The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

(වේල්ස්) කුමර අරගල - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

April 23, 2023 • 4:40 AM

(වේල්ස්) කුමර අරගල - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යට කී ඇදුරාගේ මහැදුරා ද වේල්ස් කුමරෙකු වීම හුදු කොඉන්සිඩයක් විය හැකි අතර ඇදුරාගේ ක්‍රියාන්විතය කිසිසේත් ම මාක්ස්වාදී (marks = ලකුණු) ප්‍රවේශයක් නොවිය හැකි ය.
  • ඇදුරාගේ මහැදුරා ව තවත් වේල්ස් කුමරෙක් (හිටපු ජනපතිගේ උපදේශකයෙක්) හඳුන්වන්නේ ගොල්පීස අරගලයේ න්‍යායාචාර්ය ලෙස ය.
  • මේ නම් හුදු පාසැල්වාදී ප්‍රකාශයක් විය හැක.
  • චූල අරගලයක ලෙස අද අරුතින් වටහා ගත හැකි මේ සිදුවීම් මාලාව හට ගන්නේ 1976 හෝ 1977 වැනි කාලයක විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

යට කී ඇදුරාගේ මහැදුරා ද වේල්ස් කුමරෙකු වීම හුදු කොඉන්සිඩයක් විය හැකි අතර ඇදුරාගේ ක්‍රියාන්විතය කිසිසේත් ම මාක්ස්වාදී (marks = ලකුණු) ප්‍රවේශයක් නොවිය හැකි ය. යට කී ඇදුරා කුමරෙක් ද කොමනෙක් ද යන්න මම නොදනිමි. ඇදුරා කුමරෙකු නොවන්නේ නම් ඔහුගේ දෝෂාභියෝගය හුදෙක් පටු පාසල්වාදී එකක නොවන අතර එය පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී එකක ම විය හැක. ඇදුරාගේ මහැදුරා ව තවත් වේල්ස් කුමරෙක් (හිටපු ජනපතිගේ උපදේශකයෙක්) හඳුන්වන්නේ ගොල්පීස අරගලයේ න්‍යායාචාර්ය ලෙස ය. මේ නම් හුදු පාසැල්වාදී ප්‍රකාශයක් විය හැක. 'අපේ එකෙක්' යන්න ලාංකීය සමාජයේ ප්‍රධාන ඇළවුම් සාධකයකි. අරගලයෙන් හෙට බිහිවන නව ලංකාවේ නායකයින් ඊයේ මෙන් තොමසුවන්, රාජකීයන්, ජොසපුවන්, බ්‍රිජටියන් හා ආනන්දීයන් නොව (වේල්ස්)  කුමරුවන් වන පෙර ලකුණු අපට පෙනේ. ඒ අතර, මට මේ පාසල් බිමේ ම කලකට පෙර සිදු වූ සංසිධියක් ගැන වාර්තා විය.          

චූල අරගලයක ලෙස අද අරුතින් වටහා ගත හැකි මේ සිදුවීම් මාලාව හට ගන්නේ 1976 හෝ 1977 වැනි කාලයක විය හැකි ය. නිශ්චිත ව එය 1977 මැතිවරණයට පෙරාතුව ය. එලෙස ගත් විට මේ  කාලයේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ අවසාන කාලය ය. සම සමාජ බල කොටුවක් ලෙස සැළකුණු මොරටුව ආසනයේ එකල මන්ත්‍රී වරයා ව සිටියේ එම පක්ෂයේ අන්තිමට මොරටුවට තෝරා පත් වුණු මන්ත්‍රී වරයා ය. 1977න්  පසු සම සමාජය පක්ෂයට මොරටුවේ යම් හෝ නියෝජනයක් ලැබුණේ පළාත් සභා හා පළාත් පාලන (නගර සභා) මැතිවරණ වල දී පමණ ය.

යට කී මන්ත්‍රී වරයා ද 1987 දී පළාත් සභා මන්ත්‍රී වරයෙකු විය. ඔහු මොරටුව ආසනයේ මන්තීවරයා ව සිටින විට තම අණසක යහමින් පතුරවමින් සිටි බව වැඩිහිටියන්ගෙන් මා අසා ඇත. සම සමාජ පාක්ෂිකයින්ට එකල රජයේ රැකියා අවස්ථා බහුල ව ලද බව ද මොරටුවේ පිහිටි පාසැල් හා අනෙකුත් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ද බොහෝ විට පාක්ෂිකයින් වූ බව කියැවේ. වේල්ස් කුමර විදුහලේ එකල විදුහල්පති ද පක්ෂය විසින් පත් කරන ලද්දෙකු බව කියැ වේ.

poraddam

 

වේල්ස් කුමාර විදුහලේ නාට්‍ය භාර ව සිටි තිස්ස ගුණවර්ධන එකල ද ප්‍රකට ව සිටියේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු ලෙස හා නළුවන් පුහුණු කරුවෙක් ලෙස ය (පසු කාලීන ව ජාතික තලයේ නළුවන් වූ කුමාර තිරිමාදුර, ශ්‍රීනාත් මද්දුමගේ, ජගත් චමිල හා අඹ යහළුවෝ හී අශේන් මංජුල ගුණවර්ධනගේ ගෝලයෝ වෙති.). යට කී කාලයේ තිස්ස ගුණවර්ධන නිෂ්පාදනය කරන ලද නාට්‍යයකින් ලද අරමුදල් ගැන කුකුසක් ඇති වුණු අතර ඊට ඈඳුණු සැකකරුවෙකු වූයේ යට කී විදුහල්පති වරයා බව කියැවේ. මේ කුකුස කෙමෙන් මෝරා විරෝධයක් බවට ද පත් විණ. මෙහිලා විදුහලේ ක්‍රියාකාරී සිසුන් යම් නායකත්ව භුමිකාවක රඟ පෑ බව කියැවේ. මහා සැලැස්මක් නොතිබුණ ද එක් පාසල් දිනයක, හඳුන් කූරු මිටියක අග්ගිස්සට ගැටගැසුණු රතිඥ්ඥා වැලක් එක වර ම මහා හඩක් නගමින් පත්තු වන විට, මොහොතකින් මුළු පාසලේ ම වාගේ සිසුහු පංති කාමරවලින් අවුත් ගාලු පාරට මුහුණ ලා ඇති ක්‍රීඩා පිට්ටනියට එක රොක් වූ හ. දැඩි නොසන්සුන් හා කලබලකාරී තත්ත්වයක හට ගත් අතර, එක්  සිසුවෙක් තාප්පයට නැගී නාට්‍ය අරමුදලේ එකල චූදිත සැකකරු ගැන හා පාසලට සාධාරණය ඉටු විය යුතු බවට ද කරුණු දක්වමින් උද්වේගකර කතාවක් පැවත් වී ය. ඔහුගේ සගයන් හත් අට දෙනෙක් ද මේ 'අරගලයේ' නියමුවන් ලෙස කැපී පෙනිණ. මේ සිසු කණ්ඩායමට පරිභාහිර තවත් කලහකාරී සිසු පිරිසක් (ලුනාව ප්‍රදේශයේ වෙසෙන) මේ රත් වූ අරගල පරිසරයේ ගැම්මට විදුහල්පතිවරයාගේ මොටෝ රියට හානි කළා කියා කියැවෙන්නේ එතුමාගේ දරුවෙකු (වේල්ස් කුමරෙකු නොවන) ඒ දෙස භීතියෙන් ඇළලී බලා සිටින අතර ය. කෙසේ හෝ, පොලීසියේ කැඳවීමෙන් උණුසුම් ඉනපටි හා බැටන් පොලු සංග්‍රහයකින් තත්ත්වය පාලනය වුණු අතර, අරගලය මෙහෙයුවා යී කියැවුණු සිසු පිරිස හඳුනාගෙන ඔවුන් ව පාසලෙන් අත් හිටුවන ලදී.

මේ පිරිස අතර සිටි තාප්පයට නැඟ කතාව කරන ලද යී කියන සිසුවා පසු ව නීතිඥයෙකු විය. එම පිරිසේ සිටි තවත් සිසුවෙක් පසු කාලීන ව රජයේ නීතීඥයෙකු වුවා පමණක් නොව, ඇටර්නි ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉහළ ම තනතරු ද්වය ද නීතියට සබැඳි අමාත්‍යංශයක නිත්‍ය ලේකම් ලෙස ද කටයුතු කළේ ය. එතැන සිටි තවත් නායකයෙක් පසු කාලීන මොරටුව නගර සභාවට සමසමාජ පක්ෂයෙන් ඉදිරිපත් ව ජන්දයෙන් දිනා ඉහල වගකීමක දැරී ය. තවත් අරගලකරුවෙක් පසු ව වොෂින්ටන් ඩීසියේ පිහිටි ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක් විය.

                

justice concept, selective focus on nearest part ,lens blur f/x

උසස් පෙළ ඇරඹීමට නියමිත ව සිටි තහනමට ලක් වූ මේ සිසු පිරිසට ප්‍රශ්නය ගොඩින් බේරා ගන්න මට්ටමට ඒමට සිදු වූයේ, එකල සම සමාජයේ අණසක පැතිරූ මන්ත්‍රීවරයා හා විදුහල්පතිවරයා හා පොලීසය අතර පැවැති සමීප අවබෝධය නිසා බව කියැවේ. මේ සාම සාකච්චා ව්‍යායාමය යෝජනා කළේ පසු කාලීන ව සම සමාජයෙන් ම නගර සභාවට පත් වූ සිසුවා යී වාර්තා වේ. ඔහුගේ පියා ප්‍රබල සම සමාජ ක්‍රියාකාරිකයෙකු වූ අතර, ඒ හේතුවෙන් මන්ත්‍රී වරයා සමග සාකච්චාවට අවැසි පසුබිම සැකැසුණේ එලෙස බව කියැවේ.

කෙසේ හෝ මේ සිසුවා අරගලය සැලසුම් මට්ටමේ ක්‍රියාකාරී ව සිටිය ද රතිඥ්ඥා සිද්ධියේ දී 'මාරු වී'  සිටි බව ද පස්සේ දොරින් විදුහල්පතිතුමා බැහැ දැක සමාව ගෙන ඇත්තේ සාධාරණ හේතුවක් නිසා බව පරණ අරගල  සගයින්ගේ මතකය යි. ඒ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක තනතුර ලබා ගැනුමට යි. කෙසේ හෝ, මන්ත්‍රීවරයාවරයා සමග කරන ලද කතා බහේදී ඔහු අඛණ්ඩ ව දැඩි ලෙස සිසුන්ට අවධාරණය කර ඇත්තේ තමන්ට ගරු සරු ඇති ව ඇමතිය යුතු බව යි (පසු කාලීන ව මහරගම පොල් ලෙලි ව්‍යාධිය ලෙස වැඩුණේ මේ විෂ බීජය ද ?). නාහෙට නාහන අවධියක සිටි සිදු පිරිසට සාකච්චාවෙන් ඵලක් නොවූ අතර, මාස කිහිපයකින් ඔවුන් වෙනත් පාසල් හා පිරිවෙන්වලට බැඳී උසස් පෙළ කළ හ. අරගලය එතැනින් අවසන් වූ අතර, 1977 දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සම සමාජය අන්ත පරාජයකට පත් කරන ලද අතර අදාළ මන්ත්‍රීවරයා ගෙදර ගිය අතර විහල්පතිවරයාට වහා ම බලපාන ලෙස මාරුවක් ලැබිණ.   

llc s     

වසර කිහිපයකට පසු, මේ විදුහල්පතිවරයා සේවයෙන් විශ්‍රාමික ව නීති විදුහලට ඇතුලත් විය. දෛවයේ සරදමක් ලෙස, එවිට නීති විදුහලේ අවසන් වසර සිසුවෙකු ලෙස සිටියේ විදිහල්පතිගේ කෙණෙහිලිකම්වලට භාජනය වුණු, පාසල් අහිමි වී පිරිවෙනක ඉගෙනුම ලද, තාප්පය උඩට නැග උද්වේගකර කතාව පැවැත් වූ තරුණයා ය. නවක-වධය ගැන හොඳ දනුමක් තිබූ විදුහල්පතිවරයා තම පැරණි ගෝලයා දුටු වන ම, හැඳ  සිටි සරම හා බැනියම (මෙතුමා දේශීයත්වය ප්‍රවර්ධනය කළ අයෙකු ලෙස ද විදුහලට හේවිසි බෑන්ඩ් කණ්ඩායමක් හඳුන්වා දුන් බව ද කියැවේ) දාඩියෙන් පෙඟිණ. එකල තමනට තිබූ විදුහල්පති හා සම සමාජ බලපුළුවන්කාර කම, අළුත්කඩේ අළුක්කාල් වී ඇති බව සිහි වී, සලිත ව, කර කියා ගත නොහැකි ව කඩා වැටුණු  මුහුණක් සහිත ව සිටින විට, සිසුවා නිරහංකාර ස්වරයකින් "ආ, සර් කොහොම ද?" කියා  කිරි කහට කෝප්පයක් අරන් දීමට නීති විදුහලේ සුනිල් අයියාගේ කැන්ටිමට කැඳවා ගෙන ගිය බව මට ඔහු කීවේ කිසිම හිතේ කහටක් නැති ව බව මට වැටහිණ.  

ප.ලි : මේ කොලමට පාදක වූ පාසලට සබැඳි නියම වේල්ස් කුමරා සමකාලීන ව වැදගත් කමක් උසුලයි. එලිසබත් රැජිණගේ දෙටු පුත්  චාල්ස්, වේල්ස් කුමරා ලෙස වසර 64ක් හා දින 44ක් එම තනතුර දැරුවේ ය. බොහෝ දෙනා සිතුවේ ඔහුට රජකම නොලැබෙන බව යි. කෙසේ හෝ මව් රැජිනගේ අභාවයෙන් ඒ අවස්තාව චාල්ස්ට ගිය වසරේ ලද අතර රජකම ලැබීමේ නිල උත්සවය හෙවත් කොරනේෂනය මැයි හය දින වෙස්ට්මින්ස්ටර් ඇබියේ සිදු වීමට නියමිත ය. මීට අපගේ රාජ්‍ය නායකයට ද නිල ආරාධනාවක් ලැබිය හැකි ය. 1977 දී ඔටුන්න හිමි කුමරා ලෙස දේශපාලනයට පිවිසි රනිලුන්ට ද වේල්ස් කුමරා මෙන් දිගු කලක් බලා හිඳුමට සිදු වීම නිසා ඔවුන් දෙදෙනා අතර යම් 'බඩී' ම ය බැඳීමක් තිබිය හැකි ය. ජනපති රනිල්ට 'කොරනේශනයට ආදී වේල්ස් කුමරුන් පිරිසක් ගෙන යවූ' කියා හෙට අනිද්දා විරෝධතාවක් ද ඇති වුවහොත් මම පුදුම නොවෙමි. දැඩි ජනතා පීඩනය මැද  ආණ්ඩුව පෙරැළීම වළකණු වස්, යට කී නීතීඥයා ද මහැදුරා ද තමන් සමග ඇබියට කැන්දන් යාමට ජනපතිට සිදු වෙනු ඇත.



Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

(වේල්ස්) කුමර අරගල - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader