 6222435280663789428 n

එසේ නම් අදට යෙදෙන හිටපු අමාත්‍ය මංගල පින්සිරි සසමරවීරයන් ගේ නාමයෙන්, අපි අද සිට කෙතරම් අවාසි සහගත උවත් ඇත්ත වෙනුවෙන් පමණක් පෙනී සිටිමි.

හැකි සෑම විටම අවංකව තම වෘත්තියේ නියැලෙමු…

අපි අපේ රටට අම්මට මෙන් නොව දරුවට මෙන් සළකමු..

අභියෝග හමුවේ නොසැලෙමු, රට වෙනුවෙන් මානව වර්ගයා වෙනුවෙන් ඇපකැප වෙමු..

ජිවිතය විඳවන්නක් නොව විඳින්නට ඇති දෙයක් බව පසක් කරගමු…

කිසිවිටෙක නිශ්චිත මොහොතේ කළ යුතු දේ කල්නොදමා ඒ මොහොතේම ඉටු කරමු…

මාළුවෙක් වෙනුවට බිලීපිත්තක්,පිරිනමණ තත්වයට අපි එකිනෙකා අතර අන්නෝන්‍ය බැඳියාව වර්ධනය කරගමු..

 

එහෙනම් මංගල ඉන්න තැනක සතුටින් ඉන්න කියල කියන්න අවශ්‍ය නැති තරමටම ඉන්න කාළෙ සියළුම සමාජ ස්ථර ආදරයෙන් ස්පර්ශ කරාට ස්තුතියි අහිංසක සමනළයාණෙනි…




1277495 188255701358196 475172200 o(සුමුදු මද්දුමආරච්චි)
මිලානෝ, ඉතාලිය.

lyricsdsl7@gmail.com

 


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...