The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

විශේෂ අධ්‍යාපනයේ මූලික සංකල්ප - (ගීත් උබේසිංහ)

T

The Leader Desk

April 24, 2023 • 6:59 AM

විශේෂ අධ්‍යාපනයේ මූලික සංකල්ප - (ගීත් උබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකුගේ හෝ දරුවෙකුගේ ඉගෙනීම් හැකියාවන් සහ ඉගෙනීම් නොවන හැකියාවන් සාමාන්‍ය ජීවිතයට එක් කිරීම සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන ක්‍රමය විශේෂ අධ්‍යාපනය හෙවත් විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය ලෙස සරලව හඳුන්වා දිය හැකිය.
  • ඌනතාවය මිනිසෙකුගේ කායික පද්ධතිය හෝ පද්ධති කිහිපයක හෝ ඉන් කොටසක පවතින අඩුව,හිඟය,වෙනස හෝ විකෘතිතාවය ඌනතාවය ලෙස අර්ථ දැක්විය හැකිය.
  • දුබලතාවය යම් අයෙකුගේ ඌනතාවයක් නිසා සිය ක්‍රියාකාරීත්වයේ ඇතිවන නොහැකියාවඅපහසුතාවයකි.ක්‍රියාකාරීත්වය යන්න ශාරීරික,බුද්ධිමය,සංවේදී ඉන්ද්‍රීයය යන්න ඇතුළත් වේ .
  • බාධිත බව පූර්ණකාලීනව තම පැවැත්ම තහවුරු කිරීම සඳහා අනුන්ගෙන් උපකාර ලබාගැනීමට සිදුවන තත්ත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකුගේ හෝ දරුවෙකුගේ ඉගෙනීම් හැකියාවන් සහ ඉගෙනීම් නොවන හැකියාවන් සාමාන්‍ය ජීවිතයට එක් කිරීම සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන ක්‍රමය විශේෂ අධ්‍යාපනය හෙවත් විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය ලෙස සරලව හඳුන්වා දිය හැකිය.

 

විශේෂ අධ්‍යාපනය හෙවත් විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය නම් විෂය ක්ෂේත්‍රය හෙවත් විෂය ධාරාව පෝෂණය කිරීමට මූලික වශයෙන් සංකල්ප හයක් බලපා ඇත.එම සංකල්ප

1.ඌනතාවය
2.දුබලතාවය
3.බාධිත බව
4.නිවාරණය
5.පුනරුත්ථාපනය
6.සමාන සහභාගිත්වය

ලෙස ඉදිරිපත් කළ හැකිය.

m5b310331bdc48
ඌනතාවය

මිනිසෙකුගේ කායික පද්ධතිය හෝ පද්ධති කිහිපයක හෝ ඉන් කොටසක පවතින අඩුව,හිඟය,වෙනස හෝ විකෘතිතාවය ඌනතාවය ලෙස අර්ථ දැක්විය හැකිය.

දුබලතාවය

යම් අයෙකුගේ ඌනතාවයක් නිසා සිය ක්‍රියාකාරීත්වයේ ඇතිවන නොහැකියාවඅපහසුතාවයකි.ක්‍රියාකාරීත්වය යන්න ශාරීරික,බුද්ධිමය,සංවේදී ඉන්ද්‍රීයය යන්න ඇතුළත් වේ .

බාධිත බව

පූර්ණකාලීනව තම පැවැත්ම තහවුරු කිරීම සඳහා අනුන්ගෙන් උපකාර ලබාගැනීමට සිදුවන තත්ත්වයකි.

නිවාරණය

image002

වර්තමානය තුළ විවිධ විෂය ක්ෂෙත්‍ර තුළ සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් ලෙස නිවාරණය ඉදිරිපත් කළ හැකි වුනත් විශේෂ අධ්‍යාපනය තුළ නිවාරණය පිළිබඳ වෙනත් අර්ථ නිරූපණයක් ඇත.විශේෂ අධ්‍යාපනය තුළ නිවාරණය ප්‍රධාන වශයෙන් මූලික නිවාරණය සහ ද්විත්ව නිවාරණය ලෙස  උප කොටස් දෙකකට බෙදේ.

1.මූලික නිවාරණය

ශාරීරික,බුද්ධිමය,මානසික හෝ සංවේදී ඉන්ද්‍රිය දුර්වල වීම් වැලක්වීමයි.එනම් ඌනතාවයකින් ජීවිතාන්තයම දක්වාම ඇතිවන දුබලතාවයන් වැළැක්වීමයි.


2.ද්විත්ව නිවාරණය

ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂාව පෝෂණය පිළිබඳ අධ්‍යාපනය වසංගත රෝග වැලැක්වීම මෙන්ම සංජානනීය රෝග වැළැක්වීම සඳහා විධිවිධාන යෙදීමයි.හදිසි අනතුරු වැළැක්වීමද ද්විත්ව නිවාරණයට අයත් වේ.

පුනරුත්ථාපනය 
 
MG 9614 1024x576

වර්තමානය තුළ විවිධ විෂය ක්ෂෙත්‍ර තුළ සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් ලෙස පුනරුත්ථාපනය  ඉදිරිපත් කළ හැකි වුනත් විශේෂ අධ්‍යාපනය තුළ පුනරුත්ථාපනය පිළිබඳ වෙනත් අර්ථ නිරූපණයක් ඇත.
 
විශේෂ අවශ්‍යතා සහිත  පුද්ගලයන්ට ශාරීරික,මානසික,බුද්ධිමය සහ සංවේදී ඉන්ද්‍රියන් සම්බන්ධව පූර්ණ වර්ධනයක් ලබා ගැනීමටත්  වර්ධිත තත්ත්වය එසේම පවත්වාගෙන යෑමට හැකියාව ලබාදී ඔවුන්ගේ ජීවිත වඩා ඵලදායි ලෙස හා ස්වාධීන අන්දමින් ගත කිරීමට ඉවහල් වන තත්ත්වයක් ඇති කර ගැනීමට අරමුණු කරගත් ක්‍රියාවලියකි.
 
 
සමාන සහභාගිත්වය 
 
 
විශේෂ අවශ්‍යතා සහිත අවශ්‍යතා  සහිත පුද්ගලයන්ට සමාජයේ විවිධ අවස්ථා සහ සම්පත් භුක්ති විඳීමේ අවස්ථා ලබා දීමයි.සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතාවයන් සමාන වැදගත්කමින් යුක්ත බවත්, සමාජ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ පදනම ලෙස එකී අවශ්‍යතාවන් බෙදාගත යුතු බවත් සෑම පුද්ගලයකුටම සමාන සහභාගිත්වය ලැබෙන බව සහතික වන පරිදි යොදාගත බවත්ය.
 


කවුරුත් නොදන්න දැනගත යුතු විශේෂ අධ්‍යාපනය - (ගීත් විනුර උබේසිංහ)(ගීත් විනුර උබේසිංහ)
නිදහස් ලේඛක
vinura1996geeth@gmail.com


ලේඛකයාගේ වෙනත් ලිපි :


ශ්‍රී ලංකාව තුළ විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඉතිහාසය - (ගීත් උබේසිංහ)

ජාත්‍යන්තරය තුළ විශේෂ අධ්‍යාපනයේ ඉතිහාසය - (ගීත් උබේසිංහ)

සාමාන්‍ය අධ්‍යාපනය සහ විශේෂ අධ්‍යාපනය අතර සබඳතාවය ! - (ගීත් උබේසිංහ)

කවුරුත් නොදන්න දැනගත යුතු විශේෂ අධ්‍යාපනය - (ගීත් විනුර උබේසිංහ)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...