The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉන්දියාවෙන් බිත්තර ලංකාවෙන් රිළව්

T

The Leader Desk

April 23, 2023 • 6:39 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉන්දියාවෙන් බිත්තර ලංකාවෙන් රිළව්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරි ලංකාව ස්වභාවික සම්පත්වලින් පිරුණු දිවයිනකි.
  • වඳුරු පවුලටම අයත් වන රිළවා සිරිලංකාවාටම ආවේණික සත්වයකු බව බොහෝ දෙනා නොදනී.
  • රිළවුන් රට පැටවීමට යන්නේ මසට දැයි සමහරුන්ට සැකයක් පහළ වී ඇත.
  • ඕනෑම මසක් කන රටවල්ද ලෝකයේ ඇති හෙයින් රිළා මසටද හොඳ ඉල්ලුමක් තිබිය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සිරි ලංකාව ස්වභාවික සම්පත්වලින් පිරුණු දිවයිනකි. ගංගා, ඇළදොළ, කඳුහෙල්, ගහකොළ සතා සීපාවා ඕනෑ තරම්ය. එහෙත් බොහෝ විට ඒවාද අපට ප්‍රශ්න ගෙන දෙයි.

 

නිදසුනක් හැටියට සිරිලංකාව වැනි කුඩා රටකට ආභරණයක් විය යුතු අලියා, අපට ප්‍රශ්නයකි. එය හැඳින්වීමට 'අලි-මිනිස් ගැටුම' යනුවෙන් යෙදුමක්ද දැන් භාවිතා කෙරේ.

 117595063 01

රිළවා, මොණරා, ඉත්තෑවා, වල් ඌරා, දඬුලේනා වැනි සතුන් ද අපට හිරිහැරයකි.

 

අනෙකුත් ප්‍රශ්නවලට වගේම, මෙම සත්ව කරදරවලටද තිරසාර විසඳුම් නොලැබේ. රිළවා, එක් ප්‍රදේශයකට කරදරයක් වූ විට, උන් අල්ලා ගොස් වෙනත් ප්‍රදේශයකට මුදාහැරේ. එවිට ඒ ගම්බිම්වල ජනයා උද්ඝෝෂණය කිරීමට පටන් ගනිති.

රිළා ප්‍රශ්නයටද පිටරටින් පිළිතුරුක් ලැබෙන පාටක් තිබේ.

මෑතකදී පුවත්පත්වල පළවූ පුවතකට අනුව චීනයේ සත්ව උද්‍යාන දහසකට පමණ සිරි ලාංකික රිළවුන් ලබාගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක්ද පත් කිරීමට යයි.

 

chinese and sri lanka monkey business

මේ රිළා අපනයනය පිළිබඳව විවිධ මත මතුවෙමින් පවතී. වඳුරු පවුලටම අයත් වන රිළවා සිරිලංකාවාටම ආවේණික සත්වයකු බව බොහෝ දෙනා නොදනී. දහස් ගණනින්, රිළව් රට පැටවීමට ගියොත් අනාගතයේදී අපට රිළවකුවත් නැතිවී යාමටත්, අපේ රිළව් බැලීමට රට යාමටත් සිදුවීමට ඉඩ තිබේ.

 

රිළවුන් රට පැටවීමට යන්නේ මසට දැයි සමහරුන්ට සැකයක් පහළ වී ඇත. ඕනෑම මසක් කන රටවල්ද ලෝකයේ ඇති හෙයින් රිළා මසටද හොඳ ඉල්ලුමක් තිබිය හැක.

පරිසරවේදීන් විරුද්ධ වුවත්, මේ රටේ ගොවි සංවිධාන නම්, රිළවුන් රට යවනවාට බොහෝ සතුටුය. මෑතකදී  ඒ පිරිසට, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාද එක්විය. ඊට බලපෑ ආසන්නම හේතුව වූයේ, එතුමාගේ ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතනය රිළවකු විසින් පැහැරගෙන යාමය.

monh

තමන්ට සිදුවූ පාඩුව ගැන කතා නොකරන නගරාධිපතිතුමා පෙන්වා දෙන්නේ, රිළවුන් රට පැටවීමෙන් රටේ කෘෂි ආර්ථිකයට වන පාඩුව මඟහරවා ගත හැකි බවය.

දුරකතනය පැහැරගත් රිළවාගෙන් එතුමාට ඇමතුමක් ලැබුණේද නැද්ද යන්න ගැන තවම ආරංචියක් නැත. ඒ කෙසේ වෙතත්, දැන් කාලේ රිළවකුටවත් ජංගම දුරකතනයකින් තොරව ජීවත්විය නොහැකි බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි.

රිළවා නැටුමට දක්ෂයෙකි. රිළවාට නැටුම් පුහුණු කරන්නේ අහිගුණ්ඨික ජනයාය. රිළවුන්ගේ උඩ පිනුම්, යට පිනුම්, බඩ පිනුම් නොදුටු කෙනෙක් මේ රටේ නැති තරම්ය.

x720

රට පටවන රිළවුන් සමඟ සිරිලාංකික පුහුණුකරුවකුත් යැවීමට හැකි නම්, ඒ මගින් දහස් ගණනකට රුකියා අවස්ථාද උදාවනු ඇත. රිළා ගැටුම් පුහුණුව සඳහා පාඨමාලා පැවැත්වීමෙන් අහිගුණ්ඪික ජනයාටද හොඳ ආදායමක් ලබාගත හැකිය.

අපේ ඉතිහාසයේ දැක්වෙන අන්දමට නම්, මේ රටින් පිටරට යැව්වේ අලි-ඇතුන් පමණි. ඒ වෙනුවට අපට ලැබුණේ අශ්වයන්ය. අලින් සමඟ ඇත්ගොව්වකුටද නැව් නැගීමට අවස්ථාව ලැබුණි.

81rpjPTaeL. AC UF10001000 QL80 නුහුරු දේශගුණය හා කෑම බීම නිසා, එසේ රට ගිය අලි ඉක්මනින් මරු දුටහ. ඉන්පසු තනි වූ ඇත්ගොව්වන්ට සිදුවූයේ ඒ රටවලම බින්න බැසීමටය. එබඳු සිදුවීම් අළලා පෘතුගීසි ගත්කරු හෝසේ සරමාගෝ විසින් 'The Elephant Journey* නමින් නවකතාවක්ද ලියා ඇත.

සිරිලංකාවේ අලි - මිනිස් ගැටුමට විසඳුමක් වශයෙන්, වල් අලි ද, පිටරටට විකුණා ගැනීමට කටයුතු කළ හැකිය. එය ඩොලර් හිඟයටද විසඳුමකි. රිළවුන්ට වඩා, අලි ඇතුන්ට හොඳ මිලක් ලබාගත හැකිය.

 

සමාජ ජාලා සාමාජිකයකු කියා තිබූ අන්දමට ඉන්දියාවෙන් බිත්තර ගෙන්වනවා වෙනුවට කිකිළියන්ම ආනයනය කළ හැකිය. හින්දි කිකිළියන්ට, සිරි ලංකා කුකුළන්ද බොහෝ ප්‍රියකරන බැවින් 'ඉන්දු - ලංකා සහයෝගිතා බිත්තර* සුලභ වීමටද ඉඩ ඇත.

 

මීට කලකට ඉහත ඉන්දියාව අපට අහසින් 'පරිප්පු' දැමීය. එවර හොඳහැටි දේශපාලනික බැණුම් අසාගති. එහෙත් මෙවර නම්, බිත්තර එවීම ගැන ඉන්දියාවට ලැබෙන්නේ පැසසුම්ය. විශේෂයෙන්ම කාන්තා පක්ෂයෙනි. ඒ ඔවුන් රටින් එන ඕනෑම බිජුවක් මුව තුළ රුවා ගැනීමට ප්‍රිය කරන බැවිනි.


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...